බංකොළොත්භාවය අවසන්” – සහතිකය ලැබුණු බව ජනපති කියයි (වීඩියෝ)
Posted on November 26th, 2023
උපුටා ගැන්ම හිරු පුවත්
රටේ බංකොලොත්භාවය අවසන් වී ඇති බවත්, රටවල් රැසකින් ඊට අවශ්‍ය ප්‍රතිචාර ලබා දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවක් වන උරුමය” වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පළමු අදියර අද (26) අනුරාධපුර නොච්චියාගමදී ආරම්භ කෙරුණු අතර ඊට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 2 ක මුදලක් වෙන් කර තිබෙනවා.
අද දින එහි පළමු අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියේ ෂැංග්‍රිලා හෝටලය සතු ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේනම් පරම්පරා ගණනක් ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්ද යන්නයි.