ජනපති කොමිෂන් සභා වාර්තා විස්සක් කුණු කූඩේ
Posted on March 22nd, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

විවිධ ආණ්ඩු විසින් පසුගිය වසර දහයක පමණ කාලයේදී වරින් වර  පත් කෙරුණු ජනාධිපති  කොමිෂන් සභා විස්සක පමණ   වාර්තා තවමත්  ක්‍රියාත්මක නොවී  හමස් පෙට්ටියේ පවතින  බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා  ලංකාදීපයට පැවසීය.

උදුලාගම කොමිෂන් සභා වාර්තාව මැක්ස්වල් පරණගම කොමිෂන් සභා වාර්තාව,ලලිත් ඇතුලත්මුදලි ඝාතන කොමිෂන් සභා වාර්තාව,  විජය කුමාරතුංග ඝාතන කොමිෂන් සභා වාර්තාව, ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතන කොමිෂන් සභා වාර්තාව  එසේ ක්‍රියාත්මක නොවුණු වාර්තා කිහිපයක් බවද  ඔහු සඳහන් කළේය.

ප්‍රමාණවත් සාක්ෂි පවතී නම් මෙම  කමිටු  නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බවද මහානාම හේවා මහතා පැවසීය.

මේ අතර මෙම කොමිෂන් සභාවල කටයුතු  වෙනුවෙන්  රුපියල්  කෝටි දෙසීයකට  වැඩි මුදලක්  පසුගිය කාලයේදී  වැය කර ඇති බව  ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට  ඉකුත්දා ඉදිරිපත් කෙරුණු බටලන්ද කොමිෂන්  සභා වාර්තාව සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මේ අනුව එම වාර්තාව පිළිබඳ  පළමු විවාදය අප්‍රේල් මස  10 වැනිදා පැවැත්වීමට නියමිතය..

දෙවෙනි විවාදය ඊට පසු  මැයි මාසයේ දිනයක පැවැත්වීමට  තීරණය කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress