විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය බාර ගන්නා ලෙස කර ඇති ඉල්ලීම සම්බන්ධ පුවත් සහ අදාලව පැන නැගී ඇති නීතිමය කරුණු සම්බන්ධවයි.
Posted on April 4th, 2024

සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com

දුරකථන 0712063394

2024.04.04

පාලක ලේකම්,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,

අංක 301,ටී. බී. ජයා මාවත,

කොළඹ 10.

විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය බාර ගන්නා ලෙස කර ඇති ඉල්ලීම සම්බන්ධ පුවත් සහ අදාලව පැන නැගී ඇති නීතිමය කරුණු සම්බන්ධවයි.

1.       ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය  බාර ගන්නැයි  එම පක්ෂයේ විධායක සභිකයෝ   සහ ආසන සංවිධායකයෝ  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් එක හඬින් ඉල්ලීමක් කළහ.යනුවෙන් ලංකාදීප වෙබ් අඩවියේ සුජිත් හේවාජුලිගේ විසින් 2024.04.01 දින ලියන ලද https://www.lankadeepa.lk/news/වජයදාසජනපතවරණයට/101-649965 වෙබ් ලිපියේ දැක්වේ.

2.       විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට පෙර නිවැරදි කර ගත යුතු කරුණු 2 ක් සම්බන්ධව අත්සන් 100ක් ලබා ගැනීම, නිහඬ විරෝධතා පා ගමන සහ නීති සටහන් ලබා දීම 2024 අප්‍රේල් 09 අඟහරුවාදා පෙ.ව. 10 අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ අසල සිට ඩාලි පාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

3.       අධිකරණයේ ස්වාධීනත්වය ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණවල පරීක්ෂාවට ගැනීමට මාර්ගය පාදන, විරුද්ධ නීතිමය අදහස් දරන නීතීඥයන් දඩයම් කරන අධිකරණ අපහාස මුවාවෙන් ගෙනා නීතිය (2024 අංක 8) සහ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළකූ අගවිනිසුරු, අධිකරණ ඇමති නියෝජිතයන් ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ ක්‍රියාකලාපය නිවැරදි කරන්න.යන කරුණු 2ට අදාල ඉල්ලීමට පුරවැසියන් 100 කගේ අත්සන් සහිතව නිහඬ විරෝධතා පා ගමන සහ නීති සටහන් ලබා දීම සිදු කරයි.

මේ සම්බන්ධව 1වන විරෝධතාවය 2024.04.02 දින පෙ.ව. 8-10 දක්වා අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට දී පවත්වන ලදී.

4.       සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍ය වූ 1970 සමඟි පෙරමුණු ආණ්ඩුව මගින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමට මෙරට පුරවැසියන්ට ලබා දී තිබූ අයිතිය, අගවිනිසුරු, අධිකරණ ඇමති නියෝජිතයන්ගෙන් සැදුම්ලත් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අහිමි කිරීම වත්මන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා නිවැරදි නොකළේය.

5.       එසේම අධිකරණයේ ස්වාධීනත්වය ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණවල පරීක්ෂාවට ගැනීමට මාර්ගය පාදන, විරුද්ධ නීතිමය අදහස් දරන නීතීඥයන් දඩයම් කරන අධිකරණයට අපහාස මුවාවෙන් 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත, අධිකරණ ඇමතිවරයාගේ පනත් කෙටුම්පතක් මත පාර්ලිමේන්තුව මගින් පනවාගෙන ඇති අතර, එකී පනතේ ඇතැම් විධිවිධාන අධිකරණ සංවිධාන පනතේ 49 වගන්තිය, සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ 834 වගන්තිය, 2023 අංක 10 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය, 1969 අංක 22 දරන රජයේ සිවිල් වැරදි පිළිබද පනත, ස්වභාවික යුක්ති මූලධර්ම සමග නොගැලපෙන තත්ත්ව උද්ගත කරන හෙයින් ඒ සම්බන්ධයෙන්ද ඔහුගේ ඇති ව්‍යවස්ථාමය වගකීම/ යුතුකම ඉටුනොකිරීම අත්හැරෙන්නේ නැත.

6.       එසේම චූදිතයෙකු ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි වන ලෙස සාක්ෂි සටහන් වෙනස් කළ විනිසුරු තවමත් නඩු අහන රටේ, අධිකරණයේදී නීතිය කතා කරන නීතීඥයන් රක්ෂිත බන්ධනාගාර ගත කරන අධිකරණයට අපහාස කිරීමේ නීතිය නිවැරදි කළ යුතුය…!යන්න පිලිබදව කිහිප දෙනෙකු විසින් මේ වනවිටත් ආරම්භ කර ඇති කතිකාව ඉදිරියට ගෙන යාම, පුද්ගල නිදහස, නීතියේ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේදීද, සංවර්ධිත රටක් වෙනුවෙන්ද අවශ්‍ය වේ.

7.       ඉහත 1, 4, 5 සහ 6 වන ඡේද වලින් දක්වා ඇති කරුණු සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කඩිනමින් දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)

Leave a Reply

You must be logged in to post a comment.

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress