හෙළ උරුමයේ අවස්ථාවාදය
Posted on July 1st, 2015

-ශිරන්ත චාමර යුතුකම සංවාද කවය www.yuthukama.com

ඊයේ පෙරේද රතන හිමියන් කියා තිබෙන්නේ මහින්ද චන්දය ඉල්ලීම නොව තමන්ගේ ප්‍රශ්නය වන්නේ මහින්ද චන්දය ඉල්ලන්නේ පැරණි හොරු තක්කඩින් වීම සමග වීම බවයි. එවැනි හොර තක්කඩින් සමග සන්ධානගත වීමට කිසිදු අපේක්ෂාවක් තමන්ට නැති බවත් කියා තිබේ. අප මෙය සැලකිය යුත්තේ මාස කිහිපයකට පෙර හෙළ උරුමයේ ක්‍රියාකාරීත්වය සමග ගෙන ය.
මහින්ද චන්දය පැරදුනු විගසම හෙළ උරුමය විසින් කලින් සැලසුම් කල පරිදි විමල් මහින්ද ඇතුළු අන් සියලු ජාතික බලවේග වලට එරෙහි ව දැවැන්ත ප්‍රහාරයක් ආරම්භ කරන ලදී. නලින් ද සිල්වා මහතා චම්පික ව සිංහල ප්‍රභාකරන් ලෙස හදුන්වන්නේ නිකම් නොවන බව අපට එවිට තේරුම් යාමට පටන් ගැනුනි. ප්‍රභාකරන් කලේද ඉතිරි සියලු දෙමල සංවිධාන නැත්තට නැතිකර දමා දෙමල ජනයා නියෝජනය කිරීමේ ඒකාධිකාරය තමන් අතට ආයුධ බලයෙන් ගැනීම ය. චම්පික මේ අවස්ථාවේ සිදු කිරීමට උත්සහ කලේ ද එයයි. එය ඔහු 2000 දී සිහල උරුමය පිහිටවූ අවස්ථාවේදී ද කිරීමට උත්සහ කලේ ය. එහිදී ඔහු ලියු සිහල අභියෝගය නම් පොතෙන් මේ බව හොදින් පැහැදිලි වේ. 80 දශකයේ රට වෙනුවෙන් වැඩ කල නලින් ද සිල්වා අමරසේකර වැනි ‘ හාන්සි පුටු ජාතික චින්තනවාදින්’ ව සම්පුර්ණයෙන් පරාජය කර ඔවුන්ගේ ඉතුරු බිතුරු ද අතුගා දැමිය යුතු බව එම පොතේ ඔහු පැහැදිලි ව කියයි. එදා ද ඔහු වරද්දා ගත්තේ ය. චන්ද්‍රිකා ගේ 1994 – 2000 ෆෙඩරල් ව්‍යාපෘතියට එරෙහිව ගොඩනැගුනු සියලු ජාතික ව්‍යාපාර සිහල උරුමය යටතට පැමිණ ඇති බවට මෝහනයකට එළඹුණු ඔහු තම ප්‍රභාකරන ස්වරුපය එදා එසේ නොබිය ව එළිදැක්වූයේ සිහල උරුමය නොබෝ කලකින් රටේ බලය අල්ලා ගනු ඇති බවට නිගමනය කිරීමෙනි. චම්පික මහින්ද පරාජයෙන් පසු දෙවන වතාවටත් මෝහනයට පැමිණියේ ය. ඊනියා යහපාලන ආණ්ඩුව ෆෙඩරල් තවලමේ යනවිට තමන්ට ජාතික ව්‍යාපාරයේ වීරයා බවට පත්විය හැකි බවට නිගමනය කල ඔහු ඒ හරහා රටේ බලයට පත්වීමට තිබු ප්‍රධාන බාධකය ලෙස දැක්කේ ජාතික ව්‍යාපාරය එකතු කිරීමට සමත් අනෙක් පුද්ගලයන් හා ව්‍යාපාරයන් ය. ඒවා නැතිකිරීමට ඔහු ජනවාරි 9 වන දා ම වැඩ පටන් ගත්තේ ය. මෙවැනි හිවලෙකුට ට ජාතිය ගැන ඇති හැගීම කුමක් ද ?

ජනවාරි මුල් කාලයේ දී රතන හිමි කියන මේ හොර තක්කඩින් ගෙන් වැඩි පිරිසක් මෛත්‍රිපාල සරණ ගොස් සිටියේ ය. එවිට චම්පික මේ හොර තක්කඩින් බේරාගැනීමට ඉදිරියට පැමිණියේ ය. ඔහු කිවේ සියලු දේට වැරදිකාරයා මහින්ද රාජපක්ෂ බව ය. එහෙත් මහින්ද බලවේගය වටා ලංකාවේ ඓතිහාසික සිංහල ජාතික ප්‍රවාහය එකතු වී චම්පිකගේ මෝහනයට කෙළ විය. යම් හෙයකින් මෙය සිදු නොවිණි නම් චම්පික අදටත් මහින්ද යනු වැරදිකාරයා බවත් මන්ත්‍රීවරුන් පුස් පැටවුන් බවත් අඟවමින් මෛත්‍රිපාල සමග එකතු වී මේ ‘හොර තක්කඩියන්’ සමග එකට චන්දය ඉල්ලීමට ඉඩ තිබිණි. එදාට රතන හිමිට ද මේ මන්ත්‍රීවරුන් ‘හොර තක්කඩියන්’ නොවීමට තිබිණි. අද නැවතත් තමන්ගේ ප්‍රශ්නය මහින්ද නොව මහින්ද වටේ සිටින ‘හොර තක්කඩියන් ‘ බව කීමෙන් හෙළි වන්නේ මේ පිරිසගේ අවස්ථාවාදී දේශපාලනයයි. එසේ කියන්නේ අද මහින්ද වටේ සිටින ජනතාව තරහ කරගැනීමට නොහැකි නිසා ය. ජනවාරි 9 වෙනි ද සිට ජාතියේ මහා වීරයා මෙන් හැසිරීමට උත්සහ කර සියලු ජාතික ව්‍යපාර විනාශ කිරීමට චම්පික භාරගත් කොන්ත්‍රාත්තුව ඉටු විනි නම් අද සිංහල ප්‍රභාකරන් බිහි වී අවසන් ය.

සිංහල ප්‍රභාකරන් යනු විජාතික බලවේග මෙන් ම සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදය ආදී වචන වලින් දමාගසන අන්තිම අවස්ථාවාදී නරුමයෙකු පමණි. අපට විමුක්තිය ලැබෙන්නේ මෙවන් හිතක් පපුවක් නැති නරුමයන් සමග නම් විමුක්තිය වෙනුවට පොළොවෙන් වඳ වී යාම සැප ය. මේ පිරිස ලක්ෂ පනස් අටකගේ නායකත්වය නැතිකර දැමීමට කල හැකි හැම දෙය ම කලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මතුරමිනි. උන්ගේ බම්බු ප්‍රජාතන්ත්‍රවාදය හදවතේ නැත. අනික් සමාජ ප්‍රවාහ වලට දේශපාලනය කිරීමට ඇති අයිතිය හදවතින් පිළිගන්නා එකෙකුවත් මෙවැනි අසමජ්ජාති වැඩවලට සම්බන්ධ වන්නේ නැත. ඔවුන් කිරීමට උත්සහ කලේ දේශපාලන සමුලඝතනයකි. මොවුන්ව චන්දයෙන් සමුලඝාතනය කිරීම අපේ යුතුකම වේ.

-ශිරන්ත චාමර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

6 Responses to “හෙළ උරුමයේ අවස්ථාවාදය”

  1. Christie Says:

    මේගොල්ලල සින්හලයින් විකුනගෙන කන් උන්. මුන් සින්හලයින් කෙරෙහි කිසිම අල්මක් නැති උන්. මම වරක් චම්පික උතුමානන්ගෙන් ඇහුව ඇයි තම්බින්ටයි බටහිරටයි විතරක් කෙලින්නෙ, අපිට කෙලින ඉන්දියන් කාරයින්ටයි ඉන්දියානු පරපෝසිතයන්ටයි කෙලින්නෙ නැත්තෙ කියල. මිනිහ ඒක මගහැරිය. මුනුත් ඇවිල්ල බො බ සේ, ජේ වී පී, පෙ ස පෙ, වගෙ ඉන්දියානු පරපෝසිතයින්ගෙ සල්ලි වලින් යැපෙන උන්.

  2. Dr.K Says:

    ‘හෙළ උරුමය ‘ නමින් එනකොට කවුරුත් හිතුවේ මේ පක්ෂය සිංහල බවුද්ධයන් වෙනුවෙන්ම ගොඩනගපු පිවිතුරු පක්ෂයක් කියලයි. කහකුරුල්ලෝ වගේ හාමුදුරුවොයි කිරිකොක්කු වගේ සුදු ජාතික ඇදුමෙන් සැරසුණු උපාසක මහත්වරුයි දැක්කහම අය මොකවත් නැහැ අපේ ගම්වල උපාසක උදවිය කපල එකක් කොටුව පිරෙන්න කතිරේ ගහල චන්දය දුන්නා ඒ අය පාර්ලිමේන්තුවට යවලා හෙළ උරුමය රටේ ආරක්ෂා කරගන්න.

    පහුගිය ජනවාරි 8 දා තිබුණු ජනදිපතිවරණයෙන් පස්සේ මේ අය කටයුතු කල ආකාරය දැක්කහමයි මේ අයගේ නියම තත්ත්වය දැක්කේ. මොවුන් කලේ හෙළයන්ගේ උරුමය හෙළයන්ට අහිමි කිරීමේ වදපිලිවලකට දායකවිමය.

    මොවුන්ට ‘හෙළ උරුමය ‘ යන නම ඉවත් කර ගැනීමට බලපෑම් කළයුතුව ඇත. ඔවුන් හෙළයනට වින -කරන්නෝය.

  3. Jag Says:

    Thank you Shirantha for your timely article. Champikayaa is one of the most despicable evil characters in today’s politics. It is high time that someone file a case against this low life in the court of law challenging the name of his political party. Because his behaviour is contrary to what he does.

    Although he uses ”Jaathika Hela Urumaya”, his party’s direction is quite the opposite. If he and his party if for ”Hela Urumaya” the first issue he should be taking up is the KURAGALA issue.

    He has amply shown the same qualities of prabhakaran by igniting and using racial politics with the sole motive of gaining power. He hates anyone who is in his way from reaching the top and he will find a reason to be so.

    This low life is an absolute venomous manipulator, schemer who will not stop doing what he does. He keeps on playing the same trick. He got close to Siraa by blaming MR and tried to manipulate Siraa. This is what he always does. MR did not dance to his tune, so he blamed MR.

    However, this leech still doesn’t understand that the whole country now knows who he is, and he himself has killed his own political future. He is nothing but absolute garbage.

  4. Ancient Sinhalaya Says:

    These lot should be called HORA URUMAYA.
    Champakaaa and rathanya & co a bunch of opportunistic thieves. They used MR and when realised
    MR was going to lose quickly jumped ship. Now champakaaa signing praises of MR again. He is like mussie
    rats. Mussie rats like hakima, bathihuththa etc. Always ministers whichever party wins. There is no patriotism in
    this lot. They are simply opportunistic thieves!

  5. Lorenzo Says:

    Ratana’s PA was arrested with heroin in his possession!

    Photoshop Patali was screaming about KP. Now what happened to KP? His is still a VVIP.

  6. ranjit Says:

    MR should not take back traitors who are against the Sinhala Buddhists and join with western backed agents of the UNP/Sira/Chandrika lot. We know who are truthful to the country and to it’s people very well.Nobody can hypnotize people with lies this time. We know all this bullshit characters who does not have any love to this country except power and money. All these small parties have their own agendas and we must not believe what they say in their public speeches because all what they utter are damn lies to hoodwink the voters.

    Champaka,Rathanaya,Awamangalaya,Rajithaya,Hakim and TNA and the rest in Jarapalanaya have only one common goal and that is to stay in power and to break the Sinhala land in to pieces just to please the so called International community including Indian parasites. Champaka and Rathanaya should be sent in to exile this time by voting them out completely. Rathanaya has a duty in the Temple not in politics. He should take Champaka as Abiththaya to serve him as he is a divorcee now.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress