ජනතාව ගොනාට ඇන්දවීමට ඉඩ නොදෙන සියලු ජනාධිපති අපේක්ෂකයින් පිළිතුරු දිය යුතු ප්‍රශ්න මාලාවක් එළිදැක්වෙයි – (වීඩියෝ)
Posted on June 26th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
ජාතික න්‍යාය පත්‍රයක මූලාරම්භය දෙවන පියවර ඊයේ (25) ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කුමන පුද්ගලයෙකු හෝ කුමන පක්ෂයක් ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වුවද පිළිතුරු බැදිය යුතු 20 වැදැරූම් ප්‍රශ්න මාලාවක් සමාජ සම්මුතියක් ලෙස එළිදැක්වීම මෙහිදී සිදුවිය.
මෙය ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කර තිබූ අතර මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, දෙවන පරපුර සංවිධානයේ උවිදු විජේවීර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ආචාර්ය ජගත් චන්ද්‍රවංශ, ගෝලීය ශ්‍රී ලංකික සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරු මෙහිදී විශේෂ දේශන පැවැත්විය.
මෙම 20 වැදැරුම් ප්‍රශ්න මාලාවට එකගතාවය පළකරමින් සංවිධාන 66ක් අත්සන් තබා ඇති බව එහි සංවිධායකන් පවසයි.
ජනාධිපති අපේක්න්‍ෂකයින් විසින් පිළිතුරු බැදිය යුතු ප්‍රශ්න මාලාව සදහා මෙතැනින් පිවිසෙන්න – ජාතික පත්‍රයක මූලාරම්භය – දෙවන පියවර
මෙහිදී මහාචාර්ය ඉදුරාගාරේ ධ්මරතන හිමියන් දැක්වූ අදහස්
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් දැක්වූ අදහස්
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස්
උවිදු විජේවීර මහතා දැක්වූ අදහස්
නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා දැක්වූ අදහස්
ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා දැක්වූ අදහස්
2024-06-26