Prins Gunasekara ‘අහිමි පරපුර’ !!! Lost generation : මහින්දගේ හීනමානය නිසා විජේදාස ලියනාරච්චි මරුවා.
Posted on December 17th, 2024
London Talks
1971 මෙන්ම 1987 -1990 අතර කාලය ශ්‍රී ලාංකාවාසින් නැවත මතක් කරන්නට අකමැති මුසල දේශපාලකයන් මෙන්ම අවස්ථාවාදී මිනිස් වෙස් ගත් වෘකයන් ජිවත් වූ යුගයකි. අනෙක් අතින් සිය යුගයේ මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ ජිවිත වලට යහපත් දවසක් උදා කිරීමේ හුදු අරමුණින් යුතුව සමාජ ශෝධනයක් සහ නව සමාජයක් උදෙසා සිය දිවි පරදුවට තබා සටන් වැදී මානව හිතවාදී, දේශ හිතැති, සිය ජිවිත මෙන්ම ඒ හා බැඳුනු සියළු දෑ අහිමි කර ගත් තරුණ පරපුරකි. එහෙත් අවි ආයුධ සහිත සහ ආරක්ෂක බල ඇණි සිය පාලනය යටතේ තමනට රිසි පරිදි මෙහෙයවා ගත් බල ලෝභී, කුරිරු, අධම කපටි දේශපාලකයන් ඔවුන් සතු බලය යොදවා උක්ත තරුණ නැගිටීම් අවි බලයෙන් මෙල්ල කලහ. එත් ඒවා තාවකාලික මෙල්ල කිරීම් වූ බව ඉතිහාසය මෙන්ම වතමානයද සාක්ෂි ගොනු කොට ඇත. 1971 මෙන්ම 1987-90 කාලයේදී සිය නිර්ධන පන්තියේ මිනිසුන්ගේ අයිතීන් රකින්නට තමනට ගෙවන්නට හැකිව තිබු සුඛෝපබෝගී ජීවිතය පවා අමතක කරමින් අධිටනින් කොට, ජේ ආර් ජයවර්ධනගේ රාජ්‍ය ත්‍රස්ත වාදී ආණ්ඩුවේ දැඩි උදහසට පත්වූ ඒ සුන්දර මිනිසා නමින් ප්‍රින්ස් ගුනසේකරය.ඔහු නීතිඥවරයෙකි වෘත්තියෙ වරයෙකි. ඔහු විසින් එංගලන්තයට පිටුවහල් කොට සිටියදී ලියන ලද ‘අහිමි පරපුර’ කෘතියේ දෙවන සන්ස්කරණය ජනගත කිරීම වෙනුවෙන් පවත්වන ලද සම්මුඛ සාකච්චාවකි. වැඩසටහනේ සම්පත්දායකයන්: ජ්‍යෙෂ්ට මාධ්‍යවෙදී, ගත් කතුවර නන්දන වීරරත්න නීතිඥ රන්ජිත් පනාමුල්ලේ ගාමිණි මුතුකුමාරණ වැඩ සටහන මෙහෙයවීම : හේම සිරිවර්ධන , හිටපු ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ජනමාධ්‍ය