සිද්ධාර්ථට වඩා යශෝධරාගේ කැපකිරීම මාරයි කියූ හරිනිට පිළිතුරක්
Posted on May 13th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

සිද්ධාර්ථ යසෝදරා චරිත වලින් සිද්ධාර්ථ චරිතයටත් වඩා යශෝධරා චරිතය තමන් වීරත්වයෙන් සලකන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනී අමරසූරිය මහත්මිය ඉකුත් දා නෙත් ගුවන්විදුලිය සමඟ සාකච්ඡාවකදී පවසා තිබිණි.

සිද්ධාථට වඩා යශෝදරාවන් කරන ලද කැප කිරීම් ඉහළ බවද ඇය එහිදී කියා සිටියාය.

මේ සම්බන්ධයෙන් පූජ්‍ය මිල්ලකඩ දම්මරතන හිමියන් උන්වහන්සේගේ අන්තර්ජාල මුහුණුපොතේ අදහස් පළ කිරීමක් සිදුකර තිබිණි.

එම සටහන පහළින්…

බෞද්ධ සමාජය කොතනකවත් සිද්ධාර්ථ කුමාරයාට “සිද්ධාර්ථ” යනුවෙන් අමන්ත්‍රණය කරන්නේ නෑ .සාමාන්‍යයෙන් අපි කියන්නේ “සිද්ධාර්ථ ගෞතයන් වහන්සේ” එහෙමත් නැත්නම් “සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ” යනුවෙන්. 

ලන්කාවේ නිරාලට (එහෙම පිරිසක් ලන්කාවේ නෑ) හා  ජේවීපී හිපාටුවන්ට අනුව නම් හේ සිද්ධාර්ථ නම් වෙයි. 

බෞද්ධ සමාජයට රිද්දවන්න නම් එක්කෝ බෞද්ධ සංස්කෘතිය ට ගහන්න ඕනී. එහෙම නැත්නම් අර කියන සිද්ධාර්ථ කුටුපට්ටම් කරලා මහා මායා දේවිය හෝ යසෝධරා උස්සන්න ඕනී. හරිනිලා විඩෙන් විඩේ කරන්නේ ඒ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරන එක.

මේ අයට බුද්ධ ආරක ධර්ම වැදගත් නෑ.

බුද්ධ සංකල්ප හෝ බෝධි සත්ව පරමාදර්ශය වැදගත් නෑ. කොටන්න පුලුවන් මොකද්ද හම්බවෙන්නේ ඒකට කොටනවා.

හැබැයි මේකෙන් සිගිති ආතල් ගන්න කොටසකුත් නැතුවා නොවේ. ඒ අයට හරිනිලාගේ නමට ඉස්සරහින් ආචාර්ය කෑල්ල දාලා මොකක් හරි කිව්වාම ඒක හොද කටගැස්මක් වෙනවා.

අද මව් වරුන්ගේ දිනේ සිද්ධාර්ථ පාගලා එහෙමත් නැත්නම් පොඩිපට්ට කරලා යසෝධරා උස්සලා තිබ්බම ඒ අය හිතනවා සිංහල බෞද්ධ සමාජය රිද්දවලා පොඩි ආතල් එකක් දෙන එක හොදයි කියලා.

ඉතින් මේ විදියේ සිගිති ආතල් ගන්න කිසිම කෙනෙකුට බාදාවක් නෑ.  ඒ වගේම හරිනිලා පතන නිරාගමික රාජ්‍යයටත් ඕවා බාධාවක් වෙන එකකුත් නෑ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress