තුන් සින්හලේ-ශ්‍රී ලංකා ජාතික ජනබල පෙරමුණ (ශ්‍රී. ලං. ජනබල. පෙ.)ජාතික සටන් පාඨය “සිවුරේ බලය දැන්වත් පෙන්විය යුත්තේ”
Posted on August 3rd, 2024
දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර
හැඳින්වීම 2023.5. 17.
ශ්‍රී ලංකා ජාතික ජනබල පෙරමුණ රට දැය සමය බේරාගැනීමේ සහ සුරක්ෂිත කිරීමේ ජාතික දසබල පෙරමුණද වේ. එය සම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් නොවේ.සඟවෙදගුරු ගොවිකම්කරු සිටු-නිළදරු, මා-වියතුන්(මා=මාධ්‍යවේදීන්), මානවමානවිකා යන ජනතා බලවේග 10 එම දස බලය වේ
පෙරමුණේ ලාන්චනය: ධර්ම චක්‍රය.
පෙරමුණේ පුවත්පත: ජනබලය”
පෙරමුණේ සන්යුතිය
දීපව්‍යාප්ත 30,000 ක දේශපාලන බල හමුදාවක්
භික්ෂූන් වහන්සේලා 15,000 (අනුසාශක වරුන්)
ගිහියන් 15,000 දේශපාලන ක්‍රියා කාරීන්
පුළුල් අරමුණු හා මැතිවරණ පොරුන්දු
* 1815 මාර්තු 02 දින ඉන්ග්‍රීසීන්ට භාරදුන් රට සින්හලේ’යන නම නැවත රට තුල භාවිතයට ගැනීම. ජාත්‍යන්තරව ශ්‍රී ලන්කා යන්න භවිතා කිරීම. සුද්දාගේ සිලෝන් සිතියනෙන් ඉවත් කිරීම
* 1815 මාර්තු 2 වන දින වනවිට මේ රටේ පැවති සින්හල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීම
* විධායක ජනාධිපති වෙනුවට අමාත්‍ය මණ්ඩලයෙන් පත්කෙරෙන ලකිසුරු වරයෙක්
* පාර්ලිමේන්තුව වෙනුවට ජාතික රාජ්‍ය සභාවක්”
* ශ්‍රී ලන්කා ජනරජය මෙහෙයවියයුතු ආකාරය පිලිබඳ රජයට උපදෙස් දීම සඳහා ජාතික රාජ්‍යසභාවට ඉහලින් ත්‍රයි නිකායික මහනාහිමිවරුන් වහන්සේලා 4 දෙනා ප්‍රධාන 17 දෙනකුගෙන් යුත් ජාතික පුරෝහිත මණ්ඩලයක්.
* රාජ්‍ය නාකයා ලකිසුරු නම් වේ. ජාතික රාජ්‍ය සභාවේ අනුමැති ඇතිව අග්‍රාමාත්‍ය වරයා/වරිය විසින් ඔහු පත්කරණු ළැබේ
* අග්‍රාමාත්‍ය වරයා ප්‍රමුක අමාත්‍ය වරු 17 සහිත අමාත්‍ය මන්ඩලයක්
*මේ රටේ දැනට පවතින ජාතික දිනය වෂයෙන් නම්කොට ඇති පෙබ 4 ඉවත්කොට සින්හල -බෞද්ධ ජාතිය උපන් පොසොන්දෙපෝය ජාතික දිනය වෂයෙන් ප්රසකාශකොට ව්යවස්ථගත කෙරේ.අළ යුතුය
*මේ රටට සැබෑ නිදහස ලබාගත්තේ 1972 මැයි 22මේ රටේ නිදහස් දිනය වෂයෙන් නම්කොට නීතිගත කෙරේ.
*ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය රජයේ නිවාඩු දින ගණන 12කි. මේ රටේ රජයේ නිවාඩු දින ගණන 125 ද ඉක්මවූ අවස්ථා ඇත.මෙය රටක සන්වර්ධනයට මහා භාදාවකි.අපගේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි දින 20 ට එය සීමා කෙරේ
*මැතිවරණ ප්‍රකාශයේ ඇමුනුම් 01:19 පරිදි මේ රටේ රටවැසි බව තීරණය වේ.
* 1978 ව්‍යවස්ථාව අහෝසිකොට 1972 ව්‍යවස්ථාව බලගැන්වීම
*ධර්මාසෝක ආකෘතියේ දෙශප්‍රේමී ජාති හිතෛෂී රාෂ්ට්‍රපාලන ක්‍රමයක් පිහිටුවීම.
* දිස්ත්‍රික් මන්ත්‍රී ක්‍රමය අහෝසිකොට ආසන මට්ටමේ රාජ්‍යසභා මන්ත්‍රීන්168 ක් (1977 වන තුරු පැවති පරිදි) මනාප සහ සමානුපාතික ක්‍රමද අහෝසි කිරීම
* එක රටක්, එක ජාතියක්, එක නීතියක්. මෙය සින්හලේ නීතිය සහ දැනට පාව්තින රෝම ලන්දේශි නීතියේ සන්කළනයක් වණු ඇත. ඉන්පසු රටේ සියළු දෙනාටම බල පැවැත්වෙන්නේ එම නීතිය වේ. දැනට පවතින තේසවලමේ සහ මුස්ලිම් නීති අහෝසි කෙරේ.
* ගම කේන්ද්‍රකොට ගත් දැහැමි රාෂ්ට්‍රපාලන ක්‍රමයක්
* ජේ.ආර් රජිව් ගිවිසුම, 13 වන සන්ශෝධනය සහ පලාත් සභා නැති රටක්
*රට, දැය, සමය ආරක්ෂාකොට ගැනීම තහවුරුකොට ගැනීමට වෙනස්කළ නොහැකි ජාතික ප්රඥප්ති මාලාවක් 20- 25
*1978 ව්‍යවස්ථාව වෙනුවට 1972 ජනරජ ව්‍යවස්ථාව පැණවීම
* පවතින සුද්දාගේ 1833 පලාත් ක්‍රමය අහෝසිකොට තුන් සින්හලේ නැවත පිහිටුවීම
* තුසිත (තුන් සින්හලේ තහවුරු කිරීමේ) නමින් නව ජාතික බැන්කුවක් පිහිටුවීම
* දිසා, උප දිසා, ගම් හා නගර මට්ටමින් රට පාලනය කිරීම
* වැල්ලවාය, සේරුවාවිල. මහියන්ගනය සහ යාපහුව නමින් නව දිසා 4 ක් පිහිටුවීම
*උඩරට කඳුකරය (ජාතියේ හදබිම) බේරා ගැනීමේ පුලුල් වැඩපිළිවෙලක් සහ 1815 සිට උඩ රට සින්හලයින්ගේ අහිමිවූ ඉඩම් ඇතුළු සියළුම අයිතිවාකම් ලබා දීම සහ අධි රාජ්‍ය වාදීන්ගෙන් වන්දි ලබාගැනිම
* කලුගඟ දකුණු පලාතට සහ කැළණි ගඟ වයඹට හැරවීම
* රටේ දේශපාලන පක්ෂ, ජාතික පක්ශ 3 කට සීමා කිරීම සහ සියළුම වර්ගවාදි, ආගම්වාදි, ත්‍රස්ථවාදී සහ බෙදුම් වාදි පක්ෂ තහනම් කිරීම. (වැඩි විස්තර සඳහා මැතිවරණ ප්‍රකාශය බලන්න)
* ශ්‍රී ලන්කාවේ නිවැරැදි ඉතිහාශය නැවත ලිවීම
*මේ රටේ ශිෂ්ඨාචාරයේ පදනම මත රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ඒ අනුව සභ්‍යත්ව රාජ්‍යයක් ගොඩනැගීම
* නව ආර්ථික, සන්ස්කෘතික හා සදාචාරාත්මක සමාජයක් බිහිකිරීම
*සෑම ග්‍රාම සේවා කොට්ඨාශයකම ග්‍රාම සන්වර්ධන මණ්ඩලයක්
*නව දුම් රිය මාර්ග. කුරුනෑගල-මහනුවර-පල්ලෙ කැලේ. පුත්තලම-මන්නාරම,පුත්-අනුරාධපුරය පුත්- කුරුනෑගල. කුරුණෑගල- මාතලේ. මාතලේ-හබරන. පොලොන් නරුව-මහියන්ගනය.මහියන්ගනය බදුල්ල. -මහියන්ගනය මඩකලපුව.මඩ-හම්බන්තොට හරහා මාතර. රත්නපුරය – මාතර. (පවතින ආර්ථිකය යථා තත්වයට ඒමෙන් පසූ) *රට පුරා අත්යන්ත්‍ර, බලවේග රෙදි කම්හල්,කුඩා කර්මාන්ත,කෘෂිකාර්මික උපකරණ නිශ්පාධන ලුහු ඉන්ජිනේරු කම්හල්
* රට වටා ඇති අසීමිත සාගරය ප්‍රයෝජනයට ගෙන ලන්කාව ආසියාවේ ප්‍රධාන මත්ස්‍ය කර්මාන්ත කරු බවට පත් කිරීම
*දෙශපාලකයින් සහ රාජ්‍ය සේවකයින් සඳහා සුදුසුකම් නියමකිරීම සහ දැඩි විනයක සහ ආචාර ධර්ම මා ලාවක්
* දිවයිනේ සියලුම ජලාශ සැමවිටම උපරිම ධාරිතාවෙන් තිබීම සඳහා නඩත්තු කිරීම
*කඳුරටින් ශීග්‍රයෙන් මැකීයන වල්පොලමුල්ල සහ මීමුරේ වැනි පැරණි ගම්මාන සුරක්ෂිත කිරීම
* මැදපෙරදිග ඇතුලු විදේශවල අපා දුක් විඳින කාන්තාවන්ට රට තුල රැකියා ලබාදීමේ පුලුළුල් වැඩපිළිවෙලක්
* කෘෂි කර්ම හා කාර්මාන්ත අන්ශවල් විප්ලවයක්
*දේශීය වශයෙන් වැවිය හැකි සියළුම භෝගවලින් රට ස්වයන් පෝෂිත කිරීම,දෙවනුව ඒවා අපනයනය කිරීමේ වැඩපිළිවෙලක්.
* 1960-77 යුගයේ තිබුණු පඉදි සියළුම කර්මාන්ත නැවත අරඹා රටතුල නිෂ්පාදනය කළ හැකි සියළුම දෙවල් මෙහි නිපදවීම සහ අනිවාර්යෙන්ම ආනායනය කළ යුතු භාණ්ඩ පමණක් ආනයනය කිරීමෙන් විදේහ විනිමය ප්රස්නය විසඳීම*
මේ සඳහා කෘශි කර්ම,කර්මාන්ත, මූල්‍ය, වානිජ සහ සේවා ආදි සියලුම අන්ශවලට උපරිම රාජ්‍ය සහ්යෝගය ලබා දීම
නව නිර්මාණ සහ යෝජනා වලට උපරිම රාජ්‍ය සහාය.
* රට පුරා පෘතුගීසි,ඕලන්ද ඉන්ග්‍රීසි, දෙමළ සහ මුස්ලිම් නම් වලින් ස්ථාන, මාර්ග, ගන්ගා, නගර.ගම් ආදී සියල්ල වෙනස්කොට පෙර පැවති නම් දීම හෝ නව සින්හල නම් දීම
ඒ අතර ඉන්දීය ප්‍රභවයක් ඇති පුද්ගල
නාම හැර අනෙකුත් සියල්ල හකි පමණ වෙනස් කිරීම සහ අලුතෙන් උපදින සෑම ළමයෙකුටම සින්ල නම් දීම. ඒ මගින් අප රටේ සුවිශේෂී අනන්‍යතාව අරක්ෂාකොට ගැනීමට පදනම වැටෙනු ඇත.
xxxxx
ආරම්භය ප්‍රථම රැස්වීම/දිනය/වේලාව: 23.4.2023. ඉරු දින පෙ. ව. 9.30-ප.ව.2.30
ස්ථානය: දර්ශන”, අන්ක. 21. හන්තාන පෙදෙස. මහනුවර,
මුලසුන ගරු අග්ගමහා පණ්ඩිත ඕමාරේ කස්සප නාහිමි
සාභාගි වුවෝ
දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර
සරත් දේවානන්ද
වයිද්ය රත්නසිරි බන්ඩාර
සාකච්චාවේ මාතෲකාව හා අරමුණ
1815 සිට වසර 133 ක රිජු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදි පාලන ග්රහණයෙන් සහ වසර 443 (1505-1948) ක බටහිර අධිරාජ්‍යවාදි ග්රහණයන්ගෙන් මිදී 1948 ඊනියා නිදහසක් ලබා මේ වනවිට වසර 76 ක් ගතව ඇතත් එදා සිට පැවති සෑම රජයක් විසින්ම මේ වන තුරුම මේ රට නිදහස් රටක් වශයෙන් ස්ථාපිත නොකළ නිසාත්, එසේම මේ රටටත්, ජාතියටත් එසේම බුදුසසුනේ චිරශ්ථිතියත් තහවුරු කිරීමට තම යුතුකම් නිසිපරිදි ඉටුනොකළ නිසාත් වර්තමානයේ, මේ රටත්, සින්හල ජාතියත්, බුදුසසුනත් එසේම කි. පූ 543 සිට අපේ මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනගාගත් සින්හල බෞද්ධ සන්ස්කෘතිය අද පත්ව ඇති අභාග්‍ය සම්පන්න හා භයානක තත්වයෙන් බේරාගැනීම සහ අනාගත පරම්පරාවේ අමන්දානන්දය සඳහා එය සුරක්ෂිතකොට තැබීම සඳහා රට, ජාතිය,ආගම,අපේකම හා දේශීයත්වය අගේ කරණ,දේශීයත්වයට ආදරය ඇති, තුන් සින්හලේ සින්හල බෞද්ධ පිරිස් එකතුකොට මේ සින්හල රටේ අපට අහිමිවූ අභිමානය යළි ගොඩනගා ආරක්ෂා කරමින් මේ රට, කවුටිල්ය අර්ථ ශාස්ත්රයේ දැක්වෙන රක්ශ (ආරක්ෂාව),පාලන(පාලනය) සහ යෝගක්ශේම (ජනතා ශුභසෙත) යන ත්‍රිවිධ රාජ්‍ය උපායන් අනුව සියලු පරසතුරු උවදුරුවලින් රට ආරක්ෂාකොට යළිත් නිදහස්, නිවහල්, බහුජන හිතසුව පිණිසවූ,අභිමානවත්, නීතිගරුක හා සාමකාමී එසේම සව්භාග්යමත් දේශයක් බවට පත්කිරීම සඳහා දිවිහිමියෙන් ඇප කැප වන බවට ශ්‍රී දළදා වහන්සේ සහ රට ජාතිය සිය පණ දෙවැනිකොට ආරක්ෂා කරණ බවට ත්‍රයිනිකායික මහානාහිමිවරුන් සහිත සන්ඝ සභාවක් ඉදිරියේ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ අතුලු තුන් සින්හලේ නියෝජනයවන මහජන සභාවකදී දිවුරා සපථ කරණ, සින්හල බෞද්ධ නායකත්වයක් යටතේ, මේ රට ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය හෝ ලෝක බලවතුන්ගේ ඉන්දීය සාගරයේ කෙළිබිම වී සින්හල රටත් සින්හල ජාතියත් මේ මිහිතලෙන් අතුරුදන් වීමට පෙර, දැන්වත් මේ පින් බිම, සින්හල දේශය, අපගේ මාතෲ භුමිය, සින්හල ජාතිය සහ සම්බුද්ධ සාශනය සහ තදාණුබද්ධ සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරය බේරාගැනීම සඳහා දේශමාමක, ජාතිමාමක වැඩපිලිවෙලක් සහිත වසර 10 කින් මේ රට ආසියාවේ ආශ්චර්යක් බවට පත්කළ හැකි සින්හල බෞද්ධ රජයක් අප්‍රමාධව පිහිටුවා ගැනීමේ ඇති අවශ්‍යතාව ගැන සාකච්චා කිරීම.
බැසගත් නිගමනපෙරදිග ධාන්‍යාගාරය, ඉන්දීය සාගරයේ මුතු ඇටය, මිහිබට පාරාදීශය සහ ධර්මද්වීපය වැනි විරුදාවලින්ගෙන් අතීතයේ දි බැබලුනු, පුරාණ ලෝකයේ අපරදිග ග්‍රීසිය,රෝමය, ඊජිප්තුව සහ පෙරදිග, භාරතය සහ චීනය වැනි රටවල් සමඟ කරට කර සිටි, වරෙක ඉතාලි ජාතික මාර්කෝපෝලෝ විසින් සුවර්ගයට මෙහි සිට ඇත්තේ ලීග 40 පම්ණකැයි කී මේ රට, 1948 න් පසු මේ රට පාලනය කලායයි කියන පාලකයින් විසින් අද ලොව වටා හිඟමනේ යන, කෙසඟ යාචකයකු බවට පත්කොට ඇති බැවින්, එකී අවාසනාවන්ත, හා සෝචනීය දේශපාලන ආර්ථික අඝාධයෙන් රට, ජාතිය සහ සම්බුද්ධ සාශනය ගොඩගෙන මේ රට සාමකාමී, සව්භාග්යමත් දේශයක් බවට යළිත් පත් කිරීම සඳහා දැනට මේ රටේ බලය සිටින කිසිම දේශපාලන පක්ශකට හෝ පක්ෂ නායකයෙකුට රෂ්ඨ්රපාලන හෝ ආර්ථික දැක්මක් නැත.
එවැනි ජාතික සන්වර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කරණු වෙනුවට මොවුන් අදත් කරණුයේ අප වැනි රටවල් තවදුරටත් විනාශකරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැන්කුව වැනි අධිරාජ්‍යවාදි ආයතන වලටම රට උකස්කරමින්, රට සතු සියළු සම්පත් විදේශීන්ට විකුණමින් මේ රට මුළුමනින්ම විනාශකිරීමට කටයුතු කිරිමයි. රට ගොඩ ගැනීමට පැහැදිළි වැඩපිළිවෙලක් මොවුන් කිසිවෙකු සතුව නැත. 1948 සිට අපේ දේශපාලකයින් බලය ලබාගැනීමට මාරුවෙන් මාරුවට සුළුජන චන්ද නැමැති එලු බිජුව පසුපස හඹා යමින් රට ජාතිය පාවා දෙමින් කරණ බල අරගල දාදු කෙළිය මිස රට ගොඩ ගැනීමට කිසිත් නොකළ, මේ කිසිම දේශපාලන පක්ෂයක් ගැන රටේ ජනතාව තුල අබමල් රේණුවක විශවාසයක් අද නැත.
මේ වසරේ මැයි රැළි 33 ක් පැවැත්වීමෙන් සහ ඒවා තුලින් දක්නට ලැබුණු ඇල්මැරුණු ස්වභාවයෙන්ද සමස්ථ ජනතාව විසින්ම පවතින සියලුම දේශපාලන පක්ශ මෙන්ම සියළුම නායකයින්ද ප්රතික්ෂේපකොට තිබෙන බව මැනවින් පැහැදිළිවෙයි. එසේම රටේ බහුතරයට, රට ජාතියට ආදරය ඇති මේ රටට ගැලපෙන නව දේශපාලන සන්ස්කෘතියක ඇති දැඩි අවශ්‍යතාවද ඉස්මතුවී ඇත. මේ රටේ ආර්ථිකය නැන්වීම සඳහා රට තුල නිශ්පාදනය සහ රැකී රක්ෂා වැඩි කෙරෙණ කිසිදු වැඩ පිළිවෙලක් මේ කිසිම පක්ෂයකට නැත.ඉර හඳ ඇල්ලිමට තරම් තාක්ෂනය දියුණු ලෝකයේ අල්පෙනෙත්තක් වත් නොහදා, රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරයවන සහල් ඇටය ඇතුලු සියලුම ආහාර වර්ග ඇතුලු සියළු දෙයක්ම පිටරටින්ම ගෙන්වමින් ව. සැ. 25,332 ක් වූ මේ කුඩා රටතුල පිට රටින් ආනයනය කෙරෙන තෙල්ටික පවා බෙදාගැනීමට නොහැකිව එය බෙදීමටද ඉන්දියාව,චීනය,සෞදිය, ඇමෙරිකාව,සහ ඕස්ට්‍රේලියාවට දෙමින් රටේ සම්පත් වන වරායවල්, ගුවන් තොටුපල, එයාර් ලන්කා, සහ මහපොලව පවා, වසර 99 ක් වැනි දීර්ගකාලීනව බදු දෙමින් මොවුන් සියළු දෙනාම අද කරණුයේ රාජ්‍ය ආයතන ඇතුලු සියළුම රාජ්‍ය සම්පත් පමණක් නොව මහපොලවද විකුනා මේ රට දරිද්‍රභාවයේ පතුලටම යවා ඔවුන්ගේ බඩ කට පුරවාගැනීම පමණි.
1961 දී අධිරාජ්‍යවාදී ආර්ථික ග්රහණයෙන් රට බේරාගැනීම සඳහා ප්‍රබල ෂෙල් සහ කැල්ටෙක්ස් ජනසතුකළ වීර ලක් මාතාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අද එලොව සිට වුවද රට ජාතියට ආදරයක් නැති පාලකයින් විසින් සිදුකරණ මේ ජාතික අපරාධයන් ගැන සුසුම් හෙළනවාට සැක නැත.
එසේම රාජ්‍ය සේවය තුල පවතින සේවක අතිරික්තය, (16 ගුණයකින්) අහස උසට වර්ධනයවී ඇති අකාර්යක්ෂමතාව, නාස්තිය, දුෂනය සහ හොර මැරකම් නැති කිරීමට කිසිදු පියවරක් නොගන්නා, රට හෝ ජනතාව ගැන අබමල් රේණුවක හැඟීමක් නැති ආත්මාර්ථකාමි දූෂිත පුද්ගලයින්ගෙන් මේ රටේ එක ආශනයකට නියෝජිතයෙක් පාර්ළිමේන්තුවේ නැති, දේශපාලනය ඉහල සිට පහලටම අද පිරිහි ඇත.ජාතික රාජ්‍ය සභාවේ මහජන නියෝජිතයින්යයි කියාගන්නා මොවුන්, තම චන්ද දායකයින්ගේ ගැටළු සොයා බැලීමට අඩුම ගානේ මසකට වරක් හෝ ආශනයට නොයන, එසේ යාමට මන්ත්‍රී අසුනක්වත් නැති, පරමාධිපත්‍ය හිමි හිමිජනතාවට වගනොකියන, දිස්ත්‍රික් මන්ත්‍රීන් නම්වූ දේශපාලන පක්ශ නායකයින්ගේ නියෝජිතයින් සහ ඊට අමතරව පක්ෂ නායකයින්ට පමණක් වගකියන ඔවුන්ගේ නියෝජිතයින් පමණක් වන පිරිසක්ද ඊටත් අමතරව ජාතික ලැයිස්තුවෙන් පත්කෙරෙන, සැබෑ ජනතා නියෝජිතයින් නොවන, පක්ෂ නායකයකයින් විසින් නම්කෙරෙණ, ජනතා නියෝජිතඉන් නොවෙන, පක්ෂ නායකයින්ගේ ප්‍රාණ ඇපකරුවන් වන ප්රජාතන්ත්ර විරෝධී 29 දෙනකුගෙන්ද චන්දයෙන් පසු ඊළඟ චන්ද ය එනතුරු නැවත චන්ද දායකයින් හමු නොවෙන, 196 දෙනකුගෙන්ද පාර්ලිමේන්තුව අද පිරී ඇත.මේ 225 අතරින් කිසිවෙකු තුල, රට,ජාතිය හෝ මේ රටේ ශිෂ්ඨාචාරයේ ජීවය වන බුදුසසුන ගැන මෙලෝ ආදරයක් නැත. එවැනි හැඟීමක් ඇති අයෙකු සිටියද පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට කිසිදු බලයක් නැත.
පාර්ලිමේන්තුවේ බහුතරය හුදු නිල, බල සහ ධන කාමයෙන් මත්ව, පිස්සන්මෙන් සණ්ඩු වෙමින්, එකිනෙකාට ආඩාපාළි කියමින් ජනතා මුදලින් ලබාගන්නා පඩියට සහ අසීමිත වරප්‍රසාද වලට, ලබන අත්බැව්හිදී අනිවාර්යෙන්ම වැල්පොලියත් සමඟ ගෙවීමට සිදුවන කැඹුරුමෙන් හෝ මිදීමට මොවුන් කිසිදු මහජන සේවයක්ද අද නොකරයි.
පාර්ලිමේන්තු ගර්භය තුල ඔවුන් කරන එකම දෙය, සඟරජ හිමියන්ගේ බලුදානයට ගෙන ආ බලුරැළ මෙන් ඔවුනොවුන් කුලල්කා ගැනීම පමණි. අද එසේ නොහැසිරෙන එකෙකු සොයා ගැනීම ඇත්ත කියන දේශපාලනඥ්යෙක් සොයාගන්නා වැනි දුෂ්කරදෙයකි. රාෂ්ඨ්‍රපාලනය ගැන හරවත් එක වචනයක් කිසිම දිනක මොවුන්ගේ මුවින් පිට නොවේ. කලාතුරකින් හෝ එවැනි අයකු සිටියහොත් එවැනි අයෙකුට ඇමතිකමක් හෝ නොදීමටද ජනාධිපතිවරයා වගබලාගයි.
පෙර සින්හල රජදවස මුතු, මැනික්, අලිඇතුන් අපනයනය කළ රටක් අද පිටරට යවන්නේ ගෘහ සේවිකාවෝ. මේ වන විට පිට රට යවා ඇති ගෘහ සේවිකාවන් ලක්ශ 12 පමණ වෙතැයිද ගනණන් බලාතිබේ.,
පෙර සින්හල රජදවස මුතු, මැනික්, අලිඇතුන්, සහල්,සහ කුළුබඩුද පසුකාලයේ තේ, පොල් සහ රබර් වලටද ප්රසිද්ධවූ මේ ලන්කාව අද ලෝකය පුරා ප්‍රසිද්ධවී ඇත්තේ අරාබිකරය ඇතුලු ධනවත් රටවලට කෙළිබඩු බවට පත්ව ඇති ගෘහසේවිකාවන් සපයන රටක් වෂයෙනි. අද මේ රට ලෝකප්රසිද්ධවී ඇත්තේ එවැනි දුප්පත් කතුන් ලක්ෂ ගණනින් යවා ඔවුන් එවන ඩොලරයෙන් යැපෙන මැති ඇමතීන් සිටින රටක් සහ ලෝකය පුරා රටවලින් ලබාගත් නය ගෙවා ගැනිමට පවා බැරි බන්ක්ලොත් වූ රාජ්‍යය ක් වශයෙනි. කොටින්ම කියනවා නම් පෙරදවස බඹරුන්, මී මැස්සන් සහ සමනලයින් වසාසිටි මේ පින් බිමේ අද වසා සිටින්නේ නිළමැස්සන්ය.
මේ මිහිතලය මත ස්වභාව ධර්මයා විසින් නිර්මිත ලෝකයේ සුන්දරතම රටට, මිහිබට පාරාදීශයට, ක්‍රි. පූ. 588 දී බුදුන් වැඩිය. ගෞතම බුදුන්ගේ දේශයට මෙවන් ඉරණමක් අත්වූයේ 1948 න් පසු මේ දක්වා (1965-1977 දක්වා හැර) එය පාලනය කලායයි කියන රට හා ජනතාව ගැන නහමක හැඟීමක් නොතිබුණු අදූරදර්ශී ආත්මාර්තකාමී අධම, දේශපාලකයින් නිසා නොවේද.
ධර්මාශෝක ආකෘතියේ, ජාතික රාෂ්ට්‍රපාලන බලවේගයක අවශ්‍යතාව
මෙකී සෝචනිය තත්වයෙන් මේ රට, ජාතිය සහ 2566 වසරක් පුරා මේ රටේ ශිෂ්ඨාචාරයේ ජීවය වූ බුදුසසුනද වැටී ඇති අඝාධයෙන් ගොඩගත හැකි දේශප්රේඉමී ජාති හිතඉෂී ජාතික බලවේගයක අවශ්‍යතාව වෙන කවදාටත් වඩා අද ඉස්මතුවී ඇත.
එසේකොට මේ රට යළිත් නීතිගරුක ජනතාවක් සිටින, සව්භාග්යමත්, සාමකාමී, නිදහස්, නිවහල්, ස්වාධීන හා අභිමානවත් සින්හල බෞද්ධ දේශයක් බවට පත් කර ගැනීම සඳහා, යළිත් මුළුමහත් ජාතියම මර නින්දෙන් අවදිකොට පෙලගස්වා රට ජාතිය මේ අඝාධයෙන් ගොඩගතහැකි ප්‍රබla ඉහත කී පරිදි ධර්මාසෝක අකෘතියේ ජාතික රාෂ්ට්‍රපාලන බලවේගයක් ගොඩනැගීම සඳහා පුළුල් වැඩපිලිවෙලක අවශ්‍යතාව ගැනද මෙහිදී සාකච්චා විය.
එහිදී තව දුරටත් මේ රටේ දැනට පවතින,ලෝකයේ අන්ක එකේ අධිරාජ්‍යවාදි කොල්ල කරුවන්වූ එන්ගලන්තයෙන් ආනයනිත, මේ රටට කිසිසේත්ම නොගැලපෙන,එසේම මේ රට සහ සින්හල ජාතිය විනාශ කිරිමට සුද්දන් විසින් අටවා ගිය මරඋගුලක් බඳු වූ දේශපාලන ක්‍රමය, සෝල්බරි ව්‍යවස්තාව සහ දේශපාලන පක්ෂ හූනියම හරහා කිසිදිනක ජාතියේ බලාපොරුත්තු ශාක්ෂාත් කරගැනීමට නොහැකි බවද අවධාරණය කෙරිණ.
දේශීය සන්ස්කෘතිය පදනම්කොටගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්
එබැවින් ජාතියේ අපේක්ෂාවන් ඉටුකර ගැනීම සඳහා ඇති එකම විසඳුම දේශීය සන්ස්කෘතිය පදනම්කොටගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ දේශප්‍රෙමී පාලකයින්ගෙන් යුතු සභ්‍යත්ව රාජ්‍යයක් වහාම ගොඩනගාගතයුතු බවද තීරණය විය. එහෙත් දැනටපවතින කිසිම දේශපාලන පක්ෂයකින් එය කරවාගත නොහැකි නිසා ඒ සඳහා නව ජාතික දේශපාලන සන්විධානයක් පිහිටුවාගත යුතු බවද තීරණය විය. ඒ සඳහා 1956 දී සිදුකරණලද සමාජ දේශපාලන විප්ලවය ආදර්ශකොට ගැනීමටද තීරණය විය.
ජනතාව විසින් සකස්කරණ ලද මැතිවරන ප්‍රකාශයක්
මෙතෙක් පැවති දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරණලද මැතිවරණ ප්‍රකාශ වලට ජනතාව එකඟ කරවා ගැනීම වෙනුවට ජනතාව විසින් සකස්කරණ ලද මැතිවරන ප්‍රකාශයකට දේශපාලන පක්ෂ එකඟ කරවා ගන්නා ක්‍රමයක්
එම උතුම් ජාතික මෙහෙවර සඳහා පහත සඳහන් ක්‍රියා මාර්ගය ගැනීමට මෙදින ඒකමතිකව තීරණය විය. මෙහිදි මෙතෙක් පැවති දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරණලද මැතිවරණ ප්‍රකාශ වලට ජනතාව එකඟ කරවා ගැනීම වෙනුවට ජනතාව විසින් සකස්කරණ ලද මැතිවරන ප්‍රකාශයකට දේශපාලන පක්ෂ එකඟ කරවා ගන්නා ක්‍රමයක් අපි නිර්මාණය කරමු.
1.පළමුවෙන්ම ආණ්ඩු වෙන්ස්වීම් සමඟ කිසිදිනෙක කිසිවෙකුට වෙනස්කළ නොහැකි මේ සින්හල දේශයට ගැලපෙන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සහ ජාතික ප්රඥප්තියක් සකස්කර ගැනීම.
ඒ සඳහා ගරු ඕමාරේ කස්සප නා හිමියන් විසින්රචිත ‘සැබෑ අඳුරෙන් එළියට බුද්ධි ප්‍රබෝධ”ප්රකාශනයේ සහ ආචාර්ය සුදත් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරණලද සියළුම දේශපාලන පක්ශ එකඟ වියයුතු ජාතික ප්‍රතිපත්ති මාලාව” පදනම් කරගෙන ඊට ඇවැසි වෙනත් සන්ශෝධනද එකතුකොට සකස් කෙරෙන ජාතික ප්රඥප්තියක් අනුව රට බේරා ගැනීම සඳහා බලයට ඒමට අපේක්ෂා කරන සියලුම දේශපාලන පක්ෂ අනිවාර්යෙන්ම එකඟ විය යුතු පුළුල් ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස්කිරීම.
(එම ප්රතිහිපත්ති මාලාවට සහ ප්රඥප්තියට එකඟ නොවෙන කිසිම කණ්ඩායමකට මේ සින්හල රටේ දේශපාලනය කිරීම නීතියෙන් තහනම් කෙරේ)
2.දෙවනුව එය සකස්කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ගරු ත්‍රයි නිකායික මහනාහිමිවරුන් විසින් අනුමත කෙරෙණ භික්ෂූන් වහන්සෙ දස නමකගේ ප්රධාන්වත්වයෙන් ජාතික මට්ටමේ දේශප්‍රේමී විද්වතුන් කීපදෙනකුගේ සභාවක් පිහිටුවා ගැනීම.
3.අනතුරුව එම ප්‍රතිපත්ති මාලාව රටතුල ක්‍රියාත්මක කිරීමට ඇපකැපවන දේශපාලන කණ්ඩායමක් සොයා ගැනීම
මෙය දෙයාකාරයකින් කිරීමට යෝජනා කෙරේ,
පළමුවැන්න
අප සන්විධානය විසින් සකස්කරන ජාතික වැඩපිළිවෙල අඩන්ගු මැතිවරණ ප්‍රකාශය ක්‍රියාත්මක කිරිමට එකඟවන කන්ඩායමක් දැනට රටතුල තිබෙන දේශපාලන සන්විධාන අතුරෙන් තෝරාගැනීම ගැනීම
දෙවැන්න
ඔවුන් කිසිවෙක් එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට අකමැති වුවහොත් අප සන්විධානය විසින් එම අයිථිහාසික ජාතික මෙහෙවර ක්‍රියාත්මක කිරිම සඳහා දීප ව්‍යාප්ත ජනතා සන්විධානයක් ගොඩනැගීම සහ එය මහමැතිවරණයකට ඉදිරිපත්කිරීම.
එහිදි අපවිසින් තරයේ සිහි තබාගතයුතු කරුණු කීපයක් පහතින් දක්වමි
1රජයක් මාරු කිරීම මෙන්ම නව රජයක් පිහිටුවා ගැනීමේ පරමාධිපත්‍ය තිබෙන්නේ ජනතාව අතේය. වරක් ජනතාව විසින් දෙනලද ජනවරමක්පා ර්ලිමේන්තු මැතිවරණයකින් හැර 2022දි කලාක් මෙන් ප්රතිවිරුද්ඪ අදහස් දරණ පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පැවරීමේ බලයක් පාර්ලිමේන්තුවට හෝ වෙනත් කිසිවෙකුට නැත.
2 ඉන් බහුතරය සිටින්නේ ගම්වලය. මේ රටේ ගම සන්කල්පය ආරම්භ වූයේ ක්‍රි.පූ 4 වනසියව සේ පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය සමයේදීය. එතුමා ක්‍රි.පූ.327 දී මුළු තුන්සින්හලයේම ගම් මායිම් ලක් පොලවේ සළකුණුකොට මේ රට, ගම මුල්කොටගත් ග්‍රාම රාජ්‍යක් බවට පත් කළේය.
3 අදටත් රටේ ජනගහනයෙන් 80% වැඩිපිරිසක් ඉන්නේ ගම්වලය. ඒ අනුව රටේ මුළු චන්ද දායකසන්ක්යාවෙන් 80% වැඩිපිරිසක් ඉන්නේ ගම්වල. ඒමනිසාම හැමදාම රජයක් පිහිටවූයේ එම බහුතරයේ චන්දය ලබාගන්නා කණ්ඩායමය. එමනිසාම රාජ්ය්යපාලනයේ ප්රතිලාභ 80% ම හිමිවිය යුත්තේ ගමටය.
4 නමුත් ඊනියා නිදහස ලැබුනායයි කියන 1948 සිටම මේ රටේ ලොකුම දේශපාලන ඛේධවාචකය වූයේ ගමේ චන්දෙන් පත්වූ සෑම රජයක්ම මෙහෙයවූයේ කොලඹ නගරය කේන්ද්‍රකරගත් සුළු පිරිසක් විසින් වීමය.රටේ පරිපාලනය විමධ්‍යගත කිරීම ගැන කොතරම් කථාකලත් රටේ කලාතුරකින් කොලඹින්පිට පලාතක කෙනෙක් ජනාධිපති, අගමැති වුවද රට පාලනය වූයේ කොලඹ කේන්ද්‍රකොටගත් විදේශීය චින්තනය අනුව හැඩ ගැසුණු දේශපාලන,පරිපාලන, වානිජ, බැන්කු ලොක්කන්ගේ අවශ්‍යතාවන් සහ මෙහෙයවීම අනුවය.
ඒ අනුව සෑම වරප්රසාධයක්ම ළැබුණේ කොලඹ කේන්ද්‍රකොට ගත් අයට පමණි. හැමදාම ගමට ලැබුණේ මේසේ පල්ලේ වැටෙන පාන්කෑලි කීපයක් පමණි. ඊටත් වඩා භයානක කරුණ වන්නේ, කොලඹ ලොක්කන් රට පාලනය කළේත් අද ද කරන්නේ එන්ගලන්තේ, ඇමෙරිකාව නැතිනම් ඉන්දියාව කියන විදියට වීමය. චන්දේ දුන්නු අය මන්ත්‍රීවරුන්ට මතක් වෙන්නේ ඊළඟ චන්දේදි පමණි. 1977න් පසු මේ රටේ ක්‍රියාත්මක්වූ ප්රජාතන්ත්රවාදයේ හැටි කෙසේදැයි කිවහොත් චන්දයෙන් පසු, චන්ද දායකයින්ට අපේ මන්ත්‍රී තුමා කියා කීමට හෝ කෙනෙකු නැති අපූරු තත්වයකට මේ රටේ ප්රජාතන්ත්රවාදය අද පත්විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියන්නේ පක්ෂ නායක්යින් විසින් මෙහෙයවණු ලබන පඹයින් පිරිසක් පමණයි. ඒ වගේම ඔවුන් පක්ෂ නායකයින්ගේ ප්‍රාණ ඇප කාරයින් පමණයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියළු දෙනාම දැන් දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්ය. ඉස්සරවගේ දැන් මිනිපේ මන්ත්‍රීලා නුවර මන්ත්‍රීලා ද නැත.චන්දෙන් පසු කොළඹ ගියායින් පසු ඔවුන් චන්ද දායකයින් දකින්නේ ඊළඟ චන්දේදීය. චන්දයකින් පසු පාර්ලිමේන්තුවට ගොස් මැති ඇමතිකම් ලැබුණු පසු ඔවුන් කොළඹම පදිචිවෙයි. ළමා ලපටිත් මන්ත්‍රී වරප්‍රසාද යටතේ කොලඹ ලොකු පාසැල්වලටම ඇතුල්කර ගනී. කොළඹින්ම ගෙවල් දොරවල් ලබාගෙන ළමයි පිටරට විශ්වවිද්‍යාලවලට යවත්. ඔවුන් බලයට පත්කළ මිනිසු ඉන්නවාද මලාද කියාවත් බැලීමට මැති ඇමැතිවරුන්ට දැන් වෙලාවක් නැත. මැතිවරණයේදී දුන්නු පොරොන්දුද එකක්වත් ඔවුන්ට දැන් මතක නැත. ඔවුන්ගේ දුරකතනද නිතරම විසන්දිවීය. නැතිනම් කාර්ය බහුලය. හැමදාම පාර්ලිමේන්තුවේ තෝරතෝන්චියක් නැතිහව සීනුව නාදවෙන්නේ එහි ගණපූරණය වන 20 දෙනාද එහි නැතිනිසාය. 225 ක් සිටින පාර්ලිමේතුවක 20 කුත් නැත්නම් ඒක ලෝක විහිළුවක්. පාර්ලිමේතු යනවාකියා ගෙදරින් පිටවී මොවුන් යන්නේ කොහේද. මා ජනාධිපතිනම් පාර්ලිමේන්තුවේ ගණ පූරණය 225 න් 50% ට වැඩි සන්ඛ්යාවක් කරණවා. පාර්ලිමේන්තුව කියන්නේ මරනාධාර සමිතියක් නොවෙන බවවත් මේ මන්ත්‍රීවරුන් දන්නේ නැද්ද? තමන්ට චන්දය දුන් මිනිසුන්ගේ ප්‍රශ්න මෙන්ම රට ජාතිය ගොඩනැගීම ගැන ඔවුන්තුල ඇති සැළකිල්ල එයින්ම පැහැදිලි වෙයි. එක්තරා කැනේඩියන් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව කියන්නේ රිළා කූඩුවක්” කීවේ ඒ නිසා විය යුතුය.
ඔවුන්ට හෙම්බිරිස්සාවහ් හැදුනත් යන්නේ,සින්ගප්පූරුවටය.නැතිනම් ඇමරිකකාවටය. හැබැයි කෝටි ගණනින් බිල් ගෙවන්නේ මේ රටේ ගැමියන්ගේ මුදලින්ය. මේ රටේ බෙහෙත් ඔවුන්ට අල්ලන්නේද නැත. අනෙක් අතින් මින් වැඩි දෙනෙක් ද්විත්ව පුරවැසියෝය.
රට ජාතිය සහ බුදු සසුන බේරාගැනීම සඳහා දැන්වත් අපි මේ විකුර්ති ක්‍රමය වහාම වෙනස්කළ යුතුය.
මැතිවරණ කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙක්, අදාල මැතිවරණ කොට්ඨාශයේ පදින්චි මන්ත්‍රීවරයෙක්,චන්දදායකයින්ට ඔවුන්ගේ දුක් ගැනවිලි ගැන කථා කිරීමට සතියකට එක් දවසක් හෝ හමුවිය හැකි මන්ත්‍රීවරයෙක්, අපි එවැනි ක්‍රමයක් නොපමාව යළි නිර්මාණය කළ යුතූය.
ආකර්ෂණ වැඩපිලිවෙලක් අඩන්ගු මැතිවරණ ප්‍රකාශයක් සකස්කළ යුතුය
5 එම වැඩපිලිවෙල ජනතාව විසින් සකස් කරන ජනතා මැතිවරණ වැඩපිළිවෙලක් විය යුතුය. අප විසින් පිලියෙලකොට ඇති මැතිවරණ ප්‍රකාශය ප්රකාෂනය අපේ කණ්ඩායම සමඟ සාකච්චාකර ඔවුන්ගේ අදහස්ද ඇතුල් කොට අවසාන මැතිවරණ ප්‍රකාශය හැදිය හැක. එවිට එය ජනතාව විසින් සකස්කරන ජනතා මැතිවරණ ප්‍රකාශය වේ. එය මෙතෙක් පැවති දේශපාලන පක්ශයක් විසින් සකස් කොට ජනතාවට ඉහලින් එවන කිසිදාක ක්‍රියාහ්මක නොකරන දේශපාලන පක්ශයක මැතිවරණ ප්‍රකාශයක් නොවෙන, තමන්ගේම අපේක්ශා අනුව සකස්වුවක් බව හැඟෙන නිසා මැතිවරණයක් ජය ගැනීම පහසුවනු ඇත.
6. මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුත්තේ පන්සල් මුල් කරගෙනය. මිහිඳු හිමියන් බුද්ධාගම මේ රටට ගෙනා ක්‍රි. පූ. 307 සිටම මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩනැගුනේ පන්සල මුල්කොටගත් ගම පදනම් කරගෙනය. ගමේ අධ්‍යාත්මික නායකත්වය මෙන්ම සෙසු සියළු දේටම නායකත්වය දෙනලද්දේ ගමේ පන්සලේ හාමුදුරුවන්ය. අනෙකුත් ආගම් ඇදහීමේ භධාවක් කිසිසේත් ඉන් අදහස් නොකෙරේ. මින් බලාපොරුත්තුවනුයේ 1815 දී අපට අහිමිවූ එසේම 1948 ටේදී නිදහස ලැබුණායයි කිවද වසර 76 ක් ගතවීත් අද වනතුරු කිසිම රජයකින් (මැතිනිය විසින් 1972 දී ලබාදුන් ප්රමුඛ තැන හැරුණු විට ) සින්හලේ, සින්හලයින්ට, සින්හල පාලකයින් විසින්ම ලබා නොදුන් මේ රටේ සින්හල බෞධයින්ගේ අවුරුදු 2566 ක උරුමය සහ නිදහස නැවත ලබාදීම පමණි. අද අපට සිදුව ඇත්තේ 1948 දී සුද්දන්ගෙන් රට භාරගත් පාලකයින් කළයුතුව තිබුණු එහෙත් ඔවුන් විසින් නොකළ මෙන්ම කරන ළද සියළු පව් වලට කරගැසීමටය. එම නිසා එදා ඔවුන් නොකළෙ දේ ඉටුකොට කරණ ළද වැරැදි අපිවත් නිවැරැදි නොකොලොත් මේ රට නැවත කිසිදාක ගොඩගත නොහැකිවණු ඇත.
7.අනතුරුව යෝජිත වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා 100 දෙනෙකුගේ ජාතික විද්වත් නායකත්ව මණ්ඩලයක් පිහිටුවණු ඇත.එය විසින් මෙහෙයවණු ලබණ දීපව්‍යාප්තව පහත සඳහන් දසබල සන්විධාන ජාලය පිහිටුවා ගැනීම සහ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා (ඉදිරියේදි පිහිටුවාගණු ලබන ගිහි පැවිදී (සඟ වෙද ගුරු ගොවිකම්කරු සිටු–නිළදරු, මා–වියතුන්, මානමානවිකා යන ජනතා බල වේග 10 යන දස මහා බලකායක් මුළුරටම ආවරණය වන පරිදි, දිසා, ප්‍රාදේශිය සහ ගම් මට්ටමින් ගම් සහ නගර අනුව දීපව්‍යාප්තව සන්විධානය කිරීම. (මෙහිදී ගුරුවරුන් මඟින්ම දරුවන්ද දැනුවත් කෙරේ).
අමාත්‍ය වරුන් 15 නියෝජ්‍ය අමත්‍යවරුන් 15 සහ, නීති, රාජ්‍ය ආරක්ෂක, රාෂ්ඨ්‍රපාලන,ආර්ථික, පරිපාලාන. වයිද්ය, ඉන්ජිනේරු, තාක්ෂන වානිජ, ව්‍යාපාරික පාලන කෘෂිකාර්මික කර්මාන්ත ඇධ්‍යාපන, විදේශකටයුතු වැනි ක්ෂෙස්ත්රර නියෝජනය කරන විද්වතුන් උපදේශක්වරුන් වෂයෙන් ක්‍රියා කරණු ඇත
8. ඊලඟට මේ යටතේ පළමු අදියර මෙසේ ක්‍රියාත්මක කළයුතුයයි යෝජනා කෙරේ.
1.දිසා නායකයින් තෝරාගැනීම
දිසා 25 භාරව අනුසාශක වරුන් වශයෙන් කටයුතු කිරීම සඳහා රට පිළිගත් විනය ධර, ධර්මධර වියත් භිෂුන් 25 නමක් තෝරාගැනීම
එසේම එක් එක් දිසාව භාරව මේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා චරිතවත්, ජනාදරය දිනාගත්, වියත් ,ජනහිහකාමි ගිහි දිසා නියෝජිතයින් 25දෙනකු බැගින් තෝරාගැනීම. මේ 25 දෙනාට අදාල දිසාවෙන් ආසනයක් බැගින් නම්කළ යුතුය.
2.ප්‍රාදේශීය නායකයින්
දිවයිනේ ප්‍රාදේශීය ලේකම්/උපදිසාපති කොට්ඨාශ 256 සන්විධානය කිරීම භාරව කටයුතු කිරීමට එක් ප්‍රාදේශීය කොට්ඨාශයකට එක් පැවිදි නායකයකු සහ එක් ගිහි නායකකු බැගින් 256×2 =512 තෝරාගැනීම. මෙහිදීද එම ප්‍රාදේශීය නායකයා එම ප්‍රාදේශීය කොට්ථාශය ජාතික රාජ්‍ය සභාව නියෝජනය කිරීමට සුදුසු ඉහත සඳහන් සුදුසුකම් ඇති අයකු විය යුතූය.
3 ග්‍රාමීය නායකයින්.
සෑම ගමකටම පැවිදි නායකයකු සහ ගිහි නායකයකු බැගින්ගම් 14,008 ට 14,008×2=28,016 තෝරාගැනීම. අදාල ගමේ පන්සලේ භිෂූන් වහන්සේ අනුසාශක වෂයෙන්ද ගමේ ජනතා ප්‍රසාධය ඇති අපගේ ප්‍රතිපත්ති පිළිගන්නා අයකු ගිහි නායකයා වශයෙන්ද ගම්වැසියන්ගේ සම්මුතියෙන් තෝරාගත යුතුය.
4 නගර නායකයින්
ඉහත පරිදි එක් නගරයකට පැවිදි හා ගිහි නායකයකු බැගින් මහනගර සභා 21ට සහ සුළුනගර සභා 41ට නියෝජිතයින් තෝරාගැනීම ප්‍රාදේශීය නායකයින් විසින් එම ප්‍රදේශ තුල සියලුම ගම් සහ නගර සඳහා ගැමි/නගර නායකයින් තෝරාගැනීම
ඒ අනුව ජාතික සන්විධානයේ මුළු සංඛ්‍යාව
1. ජාතික මට්ටමේ විද්වතුන් ආරම්භයෙදි | 50 |
2. පලාත් 9 පැවිදි උපදේශක ගිහි නායක | 9 9 |
3. දිසා= 25 පැවිදි උපදේශක ගිහි නායකයක | 25 25 |
4. ප්‍රාදේශීය 256 පැවිදි උපදේශක ගිහි නායකයක | 256 256 |
5. ගම් (ග්‍රා.සේ.) මට්ටමේ 14,008 පැවිදි උපදේශක ගිහි නායකයක | 14,008 14,008 |
6. මහ නගර සභා 24 පැවිදි උපදේශක ගිහි නායකයක | 24 24 |
7. සුළු නගර සභා 41 පැවිදි උපදේශක ගිහි නායකයක | 41 41 |
මුළු ගණන | 28,776 |
මේ අනුව
ප්‍රාදේශීය පැවිදි උපදේශකයින්
(පලාත් 9 +දිසා 25+ප්‍රා 256 මහ
ණගර24 සුලු 41 නගර ග්‍රාම 14,008 )
ප්‍රාදේශීය ක්‍රියාකාරි දේශපාලකයින් 14,364
මුළු ගණන 28,776
මෙම 28,776 ට අමතරව දිවයිනේ විශ්වවිද්‍යාල,පිරිවෙන් සහ ප්රමුඛ විද්‍යාලවලින් තෝරාගනු ලබණ 1224 ක් සමඟ28776+1224 තුන් සින්හෙලේ ජනබල පෙරමුණේ (තු.සි. ජන. බල. පෙ.) ක්‍රියාකාරි ජාතික ජන බල වේගය බලකාය 30,000ක් වණු ඇත.
මෙම සන්විධානය යටතේ ඉහත සඳහන් දිසා, උපදිසා, නගර සහ ග්‍රාමීය මට්ටම් තුනේම මහජන නියෝජිතයින් තෝරාගනුයේද මෙම ගිහි 14,364තුලිණි. (දිසා 25+ප්‍රාදේශීය 256+ නගර 24, සුලු නගර 41 සහ ග්‍රාම 14,008= 14,364)
6.මෙම සන්විධානයේ දිසා, උපදිසා, නගර සහ ග්‍රාම යන සතර මට්ටමේම අනුසාශක වරුන් භික්ෂූන් විය යුතුය. එහෙත් ඒ කිසිවෙක් රිජුව දේශපාලනය නොකරයි.උන්වහන්සේලාගේ කාර්ය භාරය, රාෂ්ට්රපාලනය පිළිබඳ පාලකයින්ට උපදෙස් දීම, සැළසුම් කිරීම, මෙහයවිම, අඛණ්ඩ අධීක්ෂණය සහ රාජ්‍ය කටයුතු පිළිබඳ නිරන්තර පසුවිපරමෙන් සිටීම සහ සමස්ථයක් වශයෙන් දසරාජ ධර්මයෙන් සහ සතර සන්ග්‍රහ වස්තු අනුව සහ පන්චසීලය පිළිපදිමින් බහුජන සුඛාය බහුජන හිතාය යන බෞද්ධ ප්‍රතිපත්තිය අනුව පාලකයින් රට පාලනය කරන බවට වගබලාගැනීමය.
ඒ සඳහා උපදෙස් මාලාවක් ජාතික මූලස්ථානයෙන් නිකුත්කරණු ලැබේ
7.රාෂ්ට්රපාලනය ක්‍රියාත්මක කිරීම ගිහි නායකයින්(දේශපාලකයින්) විසින්ම යාන්ත්‍රණය හරහා කළයුතුය.
පෙරමුණේ ප්‍රතිපත්ති ගැන දිසා නායකයින් දැනුවත් කිරීම දිසාව භාර උපදේශක ස්වාමීන් වහන්සේලාගේ මූළිකත්වයෙන් කළයුතුය.
ඊලඟට දිසා නායකයින් ලවා උපදිසා නායකයින් සහ ග්‍රාමීය නායකයින් දැණුවත් කිරීම.
8.සන්විධාන ජාලය.
දිසා, (උපදිසා, මහ නගර, සුලු නගර, සහ ග්‍රාම මට්ටමේ ඉහත වර්ග 10 න් එකකින් එක්කෙනා බැගින්) දිසා 25 න් 250 තෝරාගත යුතුය.
9. මෙම 250න් පෙරමුණේ මධ්‍යයම කාරක සභාවතෝරාගැනීම
10 අනතුරුව මහනුවරදී පැවැත්වෙන මහ සභාවකට දිවයිනේ සියළුම දේශපාලන පක්ෂ නායකයින් සහ ලේකම් වරුන් කැඳවා අප පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශකිරීම. (මැතිවරණ ප්‍රකාශය)
11.පෙරමුණේ ප්‍රතිපත්ති පිළිගෙන ඒ අනුව රට පාලනයරීමට එකඟ වන අයෙකුට/කණ්ඩායමකට මැතිවරණයේදී අප සන්විධානයේ පුර්ණ සහාය දීපව්‍යාප්තව දෙන බව ප්‍රකාශකිරීම. එම කණ්ඩායමේ යටත් පිරිසෙයින් ½ වත් අප සන්විධානය නම්කරන අයට ලබා දීමටද ඔවුන් කැමති විය යුතුය. ඉන් පසු ඉහත දැක්වූ 14,364ම සක්‍රීයව මැතිවරණ කටයුතු වලට සාභාගීවීම.
12.කිසිවෙක් එසේ කිරීමට සූදානම් නැත්නම් ඉහති දක්වනලද අප පක්ෂයේ 14,364 අතරින් තුන් සින්හෙලේ ජනජය පෙරමුණ (තු. සි. ජ. පෙ.) කණ්ඩායම මැතිවරණයට ඉදිරිපත් කිරීම සහ පෙරමුණේ මුලු බලකායම මැතිවරණය මෙහෙයවීම
13 එම නිසා සින්හෙලේ ජනජය/ජනබල පෙරමුණ විශේෂ බල කණ්ඩායම වන 30,000 පළමුව පිහිටුවාගත යුතුය.
මේ 30.000 ඇතුලතින් පහත සඳහන් බල කන්ඩායම් තෝරාගත යුතුය.
1 භික්ෂූන් භික්ශුණී වහන්සේලාගේ බලකාය,
2කාන්තා බලකාය
3තරුණ තරුනියන්ගේ බලකාය
4 දේශපාලන බලකාය 30 (දිසා 25-ජාතික කණ්ඩායමෙන් 05)
5ජාතික උපදෙශක මණ්ඩලය 05
(මේ අය දිසා, ප්‍රදේශ සහ ගම් සියල්ල නියෝජනයවන පරිදි තෝරාගත යුතුයී. එමනිසා මෙය කැළ යුත්තේ 30,000 හේ හමුඉදාව තෝරාගැනීමෙන් අනතුරුවය)
මේ අය අතුරින්ම එක් එක් වර්ගය සඳහා ජාතික මට්ටමේ නායකයින්ද මේ අතුරෙන් තෝරා ගතයුතුය.
14 තුන් සින්හලේ
ශ්‍රී ලංකා ජාතික ජනබල පෙරමුණ (ශ්‍රී. ලංකා. ජ. බ. පෙ.) රජයක් පිහිටුවීම.”
මෙහිදී පළමු මෙන්ම අමාරුම කාර්යය වණුයේ ජනාධිපතිකමට (ලකිසුරු) සින්හල බෞද්ධ නායකයෙක් හඳුනා ගැනීමය.
ඔහු, තම අනාගත නායකයා වශයෙන් රටේ ජනතාවට පෙනෙන පෞරුෂයක් ඇති, ආදර්ශමත්, නොකැලල් චරිතයක් ඇති, කුමණ හෝ ක්ශේස්ත්රයකින් රටට විශිෂ්ඨ සේවයක් ඉටුකොට ඇති පන්සිල්පද 5 රකින සින්හල බෞද්ධයෙක් වියයුතුය. අපි එවැනි 3 දෙනෙක් ගැනවත් සිතිය යුතුයි.
15.දෙවැනි කාරණය අවශ්‍ය මුදල් සොයා ගැනිම.
ඒ සඳහා අපි අරමුදලක් පිහිටුවමු. මම හිතල තියෙනවා රට ජාතිය හා සසුන බේරාගැනීමට තුසිත” නමින් අරමුදලක් ගැන. තුසිත කියන්නේ තුන් සින්හලේ තහවුරු කිරීමේ අරමුදල. (තු.සි.ත. අරමුදල).
එය පසුව ‘තුසිත නමින් ජාතික බැන්කුවක් බවට පරිවර්ථනය කිරීමයි මගේ අදහස.
එය පසුව ‘තුසිත නමින් ජාතික බැන්කුවක් බවට පරිවර්ථනය කිරීමයි අපගේ දහස.
16.එමනිසා දැන් අපි සූදානම් වියයුත්තේ 2025 මහ මැතිවරණයටය!
ඒ සඳහා ඉහත සඳහන් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කීරීම සහ මේ සමඟ ඇති ශ්‍රී ලන්කා එක්සත් ජනබල පෙරමුණේ 2025 මැතිවරණ ප්රකාශනය උපයෝගීකොට ගැනීමට යෝජනා කෙරේ..
ඇත්තක් ඇති සැටියෙන් කිවයුත්තේ
සිවුරයි පණදී රට රැක ගත්තේ
සිවුරෙයි හෙලයේ අනුපණ ඇත්තේ
අදත් නසින්නේ මේ රට මත්ත
මර්සලීන් ජයකොඩි පියතුමා
(මේ යතාර්ථය පදනම් කොටගෙන අපි ක්‍රියා කළ යුතු යයි මම දැඩිව සිතමි) ඒ අනුව අපගේ සටන් පටය සිවුරේ බලය දැන්වත් පෙනිය යුත්තේ” විය යුතුයයි මම යෝජනා කරණවා
ඇමුණුම1
තුන් සින්හලේ දැක්වෙන සිතියම
(අඹන්පොල-දඹුල්ල සම්භන්ධ කෙරන ඉරකින් කුරුණෑගල දිස්ත්‍රික්කය බෙදන්න+
අලුතෙන් එක් කෙරෙණ දිසා සහ වෙනස්කම්
මායාරට
යාපහුව= කුරුණෑගල උතුරු කොටස(වර්තමාන කු’ගල ඉතා විසාල බැවින්)
එක රටකට දිසා 9 බැගින් දිසා 27කි. අගනගරය වෂයෙන් නම් කොට ඇති මහනුවර විශේෂ කලාපයකි ඒ සඳහා විශේෂ නියෝජනයක් මධ්‍යම රජයේ සකස් කෙරේ. මීට අමතරව කු’ගලට සමුද්දර ප්‍රවේශයක් ලබාදීම සඳහා පුත්තලම දිසාවෙන් දකුණු කොටස යා කෙරේ
රුහුණු රට
වැල්ලවාය, මහියන්ගනය සහ සේරුවාවිල යන නව දිසා 3 ක් එක් කෙරේ
පිහිටිරට
වවුනියාව උ,මැ.පලාතට යාකෙරේ
උතුරු පලාතින් කිලිනොච්චිය ඉවත්කොට එය මන්නාරම සහ කිලිනොච්චියට දෙදිසාවන් අතර බෙදේ.මෙසේ කරණුයේ උතුරු පලාතට පමණක් දිසා 5 ක් දීම අසාධාරණ නිසාය
උතුරුමැද පලාතට පදවීය නමින් නවදිසාවක් එක් කෙරේ
සකැස්ම.
දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර
21.හන්තාන පෙදෙස,
දර්ශන,
මහනුවර.
081 2232744 — 071 8075326
23.2.2024
තුන් සින්හලේ
ශ්‍රී ලංකා ජාතික ජනබල පෙරමුණ (ශ්‍රී. ලං. ජනබල. පෙ.)
ජාතික සටන් පාඨය
සිවුරේ බලය දැන්වත් පෙන්විය යුත්තේ”