මෛත්‍රිපාලගේ ගැටළුව
Posted on July 11th, 2015

නලින් ද සිල්වා

මෛත්‍රිපාල සිරිසේන යනු බටහිරයන් හා ඉන්දියයන් අතෙහි මෙහෙයවෙන රෑකඩයක් පමණි. තමාට ලැබී තිබෙන කොන්ත්‍රාත්තුවෙන් විශාල කොටසක් ඔහු ඉටු කර ඇත. ඔහුට තවත් ඉතිරිව ඇත්තේ අගොස්තු 19 වැනි දාට පසුව, මනාප ගණන් කර අවසන් වී තවදුරටත් රනිල් පික්පොකට් අගමැති ලෙස රඳවා ගැනීම පමණ ය. ඉන්පසු රට පාලනය කරනු ඇත්තේ බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි රනිල් ය. අද ඉන්දීය නියෝජිතයන් ලෙස කටයුතු කරන මලිත් ජයතිලක වැන්නන්ට ද සුළු කාර්යභාරයක් හිමි වනු ඇත.

මෛත්‍රිපාල තම කොන්ත්‍රාත්තුවෙන් විශාල කොටසක් ඉටු කර ඇති නමුත් ජනතාව අතර ඔහුගේ විශ්වාසනීයත්වය ඉතා පහතට බැස ඇත. ඔහු දේශපාලන වශයෙන් අද නන්නත්තාර වී ඇත. බටහිරයන් වැඩි කල් නොගොස් ඔහුගේ සේවයට ස්තුති කර පැත්තකට විසි කරනු ඇත. 

ඔහුගේ විශ්වාසන්ත ම දේශපාලන කණ්ඩායම අද එක්සත් යහපාලන පෙරමුණක් පිහිටුවාගෙන ඇත. රතන හිමියන් බොරු පම්පෝරි දෙසා වැදෑරුව ද, එය ජාතික හෙළ උරුමයේ පුළුල් පෙරමුණක් ලෙස හැඳින්වුව ද, එය එක්සත් ජාතික පක්‍ෂයේ අඬුවක් පමණකි. ඒ රතන හිමියන්, චම්පක, වෙල් විදානලාගේ අර්ජුන, ප්රාජිත ඇතුළු කණ්ඩායමට වක්‍ර ව එ ජා පක්‍ෂයට ගොඩ වීමට තනාගත් පාළමක් පමණකි. පාළම මාස හයක්වත් නොපවතිනු ඇත. ඒ යන පිරිස එ ජා පක්‍ෂය තුළ දියවෙනු ඇත. අවසානයේ දී අවස්ථාවාදී චම්පක රණවක දේශපාලනයේ තමාට හිමි තැනට ගොස් ඇත. සෝභිත හිමියනි, ඔබවහන්සේ කොහි වැඩ වසන්නේ දැයි දැනගනු කැමැත්තෙමි. 

එස් බී දිසානායක ද ඒ ගොඩේ ඇතැයි අපි සතුටින් පසු වීමු. එහෙත් ඔහු දැන් පවසන්නේ මහනුවර සංධාන කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපත් වන බව ය. එය වැළැක්විය හැකි නම් එසේ කළ යුතු ය. ඔහු පසුගිය කාලයේ සිංගප්පූරු ගොස් පැමිණීමෙන් පසු මහින්දට බැණ වැදුණු ආකාරය කිසිසේත් අනුමත කළ හැකි නො වේ. ඔහු සමහරවිට චම්පක සමග එකට එ ජා පක්‍ෂයට ගොඩ වීමට අකමැත්තක් පසුවනවා ඇත. ඒ චම්පක සමග එකම පක්‍ෂයක තරග කිරීමට ඔහුට යම් චකිතයක් ඇති බැවිනි. ඔහු යම්කිසි ආකාරයකින් සංධානයෙන් තරග කළත් ඔහුට මනාප නොදිය යුතු ය.       

මෛත්‍රිපාලට කොන්ත්‍රාත්තුවේ ඉතිරි කොටස සම්පුර්ණ කරගත හැක්කේ අගොස්තු 17 වැනි දා පැවැත්වෙන මැතිවරණයෙන් තම හිතවාදීන් පිරිසක් සංධාන ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර  එවීමට කටයුතු කිරීමෙනි. ඒ නඩයත්, චම්පකලා නඩයත්, එ ජා පක්‍ෂයත්, දෙමළ ජතික සංධානයත් මුස්ලිම් කොංග්‍රසයත් ජ වි පෙරමුණත් අවශේෂ ජාතිවාදී හා ආගමිකවාදී පක්‍ෂත් එකතු කර රනිල් පික්පොකට් අගමැති කර පික්පොකට් ආණ්ඩුවක් බිහි කිරීම බටහිරයන්ගේ ද ඉන්දියයන්ගේ ද සැලැස්ම වෙයි. ඔවුන් මහින්ද ගෙදර යැවීමට කටයුතු කරන්නේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙනි.   

මෛත්‍රිපාල තවමත් සිටින්නේ එ ජා ප සමග ය. ඔහුගේ සම්ප ම දේශපාලන හිතවතුන් වූ චම්පකලාට ද නොදන්වා ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රනිල්ගේ අවශ්‍යතාවට ය. ඉන්පසු ඔහු තම සමීපතමයන් යවන්නේ ද රනිල් වෙතට ය. ඔහු බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ අවශ්‍යතාව මත ක්‍රියා කරයි. එහෙත් ජාතික බලවේග අද ශක්තිමත් බැවින් ඔහුට එයට ද ඇහුම්කම් දීමට සිදු වී ඇත. ඔහු මහින්දට අපේක්‍ෂකත්වය ලබා දුන්නේ දිව්‍ය ලෝක සැප සම්පත් බලාපොරොත්තුවෙන් නොව එසේ නොකර ඔහුට මෙලොව පැවැත්මක් නැති බැවිනි. මෛත්‍රිපාල ගැන සත පහක විශ්වාසයක් තබා ගත යුතු නො වේ. මැතිවරණයේ දී මහින්ද මතවාදීන්ට පමණක් මනාප ලබා දීමටත් මෛත්‍රිපාලගේ අපේක්‍ෂකයන් වූ  මහින්ද විරුද්ධවාදීන්ට මනාප නොදීමටත්  සංවිධානාත්මක ව ක්‍රියා කිරීමෙන් බටහිර හා ඉන්දීය සැලසුම් පරාජය කළ හැකි ය. 

නලින් ද සිල්වා

2015 ජූලි 11

6 Responses to “මෛත්‍රිපාලගේ ගැටළුව”

  1. Independent Says:

    ඔබතුමා එලියේ ඉඳන් බෙරිහන් දෙන්නේ නැතුව මහින් ද දෙන්න හැදුව ලිස්ට් එකෙන් පාපතරමේන්තුවට ගියා නම් මීට වැඩිය හොඳ සේවයක් කරන්න තිබුනා නේ. අපි වෙනුවෙන් මහින් දව හරිමගට දක්කන රස්සාව ඉතාම උතුම්. නැතිනම් ඉස්සර සේම අර නම නොකියපු උලමාත් අල්ලාගෙන සිංහලයාට පුකට ගසානැවත රජ කම් කරන්න හදයි.

  2. Christie Says:

    ඉන්දියානු අදිරදයේ මහ කොන්තරාත් කාරිය දරු මල්ලන් නලවන්නත් ඉන්දියානු පරපෝසිතයන්ගේ තුරුලටත්; මූසලයන්ගෙන් ඈත්වීමටත් සුපුරුදු එන්ගලන්තයට වැටී ඇත. උප කොන්තරාත් කාර ඉන්දියාව පත්කල කන්කානියා රනිල්ටත් ඉන්දියානු අදිරද සතු පරපෝසිත චන්දබලයෙන් ආපු කුලීකාරයාවන සිරිසේනටත් වැඩේ බාරය. මූසල අපි එකතුවී ඉන්දියානු ජඩයින් පරදවමු.

    Main contractor of the Indian job has dropped in to her usual place of resident to be with her brood and to bed with Indian Colonial Parasites in England and to get away from the Zombies. Indian job has been left with the Indian Empire appointed Kankaani Ranil and Coolie Sirisena voted in by Indian Colonial parasites. It is time for we Zombies to unite and defeat the Indian Empire.

  3. Charles Says:

    Sirisena was an unequal amoung equals. He has obviously done the wise thing he could have done to to get out of the untenable situation which would have eventually turned in to hell with USA and India trying to use him with their lakeys Ranil and Chandrika to do what they want him to.

  4. Independent Says:

    නලින් කරුණාකර දැන් ලිස්ට් එකෙන් එන්න​. ඔන්න ඔබේ හතුරා යනවා ! අපිට විශ්වාසී මිනිසකු අවශ්‍ය ය​.

    Maithri going to hand over his SLFP leadership and step down

    Details Created on Saturday, 11 July 2015 16:15 Category: General

    Reports reaching Lanka News Web confirms that the current leader of the SLFP president Maithripala Sirisena is going to step down from his leadership. The president is going to make a special announcement on the 13th following the nominations.

    The reports further confirm following the resignation the president is going to be an independent person.

    However president Maithripala following the nominations to the former resident Mahinda Rajapaksa and his clan has so far not given any valid statements to generalize his decision. Due to his conduct the bilateral relationships and the goodwill Sri Lanka made following the January elections has been tampered. International political analysts say the outcome of this breakdown would be visible to Sri Lanka during the UNHRC session in Geneva in this coming September

  5. NAK Says:

    Sri lanka is very unfortunate in that it still has some nearly 04mn people who believe RW and his UNfortunate Party and are ever ready to sell Mother lanka. If not for these unfortunate people Sri Lanka could be a rock solid economic power house.

  6. sarathk Says:

    දේශප්රේමී ආචාර්ය නලින් මැතිතුමනි, මේ ඊට කාලයයි; අවස්ථාවයි. ඔබට අවශ්යව ඇති කදිම අවස්ථාව උදාවී ඇත. රනිල් ප්රමුඛ බටහිර ගැති රට පවා දෙන්නන් දුර්මුඛ කර, ඔවුන් පාර්ලිමේන්තුව තුලම නිරුවත් කර සිංහල ජාතිකත්වය පාර්ලිමේන්තුවේ රජකරවීමට මේ අවස්ථාවයි; කාලයයි. ඔබතුමාගේ සැබෑ දේශප්රේමී හඬ පාර්ලිමේන්තුව තුල ගිගුම් දියයුතු කාලයයි. දැන් ඉතින් මාධ්ය තුලින් නැගූ හඬ හොඳටම ප්රමාණවත්. රට බෙර ගැනීමට ඒ අත්යාවශ්ය හඬ පාර්ලිමේන්තුවට ගෙන යායුතුය. ඔබගේ ස්ථාවරය ගැන ප්රකාශයක් කර ඔබතුමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමට දුන් අවස්ථාව බාරගන්න ලෙස ජාත්යාලයෙන් යුතුව ඉල්ලා සිටිමි. රනිල් ප්රමුඛ බොහෝ දේශපාලුවන් සිතන්නේ ඔබ මුල්ලකට වී බෙරිහන් දෙන අගුටුමිට්ටේකු ලෙසිනි. පාර්ලිමේන්තුවට ගොස් ඔවුන්ගේ අගුටුමිටි බවත් ඔබතුමාගේ යෝධ නැණ හැකියාවත් පෙන්වියයුතු අවස්ථාවයි. කේවට්ටයන් එලවා දැමීමට කාලයයි. කොටින්ට එරෙහිව යුධ පෙරමුණට යාමට නොහැකි වූ ඔබට ඊටත් වඩා හොඳින් කලයුතු වූ සටනට යෑමට අවස්ථාව ලැබී ඇත. කාලය එලඹී ඇත. අපේ රට ගලවා ගැනීමට ඔබතුමාට යෝධ ශක්තියත් දිර්ගයුෂත් පතමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress