ශ්‍රී ලංකාවේ   නීති විරෝධී වකුගඩු ජාවාරම  පිලිබඳව ජනතාව දැණුවත් කිරීමේ   Zoom  සංවාදය
Posted on January 13th, 2025

Dr Ruwan M Jayatunge M.D.

දූෂිත වෛද්‍යවරු සීමිත කණ්ඩායමක් විසින් සිදු කරන මෙම නීති විරෝධී මිනිස් අවයව ජාවාරම  දෙවනි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට පමණි. වකුගඩු මාෆියාවේ රැකවරණය සහිතව ලියකියවිලි වල සඳහන් නොකර බොහෝ වකුගඩු සැත්කම් රහසින් පුද්ගලික රෝහල් වල සිදු වන බව වාර්තා වේ. මෙම මාෆියාව නිසා මේ වන විට ශ්‍රී ලංකාව නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.  මේ වකුගඩු ජාවාරම වසරකට රුපියල් බිලියන ගානක් උපයන අතර  නීත්‍යානුකූලව ලංකාවට ලැබිය යුතු විදේශ විනිමය ජාවාරම්කරුවන් අතට පත් වී තිබේ. මීට වසර කීපයකට පෙර සිදු වූ යාපනය රෝහලේ වකුගඩු ජාවාරම රාවය පුවත්පත මගින් හෙළි කලද වකුගඩු මාෆියාව විසින් පරීක්‍ෂණ යටපත් කරනු ලැබීය. මෑතකදී මාතර දිස්ත්‍රික් රෝහලේ වකුගඩු රෝගීන් ගේ තරුණ ඤාතීන් රවටා ඔවුන්ට මුදල් ගෙවා ඔවුන්ව  වකුගඩු දායකයන් කර ගැනීමේ වංචනික සිද්දියක් පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැමිණිලි කොට තිබුනද වකුගඩු මාෆියාව විසින් එම පරීක්‍ෂණයද අඩාල කරන ලදි.  වකුගඩු ජාවාරම ජනතාවට බල පවත්නා ප්‍රශ්නයකි. වකුගඩු මාෆියාව නිසා  ඔබට හෝ ඔබගේ පවුලේ සාමාජිකයෙකුට වකුගඩු බද්ධ කරන්න සිදු උවහොත් එයට රුපියල් මිලියන 50 – 100 අතර මුදලක් ඔබට ගෙවීමට සිදු වේ.  නව රජයද තවමත් වකුගඩු ජාවාරමට එරෙහිව තවමත් යුද ප්‍රකාශ කොට නොමැත. ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව පිලිබඳව ජනතාව දැණුවත් කිරීමේ   Zoom  සංවාදය 2025 ජනවාරි 15 දින රාත්‍රී 8 ට මහාචාර්‍ය හරේන්ද්‍ර ද සිල්වා , වෛද්‍ය චමල් සංජීව , වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන යන මහතුන් ගේ මූලිකත්වයෙන් පැවැත්වේ. 

Topic : Illigal Organ Trade (Kidney) in Sri Lanka

Time: Jan 15, 2025 08:00 PM Colombo

Join Zoom Meeting

https://us02web.zoom.us/j/86183811453?pwd=Ran974d0Qy7afcgpRmyzJkq8BrZ55d.1

Meeting ID: 861 8381 1453

Passcode: 461028

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress