Author Archive for ප්‍ර සමරසිංහ

පෙව්ව නේද පරගල ගුලිය..

Tuesday, March 12th, 2024

ප්‍ර සමරසිංහ  සමන් ද සිල්වා ගයන “බිව්ව නේද වදකහ සුදිය”ට අනුවර්තනයක් පෙව්ව නේද පරගල ගුලිය අරාබි ගේ වසන්ත බලිය  කිචී බිචී කොමල ජුලී  කියන්ටකෝ නොකර බුලී  පෙව්ව නේද පරගල ගුලිය..// පුංචි යමක් මතක් කරලා ගම්මුද  පරගල ගුලියෙ සුලමුල ලොකුකර වහල්කම  දාලා ඩොලර් ඇම  පෙව්ව නේද පරගල ගුලිය අරාබි ගේ වසන්ත බලිය..// දාස්ලාට කාසි පනං පෑවම  […]

More >

මං රන්නා..

Thursday, December 14th, 2023

ප්‍ර සමරසිංහ https://youtu.be/tC8WDLKLsXQ my adapted lyrics for the song ‘ රැජිණට ඇන්දා ‘ sung by  Amandya Uthpalie.  කන්දෙට ඇන්නා   කයින්දටත් ඇන්නා…// අජ්ජපනේට ළමොංට ඇන්නා මිලේ නියං සිටි යට ඇන්නා..// ඇයි වස්සනෙ දංනෙ නැද්ද   ලක බෙදන්ට සුම්මකිරට නැතුවම බැරි මං රන්නා.. ඇමති කාලේ මාමා මට දුන්නා මඟ පෙන්නා.. කැම රූන්ලා බුලි බුලංලා..// උඹ පුටුගත […]

More >

බුදු සිරිපා, සුදු සිරිපා කිරීම  

Tuesday, October 31st, 2023

ප්‍ර සමරසිංහ අම්මාගේ කවි සේම අප නැලවූ නැළවිලි ගී ද තැනී තිබුනේ උතුම් පැවැත්ම එහෙමත් නැත්නම් සතර බ්‍රහ්ම විහරණ ගුණ තුල පිහිටා උපන් දේශය, ජාතිය, ආගම, බස ලෙන්ගතුව රකින ඇරයුම් පිරි වදන් වලින්ය. තවද ඒ ගී තුල තිබු තුන් රුවනෙ සරණ, සිව් වරම් දෙවි ආසිරි අදටත් අප ජීවිත, අන් ජිවිත ජීවත් කරවමින් ජීවත් වන්නේය. මැදිහත් […]

More >

නව ක්‍රම වෙනස

Thursday, October 5th, 2023

ප්‍ර සමරසිංහ රටේ අපනයන කරුවන් රටට ගෙන ආ යුතු අපනයන ඩොලර පිටරට සඟවා රටේ බැංකුවලට පොලු තියා ඒ පාඩුව විශ්‍රාමිකයන්ගේ ඊ ටී එප් එකෙන් සහ නිලධාරීන්ගේ හිඟන පඩියේ ආදායම් බදු වලින් හිලව් කරන තක්කඩි ජමුලේ උපදෙස් සේම, හැම උලව්වකටම හොට පොවන බුං හාමිනේ මෙතෙක් ඇස් කන් වසා සිටි අසාධාරණ කම් කොතෙකුත් තිබියදී, රටේ කස්ටම් එකෙයි […]

More >

දෙයියෝ සාක්කි..

Saturday, August 6th, 2022

ප්‍ර සමරසිංහ ඒ දවස්වල කලට වැහි වැටෙන තුරු බලා සිටියේ වැඩිහිටියන්, සතා සීපාවා, ගස් කොළන්, ගංගා ඇළ දොළ, ළිං විතරක් නෙවේය, හිච්චන් බලා හිටියෙත් වැස්ස වැටෙන්නේ කොයි වේලාවේද කියාය. පොද වැසි, මල් වැසි වලට වඩා හිච්චන්ගේ මනාපය වූයේ නා කපන වැහි, මොර සූරන වැසිවලටය. වැහි පීලි අගිස්සෙන් දියඇලි රූ මවමින් කඩන් හැලුණු තද හීතල වැහි […]

More >

සව්සිරිය නැති වෙච්චි

Wednesday, August 3rd, 2022

ප්‍ර සමරසිංහ   අපි පරිසරයේ සම කොටස්කාරයෝ වෙච්චිඅපි දෙගොල්ලොම අහිංසක ඈයෝ වෙච්චිබොලාගේ උපකාරෙන් මේ පරිසරය රැකිච්චිබොලාට බුහුමන් කරාට පව් නැති වෙච්චි.. මේ දයාව උදුර ගත්තු උද්ධච්චයෝ බෝ වෙච්චිබොලාව මස් කරල බබෙකියු කන්න ලොල් වෙච්චිහිරිකිතක් නැති උන් ‘ ශිෂ්ඨ සම්පන්න’ වෙච්චිබොලාට අත් දෙක එකතු කරන අපි ‘ප්‍රිමිටිව්’ වෙච්චි.. භූතයෝ ත්සුනාමියෝ කුඹුරට පැමිනිච්චිඋන් ඉන්ධන බිබී සරු පස […]

More >

කිසි ලෙසකින් හෝ නොවෙමු!  

Sunday, July 10th, 2022

ප්‍ර සමරසිංහ ඉරාක ලිබියා- යේමන් සූඩන්කිසි ලෙසකින් හෝ නොවෙමු අපිමොරොක්කො ලෙබනන් -ඉජිප්තු ජෝර්දන්කිසි ලෙසකින් හෝ නොවෙමු අපිඇරගල් හමුවේ ඔවුන් ළදරුවෝයෞවනයේ-ඉන්ධන කට ගෑ.. කරදර හමුවෙදි ඇතිවන තුරුඅපි ගස් වවමුඅනවැසි පෝලිම් හැකි ලෙස අඩු කරසිනා වෙමු..// එම්සීසී හා ජූලී අත්හැරදිවිය පුරා අපි සිනාසෙමු සිනාසෙමු.. ඉරාක ලිබියා..// අපේම දේපළ ගින්නට යව යවසන්තෝසෙන් හිනැහෙන්න එපා අප ලවාම අප දන්ගෙට […]

More >

අප නොවන අප

Monday, June 27th, 2022

ප්‍ර සමරසිංහ අපට, අප වෙන්නට අවස්ථාවක් මතක ඇති කාලයක සිට ලැබී නැත. අපට අපේ කියා දැනුමක් තිබුණත් වන්දනා මාන කරන්නේ පර-දැනුමටය. පර (පර=අනුන්ගේ) දැනුම සහමුලින් අහක දමන්නට කියා තුන් හිතකින් වත් කියන්නේ නැත. අප මතක තබා ගත යුත්තේ ඒ ඒ දැනුම් උත්පාදනය වෙන්නේ ඒ ඒ පරිසරය හා සංස්කෘතිය මුලික වූ චින්තනය මත පිහිටිමෙන් බවය. ඒ […]

More >

පිච්චිය නැතත්…

Tuesday, May 17th, 2022

ප්‍ර සමරසිංහ පොඩි වලවල් හාරා, ඒවට සීරුවට ගස්ලබු ඇට දමා, උදේ හවස වතුර වත් කර, පොහොර වර්ග දමා හැදු එකම ගස්ලබු ගහක් අපේ ගෙවත්තේ එකල තිබ්බේ නැත. වත්ත පුරා තැනින් තැන තිබුනේ ගස්ලබු ගස්ය. පැලේ ලොකු වෙන කොටවත් ඒ වටේට සුද්ද කර කොළ රොඩු ටිකක් යහමින් එකතු කලේද යලටමහටය. කිසි සාත්තුවක් නැතුව ලොකු වුන ගස් […]

More >

ආතල්ගමයි අනාගතයයි

Thursday, May 5th, 2022

ප්‍ර සමරසිංහ ආතල්ගමේ ප්‍රධාන අපේක්ෂාව වුනේ රටේ සියලුම හොරු එළවා රට පාරිශුද්ධ කිරීම. මේ අපේක්ෂාව මහ ඉහලින් සම්පුර්ණ වෙන්නේ 1977 න් පස්සේ රට හූර ගෙන කාපු හොරු රංචුවට අයත්, මේ දක්වා පැවති ආණ්ඩුවල මැති ඇමතිවරුන්ගේ ඉඳන් පරිපාලන සේවයේ නියතු නිලධාරින් සහ වෛද්‍යවරු,නීතිඥවරු, ඉංජිනේරුවරු, බැංකුකරුවෝ, ගුරුවරු, මාධ්‍යකරුවෝ, පූජකවරු කුදලා ගෙන ඇවිත්, කොළඹ ආතල්භුමියේ දි ප්‍රසිද්ධියේ පව් […]

More >

සිස්ටම් චේන්ජ්

Sunday, April 24th, 2022

ප්‍ර සමරසිංහ (A song adapted from “මන්ද නාව කාරණාව” by නන්දා මාලිනි) මන්ද ‘නෑව’ කාරණාවයන්න උන්ගෙ වන්දනාවඋඹ හරි මෝඩයි ළමයෝමේ ටික අහපන් ළමයෝ..// හැත්තෑඑකේ ලණු කෑවා හැටදාහක් මරලාඅසුනවයේ ලණු ගිල්ලා ඊට වඩා මරලාතිස් අවුරුදු සාපෙ වැදී තව ගානක් මරලාදෙදාස්නවයේ තිත තිබ්බට මහමොලකරු කිපිලා..// මන්ද ‘නෑව’ කාරණාව.. බෙදා පාලනේ දැක දැක මහමොලකරුවන්නේ  පන්සිය වසරක් ලක්මව් හිටියා […]

More >

තලබෝල වටය

Friday, March 25th, 2022

ප්‍ර සමරසිංහ අප මේ යුහුසුළු වෙන්නේ ඊනියා දියුණුවේ හිණිපෙත්තටම නගින්නටය. කොහොම වෙතත් ඊනියා දියුණුව වනාහි පල් වුන මඩගොහොරුවක් වග තේරුම් ගත් ඇත්තන් පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත එය තවත් යසට තේරුම් කර ගත්හ. තේරුම්ගත් ඇත්තන් හා නොතේරුණ ඇත්තන් අතර තියෙන්නේ ලොකු පරතරයක්ය. නොතේරුණ ඇත්තන් කොවිඩ් සමයට පෙර තිබූ ඊනියා ‘නෝමැල්ටිය’ එනු ඇතැයි මග බලන් අරහෙන් […]

More >

ණය තොණ්ඩුව

Friday, March 18th, 2022

ප්‍ර සමරසිංහ උස මහත විනිවිද පෙනෙන වීදුරු බෝතල් කීපයක් පේලියට පේවිලා කඩේ මේසෙ අග්ගිස්සේ හිටියේ, හරියට හරිබැරි ගහල වාඩිවෙලා උන්නු මුදලාලිගෙ දිලිහෙන තට්ටෙ යාන්තමට හරි වහන් කරන්න වාගේ. එකක, පාට පාට හූනු බිජු (සීනි දවටපු මාදුරු ඇට), තව එකක දේදුන්නේ පාට නාරං බික්, (නාරං බිකක් වාගේ සීනි පෙති) අනික් බෝතලේ ගුණසිරි බුල්ටෝ, තව තිබ්බ ඩෙල්ට […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress