ඇමෙරිකාවේ, එංගලන්තෙවත නැති සංක්‍රින්ති ලිංගිකයන් සම්බන්ධ විෂයන් අපේ පාසලට ගේන්න එපා – ආචාර්ය අජන්තා පෙරේරා (වීඩියෝ)
Posted on March 19th, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
ඇමෙරිකාවේ, එංගලන්තෙවත නැති සංක්‍රින්ති ලිංගිකයන් සම්බන්ධ විෂයන් අපේ පාසලලේ විෂය නිර්දේශයට ඇතුළත් නොකරන ලෙස ඉල්ලමින් ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ඊයේ (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් බාරදීමට කටයුතු කර ඇත. එම ලිපිය බාරදීමෙන් අනතුරුව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින්මෙසේ පැවසීය.
‘‘මේ රටේ දෙමාපියන් තම දරුවන් ඉපදූනාට පස්සේ තේරුම් ගන්නවා. මේ ඉපදිලා ඉන්නේ ගැහැණු දරුවෙක්ද, පිරිමි දරුවෙක්ද කියලා. ඊට පස්සේ ඔවුන් නිසි වයස පැමිණුනාට පස්සේ අධ්‍යාපනය සදහා පාසල් වෙත යොමුකරනවා. ඒ නිසි පරිදි අධ්‍යාපනය ලබාදෙන්න. පාසල තුළ තියෙනවා විෂය නිර්දේශ ඒවා තමයි අපි දරුවන්ට උගන්වන්නේ. හැබැයි මේ මෑතක ඉදලා පාසල් පද්ධතියට ගේන්න උත්සාහ කරනවා පිරිමි ගැහැණු කියන පිරිසට අමතරව නපුංසක කියලා කොටසක් ඉන්නවා කියලා. මේ පුංචි දරුවන්ට මේවා ඉගැන්නුවාම ඔවුන්ගේ මනස විකෘති වෙනවා. යැයි පැවසූ අතර ඇය විසින් මෙහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළේය. එම වීඩියෝප පහතින්