‘එෆ්.සී.අයි.ඩීය විසුරුවන්න රජය ක්‍රියා කළ යුතුයි’
Posted on October 5th, 2018

Lanka Lead News

එෆ්.සී.අයි.ඩීය විසුරුවා හැරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් එය නීති විරෝධී ආයතනයක් බවත් මෙම නීතිවිරෝධී ආයතනයට එරෙහිව මේ වනවිට සුප්‍රීම් අධිකරණයට ගොස් තිබෙන බවත් හිටපු ජනපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, අග්ගමහා පණ්ඩිත අපවත් වි වදාළ අලුත්ගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව පුද කිරීමෙන් පසුව හිටපු ජනපතිවරයා අද (5) මෙසේ පැවසීය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව බොරු නඩුවක් ගොනුකර තිබෙන බවත් එෆ්.සී.අයි.ඩී ආයතනය මගින් සිදු කෙරෙන්නේ දේශපාලන පළිගැනීම් බවත් එවන් දේ සිදු නොකරන ලෙස තමන් රජයට ප්‍රකාශ කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය.

හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න,මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ,මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress