ශී‍්‍ර ලංකා භූමියේ මුල් ම වාසීන් දෙමළ ජනයා ද?-1
Posted on April 4th, 2024
විමල් පටබැඳිගේ (ශාස්ත්‍රවේදී, නීතිඥ, විශ්‍රාමික සොලිසිටර්)
බොරුවක් සත්‍යයක් ලෙස පිළිගැන්වීමට නම් එය යළි යළිත් කීමට නාසි හිට්ලර්ගේ ප්‍රධාන සගයෙකු වූ ගොඛෙල් නාසි අනුචරයන්ට උගන්වා ඇත. පුහුණු කොට ඇත. බටහිර යුරෝපීය රටවල පමණක් නොව සෑම රටක ම වාගේ විශේෂයෙන් ම ඉංගිරිීසීන්ගේ කොලනි ලෙස පැවති රටවල මේ පාඩම කි‍්‍රයාවට නගන අය අපමණ ය. වත්මන් ලංකාවේ පවා ගොඛෙල් පාඩම අනුව කටයුතු කරන නව නාසි අනුචරයන් සිටින බව පෙනෙන ඇසෙන දැනෙන දෙයකි.
දෙමළ ජනයා ශී‍්‍ර ලංකාවේ මුල් වැසියන් වූ බව කියන පිරිසකි. විසිවෙනි සියවසේ අවසාන දසකයේ පමණ සිට නිර්මාණය කරමින් ඇති මේ අදහස අද අන්තවාදී දේශපාලකයන් මනෝ ලෝකයේ —ඊළාම්˜ රාජ්‍යයකට ඓතිහාසික අයිතියක් සකස් කිරීමට භාවිත කරමින් ඇත. යම් අදහසක් නිසි විමසුමකින් තොරව පිළිගැනීම දුර්වල මිනිස් ගතියකි.
දකුණු ඉන්දියාවේ කාවේරි නදියෙන් පහළ භූමියේ සහ ශී‍්‍ර ලංකාවේ පුරාණ ඓතිහාසික සහ පුරාවිද්‍යා සාධක, නිසැකව ම පිළිතුර සපයා ඇති බව නො දැන මෙසේ කියන්නේ නම් ඇත්තෙන් ම ඔවුන් කෙරෙහි අනුකම්පා කළ යුතු වෙයි. දැනුවත් ව මේ මිථ්‍යාව භාවිත කරන්නේ නම් ඔවුන් අන්තවාදී ගෝති‍්‍රක චින්තනයෙන් යුත් පිරිසකි. අන්තගාමී ජාතිවාදී පිරිසකි.
සිංහලයන්ට පෙර ලංකාවේ පදිංචි කරුවන් දෙමළ ජනයා ද?
ඉන්දියාවේ සහ ශී‍්‍ර ලංකාවේ පිහිටීම නො සලකා දිවයිනෙA මුල් වැසියන් කවුරුන් දැZයි දැක්වීම නැණවත් කි්රයාවක් නො වේ. ශී‍්‍ර ලංකාව ආසියානු මහාද්වීපයේ කොටසක් වෙන (උප මහද්වීපයක් ලෙස සලකනු ලබන) ඉන්දියාවෙන් වෙන් ව පිහිටි දූපතක් බව නො දන්නා කෙනෙක් නැත. භූවිද්‍යාව අනුව දෙරට වෙන් වීම දළ වශයෙන් වසර ලකෂ 250 සහ ලකෂ 50 අතර කාලය තුළ (මයෝසීන යුගයේ (ඵසදජැබැ ෑචදජය) සිදු වී ඇත. එනම් වසර ලකෂ පනහකට පෙර සිට ඉන්දියාව සහ ලංකාව මහා සාගරයෙන් වෙන් ව දෙරටක් ලෙස පවතියි. දෙරට අතර සාගරය පුළුල් කරමින් අවසාන භූතල පිපිරීම දැනට වසර 10,000 ට පමණ පෙර සිදු වී ඇති බව භූගර්භ පර්යේෂණ කළ විද්වතුන්ගේ පැහැදිලි කිරීම අමතක කිරීම සුදුසු නැත. දෙරට අතර කිලෝ මීටර් හතලිහක පමණ පුළුල් සාගරය කි.
ලංකාව සහ මානව සම්බන්ධය
ලංකාවේ ප්රාග් ඓතිහාසික (ඡරු-්යසිඑදරසජ-පි්රහිස්ටොරික්) යුගය සම්බන්ධ පුරාවිද්‍යා පර්යේෂණ මගින් වසර 250,000 ට පෙර දිවයිනේ සිටි හෝමෝසැපියන්ස්් මානවයාගේ සිට නූතන මිනිසා දක්වා දිවයින අඛණ්ඩව මිනිස් වාසයක් ව පවතින බව සනාථ කරයි. බලංගොඩ ඛෙල්ලන්බැඳිපෑලැස්ස, කිරිඳිගල, ඉබ්බන්කටුව, ගුරුගල්හින්න, හම්බන්තොට, රංචාවෙල, පදියගම්පොල, ගල්සොහොන්කන්ද, පොම්පරිප්පු, පාහියන්ගල, බටදොඹහෙළ, හල්දුම්මුල්ල, කොන්ඩදෙණිය, කොකේඛෙ, වලවේ නිම්නය ආදි ස්ථාන රාශියකින් සොයා ගත් ප්රාග් ඓතිහාසීය (පි්රහිස්ටොරික්) මානව සංස්කෘතික භූමි, ලංකාවේ මහාශිලා යුගයේ (ඵැට්කසඑයසජ-මෙගලිතික්) මානවයාගේ ජීවන රටාව, කි‍්‍රයාකාරකම්, සිරිත් විරිත්, ඇදහිලි, විශ්වාස, ශිල්පීය දැනුම ආදී බොහෝ තොරතුරු එළිදරවු කොට ඇත. ඓතිහාසික යුගයට පෙර දිවයිනේ ද්‍රවිඩ හෝ දෙමළ ජනයා වාසය කළ බවට සාධක නැත.
දිවයිනේ ද්‍රවිඩ වාසය පෙන්වීම සඳහා ඉන්දියාවේ ද්‍රවිඩ භූමියේ සහ ශී‍්‍ර ලංකාවේ මහාශිලා යුගයට අයත් සංස්කෘතික ලකෂණ සැසඳීමේ සමහර උගතුන්ගේ උත්සාහය, නිරර්ථක එකක් ලෙස සලකා ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල ප්‍රතිෙකෂ්ප කරයි. ඒ එකල ලංකාවේ වාසය කළ ජනයා අතර ද්‍රවිඩ/දෙමළ ජන වර්ගයක් සිටි බවට කිසි ම සාධකයක් නැති බැවින් සහ අසමානතා නිසා ය.
දකුණූ ඉන්දියාවේ මුල් වැසියන්
ඉන්දියාවේ ප්රාග් ඓතිහාසික (පි්රහිස්ටොරික්) යුගයේ ද්‍රවිඩ ජනාවාස පැවති බවට සාධක ලැබී නැත. ලොව විද්වතුන්ගේ පිළිගැනීම ව්ය.ව.පූ. (කි‍්‍ර.පූ.) 500 දී පමණ අපි‍්‍රකාවේ නියර් ඊස්ටර්න් නමින් හඳුන්වනු ලබන ප්‍රදේශය තුළ, වර්තමාන උතුරු සුඩාන ප්‍රදේශයේ සිට දකුණු ඉන්දියාවට ද්‍රවිඩයන් සංක්‍රමණය වී ඇති බව ය. ද්‍රවිඩ ජනයා දකුණු ඉන්දියාවේ මුල් වැසියන් නො වේ. මුල් වැසියන් වූ මුන්ඩාරි (මුන්ඩා), සින්තාලි, ගොන්ඩි ආදී භාෂා කථා කරන ස්වදේශික ජන වර්ග රැසක් විය. මුණ්ඩාරි සහ ගොන්ඩි භාෂා zඔස්ට්‍රෝ-ආසියාතිකZ භාෂා පවුලට අයත් ය. ද්‍රවිඩ භාෂා පවුලට අයත් නො වේ. මේ භාෂා කථා කරන ජනයා දස ලකෂ ගණනක් වත්මන් කාලයේ පවා වාසය කරතිි.
ද්‍රවිඩ සහ දෙමළ එකක් ලෙස ගත යුතු නැත. ද්‍රවිඩ යනු භාෂා පවුලකි. එයට අයත් මලයාලි, කණ්ණඩ, තෙලි`ගු සහ දෙමළ යන භාෂා කථා කරන සියලූ ජන වර්ග —දෙමළ˜ නාමය තුළ ලඝු කිරීම ඓතිහාසික වරද කි.
ආර්ය සංක්‍රමණිකයන් විසින් උතුරු ඉන්දියාවේ ස්වදේශිකයන් —ශ=ද්‍ර˜ නාමයෙන් වර්ග කොට ආර්ය ජනයාගෙන් බැහැර කරනු ලැබූ ලෙසින්, සාංක්රමණික ද්‍රවිඩ ජනයා විසින් දකුණු ඉන්දියාවේ මුල් පදිංචිකරුවන්් —හීනජන්මීන්˜ (මබඑදමජය්ඉකැි-අන්ටචබල්ස්) යන ගර්හිත නාමයෙන් වර්ග කොට වෙල්ලාල සමාජයෙන් බැහැර කොට ඇත. බ්‍රාහ්මණ චින්තනය (ඊර්යප්බසිප) අනුව සමස්ථයක් ලෙස ද්‍රවිඩයන් —ශ=\්‍ර˜ ලෙස වර්ග කොට, අනාර්යයන් ලෙස ආර්ය සමාජයෙන් බැහැර කොට ඇත.
දකුණු රුසියාවේ ස්ටෙප්ස් තැනිතලා ප්‍රදේශයේ සිට පුරාණ පර්සියානු භූමිය ඔස්සේ පෙරදිගට සංක්‍රමණය කළ ආර්ය ජන වර්ග (Aරහ්බි ආර්යන්ස්) දැනට අවම වශයෙන් වසර තුන් දහසක පමණ අතීතයේ සිට ලංකාව සමග සම්බන්ධතා පවත්වා ඇත. ඒ වෙන විට ද්‍රවිඩ ජනයා දකුණු ඉන්දියාවට හෝ සංක්‍රමණය කොට නැත.
—නාග˜ ජනයා දෙමළ ද?
ව්ය.ව.පූ. 9 වෙනි සියවස පමණ සිට සිංහල ජනයා දිවයින සමග සම්බන්ධතා පැවති බව පුරාණ අනුරාධපුර ඇතුල් නුවර (ජසඒාැක සිටඩල්) පුරාවිද්‍යා කැණීම් මගින් එළිදරව් කොට ඇත. ඓතිහාසික වාර්තා ව්ය.ව.පූ. 6 වෙනි සියවස වෙනවිට —යක්˜ ජන වර්ගය දිවයිනේ මහියංගණ, සිරීසවත්තු සහ ලංකාපුර ප්‍රදේශවල ද, —නාග˜ ජන වර්ගය නාගදීප, කැළණිය සහ කණ්ණාවද්දමාන ප්‍රදේශවල ද, —දේව˜ ජන වර්ගය මධ්‍ය කඳුකර ප්රදේ්ශයේ ද පාලන ඒකක සහිත ව බලවතුන් වී සිටි බව හෙළි කරයි.
විසිවෙනි සියවසේ ආරම්භක කාලයේ සිට ඇතැම් දෙමළ ලේඛකයන් සහ උගතුන් දිවයිනේ සිටි zනාගZ ජනයා දෙමළ බව පෙන්වීමට බොහෝ උත්සාහ කොට ඇත. උත්සාහ දරමින් ඇත. නාග වචනය ඉතා පසු කාලීන දෙමළ නම්වල කොටසක් බවට පත් ව තිබීම මේ සඳහා නිදසුන් ලෙස යොදාගෙන ඇති අතර නාග වචනය ඇතුළත් නම් සහිත සිංහල රජ පෙළපතේ රජවරුන් පවා දෙමළ බව දැක්වීමට පෙළඹී ඇත. (ඒ ක්‍රමය අනුව රාජසිංහ, රාජරාජ, රාෙජ්නද්ර, රාජාධිරාජ ආදි නම් සහිත අය දෙමළ නො වේ යZයි දැක්වීමට හෝ ඒ. ෙජ්. විල්සන්, කි‍්‍රස්ටෝපර් සි. බි්රටෝ, ජෝන් එච්. මාටින්, ඒබ්‍රහම් ආදී නම් සහිත ලාංකිකයන් ඉංගිරිසි ජාතිකයන් යZයි හැඳින්වීමට කිසිවෙකු හදිසි විය යුතු නැත.)
සිංහල ජන වර්ගය දිවයිනේ රාජ්‍ය බලවතුන් බවට පත් වූ ව්ය.ව.පූ. 6 වෙනි සියවස කාලයේ සිටි දිවයින් වාසීන් ලෙස සඳහන් යක්, නාග, දේව, ව්‍යාධ, රකුස් සහ නේසාද ආදී ලෙස හඳුන්වනු ලැබූ ජන වර්ග ද්‍රවිඩ හෝ දෙමළ නො වීය. ඒ කාලයේ සිංහලදීපේ වාසය කළ ජන වර්ග දකුණු ඉන්දියාවේ කිසිදු ගෝත්‍රික ජන කොටසකට කවරාකාරයක හෝ සමානත්වයක් ඇතැzයි තහවුරු කිරීමට නො හැකි බව පැහැදිලි කරන ආචාර්ය නන්දදේව විජේසේකර දිවයින සිංහලදීප වීමට පෙර සිටි ජනයා සිංහල හෝ දෙමළ නො වෙන බව නිශ්චිතව සඳහන් කරයි.
ඉන්දීය ආර්ය සමාජයේ බ්‍රාහ්මණ චින්තනය අනුව —ශ=ද්‍ර˜ කුලයට අයත් වූ ද්‍රවිඩ/දෙමළ සමාජයේ ඉහළ ම තලය වෙන වෙල්ලාලයන් හැරුණු විට සිටියේ පල්ලන්, පරයන්, තුඩියන්, සක්කිලියන් ආදී සිය ගණනක්, හීනජන්මී (අන්ටචබල්ස්) ලෙස වෙන්් කරන ලද ගෝති‍්‍රකයන් මිස —නාග˜ නමින් ගෝත්‍රයක් ද්‍රවිඩ සමාජය තුළ නො වීය.
දකුණු ඉන්දියාවේ දෙමළ ජනයා
සිංහලදීප වී වසර දෙදහසකට පසු ද්‍රවිඩ/දෙමළ ජනයා ඉන්දියාවෙන් පැමිණ/ගෙනවිත් ස්ථීර පදිංචිය ලබා ඇති නිසා එහි ඔවුන්ගේ මුල් තොරතුරු ගැන දැනීම අවශ්‍ය ය.
දැනට 3500 වසරකට පෙර භාරත භූමියට සිදු වූ ආර්ය සංක්‍රමණය පිළිබඳ තොරතුරු සඳහන් වෙන පුරාණ ඓතිහාසික වාර්තාවල ඒ කාලයේ භාරතයේ කොතැනක හෝ —දෙමළ˜ නම් ජනයා සිටි බවට සඳහනක් නැත. ආර්යයන්ගේ බල අරගල ගැන කියන —මහාභාරතය˜ එකල පැවති ප්‍රාදේශීය රාජ්‍ය සහ ජන වර්ග ගැන දක්වා ඇතත් —දෙමළ˜ වචනය හෝ සඳහන් නො කරයි. වානර හනුමන් පීනා ගොඩ වූ සාගරය පාලමක් බැඳ තරණය කළ වීරයෙකු ගැන කියන —රාමායනය˜ ලංකාවේ ද්‍රවිඩ/දෙමළ ජනයා සිටි බවක් නො කියයි. ඒ කාව්‍ය දෙක අවම වශයෙන් —දෙමළ˜ වචනය හෝ සඳහන් නො කරයි.
ව්ය.ව.පූ. 4 වෙනි සියවසේ ගංගා නිම්නයේ මගධය මුල් කොට පැතිරුණු මෞර්ය රාජ්‍යයේ. රෝම රාජ්‍යය නියෝජනය කළ තානාපති මෙගස්තිනීස්ගේ වාර්තාවල සහ මෞර්ය රාජ උපදේශක චානක්‍යගේ (කෞටිල්‍ය) අර්ථශාස්ත්රයේ ලංකාව ගැන සඳහන් කොට ඇතත්, —දෙමළ˜ නමින් ජන වර්ගයක් හෝ රටක් පැවති බවට සඳහනක් නැත.
අසෝකගේ ගිරි ලිපි දෙකක —චෝඩපංඩියා˜ සහ —කෙලලපුතො˜ යනුවෙන් සඳහන් වෙන්නේ චෝල, පාණ්ඩ්‍ය සහ චේර බව අදහස් කළත් —දෙමළ˜ නමින් ජන වර්ගයක් හෝ රටක් ගැන සඳහන් නො වේ. ව්ය.ව.පූ. 3 වෙනි සියවසේ ඓතිහාසික වාර්තාවල —ද්‍රවිඩ˜ හෝ —දෙමළ˜ වචනය සඳහන් නො වෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන දක්වා ඇත. —චෝල˜ වචනය දෙමළ වචනයක් නො වෙන බව ආචාර්ය ඒ.කේ. නීලකණ්ඨ ශාස්තී‍්‍ර පැහැදිලි කරන අතර චෝල සහ කේරල ජනයා දෙමළ නො වෙන බව පී.ටී.එස්. ඓයෙන්ගර් සඳහන් කරයි. දෙමළ ද්‍රවිඩ භාෂා පවුලට අයත් එක් භාෂාවකි.
ව්ය.ව.පූ. තුන් වෙනි සියවස වෙන විටත් දකුණු ඉන්දියාවේ කාවේරි නදියෙන් පහළ භූමියේ ජනයා මහාශිලා යුගයේ (මෙගලිතික්) සංස්කෘතිය තුළ සිටි බව ලොව විද්වතුන් හෙළි කොට ඇත. (ඇතැමුන්ගේ ව්‍යවහාරය අනුව —ගල් යුගයේ˜ ය.) ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික අනුග්‍රහය නිසා එහි ප්‍රාථමික ද්‍රවිඩ සංස්කෘතියක බිහිවීම සිදු වූ බව ක්ලැරන්ස් මැලොනි, බ්‍රයන් ප්ෆෆන්බර්ගර් වැනි විද්වතුන් පෙන්වා දී ඇත. ධර්ම ප්‍රචාරය සඳහා සිංහලදීපෙන් වැඩම කළ භිකෂූන් වහන්සේ සහ භිකෂුණීන් වහන්සේ ද්‍රවිඩ ජනතාව ඉහළ සංස්කෘතික තලයකට පත් කළ බව හිස්සැල්ලේ ධම්මරතන හිමියන් පැහැදිලි කොට ඇත. එකල ද —දෙමළ˜ ජන වර්ගයක් හෝ රටක් ගැන සඳහන් නො වේ.
ව්ය.ව. 1 වෙනි සියවස කාලයේ සාගර ජාත්‍යන්තර වෙළ\මේ නිරත නාවිකයන්ට උපදෙස් දෙන, පෙරිප්ලස් මාරිස් එරිත්රායි නම් කෘතියේ දකුණු ඉන්දීය තොරතුරුවල දෙමළ භූමියක්, රටක් හෝ දෙමළ නමින් ජන වර්ගයක් ගැන සඳහන් නො වේ.
ව්ය.ව. 2 වෙනි සියවසේ ක්ලෝඩිඅස් ටොලමි ඉන්දියාවේ භූගෝලීය විස්තර දක්වමින් උතුරු භාරතයේ පැවති රාජ්‍ය පිළිබඳව සඳහන් කොට ඇතත් ද්‍රවිඩ භූමියේ වාසය කළ ගෝත්‍ර ගැන පමණක් මිස ඒකරාශී වූ රාජ්‍ය බලයක් ගැන නො කියන බව පෙන්වා දෙන පී.ටී.එස්. ඓයෙන්ගර් ටොලමිගේ භූමි සිතියම පැහැදිලි කරමින් ව්ය.ව. 2 වෙනි සියවසේ පවා දකුණු ඉන්දියාවේ —දෙමළ˜ නමින් ගෝත්‍රයක් හෝ රටක්, රාජ්‍යයක් හෝ —දෙමළ˜ නමින් හැඳින් වූ ජන වර්ගයක් නො සිටි බව හෙළි කරයි.
කලාබ්ර පාලනය
කලාබ්ර ජනයා ව්ය.ව. 5 වෙනි සියවස පමණ දක්වා ද්‍රවිඩ භූමියේ පාලකයන් ව සිටි බව ජෛන සහ බෞද්ධ තොරතුරු හෙළි කරයි. කලාබ්රයන් ද්‍රවිඩ වර්ගයට අයත් නැත. චොAල, පාන්ඩ්ය, චේර වාර්ගිකයන් නො වේ. කඳුකර ජන වර්ගයක් බව අදහස් කරයි. ඔවුන් ප්රාකෘත සහ පාලි භාවිත කළ ජෛන භක්තිකයන් සහ බෞද්ධයන් බව දැක්වේ. ඔවුන්ගේ පාලනය පැවති ව්ය.ව. 5 වෙනි සියවස තෙක් සියවස් කීපයක ද්‍රවිඩ භූමියේ තොරතුරු වැසී ඇත. එකල දෙමළ රටක් හෝ දෙමළ ගෝත්‍රයක් පැවතියේ දැZයි හෝ අවම වශයෙන් දෙමළ කථා කරන ජන කොටසක් සිටියේ දැZයි නිශ්චිතව දැනගැනීමට විශ්වසනීය තොරතුරු නැත. බොහෝ විට, කලාබ්ර ජන වර්ගය ද්‍රවිඩ සාංක්‍රමණිකයන්ගේ පීඩනයට එරෙහි ව ද්‍රවිඩ භූමියේ බලවතුන් බවට පත් වූ ස්වදේශික ජන වර්ගයක් විය හැකි ය.
ද්‍රවිඩ භූමියෙන් ලැබී ඇති පැරණි ම සෙල්ලිපි සිංහල භිකෂූන්ට පූජා කළ චේතියඝර, සීහල විහාර, සිංහල දායකයන්, කෙළෙඹියන් ගැන සඳහන් කරයි. ව්ය.ව.පූ. 3 වෙනි සහ ව්ය.ව. 2 වෙනි සියවස් අතර කාලයට අයත් මේ ලෙන් ලිපි ලියා ඇත්තේ අශෝක ලිපි සහ පුරාණ සිංහල ප්රාකෘත බ්රාහ්මී සෙල්ලිපි ලිවීමට භාවිත කරන ලද ප්රාකෘතයෙන් සහ බ්රාහ්මී අකුරුවලිනි. දෙමළ අකුරුවලින් නො වේ. මේ කාලය වෙන විට ද්‍රවිඩ අකෂර නිසි ලෙස සකස් වී නො තිබීම සහ එකල දෙමළ අකෂර ඉතා නො දියුණු රළු තත්වයක පැවතීම නිසා සිංහල බ්රාහ්මී අකුරු භාවිත කිරීමට සිදු වෙන්නට ඇති බව පී.ටී.එස්. ඓයෙන්ගර් පැහැදිළි කරයි.
සෙල්ලිපි, පුවරුලිපි, පලක ආදිය පුරාණ ශිෂ්ටාචාර තුළ පැවති ප්‍රධාන ම ජන සංනිවේදන මාධ්‍යය විය. කලාබ්ර කාලයට අයත් මේ ලෙන් ලිපි සඳහා නිසැක ව ම එකල භාවිත කළ ප්රාකෘත සහ බ්රාහ්මී අකෂර යොදාගන්නට ඇත. කෙසේ වෙතතA මේ කාලය ද්‍රවිඩ ඉතිහාසයේ අඳුරු යුගයක් ලෙස සැලකෙයි. මේ කාලයට අයත් ඓතිහාසික තොරතුරු සැඟවී ඇත්තේ බොහෝ විට, පසු කාලීන හින්දු බලපෑම මගින් විනාශ වීම හෝ විනාශ කිරීම සිදු වූ නිසා විය හැකි ය.
මේ ලෙන් ලිපිවල සඳහන් තොරතුරු හැරෙන්නට පල්ලව යුගය වෙන තෙක් ලංකාව සමග පැවති සම්බන්ධතා ගැන දකුණු ඉන්දීය සෙල්ලිපිවල සඳහනක් නැති බව දකුණු ඉන්දියාවේ බ්රාහ්මී සෙල්ලිපි පිළිබඳව විමසුමක නිරත වූ සී. නාරායන රාඕ පෙන්වා දෙයි.
ඉහත කෙටියෙන් දක්වා ඇති ඓතිහාසික සහ පුරාවිද්‍යා සාධක ව්‍යවහාර වර්ෂ පූර්ව යුගය සහ ව්‍යවහාර වර්ෂ මුල් සියවස් කීපය අතර කාලයේ දෙමළ වාර්ගික ජනයා ලංකාවේ පදිංචි ව නො සිටි බව සනාථ කරයි.
දෙවෙනි කොටසට ……