Author Archive for තේජා ගොඩකන්දෙආරච්චි

ඡායා…..මායා….!!

Sunday, July 10th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි වැට් බද්දට එරෙහිව සංවිධානය වන හර්තාල්ය. ආපදා වන්දි ඉල්ලමින් හඬ නඟන වින්දිත ජනතාවය. විවිධ හේතූන් මත කෙරෙන ශිෂ්‍ය අරගලය. ජීවන වියදමට සරිලන වැටුපක් ඉල්ලා සේවයෙන් ඉවත් වූ දුම්රිය හරස් ගේට්ටු මුරකරුවන්ය. ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලමින් වර්ජනයකට අරඅඳින පුද්ගලික බස් හිමියන්ය. තවත් විවිධාකාර ප්‍රශ්ණවලට පිලිතුරු ඉල්ලා දිනපතාම මාර්ග අවහිර කරමින් විරෝධතා දක්වන ජනතාවගෙන් අඩුවක් […]

More >

නොතේරෙන නිසාම අසමි…..

Tuesday, July 5th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි පලාත් පාලන මැතිවරණය 2017 සිංහල අවුරුද්දට පෙර පවත්වන බව ඇමති ෆයිසර් මුස්තාපා අවසානයේදී ස්ථිරවම ප්‍රකාශ කලේය. ඒ දිනවලම මහින්ද රාජපක්ෂ සමග අලුත් බලවේගයක් ගොඩනැගීම ඌව පලාතෙන් ආරම්භ කරන ලදී. ඇත්ත වශයෙන්ම මේ මුලු කාලය පුරා රාජපක්ෂ පිල අකර්මන්‍යව සිටියේ නැත. ඔවුහු දිගින් දිගටම තම ප්‍රතිරූපය ගොඩනගා ගැන්මෙහි යෙදී සිටියහ. මේ අතර නව රජය […]

More >

බලන් කඩතුරා හැර දෑසේ …..

Saturday, July 2nd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි බස්ගාස්තු 15% කින් වැඩි කරන ලෙස ඉල්ලමින් පුද්ගලික බස් හිමියන් ජුලි මස 4 වන දින සිට වර්ජනයක් ආරම්භ කරන බවට එකඟතාව පලවී තිබේ. සාමාන්‍යයෙන් අප සැමදා අත්දුටු පරිදි මේ වර්ජනයද බස් හිමියන්ගේ ජයග්‍රහණයෙන් කෙලවර වනු ඇති අතර පොදු ප්‍රවාහන සේවාවන් ප්‍රයෝජනයට ගන්නා පොදු ජනතාව මත තවත් අමතර බරක් පැටවෙනු ඇත. නමුත් මේ බර […]

More >

ලංකාවෙ එහෙම වෙන්නෙ ඇයි…..

Sunday, June 26th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි මහා බ්‍රිතාන්‍යය තව දුරටත් යුරෝපීය සංගමයේ රැඳෙනවාද නැත්ද කියා තීරණය කරනු වස් ජනමත විචාරණයක් පැවැත්විනි. මෙහිදී අගමැති ඩේවිඩ් කැමරන්ගේ මතය වූයේ වඩා සවිමත් සුරක්ෂිත රටක් සඳහා තව දුරටත් යුරෝපීය සංගමය හා රැඳිය යුතු බවයි. මෙහිදී ප්‍රධාන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම නිදහස් මතය පරිදි ක්‍රියා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාව ලැබුන අතර තමා නියෝජනය […]

More >

අබුද්දස්ස කාලේ දේශපාලන කතා ….

Sunday, June 19th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි ඇමතිවරුන්ගේ සැප වාහන කතාව තවමත් අවසන්ව ඇති බවක් නොපෙනේ. තමාගේ මැතිවරණ බල ප්‍රදේශය ඉතා දුර බැහැර නිසා තමාට හොඳ වාහනයක් අවශ්‍ය බව ඇමති විජිත් විජිතමුනි සොයිසා පවසයි. මේ පිලිබඳව හුවමාරු වන විවිධ අදහස් අතර ඇමති රාජිත සේනාරත්න දක්වන අදහස්වලට හිනා වෙන්නද, අඬන්නද කියා ජනතාවට සිතා ගනු නොහැකි බව සිකුරුය. ‘ සමහරු යුරෝපයේ ඇමතිවරු […]

More >

ඇවිලුන ගිණි මැද වැයෙන වීණා !!

Saturday, June 11th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම යලිත් වරක් තිගැස්මට පත්කල මහා විනාශයක් යලිදු සිදුවිය. කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ආයුධ ගබඩාව පුපුරා ගිය අතර, එම ස්ථානය වටා කිලෝමීටරයක පමන දුරකින් පිහිටි භූමියම සුන්බුන් බවට පත්විය. එමෙන්ම එහි බලපෑම ඊටත් වඩා බොහෝ දුරට යනතුරු දක්නට ලැබිනි. මේ සම්බන්ධව මාධ්‍ය තුලින් විවිධ අදහස් ගලා ගියේය.   රජයට […]

More >

තලගොයි – කබරගොයි න්‍යාය

Sunday, June 5th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි දක්ෂ සහ සිත්ගන්නා අන්දමින් කතා කිරීමේ හැකියාව ඇති අයෙකුට ‘චතුර‘ කථිකත්වයක් ඇතැයි අපි පවසමු. තම කථිකත්වය නිසා සමාජයේ කතාබහට ලක් වූ චතුරලා දෙදෙනෙකු පසුගිය සතියේ අපට හමුවිය. එක් අයෙකු චතුර අල්විස්ය. මේ චතුර තම කථිකත්වය නිසා පාලක පක්ෂයේ ද්වේෂයට ලක්ව වරක් පාර්ලිමේන්තුවේ ද නම කියවුන අයෙකි. ඔහුගේ ‘ට්‍රැවල් විත් චතුර‘ වැඩ සටහනට රයිගම් […]

More >

ආපදා සහ චෝදනා

Sunday, May 29th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි  රටට බලපෑ ආපදාමය තත්වය ක්‍රමයෙන් පහව ගියේය. නමුත් ඊට ගොදුරු වූ ජනතාවට එහි බලපෑම්වලින් මිදී යලි පරණ පුරුදු ජීවිතයට එළඹෙන්නට තව කොපමන කල් ගතවේදැයි කිව නොහැකිය. ආපදාව සිදුවූ සැනින් රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව, භේද බින්නකම් අතැර දමා විපතට පත් වූවන්ගේ පිහිටට පැමිනියහ. මෙතැනදී යම් යම් මතවාද ගැටුනු අයුරු දක්නට නොතිබුනා නොවේ. නමුත් ආහාර […]

More >

ෆෙඩරල් විසඳුමට පෙරාතුව…..

Sunday, May 22nd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි 2009 සැප්තැම්බර් මාසයේදී උදය දේවි දුම්රියේ නැරඹුම් මැදිරියේ ආසන වෙන් කරවාගත් අපි මඩකලපුව බලා ගියෙමු. එහි ලඟාවන විට රාත්‍රී 7 පමන විය. පසුදා උදෑසන, උදේ ආහාරයෙන් පසු මඩකලපු නගරය පුරා ඇවිදිමින් කල් ගෙව්වෙමු. අපව නවාතැනට හැරලූ ත්‍රිරෝද රථ රියැදුරාගේ සිට අපට මගතොට හමු වූ බොහෝ ද්‍රවිඪ ජාතිකයන් අප දෙස ආගන්තුක බැලුම් බැලූ මුත්, […]

More >

හරසර සහ පරස්පර

Saturday, May 14th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි   දූෂණ විරෝධී සමුලුවට සහභාගී වීමට ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන එංගලන්තයට යාම සහ උගන්ඩාවේ නව ජනාධිපති දිවුරුම් දීමේ උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උගන්ඩාවට යාම මේ දිනවල සියල්ලන්ගේම අවධානය ඇදගත් පුවත්ය. සුපුරුදු පරිදි සමාජ වෙබ් අඩවි තුල යම් පිරිස් තම තමන්ගේ මතය අනුව විවිධ අදහස් පලකර තිබිනි.   විශේෂයෙන් අවධානයට ලක් වූ පෝස්ටර […]

More >

අගමැතිගේ රජ ගෙදර කවටයා භූමිකාව

Friday, May 6th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි අපගේ ‘වටිනා’ ඡන්දය ලබාගෙන රජ ගෙදරට යන ඔටුණු නොපලන් රජවරු හෙවත් පාර්ලිමේන්තු නියෝජිතයින් රඟ දැක්වූ තවත් නාඩගමක් නොබෝදා ජනතාව වෙත ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී සිදුවූ ගුටි ඇන ගැනීම සම්බන්ධව හැරී බලත්දී අගමැති ප්‍රමුඛ රජයේ පිලිකුල් සහගත ආකල්ප සහ හැසිරීම් වඩාත් පැහැදිලිව විද්‍යමාන වේ. මේ හබයට නිමිත්ත වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව පිලිබඳව, […]

More >

මහා පාන් දන්සැල – යාල වනෝද්‍යානයේදී !

Thursday, May 5th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි බක් පුර පසලොස්වක පොහොය ගෙවී ගියේය. ඊලඟට එලැඹෙන්නේ වෙසක් පුර පසලොස්වකයි. වසරේ පෝය 12 න්, වෙසක් පොහොය, ලොව පුරා වෙසෙන බෞද්ධයන්ට වැදගත් වනුයේ ඇයිදැ යි යන්න බෞද්ධ වන කිසිවෙකුට අමුතුවෙන් පැහැදිලි කර දියයුතු නොවේ. එබැවින් මේ කතාව වෙසක් පොහොය ගැන නොවේ. වෙසක් යන වචනයත් සමගම සැම විටම මතකයට නැගෙන වචනය වන්නේ ‘ දන්සැල් […]

More >

මැයි දෙවනදා  නැවත හැරී බලනතෙක්………………..

Monday, May 2nd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි   මේ වන විට දිවයිනේ විවිධ ස්ථානවල, මැයි දින සැමරුම පිනිස ජනතාව පෙල ගැසෙති. වැරදීමක් ! පෙල ගස්වති. එමෙන්ම මැයි දිනයට අයිතිවාසිකම් කියන්නට දඟලන ඇත්තෝ බොහෝය. සමහරු මෙය තවත් දේශපාලන රැලියක් ලෙස පවත්වන අතර තවත් සමහරු විවිධ උදාහරණ ගෙන දක්වමින් තමන්ට මිස අනිත් අයට මැයි දිනය සමරන්නට අයිතියක් නැති බව පවසති. රජය පාර්ශ්වයෙන් […]

More >

සාදුකින් පෙලෙන උන් මැයි දිනයට නැගිටියව් !

Tuesday, April 26th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි 1 වන දා ලං ලංව එයි. මෙය ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස සැලකුනද, ශ්‍රී ලංකාවේ ඇති සියලුම ධනවාදී පක්ෂ ද මැයි දින සැමරුම් උත්සව පැවැත්වීම සාමාන්‍ය සිරිතකි. මේ දිනවල කාගේත් අවධානයට ලක්ව ඇති කරුණ වන්නේ මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මතුව ඇති අර්බුදයයි. ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන ඇතුලු […]

More >

හරවත් සංවාදය කාලීන අවශ්‍යතාවයයි 

Friday, April 22nd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි සෑම දිනකම ප්‍රවෘත්ති විකාශනයන් හෝ විවිධ වැඩසටහන් ඔස්සේ අපට දේශපාලකයින්ගේ කතාවන් අසන්නට ලැබේ. ඒ කතාවල හරය ගත්විට පැහැදිලි වන්නේ එකම එක දෙයකි. එනම් තම කතාවලට සවන් දෙන ජනතාවගේ බුද්ධිය පිලිබඳව කථිකයාගේ අවතක්සේරුවයි. නමුත් මෙය හරියට කැඩපතක් ඉදිරියට ගොස් තම ප්‍රතිබිම්බය දෙස බලනවා වැනි දෙයකි. මන්ද මේ කතා තුලින් පිලිබිඹු වන්නේ කථිකයාගේ දැනුමේ දිග […]

More >

නව යුගයේ දේශපාලන කුලය

Saturday, April 9th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි මන්ත්‍රණ සභාව හෝ පාර්ලිමේන්තුව මෙරට පාලන තන්ත්‍රයට එකතු වන්නට පෙර 1815 දක්වා ශ්‍රී ලංකාවේ පාලනය තිබුනේ රජෙකු හෝ රජවරුන් කිහිප දෙනෙකුගේ පාලනය යටතේය. එදා සමාජ රටාව, රජ වාසල කේන්ද්‍ර කරගෙන එහි ඇති අවශ්‍යතාවන් අනුව කාර්යභාරයන් බෙදී යාම ඔස්සේ සැදී තිබිනි. ඒ ඒ කාර්යයන්හි නියැලි ජන කොටස්, තමන්ට පැවරුන කාර්යයන් අනුව කුල වලට බෙදී […]

More >

දේශපාලනය තුල සඟවන රටේ ආරක්ෂාව

Saturday, April 2nd, 2016

තේජා ගොඩකන්දෙආරච්චි චාවාකච්චේරි ප්‍රදේශයෙන් පසුගිය දා හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සහ පැති බෝම්බ ආදිය පිලිබඳව මේ දිනවල රට තුල පැතිර පවත්නේ මහත් ආන්දෝලනයකි. රජය පාර්ශ්වයෙන් මුලදී පැවසුවේ යම් බඩු මුට්ටු වගයක් හමුවූ බවත්, මෙය සාමාන්‍ය දෙයක් බවත්, මෙවැනි දේ පසුගිය කාලය පුරාම ඕනෑ තරම් හමුවී ඇති නිසා එමගින් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් සිදු නොවන […]

More >

ජවිපෙ හැව ඇරිය යුතුය

Friday, March 25th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන පිටියම දැන් අවුල් ජාලයක් බවට පත්ව ඇත. රජයේ ප්‍රතිපත්තිය  සිදුවන සෑම දෙයටම , වරද පසුගිය රජය මත පැටවීමයි.  මේ න්‍යාය අනූව බලතොත්, මහින්ද රාජපක්ෂ රජයටද, තම වැරදි , චන්ද්‍රිකා කුමාරතුංග රජය පිට පැටවිය හැකිය. ඊලඟට චන්ද්‍රිකාට තම වැරදි පසුගිය 17 වසරේ එජාප රජය පිට පැටවිය හැකිය. මෙහි කෙලවර කොහිද? […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress