ගමනක අවසානය
Posted on July 8th, 2015

නලින් ද සිල්වා

1959 සැප්තැම්බර් 26 වැනි දා බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු ගමනක අවසානය නමින් කෙටි වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කෙරිණි. මට ඒ චිත්‍රපටියේ නම මතක් වූයේ එතුමා ආරම්භ කළ ශ්‍රී ල නි ප 2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරී ඉන් හයමසකට පසු අද දින (2015 ජූලි 08) ආදාහනය කෙරෙන බැවිනි. ජනවාරි 8 වැනි දා බණ්ඩාරනායක මහතාගේ උපන් දිනය වීමෙන් කණගාටුව තවත් තීව්‍ර වෙයි. බණ්ඩාරනායක ඝාතනයට කැලණිය පන්සල සම්බන්ධ විය. බුද්ධරක්ඛිත හා විමලා විජේවර්ධන කැලණිය පන්සලේ කෙළිකරුවෝ වූහ.  ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙරුණේ කැලණිය පන්සලේ ප්‍රධාන දායකයකු වූ රනිල් වික්‍රමසිංහ අතිනි. මේ සිද්ධිවලින් පන්සලට අගෞරවයක් අත් නොවනු ඇත. එහෙත් දෛවයේ සරදම එබඳු ය. 

මෙය ශ්‍රී ල නි ප පිළිබඳ ගුණ කථනයක් නො වේ. 1951 දී බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි ප බිහි කෙළේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එය 1952 මින්නේරිය අතුරු මැතිවරණයට පෙර මෙරට ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීමේ දිශාවට ගමන් ඇරඹී ය. යම් යම් අඩපාඩුකම් තිබුණ ද අවුරුදු 63ක් පමණ ශ්‍රී ල නි ප මෙරට ජාතිකත්වයේ පක්‍ෂය ලෙස ක්‍රියා කෙළේ ය. ඒ පක්‍ෂය කුමක් දැයි හඳුනා ගැනීමට බොහෝ දෙනාට නොහැකි විය. මාක්ස්වදීන් ඒ පක්‍ෂය දුටුවේ ජාතික ධනේශ්වරයේ පක්‍ෂය ලෙස ය. ජාතික විඥානය යනු ව්‍යාජ විඥානයක් ලෙස සලකන මාක්ස්වාදයට ජාතිකත්වයේ පක්‍ෂ තිබිය නො හැකි ය. ඔවුන් ජාතික ධනේශ්වරය ලෙස හැඳින්වූයේ ද ශ්‍රී ලාංකික යන හුදු භූගෝලිය අර්ථයකිනි. ශ්‍රී ල නි පක්‍ෂය පිළිබඳ වෙනත් දෘෂ්ටි කෝණයකින් බැලීම ආරම්භ කළ මාක්ස්වාදී නායකයා වූයේ එවකට විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයා වූ පිලිප් ගුණවර්ධන මහතා ය. එතුමා එවකටත් මාක්ස්වාදයෙන් යම් ප්‍රමාණයකට කැඩී තිබීම මෙහි දී වැදගත් වෙයි. 1956 දී මහජන එක්සත් පෙරමුණ බිහිවූයේ ප්‍රධාන වශයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ හා විප්ලවකාරි ලංකා සමසමාජ පක්‍ෂයේ සුසංයෝගයෙනි. 

එහෙත් අවාසනාවකට ඒ පක්‍ෂ දෙකට වැඩි කලක් එකට ක්‍රියාත්මක වීමට නො හැකි විය. බණ්ඩාරනායක ඝාතනයට සුළු කලකට පෙර පිලිප් ගුණවර්ධන මහතාට  ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු විය. ඒ ආණ්ඩුවේ ඇතැමුනට ම එ පෙරමුණේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති දිරවා ගත නො හැකි වීම නිසා ය. බණ්ඩාරනායක ඝාතනය හුදු පෞද්ගලික ඝාතනයක් නො වී ය. බුද්ධරක්ඛිත විමලා විජේවර්ධන දුසංයෝගයට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නො ගැලපිණි. 

ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වූයේ එහි නායකයන් නිසා ම නොව පක්‍ෂය වටා සිටි අනුගාම්කයන්, ආධාරකරුවන්, හිතවතුන් ආදීන් නිසා ය. ශ්‍රී ල නි ප ඝාතනය කිරීමට අනූවේ දශකයේ මුල උත්සාහයක් ගැණිනි. වික්ටර් අයිවන්, ප්රාජිත ආදීහු එංගලන්තයේ සිටි චන්ද්‍රිකා මෙරටට ගෙන්වා පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ ගත්හ.  කුරුඳු පොලු මංගලලා පමණක් නොව චම්පකලා ද එකල එයට ආධාර කළහ. එහෙත් පක්‍ෂයේ හිතවත්තු එයට ඉඩ නොදුන්හ. අයිවන්ලාට අකුලා ගැනීමට සිදු විය. 

2005 දී මහින්ද රාජපක්‍ෂ පක්‍ෂ නායකත්වයට පත් කර ගනු ලැබිණි. එහෙත් ඒ ජනාධිපතිවරණයෙන් මාස ගණනාවකට පසුව සිදු වූවක් විය. අද අප්සරාවක් ලෙස පෙනී සිටින චන්ද්‍රිකා එදා සභාපතිත්වය අත්හැර නො ගියා ය. ඇගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එබඳු විය. අද රනිල් මෛත්‍රිපාල දුසංයෝගය ස්තොත්‍ර ගයන්නේ් එවැනි චන්ද්‍රිකා කෙනකු වෙනුවෙනි. මහින්දගේ නායකත්වයෙන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. රට ජාතික මාවතක ම නොවූවත් බටහිර යටත්විජිත විරෝධී මාවතක ගමන් කිරීම අරඹා තිබිණි.

බටහිරයෝ හා ඉන්දියානුවෝ එකතු වූහ. මෛත්‍රිපාල නම් ගැත්තකු ආධාර කරගෙන විජාතික බලවේගවල නියෝජිතයෝ  උපක්‍රමශීලීව රනිල් පික්පොකට් අගමැති කර ජනවාරි 8 වැනි දා  ශ්‍රී ල නි ප ඝාතනය කළහ. මළේ අප්පච්චි නොව පක්‍ෂය ය. අප 1998 පෙබරවාරි 4 වැනි දා වෙල්ලස්සේ දී වේල්ස් කුමාරයා වෙනුවට වෙල්ලස්සේ කුමාරයා සමරනවිට එයට විරුද්ධව තර්ජනයෙන් අප නැවැත්වීමට උත්සාහ කළ විජිතමුන්ිට මරාදමනු ලැබුයේ පක්‍ෂය බව තේරුම් ගැනීමට නොහැකි විය. බුද්ධරක්ඛිත හා විමලා බණ්ඩාරනායක මහතා ඝාතනය සැලසුම් කළ ආකාරයට විමලාගේ බැණනුවකු වූ රනිල්, සෝභිත හා රතන හිමිවරුන් සමග එකතු වී ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙළේ ය. චම්පක, සුමන්තිරන්, හකීම් ආදීහු ඩිකීලා සිඩ්නිලා වූහ. මෛත්‍රිපාල ඉටු කෙළේ සෝමාරාමගේ කාර්ය භාරය ය. ඝාතනයෙන් මාස හයකට පසු අද දින අදාහන කටයුතු සිදු කෙරෙයි. චිතකයට ගිනි තැබීම චාරිත්‍රානුකුලව නොවුණත් චන්ද්‍රිකා හා පාක්‍යසෝති (සුනේත්‍රා නියෝජනය කරමින්) අතින් සිදුවෙයි.  

නලින් ද සිල්වා

2015 ජූලි 08

6 Responses to “ගමනක අවසානය”

  1. Christie Says:

    ජඩයෝ දෙන්නේ නැත. Jai Hind
    1. Christie Says:
    May 18th, 2015 at 3:32 am
    Namaste: අපිට ඉන්දියානු පරිප්පු වමාරන්න අමාරුයි, මොකද 1792 ඉඳල ඉන්දියානු පරිප්පුනෙ අපි කන්නෙ. අපි සුද්ද යටතෙ හිටියට අපිව බලාගත්තෙ කන්න දුන්නෙ ඉන්දියන්කාරයොනෙ. පරිප්පු කාල කාල බටහිරට ගරහනෙ එක තමයි අපේ වැඩේ ඉන්දියානු ජඩයෝ අපිට කරන අපරාදය අපිට දැනෙන්නෙ නැහැ. Jai Hind
    ඇත්ත වසයෙන්ම අපේ රටේ බමුනු කුලය පටන්ගත්තේ සොලොමොන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරනයක විසිනි. ඔහුට මුදල් වියදම් කලේ කොලොඹ හා වතුකරයේ ඉන්දියානු බමුනන් විසිනි. ඉන්දියාවේ සිට අඩුකුලයන්ට ගමකින්වත් පිටවීමට බමුනෝ ඉඩනොදෙති. අපේ රටට සුද්දගේ තුවක්කුව යටින් ආවේ ඉන්දියානු වැඩිකුලයේ උන්ය. හොඳම උදාහරනයනම් ලන්දේශි දේපොල පාලනයට ගෙනා මලබාර් වෙල්ලාලයන්ය. යමක් කමක් තිබූ යමක් ඉගෙනගත් සින්හලයින් බමුනන් ලෙස හන්වඩුගසා විනාසකිරීම ඉන්දියානු ජඩවාදයේ හා ඉන්දියානු පර පෝශිතයන්ගෙ කිරියාදාමයකි. උන් 1956 සිට 2005 දක්වාත් 2015 ජනවාරි අට සිට අද දක්වාත් වැඩේ ඉතමත් හොඳින් කරගෙන යයි. මිනිසුන් එකිනෙක කොටස්වලට බෙදා පාලනය කිරීම හින්දු ඉන්දියානු ජඩවාදයයි. අද බමුනෝ තමයි ආන්ඩුකාර චන්ද්රිකා, කන්කානි රනිල් හා කුලී කාරයා සිරිසේන.

    My3 did what Banda did in 1951. Like My3 he destroyed the Sinhala Businesses and helped Indian Colonial Parasite to prosper. Budhdha Rakkitha and Somarama are great Sinhala sons who cut short thelife of the first Indian Rmpire’s Governor SWRD. Shoud I say like daughter like father. Anyone interested why Banada was killed should read the court case. Let him attain Nibbana and RIP.OM SHIVA!

  2. Leela Says:

    ශ්‍රිලනිප ය ජාතිකත්වයේ පක්‍ෂ ය තමයි. නමුත් සිරා ටයි චෞරවී ටයි ශ්‍රිලනිප භේද භින්න කරන්න ඔිනැ නම් එ්කට ජාතිකත්වය අගයන අපට කොරන්න දෙයක් නැහැ. ශ්‍රිලනි පක්‍ෂෙ රැක ගන්න කියල සිංහල ජාතියට දිවි නසා ගන්න ඉඩ දෙන්න බැහැ. අනෙක ජාතිකත්වය ට විරුද්ධ එවුන් ගෙ කර පිටින් බලයට අාපු මෝඩ සිරා ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්න ද. සිරා ට අැඹරෙන්න අවශ්‍ය නැහැ. ගම් වල තත්වය අපට පෙනෙනවා. සිරා ට නම් හුප්පෙ තමයි. එජාප යට තියෙන්නෙ කවදත් ලැබෙන කොල පාට චන්ද ටික ලැබෙනවා. සරදියෙල් අය-වැය බොරුව හේදිලා ගිහින්. සිරා ට ලැබිච්ච මධ්‍යස්ත චන්ද අද එජාපෙ ට හම්බ වෙන්නෙ නැහැ. මහින්ද කන්ඩායම ට ජය නියත මේ වෙලාවෙ මහින්ද වෙනම පක්‍ෂය කින් චන්දය ඉල්ලිය යුතුයි කියල දැන් ටික දිනක ඉඳල අපි කියවන්නෙ එ්කයි. ඉතා මධ්‍යස්තව ගනන් හැදුවත් අාසන 117-125 අතර ගත හැකි බව අපට නම් ෂුවර්. වෙන ලියන්න වෙලාව නැහැ. මේ දවස් වල මහින්ද දිනවන්න නොයෙක් නම් වලින් අපි Fb එකේ පූර්ණ කාලීනව වැඩ.

  3. Christie Says:

    අපේ සමාජවාදියෝ දකින්නෙ සින්හල දනපතියො විතරයි. මොකද මුන් ඔක්කොම ඉන්දියන් කාරයගෙ තුට්ටු දෙකෙන්නෙ තමඉ සමාජවඩ දේසපාලනය කරන්නෙ. ඔය පරනකාලෙ උනුත් අද ඉන්න උනුත් ඉන්දියන් පරපෝසිතයන්ගෙ සල්ලිවලින් තමයි සමාජවඩ දේසපලනය කරන්නේ. ඉන්දියන් කාරයො තමයි මුන්ගෙ මොලේ කරකරන්නෙ. ඡන්ඩ්‍රික, මඉත්‍රි, රනිල් හොඳම උදහරන.

  4. Senevirath Says:

    පක්ෂය යකාට ගියදෙන් සිහලුනි මහින්ද සමග ගමනේ යා

  5. Independent Says:

    සිහලුන් ගේ ගමනක අවසානය ද වියහැක​. වති-කානුවේ පිහිටයි.

  6. Christie Says:

    Senevi, I totally agree with you. Mahinda changed SLFP form the anti Sinhala suckers of Bandaranayakes. I respect Sirima for what she did other than that Bandaranayakes are suckers of Indian Empire and Indian Colonial Parasites.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress