කොළොන්නාව නව නගරයක් කිරීම සඳහා කෙටුම්පත් සකසා අවසන් තෙල් ප්‍රවාහනය සඳහා පමණක් භාවිත දුම්රිය මාර්ගය බත්තරමුල්ල දක්වා දිවෙන මගී ප්‍රවාහන මාධ්‍යක් කරනවා – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on May 31st, 2024
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය නව නගරයක් ලෙස පරිවර්තනීය වෙනසකට ලක්කිරීමේ පිඹුරුපත් සකසා අවසන් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ (2024.05.28) කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ය.
මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය නව නගරයක් බවට පත්කිරීමටත්, නව නගරයක පහසුකම් ජනතාවට ලබාදීමටත්, අලුත් ආකර්ෂණයකින් ප්‍රදේශයක් ලෙස දියුණු කිරීමටත් අවශ්‍ය මූලික කෙටුම්පතක් මේ වන විටත් සකස් කර අවසන් බවද සඳහන් කළේය.
මේ හරහා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය තුළ සිදුවන පරිවර්තනය තුළින් තදාසන්න ප්‍රදේශද ආර්ථික, සමාජයීය පරිවර්තනයකට ලක් වෙයි. කොළොන්නාව පිරිපහදුව වෙත තෙල් ප්‍රවාහනය කෙරෙන දුම්රිය මාර්ගය බත්තරමුල්ල නගරය සමඟ සම්බන්ධ කොට දුම්රිය මගී ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්කිරීම ද සිදුකෙරෙයි. ප්‍රධාන පරිපාලන ආයතන රැසක් පිහිටා ඇති බත්තරමුල්ල නගරයට කඩිනමින් ළගා වීමේ හැකියාව ලැබෙන අතර කොළඹ තදබදයට ද මේ හරහා විසදුම් ලැබේ.
මෙම අවස්ථාවට කොළොන්නාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, මහජන එක්සත් පෙරමුණ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී වී. ප්රභාෂීණී මහත්මිය ඇතුළු හිටපු මහජන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය