සෝභිත හිමි ගැන උඩුවේ හිමිගෙන් නිවේදනයක්
Posted on March 24th, 2016

 තරංග රුක්ෂාන් උපුටාගැණීම නෙත්

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ. පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවයි. ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම අභිරහසක් බවට පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඉකුත්දා ප‍්‍රකාශ කළා. ඒ අනුව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසටයි දැනුම් දී ඇත්තේ. එහෙත් උන්වහන්සේ මෙතෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නැහැ.
කෙසේවෙතත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ අත්සනින් යුතුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව කියන ලිපියක් අද (24) පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වී සම්බන්ධයෙන් කුතුහලයට තුඩු දෙන කරුණු ඊට ඇතුළත්.

එම ලිපිය පහතින් බලන්න

uduwe-01

Uduwe-02

– See more at: http://nethfm.com/article/101141#sthash.k0IwQXWw.dpuf

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress