අපි අලුතෙන් හිතමු
Posted on March 23rd, 2016

නලින් ද සිල්වා

අප නොදැනුවත් ව නමුත් හිතන්නේ සුද්දන්ට (බටහිරයන්ට) වුවමනා අන්දමට ය. අපේ පාසල්, විශ්වවිද්‍යාල හා වෙනත් එවැනි ආයතනවලින් අප පුරුදු කෙරෙන්නේ සුද්දන් අනුව සිතීමට ය. අද පිරිවෙණෙන් හා දහම් පාසලෙන් ද කෙරෙන්නේ ඒ කාර්යය ම ය.අප බොහෝ දෙනාට ඒ බව නොවැටහෙයි. ඒ අපට ලබාදෙන දැනුම සුද්දන්ගේ දැනුම නිසා ය. 
සුද්දන්ගේ දැනුම් විද්‍යාත්මක බව ද අපේ සාම්ප්‍රදයික දැනුම් මිථ්‍යා බව ද අපට සෘජුව හෝ වක්‍රව හෝ කියා දෙනු ලැබේ. යමක් පිළිගැනීමට නම් ඒ විද්‍යාත්මක විය යුතු යැයි කියැවෙයි. එහෙත් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය බටහිරයන්ගේ ම න්‍යායට හා තර්කයට විරුද්ධ ය. ඒ බව සුද්දෝ ද නො දනිති. ලංකාවේ සිටින සුද්දන් ගැන කියනුම කවරේ ද? අපි පසුව මේ ගැන විස්තරාත්මක ව තේරුම් ගනිමු. බටහිර විද්‍යාවේ ඇත්තේ කතන්දර පමණකි. එහි ඇත්තක් නැත.
 
එහෙත් අපට පුනරුත්තපත්තිය (පුනබ්භවය) විද්‍යාත්මක ව පෙන්වීමට යැයි ඊනියා විද්‍යාඥයෝ කියති. ඇතැම් ප්‍රබුද්ධ යැයි කියන ජාතිකවාදීහු ද බටහිර විද්‍යාවට මුළා වී පුනබ්භවය ප්‍රතික්‍ෂෙප කරති්! අපි ඔවුන්ට අනුකම්පා කරමු.
 
දෙමළ ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නය අවුල් වී ඇත්තේ ද අප බටහිරයන්ට අවශ්‍ය අන්දමට හිතන බැවිනි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු මෙරට දෙමළ ජාතිවාදයක් තිබිය නො හැකි ය. එහෙත් අපට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නො හැකි වී ඇත. මෙරට ජාතිවාදයක් ඇත. එය ඇමරිකන් කුමන්ත්‍රණයක් නො වේ. ඇමරිකාව ලෝක බලවතා වීමට පෙර ද එංගලන්ත සුද්දෝ සිංහල සංස්කෘතියට විරුද්ධව දෙමළ ජාතිවාදය බිහිකළහ. 
 
පසුගිය දා අපේ උගතුන් යැයි කියන අය ජාතික ගීය පිළිබඳ විවිධ කතා කීහ. ඒ සියල්ල ජාතික ගීයක් යනු කුමක් දැයි නොදන්නාකමේ ප්‍රතිඵල ය. ඇතැමුන් කීවේ අප සිංහල ජාතික ගීය දෙමළ ජනයාට බලයෙන් පොවන බව ය. ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම  දෙමළ ජනයාට කරන අසාධාරණයක් නො වේ. එය දෙමළෙන් ද ගැයීම නම් සිංහලයන්ට කරන අසාධාරණයකි. 
 
අපි හැකිතාක් සමස්තය දැකීමට උත්සාහ කරමු. ප්‍රශ්න මැදින් අල්ලා නොගෙන ප්‍රශ්නයේ ඉතිහාසයට යමු. ප්‍රශ්න කෑලිවලට කඩා විසඳුම් සෙවීම බටහිර ක්‍රමය වෙයි. අපි වෙනත් මගක් අනුගමනය කරමු. අපි අලුතෙන් හිතමු. 
 
මෙම ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.  
 
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
 
 
නලින් ද සිල්වා
 
2016 මාර්තු 23

2 Responses to “අපි අලුතෙන් හිතමු”

  1. Christie Says:

    නලින් අපි සුද්දො වගෙ හිතනවනම් අපි මෙලහට ඉන්දියානු ජඩවාදයෙන් මිදිල හුඟක් කල්.

    අපි බිරිතානි යටත් විජිතයක් කාලෙ අපිට ඉහලින් හිටියෙ, අපිව පාලනය කලේ හා අපිට කෙලින්ම කෙලියෙ සුද්දො නෙමෙයි ඉන්දියානු පරපෝසිතයො.

  2. Senevirath Says:

    ඉන්දියානු ජඩ වාදයත් බටහිර චින්තනයේ ප්‍රතිඵලයක් ක්‍රිස්ටි දැන් ඉන්දියාව ”’ හින්දිරිස් ”’ බුරුවන් සිටින ((( පුන්යවර්දනගේ ලිපිය ) ලංකාව ”’සින්ගිරිස් ””

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress