මහාචාර්ය අනිල් ජයන්ත මැතිතුමනි; ජනතාව අන්දන විදිහට ජනපතිව අන්දන්න එපා – ජාතික සංවිධානවලින් ඉල්ලීමක්
Posted on October 18th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ජනාධිපති ආර්ථික සහ මූල්‍ය උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ආණ්ඩුව දේශීය බැංකුවලින් ණය ගන්න කතාව බොරුවක් බව සහ ආණ්ඩුව කරන්නේ අරමුදල් රැස්කිරීමක් පමණක් බව සඳහන් කිරීම පිළිබඳව ගැන අපගේ පාඨකයන් විවිධ අදහස් පළ කරති. 

අප ඒ පිළිබඳව ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,

“ආණ්ඩුවට අරමුදල් රැස්කරන්න ක්‍රම කිහිපයක් තිබෙනවා. පළමුවැන්න භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගින් දේශීයව ණය ගැනීම, විශේෂයෙන්ම රජයේ බැංකුවලින්. දෙවැන්න විදේශීය බහු පාර්ශ්වික සහ ද්වී පාර්ශ්වික ණය ලබා ගැනීම. ලෝක බැංකුවෙන් ලැබුණු ණය එවැන්නක්. තුන්වැන්න විදේශීය ප්‍රධානයන්. හතරවැන්න විදේශීය වාණිජ ණය ගැනීම හෙවත් ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමයි. ඒක දැන් කරන්න බැහැ.. පස්වැන්න විවිධ පනත් වලදී පිහිටවූ යම් අරමුදල් භාණ්ඩාගාරයට බැර කිරීමයි. එහෙත් අර්ථසාධක අරමුදල් එහෙම කරන්න බැහැ. ඒවා ගන්න පුලුවන් ණය හැටියට බැඳුම්කර මගින්. හයවැන්න මහ බැංකුවෙන් ණය ලබා ගැනීමයි. දැන් ඒක කරන්න බැහැ, නව බැංකු පනත් නිසා. ඒ නිසා මහාචාර්යතුමා මහ ජනයාට මොන බොරු කිව්වත් ජනාධිපතිට ලණු නොදී ඉන්නවා නම් හොඳයි, අඩුතරමින් නව ආණ්ඩුව පිහිටවූ ගමන්. 2017 විදේශ විනිමය පනත සහ 2023 මහ බැංකු පනත සංශෝධනය නොකර ඉස්සරහට යන්න බැහැ.” 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress