අවුකන බුදු පිළිම වහන්සේ!
Posted on November 28th, 2023
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
මිනිසුන්ගේ මොලයේ ඇති ප්‍රශ්නයක්, අවුකන බුදු පිළිමයට ආදේශ කරගෙන සමාජ ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන ඇත.
ඇයි මිනිසුන් තුල මේ ආකාරයේ ප්‍රශ්න නිර්මාණය කිරීමට අදාළ සිතුවිලි පහල වෙන්නේ? යන්න සම්බන්ධව අපි කරුණු සෙවිය යුතුය
බුදු දහමට අනුව කිසිවෙක් උපතින් උසස් වෙන්නේ වත් පහත් වෙන්නේ වත් නැත. උපතින් සමානව උපදින මිනිහා දෙකට බෙදී සුළුතරයක් උසස් තලයකටත්, බහුතරයක් පහත් තලයකටත් ගෙවැදී මේ අර්බුද නිර්මාණ කරණයේ යෙදෙයි. අයි එහෙම වෙන්නේ?
නුතන විද්‍යාවට අනුව මිනිසා මිහිමත බිහිවී වසර මිලියන 7කට ආසන්නය. මිනිසෙක්ගේ පරමායුෂ අවුරුදු 100ක් ලෙස ගත කල මේ වන විට මිනිස් පරම්පරාවල් 70,000 ක් මිහි මත බිහිව තිබේ.
ආරම්භක මිනිසා එලෙසම නොපවතින අතර ඔහු තුල බහුල වශයෙන් ඇත්තේ, මිනිසාට පෙර භාවයේ සිටි සත්ව ලක්ෂණය.නමුත් මේ ප්‍රාථමික මිනිහාද පරිනාමය වෙමින් සුපිරි මිනිසා නම්වූ අවධිය දක්වා වූ ගමනක යෙදී සිටියි.
මේ ගමන නිම කිරීමට රිලවාට වසර මිලියන 15ක්ද පරම්පරා ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් තුල ගත කර ඇත.
මේ දක්වා මිනිසා ගමන් කොට ඇත්තේ, වසර මිලියන 7ක් හා පරම්පරා 70,000 නම් මිනිසාට සුපිරි මිනිසා දක්වා යන ගමහේ තව බොහෝ කාලයක් ගමන් කිරීමට ඇත.
මිනිස් බවය යනු මේ විශ්වයේ පවතින තවත් පාසලකි. මේ පාසලේ පළමු පන්තියට ඇතුළුවූ දරුවන් පළමු පරම්පරාවේද මිට වසර මිලියන 7කට උඩදී ඇතුළු වුන දරුවන් 70,000 වන පන්තියේද ඇත.
මේ මිනිසුන් දැක්මෙන් සමාන වුවද බුද්ධියෙන් සමාන නැත. ඔවුන් ප්‍රශ්න දකින්නේ ඔවුන්ගේ මේ භව අධ්‍යාපනයට අනුවය.
නමුත් විදුහල් පතිවරයාට මේ සියලුම දරුවන් සමානය. අපි පහල පන්තිවල දරුවන් සමග රණ්ඩු කිරීමට යාම නොකළ යුතුය. බුදුරජානන්වහන්සේ “අසේවනාච බාලානන් පණ්ඩිතානංච සේවනා ” යයි දෙසා වදාළේ එබැවිනි.