සිංහලේ (ශ්‍රී ලන්කාවේ) සකළ ජීවී පද්ධතිය සහ වසර 2566 ක ශිෂ්ඨාචාරය බේරා ගෙන, ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය වීමෙන් ගලවා ගැනීමේ  එකම මඟ.
Posted on July 9th, 2024

ආචාර්‍ය සුදත් ගුණසේකර මහණුවර.

2024 ජූලි 9 දා. මහනුවර

සිංහලේ  මධ්‍යම කඳුකරය භූගෝලීය වෂයෙන් පිහිටා ඇත්තේ දිවයීනේ දකුණුදිග මධ්‍යමයේය. මුහුඳු මට්ටමේ සිට අඩි 8229 (පිදුරුතලාගල) දක්වා  කොණ්ඩ කැවුම් ගෙඩියක් මෙන් ඉහලට නැගෙන  මු. ම. සිට අඩි 1000 න් පහල හාත්පසින් මහ මුහුද දක්වා පැතිරෙන තැනිතලා භූමියකින් එය වටවි ඇත. 103 ක් වූ මේ දිවයිනේ සියළුම ගන්ගා මෙම මධ්‍යම කඳුකරයෙන් ආරම්භවී දිවයිනේ අටදෙසට ගලාබසිමින් මුළු දිවයිනේම සකළවිධ ජීවී පද්ධතියටම වසරපුරා දියවර සපයයි. මෙම ගන්ගා පද්ධතියේ නිරන්තර ගැලීම රඳා පවත්නේ මධයම කඳුකරයේ භෞථික ස්ථාවරත්වය මතය.

සිංහලේ වේ මධ්‍යම කඳුකරය ( සිංහලේ භූගෝලීය හදබිම

වශයෙන් මම නම් කරමි), අපි එය අපේ හදවත මෙන් රැකගත යුතුය. මක්නිසාදයත්,මිනිසෙකුට හදවතින් කෙරෙන ක්‍රියාදාමය මධ්‍යම කඳු කරයෙන් සිංහලේටද  සිදුකෙරෙන නිසාය. යම්සේ හදවත නතරවූදාට මිනිසා හෝ වෙනත් ඔනෑම සතෙක් මිය යන්නාසේම මධ්‍යම කඳුරයේ භෞථික ස්ථාවරත්වය නැතිවූදාට සිංහලේ නැමති සත්වයාද මිය යනු ඒකාන්තය. එබැවින් සිංහලේ මධ්‍යම කඳුකරය අපේ හදවත සේම රැකගතයුතුය.

එහි ආරක්ෂාව රඳා පවත්නේ එය වසාසිටින වනාන්තරය සහ ඉඩම් පරිහරණය වැනි මානව ක්‍රියාකාරකම් මතය.මේ අණුව මුළු මහත් දිවයිනේම සකළවිධ ජීවී පද්ධතියේ මෙන්ම ශිෂ්ඨාචාරයේ පැවත්මේ ඉරණම රඳා පවත්නේ මධ්‍යම කඳුකරයේ භෞථික ස්ථාවරත්වය මතය. මධ්‍යයම කඳුකරය මේ රටේ තිබෙණ විශාලතම ස්වාභාවික ජලාශයමෙන්ද සැලකිය හැක.

 මෙම යථාර්තය මැනවින් තේරුම්ගත් පැරණි රජදරුවන් ඉතිහාශය පුරාම අඩි 1000 ඉහල කඳුකරයම දැඩි ජාතික රක්ෂිතයක් වෂයෙන් ආරක්ෂාකොට ඇත. එම යුගයේ මෙම නීතිය බල නොපෑ ප්‍රදේශ තිබුණේ දෙකක් පමණි. ඒ කොත්මලේ සහ වැලිමඬය. නමුත් එම ප්‍රදේශ වලද කිසිම ජනාවාශයක් අඩි 3500 සීමාව ඉක්මවා තිබුණු බව නොපෙනේ. මේ නිසාම ගන්ගාවල ජලය වසර පුරා ගලාගිය අතර පහල තැනිතලා වල ජලගැලීම් වලින් සිදුවන හානිද සුලභ නොවීය. ඊට අමතරව අලිඇතුන් ඇතුළු වනසතූන්ටද කඳුරටේ වනාන්තර ආරක්ෂිත නිවහනක් විය.

මෙම පාරිසරික තුළනය මුළුමනින්ම අතුරුදන්වූයේ බ්‍රතාන්‍ය ආක්‍රමනිකයින් විසින් කෝපි සහ තේවගාවට කඳුකරයේ වසර දහස් ගානක් පුරා ආරක්ෂිතව පැවති වනාන්තර ඉවත් කිරීමත්, කඳුකරය පුරා මන්මාවත් සහ කම්හල්, පාලකයින් සහ කම්කරුවන් සඳහා කඳුකරය පුරා ගොඩනැගිලි තැනීම සමඟය. සුදු පාලකයින් ඉවත්ව යාමත් සමඟම පාලනයේ ඇතිවූ දුර්වලතාවන්, ඉන්දීය වතු කම්කරුවන්ගේ දේශපාලන නැගිටීම සහ කම්කරු ලැයින් අවට වගාකටයුතු නිසා පොලොවට ඇතිවන හානි ආදිය නිසා මෙම ජලපෝශක ප්‍රදේශ වලට සිදුවන හානිය ශීග්‍රයෙන් ඉහල ගොස් ඇත. එමනිසා මේරටේ සකළ ජීවී පද්ධතිය සහ සින්හල බෞද්ධ ශීස්ඨාචාර බේරා ගැනීමට නම්

ඒ සඳහා අනිවාර්‍යෙන්ම ක්‍රියාත්මක කළ යුතු පහත සඳහන් වැඩපිළිවෙල මම  යෝජනාකරමි

1. මධ්‍යම කඳුකරයේ මු. ම. අඩි 5000 ඉහල සෑම ප්‍රදේශයක්ම. අධිරක්ශි ප්‍රදේශ වශයෙන් ප්‍රකාශ කළ යුතුය.කිසිම වගාවක් හෝ ජනාවාශයක් මේ තුල සපුරා තහනම් කළ යුතුය. එසේම පෙර රජදවස මෙන් රාජ්‍ය අවසරයකින් තොරව එහි ඇතුල්වීම පවා මරණ දඬුවම  ලැබීමේ වරදක් කළයුතුය.

11. මු. ම. අඩි 3500-5000 අතර විශාල තේ වතු තිබුණද ඒ තුළද සෑම වර්ගයේම ජනාවාශ තහනම් කළ යුතුය.

111.ඒ අණුව කඳුකරයේ සියළුම ජනාවාශ අඩි 3500 යේ සීමාවෙන් පහල ප්‍රදේශ වලට සීමා කළ යුතුය.

සමස්ත  කඳුකරය වටා දිවෙන  1000-3500 අතර ප්‍රදේශය ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නිර්දේශිත ගම්මිරිස්,කරාඹු,කෝපි,එනසල්, පලතුරු වැනි මිශ්‍ර භෝග සහ,  සත්ව පාලනය (ගව.එළු.කුකුල් සහ මීමැසී) සහිත කුඩා ගොවිපල ව්‍යාපාර සඳහා වෙන්කළ යුතුය. මොවුන් අභිප්‍රේණය සඳහා එම ප්‍රදේශයේ  වාර්ෂික ගොවි තරඟ තැබිය යුතුය.

මධයම කඳුකරය වටේ දිවෙන මෙම තීරුවේ උඩරට ඉඩම් නැති ගොවියන් ප්‍රමුඛ කොට උඩරට 3500 න් ඉහළ තේ වතු වලින් ඉවත් කෙරෙන දෙමල කම්කරුවන්, මිශ්‍ර ගම්මාන වශයෙන් පදින්චි කළයුතුය. එසේ පදින්චි කිරිමට අපේක්ෂිත ගොවි පවුල් ගණන 2,50,000 කි. වතු ජනතාව අතුරෙන් මේ සඳහා තෝරාගත යුත්තේ 1953 නේරු කොතලාවල ගිවිනුමේ ප්‍රතිපාදන අනුවය. එසේ කිරීමට සූදානම් නැති සියළුම වතු දෙමළුන්ගේ සිංහලේ රට වැසිකම අහෝසිකොට ආපසු ඉන්දියාවට යැවීමට කටයුතු කළ යුතුය.මෙසේ කිරීමෙන් උඩරට වතු දෙමළ ප්‍රශ්නයද සදහටම අවසන්වණු ඇත.මේ රටේ හදබිමේ මලය නාඩුවක් හදා සිංහලේ ඉන්දියාවේ 29 වන  ප්‍රාන්තය වීමේ අවධානමෙන් බේරිය හැකි එකම මඟ එයය.

සිංහලේ තේ වගාකරන භූමියේ උස අනුව 2017 නිශ්පාදනය කි. ග්‍රෑ. දස/ලක්ෂ

ඉහල මු. ම. අ. අඩි  4000 ඉහල                                                      64.64

මැද                       2000-4000                                                      45.65

3පහල                   0-2000                                                          197.42

                                                  මුළු ප්‍රමාණය                          307.72                                                                                                

මේ රටේ සමස්ථ ජීවී පද්ධතියේ සහ ශිෂ්ඨාචාරයේ පැවැත්ම සඳහා මු.ම. අ. 5000 න් ඉහල බෞතික ස්ථාවරත්වය අරක්ෂාකිරීමේ ඇති වැදගත්කම සලකා බලන විට 5000 න් ඉහල ප්‍රදේශ දැඩි ආරක්ෂිත ප්‍රදේශ වෂයෙන් පවත්වා ගැනීමේ ඇති වැදගත් කම අනුව අඩි 5000 ඉහල තේ වගාව තහනම් කිරීමෙන් නිශ්පාධනයට සැලකියයුතු පාඩුවක්ද නොවණු ඇත. තවද මැද සහ පහල මට්ටම්වල නිෂ්පාදනය වැඩිකිරීමෙන් ඉන් ඇතිවන ඌනතාව මඟහැරගත හැකි වේයයි සිතමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress