මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ගැන සටහනක්-
Posted on March 27th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

මට මුල් වරට මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මුණ ගැසුනේ 1986 දීය​. ඒ කාලයේ මම උසස් පෙළ විභාගය අවසන් කොට ප්‍රතිඑල එන තෙක් ශ්‍රී ලංකා ගුවන් විදුළි සංස්ථාවේ බාහිර නිෂ්පාදකයෙක් ලෙස සේවය කලෙමි. මේ කාලයේදී මහාචාර්‍ය ලිලී ද සිල්වා , මහාචාර්‍ය ජෝතිය ධීරසේකර යනාදී ධීමතුන් ගේ සහභාගීත්වයෙන් පුනරුප්පත්තිය ගැන වැඩ සටහනක් නිශ්පාදනය කිරීමට මම අත ගැසුවෙමි. මෙම වැඩසටහනට මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා සිටියහොත් වටිනාකම තවත් වැඩි වන බව ඇලෙක් රොබට්සන් මහතා මට කියූ හෙයින් මහාචාර්‍ය කාලෝට ආරාධනා කිරීමට මම කොලඹ වෛද්‍ය පීඨයට ගියෙමි. එතුමා මාව සාදරයෙන් පිළිගත් නමුත් මේ කාලයේදී ජයවර්ධන රජය විසින් මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාට අනියම් මාධ්‍ය තහනමක් දමා තිබූ හෙයින් ඔහුගේ පැමිනීම නිසා අපට කරදරයක් වෙනු ඇතැයි කියා මගේ ඉල්ලීම ප්‍රතික්ශේප කලේය​. 

carlo

මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාට  පොතක් පිළිගන්වමින් 

මට දෙවන වර මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා හමු වන්නේ අඩි 25, 000 පමණ උඩදී ගුවන් යානයකය​. වසර 1989 විය යුතුය​. එතුමා හෙල්සින්කි බලා පියාසර කරමින් සිටි අතර අහම්බයෙන් මෙන් ගුවන් යානාව තුලදී මෙමෙ එතුමාව දුටුවෙමි. එසේම අප සුහද කතා බහක නිරත වූයෙමි. 

මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස 2006 දී වැඩ භාර ගැනීමෙන් පසුව මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාව මට නිතරම හමු විය​. එසේම එතුමා අපගේ මානසික සෞඛ්‍ය වැඩසටහන් වලටද නිතරම සහභාගී විය​. 

වරක් සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැමිණි වැඩ සටහනකදී ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් ශාලාවේ සිටි පිරිස එලියට දමා එකිනෙකා වරින් වර ගෙන ඉන ඉහ අතගා බලමින් යළි ශාලාවට දැමූහ​. මේ අතර එලියට දමන ලද පිරිස අතර මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ද විය​. එතුමාව දැකීමෙන් මට මහත් වේදනාවක් දැනුනු අතර ලංකාවේ පිළිගත් බුද්ධිමතෙක් තව ස්වල්ප වේලාවකින් ආරක්‍ෂක නිලධාරීන් ගේ සම්බාහනයට ලක් වීමට නියමිතව තිබුනේය​. මෙහිදී මම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ආරක්‍ෂක නිලධාරීන්ට මහාචාර්‍යවරයා අපහසුතාවට ලක් නොකර ඔහුට ශාලාවට යාමට ඉඩ දෙන්න යැයි උස් හඞින් කීවෙමි. මෙහිදී ආරක්‍ෂක නිලධාරීන් පසුබැස මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ට ශාලාවට යාමට දුන් අතර ඔවුන් විසින් මාව වැඩිපුර පරික්‍ෂාවට ලක් කරන ලදි.

2008 කාලයේදී මම 1971 කැරැල්ල ගැන විමර්ශනාත්මක ග්‍රන්ථයක් කියමින් සිටියෙමි. එතුමා 1971 කැරැල්ලේ දී වෙඩි වැදුනු කෑගල්ලේ ජුලියට් ගේ ජීවිතය බේරා ගැනීමට කල මැදිහත්වීම ගැන තොරතුරු මට කීවේය​. එසේම මගේ එම පොතට පෙරවදනක් ද දුන්නේය​. 

2009 මැයි මාසයේදී මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා  මා විසින් දියත් කරන ලද මානසික සෞඛ්‍ය වැඩ සටහනක් සඳහා මාදම්පේ පිහිටි පුත්තලම් දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට ආවේය​. වැඩ සටහනෙන් පසු එතුමාත් , මමත් , පුත්තලම් දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය උදය රණසිංහ මහතාත් , වෛද්‍ය ජයනාත් බුත්පිටියත් දිවා ආහාරය සඳහා මාදම්පේ පිහිටි සංචාරක හෝටලයකට ගියෙමු. එහිදී එතුමා අතීත කතා රැසක් අපට කීය​. මේ කතා අතර කතරගම ගිනි පෑගීමද විය​.  

වෛද් රුවන් එම් ජයතුංග 

4 Responses to “මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ගැන සටහනක්-”

  1. Senevirath Says:

    මේ ලිපියේ කාලෝ ගේ”’ ගුණාගුණ”’ ගැන කිසිවක් නැහැනේ ඔහු කරන කියනදෙවලින් සිංහල ජාතිකත්වයට වෙනදේ ගණය අපට දන ගන්න අවශ්‍ය

  2. Dham Says:

    ධර්මසිරි,
    රුවන්ට ඇත්තේ එක ජාතියකි. එය මිනිස් ජාතියයි. ඔහුගේ ලිපිවලින් ඔබට එය පැහැදිලිවිය යුතුය​.
    මිනිසා ගැන සංවේදී නැති එකාට මොන ජාති ආලයද ? මොන ආගම්ද ?
    අපහට වී ඇත්තේ මෙයයි. මිනිස්කමවත් නොඅඳුනන අධමයින් අපි බුද්ධාගම රැකගැනීමට මුරදේවතාවන් කරගෙන ඉඳ පලක් නැත​.
    ප්‍රථමයෙන්ම අපි මිනිසත් වී සිටිමු. රුවන් උගන්වන ධර්මයත් ඉගෙනගනිමු. බුද්ධාගමට ගැලපේනම් පිලිපදිමු.
    අපි ජයග්‍රහනය කරා යායුත්තේ බුදුරජුන් දැක්වූ මගමය​.
    කාලෝ මෙන්ම අනික් අයද ප්‍රඥාවේ තරමට හොඳ නරක දෙකම කරති.
    සැලසුම් සහගතව බුද්ධාගම විනාශකරන අදිටනින් කතයුතු නොකලේනම් සමාව දිය හැකිය​.

  3. Senevirath Says:

    එහෙනම් ඉතින් රට බෙදන මාක්ස් වාදියොත් රනිල් ඇතුළු සිරිසේන කල්ලියය ජාතිකගීයටකො.ඩි යට පොලුදාන සේරම එකම මිනිස් ජාත්යෙනේ මෝ කටද ආණ්ඩු පෙරලන්න කතා කර .න්නේ කොටි සවිධානයෙ හිටියෙත් මිනිස්සු පරංගි ලන්දේසි ඉංග්‍රීසි පරදන්න සටන් කලේ මුල්ලෙරියාව ලේවිලක් කලේ මිනිස්කම නො හදදු නන උන්ද
    . රුවන් නම් ලියන්න ඇත්තේ කාලොගේ අදහස් පිළිගන්න නිසා නොවෙය කියලය් මම නම් හිතන්නේ . කාලො සමහර සිංහලයන්ගේ ගිනි පෑගීමවරදියය් කිව්වට කිතුනුවන්ගේ වැඩ ගැන කියල නැහැනේ ජාතික ගීය ගැන කාලෝ කිව්වා දේම ති එයා තේරුම් ගන්න වැද්දන්ට බලය තිබුන නම් කොටින්ට වාගේ එයා කියය වැඩි භාෂාවෙනුත් කියන්න කියල මහාවංශය විවේචනය කරන්න ඊයාට ඉස්සර ලක්ෂ ගණනක් ලැබුන නේද . .
    කාලෝ හොන්ද වෙදෙක් හැබැය් සිංහල ජාතිකත්වයට විරුද්ධය් අපි කියන්නේ ඒවා ගැ ණය මනුශ්ශත්වය නොවෙය්ය් සියලු සත්වයෝ ගැනත් අපි දන්නවා එකය් කොළඹ දෙමළුන්ගෙන් හරි අඩක් තවම ඉන්නේ . ඉස්සර මාඝාත නීති පනේව්වෙත් සිංහල ජාතිකයෝ මිසක් අනිත් ජාතිකයෝ නෙමෙය් .

  4. Dham Says:

    මේ මිනිස්සු ගැන කතාකිරීම අවශ්‍ය නැත​. මෙවැන්නන් බොහෝ ගනනක් ඇත​. අවශ්‍යවී ඇත්තේ ප්‍රතිපත්ති සහ ක්‍රමවේද සංවිධානයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress