මැවුම් කරුගේ ආගම් රජයෙන් ඉවතට / සොබාදහමේ  දහම රජයට.
Posted on September 14th, 2024

ධර්මසිරි සෙනෙවිරත්න 

මැවුම් කරු  විසින් හදා පාලනය කරන  විශ්වාසය මත පමණක් පදනම් වූ  ”ආගම් ”  කළමනා කරණය  හෝ පාලනයසඳහා මැවුම් කරු සිටී .ආණ්ඩුවට වඩා ඉහලින් ඒ සඳහා කෙනෙක් සිටියදී පහල මට්ටමේ ආයතනයක් ඒ  සඳහා  කුමටද.එනිසා එහිදී  ආණ්ඩුව ”අනාගමික ” විය යුතුය .නියමිත සර්ව බලධාරියා විසින් ඒ ”ආගම් ” ආරක්ෂා කරනු ඇත .එනිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ  ඒ ”ආගම් ”ආරාක්ශාකිරීමේ  හෝ කළමනාකරණය කිරීමේ වගන්තියක්  ඇතුලත් කිරීමේ අවශ්‍යතාවක් නැත. .කිතුනු හින්දු ඉස්ලාම් වැනි ආගම්  ඒ  ගණයට වැටේ.ඒ ත් ඉතින් ඉන්දියාවේ ව්‍යවස්ථාවේ ”අනාගමික ”වචනය ඇතත් ආධිපත්‍යය ඇත්තේ  හින්දු ආගමටය .ඉස්ලාමිකයන්ට හිරිහැර කරන්නෙත් හින්දු ආගම රැකීමටයි .මුස්ලිම් /අරාබි රටවල එදිනෙදා නීති පවා ඉස්ලාම් ආගමේ නීතිය.ඔවුන්  වෙනත් ආගමිකයන් මරන්නෙත් ඒ ආගම රැ කීමටය .එංගලන්තේ රැජින අන්ග්ලිකන් විය යුතුමය  සර්වබලධාරියගේ කාර්යයටත් ඔවුන් ඇඟිලි ගසන ගමන් ආණ්ඩුව ”අනාගමික ”විය යුතුයි කියති .  කාට කියන්නද ?  කාල් මාක්ස් නම්  ආගම් අබිං  කිව්වේ  මේ වෙනස  දැනගෙනදෝ මන්දා ..මාක්ස් ඒ ආගම් වෙනුවට විශ්වාසකලේ මිනිසාගේ ක්‍රියාකලාප හෙවත් ඔවුන් විසින් කරන ‘කර්ම”  රජය විසින් කළමනා කරණය කල යුතු බවය මිනිසාහේ සිතිවිලි චේතනා යහපත් කර එමගින්  යහපත් කර්ම  බිහි වීමට ඉඩ ලබාදීමට ඔහු තමන් දන්නා ක්‍රම අ ත්  හදා බැලුවේය .

                                                                               බුදු දහම  විශ්වාස මත පදනම් වූ ”ආගමක් ”නොවේ. මැවුම්කාර සර්වබලධාරියෙක් විසින් හදා වැඩු  එකක්ද නොවේ  එය  එක එකාගේ දැනුම අනුවඒ  අ යට දර්ශනයවූ විටින්විට වෙනස් වන  දර්ශනයක්ද නොවේ  බුදු දහම  සනාතන දහමකි එය ලෝකස්වභාවය  මේ යයි කියන දේශනාවකි . ඒ ලෝක ස්වභාවය දැන හඳුනාගෙන ජීවත් වීමේ දී මිනිස් ක්‍රියාකාරකම්  හෙවත් කර්ම කළමනාකරණය කරන අයුරු උගන්වනවා මෙන්ම ලෝකස්වභාවය ට හේතුවන වෙනත් කරුණු 4 ක් ද උගන්වයි ..විවිධ වූ විෂම වූද වෙනස්වනසුලු,අනිත්යවූ ලෝකයේ මිනිසා ජීවත් විය යුතු අයුරු කියාදෙන ,ජීවන ක්‍රමයක් හඳුන්වාදෙන බුදු දහම  අනෙකුත් ආගම් වලින් වෙනස් ය ..කාල්මාක්ස් ටත් ආගම් එපා වුනාට මිනිසාගේ ක්‍රියාකාරකම් පරිපාලනය තුලනය කිරීම කළමනා කරණය ඔහු පිළිගත්තේය .මාක්ස් ඒ කාර්යය දෙවියන්ට පැවරුවේ නැත  එහෙත් අද මාක්ස් වාදීන්ට  එය තේරුම් ගැනීමට නොහැකිය  එනිසාම මිනිස් ”කර්ම ” පරිපාලනය හා කළමනාකරණයද ආණ්ඩුවේ වැඩක් නොව න බව  සිතති.

                                                                                 වසර 3000 ක් පමණ ඉහතදී සිටම  ඒ කියන්නේ කාල්මාක්ස්ට බොහෝ කලකට පෙරසිටම සිංහල බෞධ්ධ යෝ  මේගැන දැන සිටියහ..මිනිස් ”කර්ම”  බොහෝ බලවත් බවත් එමෙන්ම කර්ම පමණක් නොව චේතනාත් එමෙන්ම බලවත් බවත් දැන,සමාජයේ යහපැවැත්ම සඳහා ඔවුන් ඇතිකරගත්  ඒ ජීවන ක්‍රමය  ආරක්ෂා කිරීමට  නම් එයට පදනම් වූ දේශනාවත්  ඒ දේශනා සුරකින සසුන් ආයතනයත් ,පාලකයා විසින් දිවි හිමියෙන් රැකියා යුතුබව ත් ,ඒ ජීවන ක්‍රමයට පාදකවූ දහම  නිරන්තරයෙන් සිහිගන්වන ඔපවත් කරනවෙනත් සිහිවටනයන් ද තනමින් ආරක්ෂා කිරීම පාලකයාගේ වගකීම බව දැන සිටියහ ඒ අනුව සිංහලේ පෙර රජවරු ක්‍රියාකළහ.  ඒ දහම ග්රන්තාරුඩ කළහ අනාගමික රජයක්  කිසිදා ත්‍රිපිටකය ග්‍රන්ථාරුඩකරයිද .

                                               වෙන කොහේ  නැතත් සින්හලදීපයේ  බුදු දහමට හා ඒ හා බැඳී සසුන හා සංස්කෘතිය ආරක්ෂාකිරීමට අප  කතා කිරීමේදී    ඒ කාර්යය අපේ උරුමයක් වගකීමක් බවත්  ඒ  ජීවන ක්‍රමය  අගය කරන 75 % ක් එය අපේක්ෂා කරන   බවත් සැලකිය යුතුය  . අධික ආශාවන්ට තන්හාවට නොපොලම්බවන  සැහැල්ලු පැවැත්මට හුරු කරවන  ජීවන ක්‍රමයක් ආරාක්ෂා කර න වගකීමක් ආණ්ඩුවකට  පැහැරහැරිය හැකිද?  බහුතර ජනතාවක්  විසින් පත් කරන  ආණ්ඩුව මේ කාර්ය  භාරය නොකර එය සර්වබලධාරී මැවුම් කරුවෙකුට භාර දීමටසුදානම් නොවිය යුතුය .මේ කැසකවන්නේ එයටය. සිංහල බෞද්ධයෝ එයට ඉඩ නොදිය යුතුය 

Sent from Outlook

ධර්මසිරි සෙනෙවිරත්න 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress