ක්රිකට් – එල්ලේ: ජනතා පරමාධිපත්යය කෝ?
Posted on March 3rd, 2016

ජේ.සි.අහංගම

රනිල් ක්‍රිකට් ගහන්න තරම් පිළිකන්නේ දැන් ඉඩ මදියි කියනවා. ඇයි, දැන් කුරුඳුවත්තේ ගෙවල් දෙබිච්චි මැදින් යා යුතු කුකුල් කූඩු වගේ නිසායි. කොහේද ධනපති ක්‍රිකට්, රගර් ගහන්නේ කියලා මෙගා-පොලිස් එක දාපු දාට බලාගන්න පුළුවන්. කොළඹ නගරය හා තදාසන්නය අලි බබා සහ හොරු හතලිහේ ගුහාව වගේ වෙයි. කොළඹ කාක්කන් ඒක වෙනකම් නලියනවා ඇති.

ලොකු පලියට පොහොසත් වෙන්නේ නෑ
යුරෝපයේ ලොවටම මධ්‍යම වානිජ තොටුපොල රොටර්ඩෑම් තොටුපොල නගරයයි. එහි ජනගහනය කොළඹට වඩා මදක් අඩුයි. කලකට පෙර ලොවේම ප්‍රධාන වානිජ තොටුපොල වූවේ රොටර්ඩෑම් නගරයයි. වානිජ නගරයක් කරන්න ගෝනි කරේ තියාගෙන නාටාමියන් ලක්‍ෂ ගණනක් ඔබමොබ දුවන කුප්පායමක් බවට කොළඹ පත් කළ යුතුය කියා මවා ගැනීම විහිළුවකි. රටක දියුනුවේ මිම්ම එහි ජනගහනයේ කුමන ප්‍රතිශතයක් මහ නගරවල සිටීද යන්නට සමානුපාතික ය යන මතයට මුලා වුන නිසා අපිටත් මෙගා ඕන වෙලා. රටක දියුනුව ජනයාගේ ජීවිත තෘප්තිය මිස භෞතික වර්‍ධනය නොවේ.

සිරිසේනගේ, රනිල්ගේ සෙල්ලම්
යුරෝපීයයන් එහි ගෙනගොස් රවුන්ඩර්ස් වෙලා, ඉන් පසු රදළ-ධනපති ක්‍රිකට් නුරුස්සන අමෙරිකන්වරු දුප්පතාටත් හරියන ඒ සෙල්ලමම බේස්බෝල් කියා තම ජාතික ක්‍රීඩාව හැටියට හදාගත්තේ එල්ලේ ක්‍රීඩාව දෝ කියා අපේ පොළොන්නරුවේ එල්ලේ ගහපු එක්කෙනා සැක කළාද කියා මට විමතියක්. (එහෙම සිතුවිලි එන්න ‘අපිටත් තනියම පුළුවන්’ කියලා හිතන්න ජාතප්‍රත්‍යය, self confidence, තිබිය යුතු වේ). ඒ වගේම ඥානය යෙදවිය යුතු චෙස් සෙල්ලම රාවණ ගේ බිරිය මන්දොදරී කුමරිය විසින් යුද්ධ පිස්සුව ඉවත දාමා විභීෂණ සමග අයියා මලෝ දෙන්නාට සෙල්ලම් කරන්න සදා දුන් චතුරංග සෙල්ලමම බව මෙයා දැන සිටියාද?

අද ජනයා පැවත එන්නේ රාවණගේ අනික් මල්ලී වන ඇතිලි දෙකක් වගේ, (ඕබමාගේ වගේ) කන් ඇති කුම්භකර්‍ණගෙන් වග නින්දේ ගත වන ජනයා දෙස බැලූ විට පෙනී යනවා. මේ නින්ද නිසා, දෙශපාලනයට පැමිණෙන්නන් තමන් ඕපපාතික බලවතුන් සේ හැසිරෙනවා.

ඉස්කෝලෙට ගෙවුවේ කවුද?
මෛත්‍රී, රනිල්, මහින්ද, වාසුදේව, ඩිලාන්; මොවුන් සැමටම ඉගෙනගන්න ගෙවුවේ මහජනතාවයි, විශෙෂයෙන් අර නූගත් පාර අයිනේ කඩකාරයන් විසින් එකතුකරන අලෙවි බදු හා ඒ නූගත් වෙළෙඳුන්ම ආදාම් බදු සේ දුන් සල්ලි වලිනුයි; ඉහලින් වැජඹෙන ඉදිමිච්ච උපාධිධාරි රජයේ රැකියාධාරින් නොවෙයි.

කොළඹ කාක්කෝ
කිසි ප්‍රයෝජනවත් දෙයක් කරන්න බැරි තාත්තීගේ අම්මීගේ මිත්‍ර ගණයේ පිහිටෙන් ඉහල නැගලා ක්ලබ් යන, බිලියර්ඩ් ගහන, Colombo Creole ඉංග්‍රීසි භාෂාව විතරක් ගෙදර කතා කරන කොළඹ කාක්කන් විසින් කාර් ගන්නේ, සුඛොපභොගි භාණ්ඩ ගන්නේ, තමන්ගේ මානසික අඩුව වහගන්න බටහිරට ණය වෙන්නේ, මේ ඔක්කෝම කරන්නේ ජීවිතය පරදුවට තියලා ම්ලෙච්ඡ අරාබිවරුන්ට බැලමෙහෙ කරලා දුප්පත් අම්මලා, නංගිලා, දූලා ගේන ඩොලර් සල්ලි වලිනුයි.

රනිල් මුල පටන් රටේ හොඳම ගුරුන්, ක්‍රීඩා, පිහිනුම් තටාක, ඉංග්‍රීසි දැනුම, අනිකුත් සම වයසේ වාසනාව අඩු අයගෙන් ගරු බුහුමන් ආදිය ලැබුවා. කවුද මේවට ගෙවුවේ? අර නිද්‍රාණ ජනයාමයි. මහින්ද හා වාසු ගියේ මහජන ආධාර ලබාගත් මෙතෝදිස්ත පාසලකටයි. මහින්ද තත්තා එක්ක කොළඹ ඇවිත් රටේ දෙවෙනි ජාතික විද්‍යාලය වන තර්ස්ටන් එකටත් ගියා. කවුද මේ දෙන්නාට ඉස්කෝලේ වියදම් ගෙවුවේ? අර නිදියන ජනයායි.

මේ දිවයින තම ආච්චිගේ බූදලය වගේ කතා කරන ඩිලාන් පෙරේරා මොන ඉස්කෝලෙටද ගියේ?
http://ahangama.com/salaruu/2016-02-21DilanPerera.mp4
ඩිලාන් ඉස්කෝලේ ගියෙත් රනිල් වගේම රාජකීය විද්‍යාලයටයි. රාජකීය විද්‍යාලයේ රටේ කීර්තිමත් ගුරුවරුන් විසින් ඩිලාන්ට අපේ මෑත ඉතිහාසය උගැන්වුවේ නැතිනම් රටේ අනිකුන් මොනවාද දන්නේ?

එල්ලේ ගහපු මෛත්‍රීට ඉස්කෝල වියදම් ගෙවුවේ කවුද? නිද්‍රාණ ජනයාමයි. එහෙනම් මේ කුම්භකර්‍ණයන් රනිල්ටයි ඩිලාන්ටයි සැප සියල්ල දීලා මෛත්‍රීට දියාරු කළේ ඇයි? තවම නින්දේ ඉන්න හෙළයා නිදහස ලබාගෙන නැති නිසායි.

දෙකඩ සමාජයක් හැදුනේ කොහොමද?
රාජකීය කිවුවේ ඉංග්‍රීසි රජුන්ට ගෞරවයටයි, තර්ස්ටන් කිවුවේ ස්කොට්ලන්තය යටත්කරන්න යුද මෙහෙයවූ තර්ස්ටන් දෙව්ගැතිතුමා සිහිකරන්නයි. මේ දෙකට එංගලන්තයේ පුහුණු කළ ගුරුවරුන් ගෙනත් ඉංග්‍රීසි රජයට අවනත සේවකයින් පුහුණු කලා. ළමයින් තෝරාගත්තේ පවුල්වල බ්‍රිතාන්‍යය කෙරේ ඇති නම්‍ය බව අනුවයි. විශ්වවිද්‍යාලයට ගුරුවරුන් ගෙනාවෙත් බ්‍රිතානයේ පුහුණු කළ අයයි. ඔවුන් ඉගැන්වූ දෙය ඉන් පසු පැමිණි ගුරුවරුන් අතින් අතට ගෙනාවා. ඒ නිසා සබන් පැක්ටරියෙන් එන එකම අච්චුවේ සබන් කෑලි වගේ හදපු සිසුන්ගෙන් නවීන ලෝකයෙහි සේවයක් ගන්න පුළුවන් කමක් නෑ. හොඳ නිදසුනක් නම් නඩුකාරයා මරණය වුන තැනේ තිබුන වාහනයේ නාම පුවරුව කියවන්න කියූ විට ‘ඒකට හරියන බඩු අපිට නෑ; ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකෙන් හෝ එෆ්.බී.අයි. එකෙන් කරගන්න’ කියා කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශය කිවුවා. ඇත්තටම ඒකට අවශ්‍ය වැඩකරන මොළයකුයි GIMP කියන නොමිළේ බෙදාහරින චිත්‍රකලා අන්වය විතරයි — පොලිස් ස්ථානයක කළ හැකි වැඩක්.

නිදහස ලැබිලත් ඇයි මෛත්‍රී කොල්ලට රනිල් කොල්ලට වඩා රටේ ජනයා විසින් වෙනස්කම් කළේ? ඒකට රහස මෙහෙමයි:

ජනතා ආධිපත්යය නැති නිදහස
‘මින් මතු රටේ අයිතිකාරයා ඉංග්‍රීසි රජුන් නොවෙයි, ජනතාව විසින් පත්කළ මන්ත්‍රී සභාව බවයි’ කියා අපට හදිසියේම නිදහස දුන්නා. ඉතින්, ඉංග්‍රීසිවරු දිවයින ඒ විදිහටම තියලා අද සිටන් අපි සියල්ලන්ම පොදු රාජ්‍ය මණ්ඩලය කියන වෙළඳ කලාපයකට එකතුවෙනවා කියා නිවේදන කළා. මේ නිදහස හදිසියේම ලැබීමේ රහස එලි වුනේ 2006යේ දීයි:
http://news.bbc.co.uk/2/hi/uk_news/magazine/4757181.stm

අමෙරිකාවට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ඉන්දියාව ලොකු වෙළඳපොලක් සේ දැක්කා. විශාල ජනගහනයක් ඇති මේ බ්‍රිතාන්‍ය යටත් විජිතයකට තමන්ගේ භාණ්ඩ යැවීම අවහිර කෙරෙන සේ බදු පනවා තිබීම යුද්ධයට පෙර සිටම අමෙරිකාව දැන සිටියා. ඒ නිසා හෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කෙරේ තිබුනු ඓතිහාසික තරහ නිසා හෝ ඒ දෙකම නිසා හෝ අමෙරිකන්වරු ගාන්ධි හා ඉන්දියානු නායකයන් සමග මිත්‍රත්වයක් ගොඩනගාගෙන සිටියා. ලංකාවේ ඔල්කොට් තුමාද ඇමෙරිකාවේ විදේශ සේවයේ නියතිව සිටිය වග දත යුතුයි.

දෙවෙනි ලෝක මහා යුද්ධයට විශාල වශයෙන් ආයුධ සැපයුවේ ඇමෙරිකාවයි, ‘යුද අතිසරය’ (War Effort) කියා රටේ ගැහැනු පිරිමි සියල්ලන්ටම ආයුධ නිශ්පාදනයට ගෙන්වාගෙන පුද්ගලික වාහන සදන කර්‍මාන්තශාලාවලත් යුද ටැන්කි, ගොඩ-දිය යන වාහන ආදිය සදා බ්‍රිතානයට හා රුසියාවට පවා ණයට දුන්නා. යුද්ධය අවසානයේදී ඇමෙරිකාවේ කර්‍මාන්ත අංශය ඉතා දියුනු තත්ත්වයකට පැමිණ තිබුනා. ඒ ශක්තිය හා රැකියා ඉදිරියට පවත්වාගෙන යාමට අළුත් වෙළඳපොලවල් අවශ්‍යම වුනා. බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ට තරඟකාරීව බඩු ආනයනය කිරීමට උපායයක් ඔවුන්ගේ සිතේ තිබෙන්න ඇති.

ඉතින්, 1946යේ යුද්ධය අවසානයේදී වහාම ණය ගෙවිය යුතුය කියා අමෙරිකාව බ්‍රිතාන්‍යයට බලකර සිටියා. යුද්ධය කර දුප්පත් බවට පත් බ්‍රිතාන්‍යයට ණය එකවැර ගෙවීමට ශක්තියක් නොතිබුන වග දෙරටම දැන සිටියා. මේ නිසා දෙරටම රහස් ගිවිසුමකට පැමිණ අවුරුදු 50ක ණයකට බ්‍රිතාන්‍යය යටත් වුනා. මේ ගිවිසුමේ එක නියමයක් වූවේ අමෙරිකාවටත් බ්‍රිතාන්‍යය සේම ආනයන බදු විරහිතව ඉන්දියාවට භාණ්ඩ යැවීමේ අයිතියයි. බ්‍රිතාන්‍යයේ තැනූ භාණ්ඩවලට වඩා හොඳ බඩු අමෙරිකාවේ සදන නිසාත්, තමන් ඔවුන් සමග තරඟ කරන අතර ඉන්දියාව පාලනය කිරීමට වෙනම වියදම් දැරීමට සිදුවෙන නිසාත්, ඉන්දියාවට භාණ්ඩ විකිණීමේදී දෙරටේ වානිජයන් අතර ආර්ථික තුලනතාවයක් නොවන වග තේරුම් ගත් බ්‍රිතාන්‍යය වහාම ඉන්දියාවට නිදහස දීමට නිර්ණී කළ වගට සැකයක් නැත.

ජනතා ආධිපත්යය හා විසිරි නියෝජනය ඇති නියම නිදහස
ඉන්දියාව සමග නිදහස ලබාගත් ලංකාව එදා සේම කොළඹින් පාලනය වුනා. රටේ සෙසු ජනයා ගණනින් විශාල වුවද පාලන බලය තවමත් ඔවුන්ට නොලැබුනේ අධ්‍යාපන ක්‍රමයේ විෂමතාවය නිසායි. රාජකීය, තර්ස්ටත් නාම වලින් පවත්වාගෙන යන විදුහල් දෙක තවමත් අධිරාජ්‍යයේ හොල්මන් සේය:
http://royalcollege.lk/

රාජකීය විද්‍යාලයේ වෙබ් අඩවියත් එහි ලියා ඇති පුරසාරමිනුත් පෙනී යන්නේ රටේ ජනතාව බ්‍රිතාන්‍ය රාජ්‍යයට යටත් නොවුනත් ඒ වෙනුවට අප විසින්, අපේ වියදමින්ම පවත්වාගෙන යන ජාති ද්‍රොහි සංකර සමාජකට යටත්ව සිටින වගයි. මේ ක්‍රමය පූර්‍ණ තත්ත්වයට පැමිණියේ අනුපාත ක්‍රමයට පක්‍ෂවලට නීති සම්පාදන සභාව ලැබීමෙන් ය. එයින් ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්‍ණයෙන්ම නැතිවී කොළඹ දේශපාලන පක්‍ෂවලට රටේ පාලනය ගියා.

මහජනයාට තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිතුමා කළ ප්‍රතිඥාව අනුව යලි වරක් ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමයි. අද ප්‍රජාතන්ත්‍රවාදයන් නැති වගවත් බොහෝ දෙනා අවබෝධ කරගෙන නෑ. අද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පත් කරන එකම තනතුර ජනපති තනතුර පමණයි. එහිත් ස්වාධීන අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමට රටවැසියාට අයිතියක් නැත කියා මට සිතේ.

ප්‍රජාතනත්‍රවාදයේ නියමයන් දෙකක් තියෙනවා. එක, රටවැසියාට තමන් විසින් තමන් අතරින් නියෝජිතයන් නම් කිරීමේ අයිතියයි. අද ඒ අයිතිය ඇත්තේ දේශපාලන පක්‍ෂවලට පමණයි. දෙක, එසේ නම් කළ ඡන්දාපෙක්‍ෂකයන් අතුරින් ඒ ඒ ප්‍රදේශවල නියොජිතයන් රහස් ඡන්දයෙන් තෝරා ගැනීමයි.

ඉතින්, නිදාගත්තා ඇති. රාජකීය නම ජාතික මහ විද්‍යාලය කියා නම් කර ඊට දීප ව්‍යාප්ත ප්‍රවෙශ විභාග පවත්වා දිවයිනේ සියළු ඡන්ද කොට්ඨාශයකින්ම සිසුන් ගෙන්වා ගත යුතුයි. තර්ස්ටන් විද්‍යාලය කොළඹ මධ්‍ය විද්‍යාලය කියා නම් කර අසල වැසියන්ගේ පාසල ලෙස තැබිය යුතු වේ. ජේ. ආර්. ගේ 1977තේ ව්‍යවස්තාව හා ඊට පසු ආ සියළු ව්‍යවස්ථා අහෝසි කර ඊට ප්‍රථමයෙන් තිබූ ආණ්ඩු ක්‍රමය යලි පණගන්වා ප්‍රජාතන්ත්‍රවාදය යලි පිහිටුවිය යුතුයි. ඡන්දදායක ජනගහනයේ අනුපාතය අනුව නියෝජිතයන් සාධාරණව තේරී සිටිය යුතු වේ. එසේ පත් කරන නියෝජිතයන් ඒ ඒ ඡන්ද කොට්ඨාශවල අවම වශයෙන් අවුරුදු පහලොවක් නිත්‍ය පදිංචිකරුවන් සේ සිටි අය විය යුතු වේ.
 

On Mon, Feb 22, 2016 at 1:10 AM, Sinhala Marakkala <marakkala@outlook.com> wrote:

JC:

Dilan Perera, said in Jaffna that North and East has to be given powers to setup their police and all other powers. Did Sinhala and Muslim warriors die fighting terrorism only for some Colombo rich kid to partition it out and give what the terrorists tried to get by force?

Siddiq Marikkar

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress