ජනාධිපති මෛත්‍රීගේ තීන්දුව!
Posted on July 11th, 2015

ගාමිණී සුමනසේකර Courtesy දිවයින



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ජීවිතයේ අසීරුම තීරණය ගත් දවස හා එය ක්‍රියාවට නැංවූ දුෂ්කරම හෝරාව කුමක්‌ද?

එදා ජනාධිපතිවරණ සටන සඳහා සිය නායකයා සමග රාත්‍රියේ එකට වාඩි වී ආප්ප අනුභව කර පෙරළා නිවසට පැමිණ පොදු අපේක්‍ෂකයා වීමට තීන්දු කළ මොහොත ද? නොඑසේ නම් ප්‍රබල රාජපක්‍ෂ පාලනය පෙරළා දමා ජනාධිපතිවීමෙන් පසු, එදා ජනවරමින් පසු බැස්‌ස වූ මහින්ද රාජපක්‍ෂට යළිත් දේශපාලනයට පිවිසීමට අනුමැතිය ලබාදීමට තීරණය කළ මොහොත ද?

ජනාධිපතිවරයා මගේ ප්‍රශ්න දෙකටම සිනහවෙන් ප්‍රතිචාර දැක්‌වුවද මෙයින් ඔහු වඩාත් අසීරුවට පත් කළ මොහොත, යළිත් හිටපු ජනාධිපති මහින්දට දේශපාලනයට පැමිණීමට තම එකඟතාව ලබාදීමට තීරණය කළ මොහොත බව මට වැටහුණි. මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා එක පෙළට සිටගත් සියලුම දේශපාලන පක්‍ෂ මෙන්ම ඒ සඳහා කැපවූ සිවිල් සංවිධානවල නිර්දය විවේචන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සීමාවක්‌ නොමැතිව එල්ල වෙද්දී ඔහුට මේ සඳහා එකඟ වීමට සිදු විය. එහෙත් මේ වනතුරුම ඔහු සිය තීන්දුව පිළිබඳ විග්‍රහයක්‌ කළේ ද නැත.

යහපාලනය වෙනුවෙන් පෙනී සිටි මෛත්‍රීපාල ජනාධිපතිවරයා මහින්දට එරෙහි වූයේ කිසිදු බල තණ්‌හාවකින් නොව ප්‍රජාතන්ත්‍රවාදයත් සාධාරණ සමාජයකුත් තහවුරු කිරීමටය. ඔහු ඒ සඳහා කැපවූයේ ඉතා අවංක අදහසින් බවද නිසැකය. එසේම මෛත්‍රී රනිල් සුසංයෝගය පිළිබඳව පරිණත දේශපාලන ඇසකින් බැලීමට එජාපයේ මෙන්ම ශ්‍රී ලනිපයේ බහුතරයකට ද නොහැකි විය. පක්‍ෂ දෙකටම අවශ්‍ය වූයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාට තම අයිතිය කීම විනා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්‌කරණය නම් නොවේ.

මෛත්‍රී රනිල් දින සියයේ ප්‍රධාන පොරොන්දුවක්‌ වූ 19 වැනි සංශෝධනය යන්තම් ගොඩදා ගැනීමට හැකි වුවද ඉන් එහාට ගිය ප්‍රබල දේශපාලන වෙනසක්‌ රටට සිදු වූයේද නැත. රාජපක්‍ෂ යුගයේ මැති ඇමැතිවරුන් කීපදෙනකු රිමාන්ඩ් භාරයට පත් කළත් වේදිකා දෙදරවමින් මොර දුන් කුඩුකාරයන්ට උදව් දුන් අය හෝ එතනෝල් කාරයන් හෝ වෙනත් දූෂණ හා වැරදි සිදු කළ අය හෝ අධිකරණයට රැගෙන ගියේද නැත. බිලියන ගණනින් ගසා කෑම් සිදු කළ බව කියනු ඇසුණි. අරලිය ගහ මැදුරේ දන්සල් ගැනද, ඡන්දයට සිල් රෙදි බෙදූ අය ගැන ද තවත් බොහෝ දේවල් ද සමාජ ගත කළත් මේ වනවිට ඒවා නිකම්ම සිදුවීම් වී තිබේද යන්නත්a දන්නේ දෙවියන් පමණි.

හිටපු ජනාධිපතිවරයා මෙරට පහළ වූ දූෂිතම නායකයකු ලෙස රටට කීවත් ගම් දනව්වල ප්‍රතිචාරය ඊට වඩා වෙනස්‌ විය. හිටපු ජනාධිපතිවරයා බෝධි පූජා සඳහා පන්සල්වලට යද්දීත්, ඔහු සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා කළ යුතු යෑයි සන්ධානයේ වෙනත් පක්‍ෂ කියද්දීත් පරාජිත මහින්ද වටා යළි විශාල ජනමතයක්‌ ගොඩනැඟෙමින් තිබිණි. එහෙත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියටත් ඇගේ සමීපතම සගයන්ටත් මහින්ද පාර්ලිමේන්තුවට නැවත පැමිණීම වැළැක්‌වීමට අවශ්‍ය වූහ.

මහින්ද විරෝධී සිවිල් සංවිධාන යළි නැඟී සිටින්නටද විය. මෛත්‍රී බලයට ගෙන ඒමට කැපවූ හිමිවරු ද වෙනත් සිවිල් ක්‍රියාධරයෝ ද මහින්දට යළි ඉඩ දීම ජනවාරි 8 වැනිදා දුන් ජනවරමට ෙද්‍රdaහි වීමක්‌ බව කීහ. එජාපය ද ඒ සඳහා නිබඳවම පෙනී සිටියහ. දේශපාලන තර්ක විතර්ක ගොඩනැඟෙමින් තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ කිසිවකට කිසිදු ප්‍රතිචාරයක්‌ නොදැක්‌වීය. එහෙත් පසුගිය දිනක අප සමග කියා සිටියේ දේශපාලන තීන්දුවලදී සියලු දෙනාම පිනවිය නොහැකි බවය. එහෙත් තමන්ට රාජපක්‍ෂ පාලනයට කිසිදු සහතිකයක්‌ දිය නොහැකි බවද ඔහු අවධාරණයෙන් කීවේය. යම් හෙයකින් ඔහුට නාමයෝජනා නොදී පක්‍ෂය දෙදරා ගොස්‌ ඔහු වෙනම ජයගතහොත් තම විරෝධය පුස්‌සක්‌ වන බවද ජනාධිපතිවරයා කීවේය.

සන්ධානයෙන් මහින්දට තරග කිරීමට ඉඩ ලැබෙන්නේ මේ පසුබිම තුළය. එදා මෛත්‍රී සමග ගිය සියල්ලෝම මෙයට ඉඳුරා විරුද්ධ වූහ. එස්‌. බී. නාවින්න කෙළින්ම එජාපයට බැඳුණි. තවත් බොහෝ දේවල් සිදුවිය හැකිය. අවසාන මොහොත වන තුරුම මෛත්‍රී පිලේ සියල්ලෝම මේ අනුමැතිය හිමිවීම පිළිබඳව සැකමුසුව සිටියහ. ඇමැති රාජිතගෙන් බොහෝ විට ප්‍රකාශ වූයේද මහින්දට අනුමැතිය ලබාදීම තවමත් සිදුවී නැති බවය. එහෙත් සන්ධානයේ හා ශ්‍රී ලනිප මහ ලේකම්වරුන් දෙපොළම කියා සිටියේ මහින්දට නාමයෝජනා ලැබෙන බවය. ඔවුන් කී පරිදිම බ්‍රහස්‌පතින්දා සිය නාමයෝජනාවට අත්සන් කිරීමට මහින්දට හැකි විය.

දැන් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සිදුවන්නේ කුමක්‌ද? සිය කැමැත්තෙන් තමන් සතු බලය අඩු කළ පරමාදර්ශී චරිතයක්‌ ලෙස ලෝක දේශපාලනයට ඔසවා තැබූ මෛත්‍රී ගැන හෙට සිට කුමන දේවල් කියනු ඇද්ද? අල්පේච්ඡ ජීවිත රටාව, සරල පැවතුම් පරිත්‍යාගශීලී නායකත්වය, ජාතික සමගියට කැපවීම, සාධු සම්මත දේශපාලනය, පොදු ජනතාව සමඟ අනන්‍යවීම ආදියෙන් මෙරට පහළ වූ අව්‍යාජම නායකයා ලෙස ජන බුහුමනට පාත්‍ර වූ මෛත්‍රී ගැන හෙට සිට කුමක්‌ කියනු ඇද්ද?

ජනවාරි 8 වැනිදා විජයග්‍රහණය කළ ජනතා ප්‍රාර්ථනාවන් යළිs ආපසු හැරවීමට ඉඩ දුන් ෙද්‍රdaහියකු ලෙස මෛත්‍රී හැඳින්විය හැකිද? මෛත්‍රීට එරෙහිව මහින්දට ඡන්දය දුන්a ලක්‍ෂ 58 ක ජනතාවක්‌ද සිටිති. ඒ අය හඳුන්වන්නේ කෙසේද? ඇත්ත වශයෙන් ම මේ ලක්‍ෂ 58 තවමත් මහින්ද සමග සිටිත් ද යන්න නිශ්චිතව කිව නොහැක. සන්ධානයේ සමහරු එය තවත් වර්ධනය වී තිබෙන බව කියති. මහින්ද විරෝධීන්ගේ අදහස ඔහු නියත වශයෙන් ම පරාජය ලබන බවය.

කෙසේ හෝ මහින්දගේ දිනුම හෝ පැරදුම තිබෙන්නේ ජනතා කතිරය මතය. මහින්ද දේශපාලනයෙන් විශ්‍රාම ගැන්වීමේ බලය තිබෙන්නේ ද ජනතාවටය. මහින්ද බලයට පත් කිරීම සඳහා හිසට තුවක්‌කුව එල්ල කරන්නෝ සිටිත්ද? එසේ සිටියත් මේ තිබෙන දේශපාලන වාතාවරණය තුළ එබඳු දෙයක්‌ කළ නොහැක. ඒ නිසා ශ්‍රී ලංකා දේශපාලනයේ මහින්ද සාධකයේ තරම අගෝස්‌තු 17 න් පසු අපට බලාගත හැකිය.

දේශපාලනය යනු ශාන්තුවරයන්ගේ ව්‍යාපාරයක්‌ ද නොවේ. මේ රටේ දේශපාලන ඉතිහාසය විමසා බලනවිට එහි තිබෙන බොහෝ දේවල් අපට වටහාගත හැකිය. මහින්ද පාලනයට පෙර මේ රට තුළ අල්ලස, දූෂණ, භීෂණ, කොමිස්‌, වංචා කිසිවක්‌ සිදුවී නැද්ද? ඊට පෙර රට පාලනය කළ අය පෙරාපු රත්තරන් ලෙස හැඳින්විය හැකිද? 1978 න් පසු බිහිවූ දේශපාලන සමාජය, දේශපාලන සංස්‌කෘතිය ඉඳුරා යහපත් එකක්‌ද? ඒ යුගවල හොරු නොසිටියෝද? ස්‌ත්‍රී දූෂකයෝ නොසිටියෝද? අපරාධ, පාතාල නොවීද, පවුල් ගස්‌, ඥති සංග්‍රහ කිසිදිනක නොවූ දේවල් ද? ස්‌වාර්ථලාභී දේශපාලන අමනයෝ නොසිටියෝa ද?

ප්‍රජාතන්ත්‍රවාදයේ සාධනීය ලක්‍ෂණ වනසා දැමීම සඳහා මේ හැම දේශපාලන පක්‍ෂයක්‌ම අඩු වැඩි ලෙස දායක වූ බව ඒ දේශපාලන ඉතිහාසය විමසද්දී පෙනී යයි. මැතිවරණ කොල්ලය, ඡන්දදායකයන් බිය ගැන්වීම, ඝාතනය, වෙඩි තැබීම් මේ පක්‍ෂවල නායකයන් අනුමත නොකළ ද අනුගාමිකයන් විසින් කරන ලද බව නොරහසකි.

මේ රටේ දේශපාලන ඉතිහාසය බලද්දී තුනෙන් දෙකේ ඡන්ද බලයක්‌ හිමිව තිබුණේ 1970 දී මැතිනියට හා 1977 ඡේ. ආර්ටය. ඊට පසු 2010 වෙද්දී මහින්දත් ඒ බලය ලබා ගත්තේය. මේ අවස්‌ථා තුනේදීම දේශපාලන බලහත්කාරකම්. මෙන්ම ප්‍රතිවාදීන් මැඩීම සඳහා ගත් පියවර අපට මතකය. මේ අවස්‌ථා තුනේදීම ඒ පාලකයන්ගේ ක්‍රියාකාරකම් නිසා දේශපාලනය ජනතාවට තිත්ත වී තිබිණි.

මහින්ද රාජපක්‍ෂ යුගය එහි උපරිම අවස්‌ථාව ලෙස රටට පෙනුණි. ත්‍රස්‌තවාදය විනාශ කර රටේ නිදහස තහවුරු කළ මහින්ද ජාතික සමගිය ඇති කිරීමට අසමත් විය. රටේ භෞතික සංවර්ධනය සිදු වුවද මහින්දගේ දෙවන ධුර කාලය තුළ අතිශය ආන්දොaලනාත්මක සිදුවීම් ද දැකගත හැකි විය. රාජ්‍ය බලය අයුතු ලෙස යෙදවීම, මහා පරිමාණ, දූෂණ, වංචා, නීතිය අසරණ වීම, ඥාති සංග්‍රහය, පුත්‍ර සංග්‍රහය එහි නරකම ලකුණු බවට පත්ව තිබිණි. මහින්ද රජෙකුට අන්දවා හීන් නූලෙන් රටේ සදාචාරය, ප්‍රජාතන්ත්‍රවාදයේ යහගුණ විනාශ කිරීමට ඔහුගේ අනුගාමිකයෝ එඩිතර වූහ.

මහින්ද තුන්වන වරට බලය ලබා ගැනීමට ඉදිරිපත් වන්නේ ඒ පසුබිම තුළය. මහින්ද පරාජය කිරීම සඳහා ජන බලයක්‌ ගොඩනැඟෙන්නේ ඉතා සියුම්වය. ඇත්තටම ඔහුට දේශපාලනිකව මුහුණදිය හැකි චරිතයක්‌ නොවීය. එහෙත් සිය ජීවිතය පරදුවට තබා මෛත්‍රීපාල ඒ අභියෝගයට උරදී මහින්දව පරාජය කිරීම මේ රටේ දේශපාලනයේ දැවැන්ත කාර්යක්‌a විය.

මෛත්‍රී ජනාධිපති ධුරයට පත් කළ සංවිධාන, සිවිල් ක්‍රියාධරයෝ මුල්වී 19 වැනි සංශෝධනය රැගෙන එති. ඒ සඳහා මෛත්‍රී දුන් අනුබලය ඓතිහාසිකය. සිය බලය අත්හැරීමට තරම් ඔහු නිහතමානී විය. මහින්දව යළි කැඳවන්නේ ඒ මෛත්‍රීපාලම වීම බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයයි. එනිසාම ජනාධිපති මෛත්‍රීගේ තීරණය නැතහොත් මහින්ද යළි ලංකාවේ දේශපාලනයට කැඳවීමට දුන් අනුමැතිය බොහෝ දෙනා අන්ද මන්ද කරවන සුළු විය හැකිය. ජාතික හෙළ උරුමය මෙන්ම මෛත්‍රීට සහාය දුන් සමහරු මේ වනවිට ද බිඳී වෙන්ව සිටිති. එ.ජා.ප. ය ද මේ තීරණය අනුමත නොකරයි. එය කාටත් තේරුම් ගත හැකිය. මන්ද යත් රනිල් ප්‍රමුඛ එජාපයට සටනක්‌ දිය හැකි එකම නායකයා මහින්ද හා සන්ධානය බව එජාපය දනී.

එ.ජා.ප. යත්, මහින්ද විරෝධීහුත් ‘දේශපාලන ගේම්’ ගැන හොඳින් දනිති. දැන් තාවකාලිකව ඒ ‘දේශපාලන ගේම්’ නැවැත්වීමට සිදු වෙයි. මන්ද යත් මහින්දට නාමයෝජනා ලැබීම නිසාය. ඒ නිසා මහින්ද ඉවත් කිරීමේ දෙවැනි වටයට ඔවුන්ට යැමට සිදුවී තිබේ. මේ වටයේදී ජනතා සහාය අවශ්‍යය. ඒ සඳහා වෙනම ක්‍රම සහ විධි අවශ්‍යය. ජනතාවගේ ඔලුගෙඩිවලට ඇතුල් කරන දේවල් ප්‍රවේශමෙන් තෝරාගෙන කරන දේශපාලනය ඒ තරම් පහසු ද නැත.

රාජපක්‍ෂ පාලනයට එරෙහිව නැඟී සිටි මෛත්‍රීට ජනතා බලය හා සිවිල් සංවිධාන බලය හිමිවීමද ඒ ජයග්‍රහණයට මුල් විය. දැන් යළිත් රාජපක්‍ෂ පාලනයකට ගමන් කිරීම වැළැක්‌වීමට මේ මහින්ද විරෝධී පිලට හැකි වන්නේ නම් මහින්ද යළි බලයට පත්වීම හීනයක්‌ පමණි.

අද දේශපාලන භූමියේ සටන් පෙරමුණු දෙක ඉතා පැහැදිලිය. ඒ රනිල් හා මහින්දය. රනිල් ප්‍රජාතන්ත්‍රවාදී හා අදූෂිත නායකයකු ලෙස පිළිගනු ලැබේ. එහෙත් ඔහුට මුහුණ දෙන්නට සිදු වූ මහ බැංකු ගනුදෙනුව මේ මැතිවරණ සටනේදී රැව් දෙනු නිසැකය. මහින්දගේ පිලට මෙන් රනිල්ගේ පිලට දැඩි විවේචනයක්‌ එල්ල නොවුවද එහිත් ජනතා විවේචනයට ලක්‌වූ චරිත සිටිති. දේශපාලන හරයක්‌ සහිත අයට වඩා දේශපාලන වාචාල චරිත ද වෙති.

මහින්දගේ පිලේ ඊට වඩා විවේචනයට ලක්‌වූ චරිත හමුවෙති. චෝදනා එල්ල වූ අය ද සිටිති. නීතිය ඉදිරියට නොගියත් නීති විරෝධී වැඩ කළ බවට කියෑවෙන චරිත ද සිටිති. එසේම ජාතික සංස්‌කෘතික හරයක්‌ සහිත දේශපාලන චරිත ද සිටිති. මෛත්‍රීගේ යහපාලනයට ගැලපෙන චරිතවලට වඩා එදා මහින්දව පතුරු ගැසූ චරිත ද එහි සිටිති.

කෙසේ හෝ මේ වනවිට චන්ද්‍රිකාගේ බලපෑම් දුබල වෙමින් මෛත්‍රී මහින්ද වෙතට නැඹුරුවක්‌ වන බව සමහරු කියති. චන්ද්‍රිකා රනිල්, මෛත්‍රී ලෙස තිබුණ කඳවුරු ද ලිහිල් වී ගොසින් ය.

චන්ද්‍රිකාට රනිල් වෙනුවෙන් දැන් කළ හැකි දෙයක්‌ නැත. මෛත්‍රීටද කිසිම ආකාරයකින් රනිල්ගේ ජය වෙනුවෙන් පෙනී සිටීමට ද නොහැක. ඇතැම් විටක මෛත්‍රී මහින්දගේ වේදිකාව මගහැර තම පක්‍ෂයේ තමන්ගේ සගයන්ට සහාය දැක්‌වීම ද ඉඩ තිබේ. ඒ මොනවා වුවත් ඊළඟ ආණ්‌ඩුව සෑදිය යුත්තේ බහුතර පක්‍ෂයේ එනම් එජාපයේ හෝ සන්ධානයේ අය සමඟය.

මහින්ද සමඟ එජාප ආණ්‌ඩුවක්‌ බිහි නොවන බව සමහරු සහතික කරති. එහෙත් ඊළඟට ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට සිදු වුවහොත් කුමක්‌ සිදුවේද? මේ දේශපාලනය තුළ අනාවැකි කීම ඉතා අසීරුය. මෛත්‍රී කලින් කී පරිදි ප්‍රධාන පක්‍ෂ දෙක එක්‌ කර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවිය හැකිද? ඒ ආණ්‌ඩුව අවුරුදු 2 ක්‌ පාලනය කර ඉන්පසු කරන්නේ කුමක්‌ද? අනෙක ප්‍රධාන පක්‍ෂ එක්‌ වුවහොත් විපක්‍ෂ නායකත්වය කාටද ? ජවිපෙට මේ මැතිවරණය තුළ හිමිවන බලය කුමක්‌ද? දෙමළ සන්ධානය අභිභවා යන බලයක්‌ ඔවුන්ට හිමිවන්නේ නම් එයද සුවිශේෂ තත්ත්වයකි.

උතුරේ දෙමළ ජනතාව මෙන්ම නැගෙනහිර මුස්‌ලිම් ජනතාව වඩා සමීප වන්නේ මහින්දට නොව රනිල්aටය. එ.ජා.ප. ය මහින්ද අභිභවා යන බලයක්‌ ලබාගත හොත් සුළු පක්‍ෂ ඔහුට සහාය දීමටද ඉඩ තිබේ. ඒවා කිසිසේත් මහින්දට සහාය දෙනු ඇතැයි සිතිය නොහැක. එසේම මහින්ද නිසා ඒ ජන කොටස්‌ මෛත්‍රීගෙන් ද ඈත් විය හැකිය.

උතුරු නැගෙනහිර ජනතාව එදා මෛත්‍රීට දුන් සහාය මහින්ද සමග සිටින සන්ධානයට ලබාගත නොහැකිය. දකුණේ යුද වීරයා වන මහින්ද තවමත් උතුරේ ඇතැම් පිරිස්‌වලට දුෂ්ටයෙකි. ඒ නිසා මහින්දගේ ජයග්‍රහණයේ යතුර තිබෙන්නේ උතුරේ නොව දකුණේ බවද ඉතා පැහැදිලිය. ඒ කුමක්‌ වුවත් ජනාධිපති මෛත්‍රීගේ තීන්දුව බල රහිත කරන තීන්දුවක්‌ ගත හැක්‌කේ අන් කිසිවකුටත් නොව ජනතාවටම පමණක්‌ බවද සඳහන් කළ යුතුය.

කෙසේ හෝ වේවා හිටපු ජනාධිපති මහින්දට නාමයෝජනා ලබාදීමෙන් පසු මෙම දේශපාලන නාටකය කූටප්‍රාප්තියට පැමිණ ඇතැයි කෙනකුට පෙනී යා හැකිය. එහෙත් අප තුළ නම් තවමත් නාට්‍යමය කුහුල දනවන සිදුවීම් නැඟිය හැකිද යන පැනයක්‌ ද ඉතිරිව තිබේ. ජනමාධ්‍යවල මෙම සිදුවීම අර්ථකථනය කර තිබුණේ මෛත්‍රීපාල නමැති මනමේ කුමරිය මහින්ද නමැති වැදි රජුට අපේක්‍ෂකත්වය නමැති අසිපත දෙන ආකාරයටය. එහෙත් අපගේ අර්ථකථනය ඊට වෙනස්‌ ය.

මේ මෛත්‍රී කුමාරයා දේශපාලන වනාන්තරයේ ඇවිද ගියේ මහින්ද වැදි රජු හා පිරිස තමන් ඉලක්‌ක කරමින් හැසිරෙන බව දැන දැනය. එය එසේම සිදුවිය. මෛත්‍රී කුමරුන් හා මහින්ද වැදි රජු හමුව සිදු විය. වැදි පිරිස ද වට කොට සිටියහ. මෛත්‍රී කුමරුන් – නාමයෝජනා නමැති අසිපත දෙන්ට පෙර එය උදුරා ගනු ලැබිණි. එහෙත් සරච්චන්ද්‍රගේ නාටකයේදී මෙන් මම ඒ අසිපත ඔබට දීමට වඩාත් කැමැත්තෙන් සිටියෙමියි යෑයි මෛත්‍රී කුමරු කිසිදිනක නොකියන බව නිසැකය.

ගාමිණී සුමනසේකර
 

One Response to “ජනාධිපති මෛත්‍රීගේ තීන්දුව!”

  1. Christie Says:

    1. Christie Says:
    July 11th, 2015 at 6:39 am
    ඉන්දියානු අදිරදයේ මහ කොන්තරාත් කාරිය දරු මල්ලන් නලවන්නත් ඉන්දියානු පරපෝසිතයන්ගේ තුරුලටත්; මූසලයන්ගෙන් ඈත්වීමටත් සුපුරුදු එන්ගලන්තයට වැටී ඇත. උප කොන්තරාත් කාර ඉන්දියාව පත්කල කන්කානියා රනිල්ටත් ඉන්දියානු අදිරද සතු පරපෝසිත චන්දබලයෙන් ආපු කුලීකාරයාවන සිරිසේනටත් වැඩේ බාරය. මූසල අපි එකතුවී ඉන්දියානු ජඩයින් පරදවමු.
    Main contractor of the Indian job has dropped in to her usual place of resident to be with her brood and to bed with Indian Colonial Parasites in England and to get away from the Zombies. Indian job has been left with the sub contractors; Indian Empire appointed Kankaani Ranil and Coolie Sirisena voted in by Indian Colonial parasites. It is time for we Zombies to unite and defeat the Indian Empire.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress