Author Archive for මතුගම සෙනෙවිරුවන්

බෙදා හදා ගැනීම පිළිබඳ රාජ නීතිය සහ  පැරණි මූලාශ්‍ර

Wednesday, April 17th, 2024

මතුගම සෙනෙවිරුවන් මෙරට ගැමි සමාජය හසුරුවන ප්‍රධානතම රැහැන නම් සාමූහිකත්වයයි.පැරණි ගැමියන් කිසි විටක සාමූහිකත්වයෙන් තොරව සංවිධාන ගත නොවූහ.ඔවුන්ගේ ප්‍රධානතම ආර්ථික ක්‍රියාවලිය වූ කුඹූරු ගොවිතැන සහ හේන් ගොවිතැන සාර්ථකත්වයට පත් කරනු ලැබූවේ එකට වැඩ කරගැනීමට තිබූ දක්ෂතාවයෙනි.මුල් කැටෑ හේන නම් වියළ් ගොවිතැනේ දී සියලුම දෙන එකතු වී මූකලානක් කොටා පුලුස්සා වටේ දඬුවැට සවි කර තමන්ගේ පංගු […]

More >

කච්චතිවු අපේ – සිරිමාවෝ කිව් ලිව් හැටී මෙහෙමයි

Sunday, April 7th, 2024

මතුගම සෙනෙවිරුවන්              ඉන්දියාවේ මහ චන්දය ළඟා වී ඇත.බහුජන සාක්ෂරතාවය  දුර්වල ඉන්දියාවේ චන්ද ගොඩ රැඳි තිබෙන්නේ මිනිසුන් ගේ හැඟීම් මත බැවින් ඒ හැඟීම් ඇවිස්සීමට නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා කච්චතිවු දූපත ඈඳා ගෙන ඇත. කච්චතිවු ලංකාවට ලබා දීම ගැන ඔහු ඉන්දීය කොන්ග්‍රස් බලධාරීන්ට දොස් කියා තිබෙන්නේ මේ ඇවිස්සීම කරන්නටයි.මේ උණුසුම අවුරුදු කටේ ලංකාවටත් දැනී තිබේ.ඉන්දියාවේ සරණ යන […]

More >

සිංහල අවුරුද්ද යනු  නිෂ්පාදනයට පිවිසෙන සුබ මුහුර්තයයි

Tuesday, April 2nd, 2024

මතුගම සෙනෙවිරුවන්              සූර්යයා පෘතුවියට සාපේක්ෂව යන ගමනේ දී ලංකාවට මුදුන්වන්නේ බක් මාසයේ දීය.සූර්ය රශ්මියේ තෙදබල වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ ගහකොළ බවභෝග වර්ධනයටයි. පැවති වර්ෂයේ යල සහ මහකන්න යන්හි අස්වනු කපා පා ගැනීමෙන් පසු ඉටු දෙවියන් සතුටු කිරීමට ගම්භාර වැව් කොටු භාර දෙවි දෙවතාවුන් සතුටු කිරීමට ගම්මඩු දෙවොල් මඩු නටා දේව දානය අහවර වීමෙන් පසු […]

More >

වඩ්ඩමාන වෙහෙරට වධ බන්ධන -බුද්ධ ශාසන ඇමතිට මන නන්දන

Thursday, March 21st, 2024

මතුගම සෙනෙවිරුවන්              වුවනියා දිස්ත්‍රික්කයේ වවුනියා උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නයිනමඩු වන රක්ෂිතයේ පවතින අතිශයින් වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක් වන වඩ්ඩමාන පබ්බත විහාරය නොහොත් වඩුන්නාගල ට පසුගිය ශිව රාත්‍රී දිනයේ දී මන්ත්‍රී රවි හරන්ගේ අනුගාමිකයන් පිරිසක් කඩා වැදී පූජාවක් පවත්වන විලාශයෙන් කල කෝලාහලය පොලිසිය විසින් වලක්වා ගනු ලැබූයේ මහත් ආයාසයෙනි. මේ පිරිස අතරින් අට ‌ෙදනෙකු අත්අඩංගුවට […]

More >

සියම් දේශය සහ බෞද්ධ සබඳතා

Saturday, March 16th, 2024

මතුගම සෙනෙවිරුවන්             තායිලන්තය යනුවෙන් වර්තමානයේ හඳුන්වන රට අතීතයේ දී සියම් දේශය ලෙසට ව්‍යවහාර වුණි.මොන්ගෝලියානු ජන වර්ගයට අයත් කහ මිනිසුන් ගෙන් පැවත එන මේ රට වාසීන් ගේ සම්භවය සහ සංස්කෘතික හැදියාව වර්ධනය වනුයේ බෞද්ධ මූල ධර්මයන් අනුවයි.අතීතයේ දී තාඹුලිංගමුව යනවෙන් දැක්වුණු පෙදෙස දෙකට බෙදී බුරුමය සහ තායි සියම් දේශය යනුවෙන් බෙදී වෙන්  ව ගිය නමුදු […]

More >

බලු කපුටු නොවී  කවුඩාගල ට බැතිමත් වෙමු

Tuesday, March 5th, 2024

මතුගම සෙනෙවිරුවන්              මඩකලපු දිස්ත්‍රික්කයේ වැලිකන්ද අසේලපුර මංහන්දියෙන් බැස කි.මී. 13 ක් පමණ ගමන් කරන විට මෑතකදී විශාල කතාබහකට ලක් වූ පූජ්‍ය ස්ථානයක් හමුවේ. කවුඩාගල යයි ජන වහරේ පවතින මෙම ස්ථානය අවට කුරුලු බැද්ද රන්සර තැන්න ආදී මහවැලි ගම්මානයන් හමුවෙයි.ගම්මානවලින් බැහරව මහ ඝන වනයෙන් ඉහළට නැගී ගිය කවුඩාගල ගල් පර්වතයට ඒ නම ලැබෙන්නේ ස්වභාවිකව එහි […]

More >

උතුරේ නව දේශපාලන ප්‍රවණතා සහ සිංහල ජාතික ව්‍යාපාරය

Thursday, February 8th, 2024

මතුගම සෙනෙවිරුවන්          යාපන අර්ධ ද්වීපයේ දේශපාලනය අරුම පුදුම ක්‍රියාවලියකි.යාපන රජ පවුල නැතහොත් ආර්ය චක්‍රවර්තී රාජකීයත්වය අවසන් කර පරංගින් ගේ ආධිපත්‍ය පිහිටුවීම තුළ යාපනයේ සිටි බ්‍රාහ්මණයන් ගේ හැසිරීම විවිධාකාර විය.කතෝලික ආගම පැතිරවීම නිසා ඔවුන් ඇතැමෙක් සිය ලබ්ධිය වෙනස් කළහ. ලන්දේසි සමයේ දී කතෝලික ආගම වෙනුවට රෙපරමාදු ඇදහීම් පෙරට ඒමේ දී දකුණු ඉන්දියාවෙන් ආනයනය කරන ලද […]

More >

අනුරාධපුරය  කොනින්හැම්ට භාරදී මහාවිහාරය කුඩා කරමුද

Sunday, February 4th, 2024

මතුගම සෙනෙවිරුවන්          සිද්ධාර්ථ කුමාර උප්පත්තිය ලුම්මිනියේ නොව ලංකාවේ බඹරගල යයි මතයක් හදාගෙන යන පිරිසක් දැන් ඇත. එය සුලු කොට තැකිය හැකි නොවේ.ශ්‍රී මහා බෝධිය හිරිවඩුන්නේද ලංකාදීපය රුහුණු දනව්වේද තිබෙන විට මෙරට ‌ෙඑතිහාසික බෞද්ධ ඉතිහාසය  කෙප්පයක් බවට පත් කරන්නට හැකිය.එවිට බෙදුම්වාදී ප්‍රවණතාවයන්ට ලැබෙන ශක්තිය තේරුම් ගත හැකිය.විශ්ව බුද්ධලා මෙහෙයවන සංකල්ප  ව්‍යාජ අවලෝකිතේශ්වර බෝධි සතවයන් විසින් […]

More >

ඩෝසරයට වැව් යට කළ මහවැලිය මාදුරු ඔයෙන් යළිත් වැඩ පටන් ගනී.

Monday, January 29th, 2024

මතුගම සෙනෙවිරුවන් 1912 දී ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී මහවැලිය උතුරට හැරවීමේ වැදගත්කම ගැන කතා කලේ දෙමළ මන්ත්‍රී වරයෙකු වූ ඒ. කනක සබේ මහතාය. එයට ප්‍රධාන හේතුව වූයේ දෙමළ ඊළාම් සිහිනය එදත්  තිබුණු බැවිනි.ව්‍යාජ දෙමළ ඉතිහිසයක් මත පදනම්ව උතුරේ දෙමළ පාලනයක් තිබුණේ යැයි ඇති කළ මතය අනුව ඊළාම් රාජය්‍යට ජලය සපායා ගැනීම ඔවුන්ගේ අරමුණක්ව තිබුණි.වසර සියයකට පමණ පසු […]

More >

භෂ්ම කරනලද දම්පල් ප‍්‍රකාශය යළි ලියවමු

Tuesday, January 16th, 2024

මතුගම සෙනෙවිරුවන් මතුගම සෙනෙවිරුවන්

More >

ව්‍යවස්ථාවත් සමග සෙල්ලම් කළහොත් ලෙල්ලම් වෙයි

Thursday, October 19th, 2023

මතුගම සෙනෙවිරුවන්           උසාවියක විනිශ්චය ආසනය ඉදිරියට පමුණුවන චූදිතයෙකුට චෝදනාවන් ඉදිරිපත් කල විට ඔහු එය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ යන්න සාමාන්‍ය පිළිගැනුමයි.වරදක් කල පසු දැන හෝ නොදැනීම යන්න උසාවියට වැදගත් නොවේ. ඒ නිසාම වින්දිතයන් විසින් තමන් වෙනුවෙන් කතා කිරීමට නීතිඥයන් ඉදිරිපත් කරති. අදාල චෝදනාවෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය නීතිය ගැන ඔවුහු විනිශ්චය කාරවරයා ඉදිරියේ […]

More >

සංඝමිත්තා බෝධි මලුව ඇමද  සුවපත් වූ දෙමළ කාන්තාව

Sunday, October 1st, 2023

මතුගම සෙනෙවිරුවන්            දේවානම් පියතිස්ස රජ දවස මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස ලංකාවට වැඩම කරන ලද්දේ ධර්මාශෝක අධිරාජයා ගේ ධර්ම දූත මෙහෙවර සම්පූර්ණ කිරීමට යි.මිහින්තලා පුදබිමේ දී සම්මුඛ වූ මෙම දූත පිරිස පිළිබඳව රජු සැබවින්ම කල්තියා දැන සිටින්නට ඇතැයි සිතේ .කාලාන්තරයක් තිස්සේ ශාක්‍ය රාජ වංශයත් සමග මෙරට රජවරුන්ට තිබූ අවිච්ඡින්න සම්බන්ධය මීට හේතුවයි.විඩූඩභ […]

More >

ත්‍රිකුණාමල කොටුවට පනින්න ට්‍රොයි අශ්වයෙක් සූදානම්

Friday, September 8th, 2023

මතුගම සෙනෙවිරුවන්                ත්‍රිකුණාමලයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරලු කන්ද රජමහ විහාරයට අනුමත වූ ඉඩම තහනම් කිරීමට වාචික උපදෙස් දුන් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් ට අභියෝග කල පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන නාහිමියන් ඇතුළු බෞද්ධ බලවේගය නිහඬ කරවන්නට මේ වන විට බොහෝ කටයුතු කෙරෙමින් පවතී.ත්‍රිකුණාමලයේ බෝගස් හතර පුණ්‍ය භූමියේ පැවැත් වීමට නියමිතව තිබූ උපසම්පදා සැමරුම් […]

More >

එරාවුර් බෞද්ධ ප්‍රබෝධය පුරාවිදු ඇසින් බලමු

Wednesday, August 23rd, 2023

මතුගම සෙනෙවිරුවන්         රුහුණු මයා පිහිටි තුන්සිංහලේ රුහුණු රටට අයත් වත්මන් නැගෙනහිර පළාත අතීතයේ දී රෝහණයේ විවිධ රජවරුන් යටතේ පලානය විය.අනුරාධපුරය ද්‍රවිඩ අක්‍රමණ වලින් පීඩිත වන කල්හි සිංහල ජනතාවට එකම පිහිට සැලසූවේ රෝහණ රාජාවලියයි. විශේෂයෙන්ම කාවන්තිස්ස රජුගේ දූර දර්ශී ක්‍රියාකලාපය නිසා මේ ද්‍රවිඩ ආක්‍රමණයන්ට විරුද්ධව නැගී සිටින්නට තරම් සේනා බලයක් රෝහණයේ වර්ධනය විය. පසු කාලීනව […]

More >

දේශගුණික විපර්යාස මුවාවෙන් ගොඩ නගන ගෝලීය ආධිපත්‍ය

Tuesday, August 22nd, 2023

මතුගම සෙනෙවිරුවන්          දැඩි නියන් තත්වයක් හමුවේ උඩවලව ජලාශය සිඳී යෑමත් සමග පරිසරය හා බැඳුණු සංසිද්ධින් රැසක් මේ වන විට කතාබහට ලක් වෙමින් පවතී.දේශගුණික විපර්යාස හමුවේ ඇති වන එල්නීනෝ තත්වයක් මීට හේතු වන බව විද්‍යාඥයන් දක්වා ඇත. අප දන්නා පරිදි අවුරුද්දේ නිකිණි මාසය යනු ඉඩෝර සමයකි. යල් මෝසම් අහවර වි ගොයම් කපා පාගන ලංකාවට සුර්යා […]

More >

නවතින්න රනිල්… තිස්ස විහාරයේ ඉඩම් පැහැර නොගන්න

Saturday, August 5th, 2023

මතුගම සෙනෙවිරුවන් Lanka Lead News දේවානම් පියතිස්ස රජ දවස සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්‍රමුඛ පිරිස අත ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹකොළපටුනට රැගෙන පැමිණි පසු අනුරාධපුරයට වැඩම කරන ලද ගමනේ දී තැන්පත් කළ එක් ස්ථානයක් වශයෙන් ප්‍රකට තිස්ස විහාරය එ සමයේ ඉඳි කරන ලද්දකි.යාපනයේ බහුලව තිබූ හිරිගල් යොදා නිර්මාණය වූ තිස්ස විහාර බිමේ ශ්‍රී මහා බෝධි ශාඛා […]

More >

නීතිය සහ පාර්ලිමේන්තුව ඉදිරියේ සිංහල අවතක්සේරු වීද? ආයුර්වේද පනතින් හෙළි වේ

Wednesday, August 2nd, 2023

මතුගම සෙනෙවිරුවන්  තරාදියක් අතේ එල්ලාගෙන ඇස්බැඳගෙන සිටින නීතියේ දෙවඟන වූ කලි අධිකරණයේ ස්වාධීනත්වයේ සංකේතයයි.අධිකරණ විනිසුරුවන් ඉදිරයේ දී සෑම පුරවැසියෙකුම එක සමාන වෙයි.යුක්තිය පසිඳලීම පිණිස විත්තිකරුවන් සහ පැමිණිලිකරුවන් ඉදිරයේ පෙනී සිටින විනිසුරවන් සාධාරණ අපක්ෂපාතී විය යුතු යැයි තිබෙන මතය කෙතරම් දුරට ආරක්ෂා කර ඇත්දැයි අප සිතා බැලිය යුතුය.සිවිල් නඩු අපරාධ නඩු ආදියේ දී විත්තිකරුවෙකුට හෝ පැමිනිලිකරුවෙකුට […]

More >

මහා විහාර ව්‍යාපෘතිය  පෙන්වා ත්‍රිකුණාමලය බිලිදෙන ට්‍රෝජන් සංකල්ප

Sunday, July 30th, 2023

මතුගම සෙනෙවිරුවන්          අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී මෙරටේ ආර්ථික දේශපාලනික ව්‍යුහයට  ඉන්දීය මැදිහත් වීම තහවුරු කළ රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණි විගසම සිදු කරන ලද්දේ අනුරාධපුරයට ගොස් අටමස්ථාන නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසී සංස්කෘතික සාකච්ඡාවකට මුල පිරීමයි.ඉන්දීය බලහත්කාරය ඔස්සේ බලය බෙදීම හරහා රට දෙකඩ වන තත්වයකට තල්ලු විය හැකි බව හොඳින්ම දැන දැන ගිවිසුම් […]

More >

මන්නාරමේ දඩමස් සමග කෝටුමස් කරන පුරාවිද්‍යාව

Friday, June 30th, 2023

මතුගම සෙනෙවිරුවන්             මන්නාරම් දිස්ත්‍රික්කය  අතීතයේදී හැඳින්වූයේ මන්නාරමය කරඹවලානය හා නෙල්ලිවලානය යනුවෙනි.දහතුන්වන සියවසේ ලියැවුණා යැයි සළකන කඩයිම් පොත් වල මේ බැව් සඳහන්ය. ඊට අමතරව මඩු පෙදෙස මඩුවල්ලියා රට වශයෙන්ද දක්වා ඇත.මෙම පෙදෙස පැරණි පිහිටි රටට අයත් වැදගත් ඓතිහාසික ප්‍රදේශයකි. මෙම පෙදෙස පිහිටි රටින් වෙන්කොට මන්නාරම් නමින් වූ දිස්ත්‍රික්කයට එක් කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. එයට හේතුව […]

More >

ජනපතිගේ අනුදැනුමෙන් කරන  කුරුන්දි ඉඩම් මංකොල්ලය අනුමත කරමුද?

Wednesday, June 14th, 2023

මතුගම සෙනෙවිරුවන්               මුලතිවු දිස්ත්‍රික්කයේ තන්නිමුරුප්පු වසමේ පිහිටා තිබෙන ‌ෙඑතිහාසික කුරුන්දි විහාරය සම්බන්ධව  දෙමළ ජාතික සන්ධානයේ මනත්‍රීවරු සමග පැවති සාකච්ඡාවේ දී ජනපතිවරයා කළ ප්‍රකාශය මෙරට  ව්‍යවස්ථාදායක බලය අභියෝගයට ලක් කරන්නකි.කුරන්දි  අවට පිහිටා තිබෙන නාගචෝල වන රක්ෂිතය 1932 දී දැඩි වන රක්ෂිතයක් ලෙසට ගැසට් කර ඇත. එහි වපසරිය හෙක්ටයාර් 6825 කි. මෙම වන රක්ෂිතය තුළ අක්කර […]

More >

සියම් උපසම්පදා සැමරීමට විරුද්ධව  ත්‍රිකුණාමලයේ දී විරෝධතා

Thursday, May 11th, 2023

මතුගම සෙනෙවිරුවන්          සියම් රට භික්ෂූන් වහන්සේලා වඩම්මවා උපසම්පදා කර්මය මෙරට සිදු කර මේ වන විට වසර 270 ක් ගත ව වී තිබේ.මේ නිමිති කොට ගෙන සියම් දේශයෙන් සැපැමිණි භික්ෂූන් වහන්සේලා සියක් නමක් පාද චාරිකාවේ යෙදී සිටිති. උන්වහන්සේලා ගේ මීළඟ අභිප්‍රාය වන්නේ සියම් දේශයෙන් වැඩම කළ උපාලි මහ තෙරුන්වහන්සේ ඇතුළු විසි එක් නම ප්‍රථමයෙන් විවේකව […]

More >

විග්නේශ්වරන් ගේ ජාන හුටපටය සහ නොදන්න දෙමළට ගොස් වරිගෙ නහ ගැනීම

Sunday, May 7th, 2023

මතුගම සෙනෙවිරුවන්          කාලයක් නිහඬව සිටි සී.වී. විග්නේශ්වරන් මහතා මෑතකදී සිය කටහඬ අවදි කර තිබෙනු දුටුවෙමි.එහෙත් ඔහු ඉතාමත් ඉක්මනින් යළි නිහඩ විය. ඊට හේතුව ඔහු කරන ජාතිවෘදි ප්‍රකාශ සම්බන්ධව පොලසිපතිට පැමිණිලි කිරීමයි.. උතුරේ මහ ඇමතිව සිටි සමයේ දී විද්‍යුත් මාධයයන්ට පුවත් සපයන පුද්ගලයෙකු ලෙසින් ප්‍රකට සිටි එතුමා  කොළඹ මල්පාරේ සිට නැවතත් අරුම පුදුම මතිමතාන්තරයක් දක්වා […]

More >

පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට විධායකයෙන් බාධා එල්ල වෙයි

Saturday, May 6th, 2023

මතුගම සෙනෙවිරුවන්           මෙරට ක්‍රියාත්මක කරනු ලබන පුරාවිද්‍යෘ ආඥා පනත ඉතා බලවත්ය.1940 දී යටත් විජිත යුගයේ දී පණවනු ලැබූ මෙම නීතිය අවස්ථා ගණනාවකදී සංශෝධනය වී තිබේ.වර්තමානයේ ද මෙම පනත යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය මත සංශෝධනයන්ට ලක් කර ඇති නමුදු අදාළ අමාත්‍යවරයා විසින් එම සංශෝධිත පනත මෙතෙක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැත.           ලංකාව පුරා හඳුනාගත් පුරාවිද්‍යාත්මක […]

More >

පුරාවිද්‍යා බලධාරීන් විසින් අතහැර දැමූ ජාතික උරුමය කුච්චවේලි

Thursday, July 7th, 2022

මතුගම සෙනෙවිරුවන්  නැගෙනහිර පළාතේ ඉතා වැදගත් ‌ෙඑතිහාසික සිද්ධස්ථානයක් වනුයේ තිරියායේ හිරිගඩු සෑයයි.තපස්සු භල්ලකු වෙළඳ දෙබෑයන් විසින් රැගෙන පැමිණි කේශ ධාතු තැන්පත් කර සැදූ  කුඩා ස්ථූපය ප්‍රතිසංස්කරණයට ලක් වෙමින් අදටත් එහි ජීවමාන වෙයි. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ලංකාව වෙත පැමිණ ගොඩ බට තැන් ගැන පුවත් කීපයක් වෙයි. ඉන් එකක් නම් තිරියයාට නුදුරු කණිකාර වේලි තොටුපළයි.ගැඹුරු මුහුදකින් […]

More >

බටහිර සෞඛ්‍ය ආධිපත්‍යකට ඉණිමං බඳින G M O A

Sunday, December 19th, 2021

මතුගම සෙනෙවිරුවන්             ලංකාවේ සෞඛ්‍ය සේවයට ඉතා දීර්ඝ කාලීන ඉතිහාසයක්  ඇත. අනුරාධපුර සහ මිහින්තලේ නටබුන් ආශ්‍රිතව හමුවන පැරණි රෝහල් වලින් ඒ බැව් සනාථ කළ හැකිය. ඒවායේ කැණීම් වලින් සොයා ගත් සැත්කම් උපකරණ ඉතා විශිෂ්ඨය. සිංහඅඩුව යනුවෙන් හදුන්වන්නේ ඉන් එක් සැත්කම් උපකරණයකි. මේ පන්නයේ සැත්කම් උපකරණ රාශියක් වර්තමානය වන විට බටහිර රෝහල් වලදී සැත්කම් සඳහා භාවිතා […]

More >

ජනයාගේ ඉඩම්වල පුරාවස්තු කළමනාකරණය කිරීම

Wednesday, October 6th, 2021

මතුගම සෙනෙවිරුවන්               ලංකාව පුරා සැමතැනකින්ම ‌ෙඑතිහාසික වටිනාකමකින් යුත් පුරාවස්තු රාශියක් හමු වී තිබේ.විහාස්ථාන නටබුන් ශිලා ලේඛන මෙන්ම වාරිමාර්ග නටබුන්ද ඒ අතර වෙයි.මේවායින් ඇතැම් පුරාවස්තු හමු වන්නේ ජනතාව සන්තක පෞද්ගලික ඉඩම් වලය.ඉංග්‍රීසීන් විසින් මුඩු බිම් පනත යටතේ රජයට පවරා ගන්නා ලද ඉඩම් පසුව වතු වැවිලි සඳහාද මධ්‍යම පන්තික පුද්ගලයන්ටද වෙන්දේසි කිරීම නිසා මෙවැනි තත්වයක් උදා […]

More >

රත කල්කය නොදී කෘතිම ප‍්‍රතිශක්තිය සඳහා එන්නත සෙවීම

Sunday, September 19th, 2021

මතුගම සෙනෙවිරුවන් සී.ඩබ්.ඩබ්.කන්නන්ගර අධ්‍යාපන ක‍්‍රම ආරම්භ වූයේ 1942 දී පමණය.1945 වසරේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වූවායින් පසු ස්වභාෂා සහ ද්වි භාෂා පාසල් සියල්ලේම රජය මූලික කරගත් අධ්‍යාපන ක‍්‍රමයක් ආරම්භ විය 1962 දී පාසල් රජයට පවරා ගැනීමෙන් පසු එවකට තිබූ බෞද්ධ පාසල්ද පරම විඥානාර්ථ පාසල්ද පල්ලි පාසල්ද රජයට ගෙන පොදු අධ්‍යාපන ක‍්‍රමයක් ස්ථාපිත කරන ලදී. බි‍්‍රතාන්‍ය […]

More >

අධ්‍යාපනයේ කොත ලූ වල කොතලාවල පනත

Saturday, July 24th, 2021

මතුගම සෙනෙවිරුවන් අතීත කථාව – රයිගම රාජධානි සමයේ දී වර්තමාන බණ්ඩාරගම අසල වැව් රාශියක් ඉඳි විය.රජුගේ මාළිගය පිහිටි භූමියේ පිහිටි පොකුණකට පිරිසිඳු ජලය ගෙන ඒමේ අවශ්‍යතාවයක් ඇති විය. මේ යුගයේ දී මාළිගයට නුදුරින් අසු නාවන පොකුණ නමින් තවත් තැනක් විය.ඒ අසල දාගැබක් ද විය. වරක් මේ දාගැබේ කොත අතුරුදහන් විය.පසුව අසුනාවන පොකුණේ තිබී මේ කොත […]

More >

කොරෝනා පනත සූම් අධීකරණ සහ විපතේ වැටෙන රාජ්‍ය ආරක්ෂාව

Wednesday, June 30th, 2021

 මතුගම සෙනෙවිරුවන්          අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ජූනි මස 08 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කොරෝනා වෛරස රෝගය (කොවිඩ් 19)(තාවකාලික විධි විධාන )  නම් පනත් කෙටුම් පත මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වී ඇත. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් අදාළ විරෝධතාවය ඉදිරිපත් කර ඇති අතර මේ පිළිබඳ බරපතල සංවාදයක් […]

More >

අවුරුදු සීයකට පෙර වසංගත අත්දැකීමක් සෙල්ලිපියකින් හෙළිවෙයි

Monday, June 14th, 2021

මතුගම සෙනෙවිරුවන්         වසංගත පැතිරීම පිළිබඳ තොරතුරු රාශියක් ලෝක ඉතිහාසය තුළ සටහන් වී ඇත. විශේෂයෙන්ම වසූරිය වංසගතය ලෝකයම පීඩාවට පත් කළ ආකාරය පුදුම  සහගතය. දූපතක් වශයෙන් ලෝක ගෝලයේ දක්නට තිබෙන ලංකාවට මෙවැනි වසංගතය පැමිණෙනුයේ සංක්‍රමණ නිසාවෙනි.විශේෂයෙන්ම වෙළෙඳාම හරහා පැමිණෙන නාවිකයන් මෙන්ම සෙබළුන් නිසා මේ රෝග තත්වයන් ලංකාව පුරා පැතිරුණු අවස්ථාවන් තිබේ. පරංගි(ෆිරංගි යනු විදේශික යන […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress