ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවේ… රනිල්ගේ වැල්පාලමේම මේ ආණ්ඩුවත් යනවා නම් පුනරුදයේ නිර්මාතෘ රනිල් විය යුතුයි – විමල් වීරවංශ (වීඩියෝ)
Posted on November 27th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
පුනරුදය යනු යටත් විජිතකරණ නෂ්ඨාවශේෂ වලින් ගැලවීම බවත්, ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවන බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
හිරු රූපවාහිනියේ ‘සලකුණ’ දේශපාලන සංවාදයට එක්වෙමින් ඒ මහතා පවසන්නේ වාමාංශික දේශපාලනයේ පතාක යෝදයකු බඳු පුද්ගලයකු වූ වෙනිසියුලාවේ හිටපු ජනපති හියුගෝ චාවේස් මහතා මියයාමෙන් පසු ඔහුගේ දේහය තැන්පත් කර තිබූ පෙට්ටියේ පිටුපසින් කුරුසය ගසාතිබුනේ ඔහු වාමාංශික නායකයකු වුවද එරට සංස්කෘතිකාංග ප්‍රතික්ෂේප කර දැමීමක් සිදුනොකළ නිසා බවයි.
ආර්ථික පුනරුදය යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැල්පාලම දිගේ දිගටම දරුවා රැගෙන යාමදැයි ප්‍රශ්න කරන ඒ මහතා, රනිල් වික්‍රමසිංහ ලබාදුන් රිලේ බැට්න් එක වර්තමාන ආණ්ඩුව විසින් දිගටම රැගෙන යන්නේ නම් පුනරුදයේ නිර්මාතෘ රනිල් විය යුතු බවද සඳහන් කරයි.
විදේශ විනිමය සම්බන්ධයෙන් අද පවතින පනත මගින් විදේශ විනිමය හොයන ඕනෑම ධනවතෙකුට ධනය ඕනෑම ප්‍රමාණයක් පිටරට තැබීමට හැකි බවද, කළින් පැවතුන විදේශ විනිමය පනත නැවත ගෙන ආ යුතු බවද ඒ මහතා මෙහිදී සඳහන් කරයි.
එමෙන්ම වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන්නේ වාම ලිබරල්වාදය බවද විමල් වීරවංශ මහතා මෙහිදී පැහැදිලි කරයි.