” ගොවිජන අරගලය ” ජනාධපති මෙෙත්රීපාල සිරිසේන මහතා පලවා හැරීම, ඉලක්ක කරගත් කුමන්ත්රණයක්ද?
Posted on March 5th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

පොහොර සහනාධාරය කපා හැර ඇත.
A 1.
ඒ,  මුදල් ඇමති රවි කරුණානායක මහතාගේ මූලිකත්වයෙන් සිදුවූවකි.
A 2.
සමගම රටපුරා ගොවිජනතාව එකවරම වීදි බැස සටන් මෙහෙයවයි. ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙණි.
A 3.
මේ විරෝධතාවයන් එල්ල වන්නේ මේ කාර්යය ක්රියාවට නැංවූ මුදල් ඇමතිට එරෙහිව නොව, කෘෂිකර්ම ඇමතිට හා ජනාධිපතිතුමාට එරෙහිවය.

මේ දේශපාලන නාටකයේ, යහපාලනයේ දෘෂ්යමාන නිර්මාතෘවරුන් වන එක්සත් ජාතික පක්ෂය, චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ඇතුලු ශ්රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ජනතා විමුක්ති පෙරමුණ. රංගනයක යෙදෙමින් සිටී.

මේ සිදුවීම්, පෙල ගස්සන විට අපට අපූරු චිත්රයක් මැවී පෙනේ. මේ චිත්රයෙන් අපට කියා පාන්නේ ජනතා විමුක‌්ති පෙරමුණ සිය දෙවන කොන්තරාත්තුව ආරම්භ කර ඇති බවයි. එය ජනාධිපති මෙෙත්රීපාල සිිරිසේන මහතාට එරෙහිව සිදු කරන බවත් එහි අරමුණ එතුමාව ජනාධිපති කමින් පලවා හැරීමේ ඉලක්කය බවය.

ගැටලුව නිර්මාණය වූයේ, මුදල් ඇමතිතුමා පොහොර සහනාධාරය කප්පාදු කල බැවිණි. කප්පාදු කල විගසම ජනතා විමුක්ති පෙරමුණ සිදුකලේ,ගොවිජනතාව ඊට විරුද්ධව මහපාරට බැස්සවීමය. මෙය ගොවි ජනතාවගේ ජයග්රහණය උදෙසා සිදු කරන අරගලයක් නම්,

B 1 පලමුව තමන්ගේ සහෝදර යහපාලන මුදල් ඇමතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා ගෙන උදාවී ඇති තත්වය සම්බන්ධ සාකච්ඡා කල යුතුය. එය අසාර්ථක වී නම්,
B 2.
අගමැතිතුමා සමග සාකච්ඡාවක් ඉල්ලා මේ  ගැටලුව විසදා ගැනීමට ව‌ෙර දැරිය යුතුය. එම කාර්යද අසාර්තක වූවානම්,

B 3. ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් ඉල්ලාගෙන මේ ගැටලුවට විසදුමක් ලබා ගැනීමට වෙර දැරිය යුතුව තිබුණි.එයත් අසාර්ථක වුණි නම්  පමණක් කල යුතුව තිබුණේ,

B 4. ගොවි ජනතාව ඒකරාශිකරගෙන  මහපාරට බැස වර්තමානයේදී සිදුකරන ආකාරයේ උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමයි.

නමුත් එසේ සිදු නොවීය. එසේ සිදු නොවුණේ ඇයි?

අප දන්නා තරමින් මුදල් ඇමතිතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියේවත්, එවැනි සාක්ඡාවක් පැවැත්වුනේවත් න‌ැත. මින් පැහැදිලිවන්නේ, මේ පොහොර සහනාධාරය කපා හැරිය මුදල් ඇමතිතුමා සමග සාකච්ඡාව, එතරම් වැදගත් කටයුත්තක් ලෙස සැලකීමට ජනතා විමුක්ති පෙරමුණට උවමනාවක් නොතිබුණ බවයි.

ඇයි?”   
තවද, ගරු අගමැතිතුමා සමග හෝ ගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටි බවක්වත් සාකච්ඡා කල බවක්වත් එතුමන්ලා සමග එක්ව ගැටලුව විසදා ගැනීමට ව‌ෙර දැරිමක්ද නොකලහ. නැවත වරක්  “ඇයි? යන පැනයම ඉස්මතුවන අතර, පැහැදිලි පිලිතුර වන්නේ, පොහොර සහනාධාර‌නැවත ලබා ගැනීමට වඩා එහා ගිය වෙනයම් සැලස්මක් ජනතා විමුක්ති පෙරමුණට ඇති බවයි.

එසේ නම් සැලැස්ම කුමක්ද?”

ජාත්යන්ත්රණ දේශපාලනයේ පමණක් නොව ජාතික දේශපාලනයේද ” අපි විරුද්ධ වෙන්නම්, ඔයගොල්ලො දිගටම කරගෙන යන්න” යන න්යාය බලපවත්වයි. මෙහි සිදුවන්නේද දේශපාලනයම බව සිදුවෙන සිදුවීම් පෙන්වා දේ.
අනුව මේ ගොවිජන අරගලය, කලින් සූදානම් කරගත් න්යාය පත්රයකට අනුව ආරම්භකර ඇති බව අපට පිලි ගැනීමට සිදුවේ.  එවිට මෙය එක්සත් ජාතික පක්සයේ හා ජනතා විමුක්ති පඑරමුණ යන සුසංයෝගයේ  නිර්මාණිතයකි. පොහොර සහනාධාරය කපා දැමීම එක්සත් ජාතික පක්ෂයේ මුදල් ඇමතිවරයා විසින් දියත් කරන විට, ජනතා විමුක්ති පෙරමුණ , ගොවි විරෝධතාවයන් එකවර ගොඩනැංවීමත් එය දිනෙන් දින වර්ධනය කිරීමත් සිදු කරන්නේ යයි විශ්වාස කරන විට, මුදල් ඇමතිවරයා සමග සාකච්ඡාවක්වත්, අගමැතිතුමා සමග සාකච්ඡාවක්වත්, ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් වත් අවශ්ය නැති බව වටහා ගත හැක. එසේ නම් මේ ගොවිජනතාව පාරට දමාගෙන ඔවුන් සිදුකරන්නේ කුමක්ද?

වර්තමානයේ මේ සිදුවෙන දෙය අපව, ඉතිහාසයේ 1953 හර්තාල් ව්යාපාරයට පැවති වකවානුවට ඇදගෙන ගොස් පෙන්වා දෙන්නේ; එදා රාජ්ය නායකයාවූ ඩඩ්ලි සේනානායක මහතාව අගමැති ධූරයෙන් පලවා හැරීමට නිර්මාණය කල දේශපාලන වටපිටාවයි.

සිදුවීම හා සිදුවූ ආකාරය වර්තමානය යලි සලකා බැලීම වටී.

සේනානායක පරපුර යනු අධිරාජ්ය ගැති පරපුරක් නොවීම සේනානායකලාට මහත් කරදරවලට මුහුණ දෙන්නට සිදුවූ එක් හේතුවකි. අගමැති ධූරයට පත් ඩී. එස්. සේනානායක මහතා
1. 
උතුරු නැගෙනහිර පලාත් වල ගොවිජනපද පිහිටුවාලීම.
2.
වෙහෙර විහාර ප්රතිසංස්කරණය කිරීම.
3.
ඕලන්ද යුදනැව් වලට කොළඹ වරායේ පහසුකම් සැපයීම නවතාලීම.
4.
චීනය සමග සම්බන්ධතා ආරම්බ කිරීමට ආර්. ජී. සේනානායක මහතාව දිරි ගැන්වීම.
5.
පුරවැසි පනත ගෙන ඒම තුලින්  ඉන්දී‌ඦාතිකයින්ට මෙරට උරුමව තිබූ චන්දය පාවිච්චි කිරීමේ වරම අහෝසි කිරීම.

වැනි මෙරටට අති වැදගත් බාරධූර කටයුතු වලට අත ගැසීම එතුමාගේ අගමැති ධුර කාලය වසර 3කට සීමාකරන්නට හේතුවිය.
මහා දුර දක්නා නුවණක් තිබූ එතුමා සිය ඥාණ ශක්තියෙන් අනාගත ලංකාව මුහුණ දෙන බරපතල ගැටලු නිවැරදිව දක්නා ලදී. ඉදිරිය දැකීම තමන් දුටු අනාගතය සුමගට ගැනීමට කටයුතු කිරීම, ඔහු කල වරද වූ අතර, ඔහුගේ වියෝවෙන් පසුව තවත් සේනානායක කෙනෙක් මෙහි බලයේ සිටිනු දකින්නට අධිරාජ්යවාදීන්ට ඇවැසි නොවීය. අගමැති ඩඩ්ලි සේනානායකව පලවා හැරීම සදහා මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන මහතා සහල් මිල ඇතුලු අත්යවශ්ය ආහාරවල මිල 100% කින් ඉහල දැමුවේ එයින් ඇතිවන පීඩනය සම්බන්ධව අවබෝධයක් නැතිව නොවේ. එදා මුදල් ඇමතිවරයා භාණ්ඩ මිල ඉහල දමන විට වාමාංශික ව්යාපාරය සමගම හර්තාලය ආරම්භ කරන ලදී. මුලු රටම නැගිට්ටේ විප්ලවීය ආකාරෙන් මුලු රාජඅය බලයම අත්පත් කරගන්නා ආකාරයෙණි.. පොලිස් වෙඩි පහරින් හර්තාලයට සහභාගිවූවන්ද මියගිය අතර,අගමැති ඩඩ්ලි සේනානායක මහතාට බටහිර උපදේශකයින් දන්වා සිටියේ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසය.

වර්තමානයේදී, අධිරාජ්යවාදීන් මෙෙත්රීපාල සිරිසේන මහතාගෙන් ගත හැකි උපරිම ප්රයෝජන ලබාගෙන හමාරය. තවදුරත් සුදු අලියෙක් නඩත්තු කරමින් සිටීමට ඔවුන් සූදානම්ද නැත. ඔවුනට ඔවුන්ගේම පුද්ගලයෙක් ජනාධිපති ධූරයේ රැදවීමේ අවශ්යතාවයද ඇත. එය සිදු කිරීමට නම්, මෙෙත්රීපාල සිරිසේන මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වෙන තත්වයට සමාජවාතාවරණය ගොඩනැංවිය යුතුය. වර්තමාන ගොවි ජන අරගලය විසින් සිදු කරන්නේ එම කර්තව්යයි. මේ වනවිට

1. පොහොර සහනාධාර‌ඏිසිලෙසකින්වත් යලි ලබාදීමේ සූදානමක් නැතිබව රජය පෙන්වයි.
2.
ගොවියන් කොළඹ වටලන බවත් කොළඹට අවතීර්ණ වන සියලුම මාර්ග වසා දමන බවටත් තර්ජනය කරයි
3
ජනාධිපතිතුමා සිය පක්ෂය තුල අසරණයෙකු බවට දිනෙන් දන පත්වෙයි.
4.
ශ්රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන යාමට බලවත් සූදානමක් ඇත.
5.
ආණ්ඩුවේ කැබිනට් රැස්වීම් තුල එක්සත් ජාතික පාක්ෂිකයිනගේ අවඥාවන්ට පවා ලක්වෙන බව ආරංචි පැතිරෙමින් තිබේ.
6.
පීඩනයන් හේතුවෙන්දෝ ප්රසිද්ධ රැස්වීම් වලට ආරාධනා කලවුන් සමගද ගැටලු ඇති කර ගනී.

මේ සිදුවෙමින් ගලා යන ක්රියාවලියන් තුලින් ජනාධිපතිතුමා බලවේගයක් නොව තනි පුද්ගලයකු බවට පත්ව අන්ත අසරණ තත්වයකට පත්වේ. බයානකම කඩයිම එය වන අතර, මෙය නවතාලිමට වහාම සුදුසු පියවර ගත යුතුය. මෙය කල හැකිය. කල යුතුය.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

6 Responses to “” ගොවිජන අරගලය ” ජනාධපති මෙෙත්රීපාල සිරිසේන මහතා පලවා හැරීම, ඉලක්ක කරගත් කුමන්ත්රණයක්ද?”

  1. Christie Says:

    ඉන්දියානු ජඩයෝ මා ඇසුරු කල ඇති ඉතාමත්ම නරක මිනිසුන්ය. ඉන්දියාවෙන් පිටත සිටින්නේ උසස්කුල ඉන්දියානුවන්ය. උන්ට අනිත් අපි අඩුකුලයින්ය.

    සින්හලයේ සමාජවඩය පටන්ගතේ එකදහස් නමසිය ගනන්වල ඉන්දියානු පරපෝසිතයන්ය. කැප්ටන්ලාගෙන් යැපුන ඇන් ඇම් උතුර නැගෙනහිර ජනපදවල අලි මදුරුවන් දැක්කේය.
    ඥානම්ලාගෙන් යැපුන මහජන එක්සත් පෙරමුන කාරයන්ට ඉන්ග්‍රීසි ටියුශන් දුන්නේ සමාජවඩ ඉන්දියානු පරපෝසිතයෙකි.
    ඩඩ්ලි එන්ගලන්තයට ගියවිටක හෙම්බිරිස්සවට අනවස්ය බෙහෙත් දී මරා දැමීමට තැත්කලේ දොස්තරයකුවූ කැප්ටන් එකෙකි. ඔහු ඇන් ඇම් ට වියදම්කල කැප්ටනයාගේ සහෝදරයෙකි.

  2. Christie Says:

    “මේ දේශපාලන නාටකයේ, යහපාලනයේ දෘෂ්යමාන නිර්මාතෘවරුන් වන එක්සත් ජාතික පක්ෂය, චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ඇතුලු ශ්රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ජනතා විමුක්ති පෙරමුණ. රංගනයක යෙදෙමින් සිටී.”

    In this puppet show India is the puppeteer.

    Chandrikaa the Govenor, Ranil the Kankaani and Sirisena the Coolie.

  3. Dham Says:

    පණ්ඩිතගේ මහතා ඩී ඇස් ගැන නගා ඇති වර්ණනාව මෙලෙසම කරන් බොහෝ දෙනා මට හමුවී තිබේ.
    එහෙත් ධර්මසිරි සෙනෙවිරත්න මහතා ඉන්නේ බොහෝදුරට මීට ප්‍රතිවිරුද්ධ අදහසකය​. ඩී ඇස් කල ජනපද පිහිටුවීම වෙන කිසිම ජනනායකයෙක් අදවෙනතුරුත් කොට නැත​. මේ අතින් මහින්ද​ රාජපක්ෂ මහතා යුද්ධය නිමාවුවද , මෙය මග හැරීමෙන් ඉතාම පහලම අගැයීමකට වැටේ. රාජපක්ෂ මහතා එසේ නොකිරීම අපට ඉතාමත්ම ගැටලු සහගතයි.

    ඔබ දෙපල ඩී ඇස් ගැන අප තවදුරටත් දැනුවත් කරතොත් මැනවි.

    ඉන්දියානුවන්ට බනින කිත්සිරි මහතා ගේත් මේ කාරනය පිලිඹද මීට වඩා තර්කානුකූල කරුනු අවශ්‍යයි. අවුරුදු 50 කට පෙර සිටි බණ් ඩාර නායකට දොස්කීම නවතා, මහින්ද​ රාජපක්ශ මහතා පසුදිය අවුරුදු 5 තුල ඉන්දියානු පරපෝශිත යන්ට විරුද්ධව කලවැඩ මොන්වාදැයි අපට පෙන්නා දෙන්නේ නම් මැනවි.

  4. Ancient Sinhalaya Says:

    At least Sinhalese are the world leaders in one thing. We can be so proud.
    It’s amazing how we achieved such dizzying highs. That’s not all. We can even vote for the murderous
    gang and heap praises upon them. Sinhalese really are a funny race and destined for extinction with
    the only land they have on this planet. We have to thank those traitor Sinhalese who are deaf, blind and
    can’t understand a simple truth.

    The two links might be useful to those world leading memory losers.

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://ltte-christian-ties.blogspot.com/

    Second link explains why Buddhist jvp burnt in tyres while catholic tigers of tamil drealam was
    given half the country to rule by token Buddhist, die-hard catholic pol pot ronald wick.

    Sad irony of all this is, YAMA PALLANGE YAMA PAALANAYA surviving on what MR did. He brought peace and
    developed the country. Now the tourists are flocking in. Road network there and country is peaceful.
    Tourists used to go to egypt etc. (fear of isis), all flocking to Sri Lanka. Without the motorways and peace they wouldn’t have ever envisaged setting a foot in Sri Lanka. Now the Buddhist murdering gang been ruling for over
    one year. They can’t even keep a street clean let alone running a country. That’s how pathetic these gangsters are.

    THESE YAMA PALLAN ONLY GOOD AT MURDER, ROBBERY AND MAYHEM. Luckily for them there are a lot
    of thick skinned Sinhalese with very very poor memory. So what more you can ask for? Lucky bunch
    the murderous yama pallan are!

  5. Hiranthe Says:

    If this is true and if it materialised, Sira will lose the job and lose the leadership of SLFP paving the way for MR to be the leader of SLFP. It will be a go home for Maru sira.

    This will save SLFP and MR will get the full power and also Chandrika will lose her importance in my view… for which RAW will not be happy….

    Therefore these protests can not be considered as organised by JVP…

    They may be organised by the joint opposition.

    It is good to know at least one enemy of the nation is going down. UNP will be next before they give the green light to Indian Bridge…

  6. NAK Says:

    Can anyone guess why Vijithamuni called Ranil “Janadhipathithuma” several times in Badulla and Ranil responded with a sweet smile!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress