ශ්‍රී වික්‍රම රාජසිංහ හා සිංහල බෞද්ධ රට         2  කොටස
Posted on July 1st, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

රාජද්‍රෝහී වී යය්   පිළිමතලාව වරක් තනතුරෙන් ඉවත් කරනලදී  ඊට වඩා  දඬුවමක් එකවරම දීමට  රජු බියවිය .  දෙවන වරටත්  පිලිමතලාවට  එම චෝදනාවම එල්ලවිය  එවර ”’මහනඩු වේ ”’ පැවැත්වුන නඩු විභාගයේදී ””””’තම පාලනයට එරෙහිව  නැවත ඇඟිල්ලක් වත්  ඔසවන්නේ නැතිව නිශ්ශබ්දව  සිටිනවානම්  ජීවිත දානය දෙන්නට  කැමති බව ”” රජු ප්‍රකාශ කළේය .   එහෙත් රජුට හිස නමා  තම  ජීවිතය බේරාගැනීමට  පිළිමතලාවේ අදහස් කලේ නැත .  ඔහු මෙසේ පැවසීය ”””” දේවයන් වහන්ස  රජුට හානි කිරීමට  මම අදහස් කලෙනැ හ  . මට ඕනේ වුනේ  දුෂිත පාලනයෙන්  රට බේරා ගනීමය්  මෙවැනි දිරිල්ලක්  කලොත්  මම මගේ මව්බිමේ යහපත  නොතකා හැ රිය  ද්‍රෝහියෙක්  බවට පත් වෙනවා ”’
                               පිළිමතලාවේ  රට ජාතිය  පාවා නොදුන් වීරයෙකි  උදාර රාජ්‍ය තාන්ත්‍රිකයෙකි  තමන් විසින් රජකම ලබාදුන්  කන්න සාමි සිංහලයන්   ”කන්න ” හදනවිට  ඔහු අදහස් කලේ කෙසේ හෝ රජු  නෙරපා හැරීමටය
                                                         පිළිමතලාවේ ගේ  කපා දැමු හිස වාදක භූමියේදීම දැක ගැනීමට  රජු ට අවශ්ෂ්‍ය විය
  ඇහැලේපොල කුමාරිහාමි  ඇතුළු දරුවන් මරාදැමූ අන්දම  නිසා මුළු රටම කම්පාවිය  මුළු රටටම ස්රිවික්රම එපාවිය .   ”’කිරල සංදේශය ””’රචනා කලේ  ස්රිවික්රම  සිහසුනෙන් පහ කරන ලෙස   ””ඇම්බැක්කේ දෙවියන් ”” ගෙන් ඉල්ලීමටය . වඩු ගයන් සිංහලේ වැනසූ හැටිත්  ඒ පිලිබඳ ජනතා කෝපයත් එහි මෙසේ දැක්වේ
            ගුණෙන් මකු හමුඩු  දෙමලෝ  ජයවන්    ඩ —- පෙලෙන් වැඩි මහත් ධනවත්  උතුමන්    ඩ
             නිතින් වෙහෙස දී  ගම්බිම් පහරන්   ඩ ——— පටන්ගති  මෙලෙස ලක්දිව  වනසන්   ඩ
            නැ බල විකුම් පෑ  අ නිලා සිටි යුද   ට —- දෙමල රද  අල්ලවා  නොහැර වට කො    ට
           සිහල රට වැනසූ  රිසි හරින  විලස   ට —— ඉගිල වැටෙන තුරු  කවදත්  දෙ වා බැ     ට

 වැලිගල නම් කවියා  ලියු””’ වඩුග හටන ”   ”’ ” නම් කාව්‍යයේ   ””’රජයේ පිං  බත් කමින්  සිටි රටට බරක්  වූ වඩු ගයන් නඩත්තු   කිරීම සඳහා  ඇලවේලි බැඳ  කැලෑ කොටා  වම්බටු   , කෙසෙල් සිටුවීමට  සිංහලයන්ට සිදුවූ අයුරු ”” දැක්වේ .
                    වඩිග හැත්තට කන්ට  වම්බටු කෙසෙල්  පොල් හදනා      මෙනේ — සමග තල්  වතු  නොහැර ගඟදිය  හාරගම දක්වා  ගෙනේ
                 එලඟ එගොඩි න් තිබුන පල්ලේ කැ ලේ  වනසා කොටමිනේ — සෙනග හට  කල  කේඩු  මගේ එක මුවින්  පවසමි  කෙලෙසිනේ

        ඩේවි  දුටු ලංකාව ——”””’ ස්රිවික්‍රම සර්ව සම්පුර්ණ  කෘර පාලකයෙකු  පිලිබඳ නිදර්ශනයක්  ලෙස සැලකීම යුක්ති යුක්තය .   ”
    
 ශ්‍රී වික්‍රම අල්ලා ගැනීමට   ගිය ඇහැලේ පොළ  කනිෂ්ට පිළිමතලාව හා   ඒ ආදීන් සමග ගිය  සෙනග කන්දරාව  දින 5 ක් මුළුල්ලේම  මහවැලි ගඟින්  එතෙර වූ බව  ඉංග්‍රීසි හේවා පන්නයේ  සිටි තෝල්ක මුදලි මුදලි  ඩී  වී ඒ  දියෙස්  සියසින් දැක වාර්තාකර ඇත .    මෙයින් පෙනෙන්නේ මුළු මහත්  උඩරටම වඩු ගයා කෙරෙහි කල කිරී සිටිබවය  එත රම් සෙනගක් ගියේ එනිසාය .

තව පසුවට                     ——- SENA   D     ටයිප් කිරීම ගැන දුන් උපදෙස් වලට   පිං —-ලොරෙන්සෝ  හැකිතරම්  සරලව ලියන්න බලන්නම්  ඔබේ  උනන්දුවට ඔබටත් පිං .   මේ කරුනුත් ලියන්න හිතුවේ චානක බණ්ඩාරගේ ලියු ලිපිය  නිසය් ..  
   

 

One Response to “ශ්‍රී වික්‍රම රාජසිංහ හා සිංහල බෞද්ධ රට         2  කොටස”

  1. Jag Says:

    Excellent insight in to our history. Thank you.
    Singhalese Buddhists forever will pay the price for what those Waduga’s did to us. Whichever king who started importing Waduga brides has done the biggest blunder in our history.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress