මාලිමාවට ණය ප‍්‍රතිව්‍යුහගතකරණ මූලික දැනුමවත් නෑ..- ශ‍්‍රී ලංකාවේ බැදුම්කර ණය හිමියන් කියලා
Posted on September 10th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජාතික ජන බලවේග ආර්ථික කණ්ඩායම මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ගැන වන අවබෝධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරය බැඳුම්කර හිමියන් පුදුමයට පත් වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

පසුගිය සතියේ මෙරටට පැමිණි ශ‍්‍රී ලංකාවේ බැදුම්කර හිමියන් තම පක්‍ෂයක්, ජාතික ජන බලවේගය ඇතුළු කණ්ඩායම් මුණගැසී සාකච්ඡා පැවැත් වූ බවද ඔහු පැවසුවේය.

ජාතික ජන බලවේගය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ මූලික කටයුතුවත් නොදන්නා පිරිසක් බවත් දැනට ක‍්‍රියාත්මක වැඩ පිළිවෙලට විකල්ප වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්නේ ඔවුන්දැයි එහ කණ්ඩායම තම කණ්ඩායම හා පුදුමය පල කල බවත් හෙතෙහ පැවසීය.

මේ යන වැඩපිළිවෙළ අවුල් කරගත්තොත් 2022 රට වැටුණු තැනට වඩා නරක තැනකට වැටෙන බව රටේ ජනතාව දැන ගත යුතු බවත් මන්ත‍්‍රිවරයා අවධාරණය කලේය.

ඔහු මේ බව කියා සිටි සමගි ජන බලවේගය විසින් මාවතගමදි පවත්වන ලද ජනාධිපතිවරණ  ජන රැලියක් අමතමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress