ඉන්දියාවට අවශ්‍ය ශ්‍රී ලංකාව සෑම අතින්ම ඔවුන් මත යැපෙන රාජ්‍යක් බවට පත් කිරීමටයි- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
Posted on December 19th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

විදුලි බලය අතිරික්තයක් දැනට තිබුණත් අනාගතයේ ශ්‍රී ලංකාවේ ඇතිවන විදුලි බල ඉල්ලුම හමුවේ සැපිරිය නොහැකි තත්වයට පත්වෙන බවත් එවිට ඉන්දියාවෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවන තත්වයට පත් වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කළේ ඊයේ (18) ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට  පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයෙන් විදුලිය ලබාගත් බංගලාදේශය විදුලි බිල ගෙවා ගත නොහැකි තත්වයට පත් වී රටම කළුවරේ වැටෙන තත්වයට පත්වූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ඉන්දියාවට අවශ්‍ය ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන්, සංස්කෘතිමය වශයෙන් බලශක්තිමය වශයෙන් ඉන්දියාව මත යැපෙන තත්වයට පත් කිරීමටයි යනුවෙන් පැවසූහ. විමල් වීරවංශ මහතාගේ සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පහතින්…

https://www.facebook.com/watch/?v=1268529291135922

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress