ගෝටාගේ පාර්ලිමේන්තු තේ පැන් සංග‍්‍රහයට 287,340යි.. අනුරගේ සංග‍්‍රහයට 339,628යි..
Posted on December 29th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

වර්තමාන රජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ සැසිවාරයෙන් මංගල පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය ඇතුළු වෙනත් සංග්‍රහ කටයුතු වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 339,628.55 දැන ගැනීමේ බව තොරතුරු අයිතිවාසිකම යටතේ පාර්ලිමේන්තු මහලේකම කාර්යාලය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.

එමෙන්ම 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ උත්සව කටයුතු වෙනුවෙන් තවත් රුපියල් 72,350,00 මුදලක් ද වැය කර තිබෙන බව එහිදී අනාවරණය විය.

පාර්ලිමේන්තු මහ ලේකම කාර්යාලය ලබාදුන් තොරතුරු අනුව, පාර්ලිමේන්තු වැය ශීර්ෂය යටතේ චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුතු සහ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 09වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී රුපියල් 287,340.00 ක මුදලක් වැය කර ඇති අතර උත්සව කටයුතු සඳහා සිදු කළ වියදම් ගණනය කිරීමක් සිදුකර නොමැත.

එමෙන්ම වර්තමාන ජනාධිපති අනුරකුමාර දිසානායකගේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය වෙනුවෙන් රුපියල් 339,628.55 ක මුදලක් වැය කර තිබෙන බව ඒ අනුව අනාවරණය වේ.

– රාහුල සමන්ත හෙට්ටිආරච්චි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress