අගමැති යාපනයට…උතුරේ ගොවි ජනතාවට අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රණාමය..*ගොවියා රජයේ නෙවෙයි.ඒත් ඔහු රටට දෙන විසල් දායකත්වය මිල කළ හැකිද…- අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on July 12th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

යාපනය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (2024.07.12) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී.
බිත්තර රැක්කවීමේ යන්ත්‍ර  බෙදාදීම සහ අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් සහල් බෙදාදීමද මෙහිදී සිදු කෙරිණී.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය වරයා –

“යාපනය අර්ධද්වීපයේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට රජය කැප වී සිටිනවා. ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රජයේ ආයතන වලට අවශ්‍ය බොහෝ වියදම්, ඒ වගේ ම පළාත් පාලන බල ප්‍රදේශයේ ග්‍රාමීය හා නාගරික සංවර්ධනය සඳහා විශේෂ ප්‍රතිපාදන වැඩි කිරීම අප ආරම්භ කර තිබෙනවා.
අගමැතිවරයා ලෙස ඔබ සියලු දෙනා විසින් ඉටු කර ඇති ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා මෙන් ම ලබා දී ඇති වාර්තා සම්බන්ධයෙන් වත්මන් ප්‍රගතිය පිළිබඳ ප්‍රතිපෝෂණයක් ලබා ගැනීමට අද මෙහි පැමිණීම ඉතා වැදගත්.
යටිතල පහසුකම්, සේවා සහ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමට ජනාධිපතිතුමා සහ රජය කැප වී සිටිනවා. එබැවින්, සංවර්ධනය කිරීමට අවශ්‍ය එම පහසුකම් සැපයීම, ඔබ ප්‍රදේශයට ඉතා වැදගත්.
ගොවීන් සියලු දෙනා ම පෞද්ගලික අංශයේ. ඔවුන්ගේ අපරිමිත අධිෂ්ඨානශීලී උත්සාහය අපි අගය කරනවා.
අපි අමතක නොකළ යුතු යි, ගොවීන් සියල්ලන් ම පෞද්ගලික අංශයේ, අයිතියෙන් හෝ අඳ ගොවීන් වශයෙන්. ඔවුන් ආර්ථිකයේ ජාතික සංවර්ධනය සඳහා පුද්ගලික දායකයන් වෙනවා.
අධ්‍යාපනය සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබාදීමට ජනාධිපතිතුමන් සහ රජය මුළුමනින්ම කැපවී සිටිනවා. සෑම දරුවෙකුට ම අධ්‍යාපනය ලැබීමට සහ විශ්වවිද්‍යාලවලට යාමට හා ඉන් අනතුරුව පුහුණුව සඳහා නව වැඩසටහන්, තාක්ෂණික හා වෘත්තීය ක්ෂේත්‍ර සඳහා ද අවස්ථාව ලබාගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අයවැය ප්‍රතිපාදන ද වෙන් කර ඇති අතර, අපි සියලු දෙනාම එකතු වී අරමුණු සාක්ෂාත් කළ යුතුයි.

අප රටේ දරිද්‍රතාවය ඉතා සතුටුදායක ලෙස කළමනාකරණය කර තිබෙනවා, එය ඕනෑම ආර්ථිකයක, ඕනෑම රටක ප්‍රධාන ප්‍රශ්නයක්. එක්සත් ජනපදය කියන ධනවත් ම රටෙහි, ආහාර මුද්දර ලබාදී තිබෙනවා. ඒ නිසා ලෝකයේ සියලු ම ආර්ථිකයන් දුප්පතුන් සම්බන්ධයෙන් දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙමින් සිටිනවා.
උතුරු පළාතේ දුෂ්කර ගම්මානවල සිටින අඩු ආදායම්ලාභීන්  ගැන වැඩි වශයෙන් සොයා බැලිය යුතු වෙනවා.”
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, අංගජන් රාමනාදන්, සී. විග්නේෂ්වරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන  අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, දිසාපති අම්බලවාණර් සිවබාලසුන්දරන් ඇතුළු සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නියෝජිතයින්, මෙම අවස්ථාවට සහභාගී වූහ.
         
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress