කවුළුවෙන් පෑ ඒ සිනා!
Posted on January 29th, 2025
Dr Sudath Gunasekara
කවුළුවෙන් පෑ ඒ සිනා!
කවුළුවෙන් පෑ ඒ සිනා
විදුළියෙන් මා හද දිනා
අන්ද මන්ද වු ඒ සිනා
සරා සඳ මගෙ වාසනා
කව්ද කාගෙද කියා නොදනිමි
මන්ද මන්දැයි ඒ සිනා පෑවේ
රුන්ද ගජින්ගත තක්කට තරිකිට
රුන්ද ගජින් ගත තක්කට තරිකිට
කියලයි මා හද, හද විළ සැලුනේ
ගින්න දවා මා නොකිළිටි හදවත
නින්ද නොයනලෙස වද දී මනසට
කිම්ද නගෝ ඔබ දිවගියෙ එලෙසට
කොයිද කොයිද ඔබ කිව මැන හනිකට
මන්ද ගියේ නොපෙනී මා දෙනෙතට
එන්ට යළිත් කල් නොයවා හනිකට
නින්ද මගේ හද, හද තුල යළි ඒමට
කන්ද කපා පායන් රන් පුන්සඳ
ගෙවුනා වසර දහයක් මේ විලාසෙට
දළුලා වැඩී පුබ්බේ සන් නිවාසෙට”
බැඳුනා රන්හුයෙන් දෑඟිලි මනාවට
පිපුනා හිසේ පෙම්මල් පුන් සඳ ලෙසට
කවුළුවෙන් පෑ ඒ සිනා
විදුළියෙකි මා හද දිනා
පින් පිරුණු තෙදරුන් දිනා
පුන්සඳකි අද බබළනා!
පුන්සඳකි අද බබළනා!!