මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ‌ අපවත්වීම
Posted on November 8th, 2015

Chandrasena Pandithage  චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අපගේ වංශ කථා ඉතිහාසය,, වැපිරීම හා අස්වැන්න නෙලා ගැනීම සම්බන්ධව මුලු මහත් ලෝක ප්රජාවම දැනුවත් කර ඇත. සත්ය වශයෙන්ම අප හා බැදී පවතින්නේ අප වපුරන දෙය හේතු කොටගෙන අප ලබන අස්වැන්න මතය. මේ ලෝක ධර්මතාවය අප සියල්ලකටම පොදුවූවක් බැවින්, මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේටද පොදුවූවකි.

මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ යනු මෙරට බිහිවූ‌ අග්ර ගනයේ මහාධර්ම දේශකයානන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ධර්ම දේශනාව තුල සමාජය අපේක්ෂා කල වටිනා යමක් ගැබ්ව ඇති බව ඒ දේශනාවන්ට සවන් දෙන සෑම දෙනෙක්ම මුමුනන්නට වීම තුලින් උන්වහන්සේ මෙරට තරුණ පරම්පරාව තුල සීඝ්රයෙන් මුල් බැසගත් චරිතයක් බවට පත්විණි.

උන්වහන්සේ මනාව අවබෝධ කරගත් ධර්මයක් තිබුණ අතර, ඒ ධර්මය මතම පිහිටා කටයුතු කරන ස්වරූපයක් මුන්වහන්සේට උරුමව තිබිණි උන්වහන්සේ ධර්මදර හා විනයදර මහා සඟරුවනක් විය. මුළු මහත් ලෝක ඉතිහාසය පුරාම පෙන්වා දෙන සුපැහැදිලිම පාඩම වන්නේ ධර්මදර හා විනයදර පුද්ගලයින්ට ඇති ජීවිත අවදානමයි. සොක්රටීස්ට හා යේසුස් ක්රිස්තුස් වහන්සේ කරාද ඒ ජීවිත තර්ජනය ලගාවූ අතර, තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා නොකොට, දිවි රැක ගන්නවාද? නැත්නම් එම කටයුත්ත අඛණ්ඩව සිදු කොට තමන් කරා එන තර්ජනයන්ට මුහුණ දෙනවාද යන සංකීර්ණ ප්රශ්නය ඉසිරියේදී, ඔවුන් දෙපලම මරණය ඔවුන් කරා එන තෙක්ම ධර්මය දේශනා කිරීම අත් නොහලහ. මාදුළුවාවේ ස්වාමීන් වහන්සේ කරාද මරණයේ අදුරු සෙවැනැලි ගලාවිත් හොල්මන් කරන්නට විය. ඒ 1977 බලයට පත්වූ රාජ්ය පාලන කාලය තුලදීය. උන්වහන්සේද මරණීය තර්ජන හමුවේදී අභීතව ඊට මුහුණ දුන්හ.

මරණීය තර්ජන හමුවේ නොසැලෙන මුන්වහන්සේව මෙල්ල කර ගැනී‌ම සදහා විශේෂ මෙහෙයුමක් පාපී බලවේගයන් විසින් දියත් කර හරින ලදී. එය චින්චිමානවිකා උගුල විය. ඒ මගින් උන්වහන්සේගේ සමාජ ගෞරවය විනාශ කිරීම සතුරාගේ අබිලාශය විය. උන්වහන්සේගේ සමාජ ගෞරවය සතුාට විනාශ කිරීමට නොහැකි වූයේ ජනතාව සතුරාව මැනවින් හදුනා ගෙන සිටි බැවිණි. නමුත් උන්වහන්සේගේ  චරිත ඝාතනය කිරීම සදහාම සකස් කල පුවත් පතක්ද සතුරා පල කිරීම ආරම්භ කිරීමත් සමගම උන්වහන්සේ නිහඩ චරිතයක් බවට පත් කිරීමට සමත් විය.සැබෑ ලෙසම මුළු මහත් රටම ගරු කල ඒ මහා පඩිරුවන අපවත්වී වදාලේ ඒ යුගයේදීය.

පසු කලෙක ඒ මාදුළුවාවේ‌ සෝභිත ස්වාමීන් වහන්සේගේ රූපකාය යලි මතුවූවද, එය තුල වූයේ පෙර තිබූ මනෝකාය නම් නොව. ඒ වෙනුවට පෙර සතුරු බලවේග හා අත්වැල් බැදගත් නව මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ නමකි. පෙර  හමුදා සෙබලුනට ලේ දන්දීමට ආ ජනතාව වෙනුවට මෙදා ජනතාවගේ ලේ උරාබිව් කොටි හිතවාදීන්ගේ කෙලි බිමක් බවට නාග විහාර පරිශ්රය පත්විය. එහි ඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ රජය පලවා‌හැරීමේ ඉහලම කාරයභාරය උන්වහන්සේ විසින් සිදු කරන ලදී. උන්වහන්සේ වැපුරූ දෙයි ඵලය උන්වහන්සේ විසින්ම නෙලා ගත්හ. මහින්ද රාජපක්ෂ මහතාව පලවා හැර ඉතාම උද්දාමයට පත්විය. තමා වැපුරූ දෙය නෙලාගත් උන්වහන්සේ, ඒ දෙසබලා අප බලාපොරොත්තු වුණ යහ පාලනය මෙය නොවේයයි මැවිසිලි නගන්නට විය. ඒ තුලින් උන්වහන්සේ ධම්ම පදයේ ඇති,

අසාරෙ සාර මතිනො
සාරෙ චාසාර දස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගොචරා
(අසාර දෙය සාරයයි සිතමින් කටයුතු කොට, වැරදි මගක ගොස් අසාර දෙයම වැලද ගැනීමට සිදුවීම)

වලදන පුද්ගලයකු බවට පත්ව, බලවත් පසු තැවීමකට  බදුන්වී, ධම්ම පදයේම සදහන් ඇති,

ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති
භියෙය්යා තප්පති දුග්ගතිං ගතොං
(පව් කළ තැනත්තා මෙලොවදීම තැවෙයි. දෙලොව්හිම තැවෙයි. මා විසින් වරදක් කලයි, පවක් කලැයි තැවෙයි. මරණින් පසු දුගතියට ගියේ, දුක් විපාක විදිමියි තැවෙයි)

වැදගත්ම ප්රශ්නය වන්නේ උන්වහන්සේ මෙරට ජනතාවට උරුමකර දුන් ඒ වැරදි සහගත සමාජය තුල පීඩාවට ලක්වෙන ජනතාව මුහුණ දෙන බලවත් සමාජ ගැටලුවයි.

3 Responses to “මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ‌ අපවත්වීම”

  1. Ramanie Says:

    Thank you Chandrasena Pandithage, for writing respectfully about the thero. He was no arhat and people make mistakes. Unlike Rathana thero who also brought in the yamapalanaya, Sobhitha thero was at least extremely repentant once he realised his error. It takes a better person to admit to mistakes made. May he be guided by the immense wealth of Dhamma he learned in this life and achieve the ultimate bliss of Nirvana!!!

  2. Hiranthe Says:

    This is definitely a manslaughter! They wanted to silence him before he speak up.

    Same story as Soma Hamuduruwo.

    A proper investigation should be done. But who will order it. Yama Palanaya, RAW and CIA wanted to silence him.

    He was mislead by clever lies saying Hora Hora and he took things to his hand and worked hard for the RAW and West’s agenda. Later he realized that he was taken for a ride and regretting. Just before he speaks up they got rid of him.

    A Autopsy should be requested by patriots…

  3. Dr.K Says:

    රටේ අනන්‍යතාවය සහ උන්නතිය වෙනුවෙන් සැබෑ අරගලයක් කල සෝභිත හිමියන් අවස්ථාවාදී දේශ ද්‍රෝහීන්ගේ රැවටීමට භාජනය වී සිය හදවත තුල ඉතිරි පැතිරී තිබු පැතුම් ගොන්නත් එක්කම මිය යෑම ඛේද ජනකය . උන් වහන්සේට නිවන් සුව පතමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress