අද කළ යුත්ත
Posted on March 29th, 2016

නලින් ද සිල්වා  

අප රටේ දෙමළ දේශපාලන බලය දෙමළ ජනතාවගේ ප්‍රතිශතයට හෝ දෙමළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිශතයට හෝ වඩා බෙහෙවින් වැඩි බව දැනගැනීමට දේශපාලනඥයකු වීමට අවශ්‍ය නො වේ. අෂ්රොෆ්ගෙන් පසුව මුස්ලිම් දේශපාලන බලය ද වර්ධනය වෙමින් පවතියි. පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී මුස්ලිම් ජනයා ද මුළුමනින් ම මෙන් මුස්ලිම් පක්‍ෂවලට ඡන්දය දුන්හ. දෙමළ හා මුස්ලිම් ජනයා සුළු ප්‍රමාණයක් එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දුන් නමුත් සංධානයට ඡන්දය දුන් ප්‍රමාණය නොසළකා හැරිය යුතු ගණයේ එකක් විය. දෙමළ හා මුස්ලිම් දේශපාලනය ගැන සාකච්ඡා කිරීම අපි පසුවට කල් තබමු. මෙහි දී අපේ අවධානය යොමු වන්නේ සිංහල දේශපාලනයට ය. 
 
දෙමළ දේශපාලන බලය වැඩිවීමට ප්‍රධාන හේතුව සිංහලයන් සංඝයක් ලෙස කටයුතු නොකිරීමත්, ඒ හේතුව නිසා ම නොවුනත් සිංහල දේශපාලනඥයන් නිවට වීමත් ය. ඇතැමකු කියනු ඇත්තේ බණ්ඩාරනායක මහතා එයට වගකිව යුතු බව ය. අද සියළු ප්‍රශ්නවලට වරදකරුවා මහින්ද රාජපක්‍ෂ බවට පත්කරන ආකාරයට එකල ප්‍රශ්නවලට වරදකරුවා කෙරුණේ බණ්ඩාරනායක මහතා ය. බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීම නිසා සිංහල ඡන්ද බෙදුණු බව ඇතැමකු කියනු ඇත. එහෙත් බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි ප නොපිහිටුවන්නට සිංහලයන් නියෝජනය කිරීමට කිසිම පක්‍ෂයක් නොතිබෙනු ඇත. එක්සත් ජාතික පක්‍ෂය එදත් අදත් සිංහලයන් නියෝජනය නොකරයි. එයින් කියැවෙන්නේ ඒ පක්‍ෂයට සිංහලයන් ඡන්දය නොදෙන බව නො වේ. එහෙත් ඒ පක්‍ෂය නිර්මාණය කෙරුණේ ම ඊනියා ලාංකික ජාතිය නියෝජනය කිරීම සඳහා විවිධ පක්‍ෂ එකතු වීමෙනි. 
 
1932 දී පමණ බණ්ඩාරනායක මහතා සිංහල මහා සභාව පිහිටුවී ය. ඒ 1921 දී පොන්නම්බලම් අරුණාශලම් හින්දු මහා සභාව පිහිටුවා දශකයකටත් වැඩි කාලයක් ඉක්ම යෑමෙන් පසුව ය. කෙසේ වෙතත් බණ්ඩාරනායක මහතාට සිංහලයන් නියෝජනය කිරීම සඳහා සංවිධානයක් අවශ්‍ය බව පෙනී ගොස් තිබිණි. එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවීමේ දී සිංහල මහා සභාව ද එයට එක්වූ නමුත් බණ්ඩාරනායක මහතා තම අනන්‍යතාව රැකගෙන සිටි බව පෙනී යයි. 1951 දී ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවනු ලැබුයේ ලිබරල් පක්‍ෂයක් ලෙස නමුත් වැඩිකල් නොගොස් 1952 සිට පක්‍ෂය සිංහල ජාතිකත්වයේ පක්‍ෂය බවට ක්‍රමයෙන් පත්විණි. මෛත්‍රිපාල සිරිසේන පක්‍ෂය මරාදමන තෙක් ශ්‍රී ල නි ප සිංහල ජාතිකත්වයේ පක්‍ෂය වූයේ වික්ටර් අයිවන්, රෙජිනෝල්ඩ් කුරේ, රාජිත සේනාරත්න වැනි සිංහල විරෝධීන් චන්ද්‍රිකා කුමාරතුංග ලවා පක්‍ෂය සෝබොන්කරණයට ලක්කරවීමේ ප්‍රයත්නය ද පරාජය කරමිනි. අද චන්ද්‍රිකා මහින්දට විරුද්ධව මෛත්‍රිපාලට සහාය දැක්වීම පුදුමයක් නො වේ. මහින්ද ජාතිකත්වය නියෝජනය කරන අතර චන්ද්‍රිකා සෝබෝන් සංස්කෘතිය නියෝජනය කරයි. මෛත්‍රිපාල යනු ආත්මාර්ථකාමී නිවට චරිතයක් පමණකි. ඔහු තම පෞද්ගලික ලාභාපේක්‍ෂා සඳහා බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය වූ පරිදි ශ්‍රී ල නි පක්‍ෂය මරා දැම්මේ ය. 
 
අද මහින්ද කළ යුත්තේ මරා දැමුණු ශ්‍රි ල නි පක්‍ෂයේ බලය ඇල්ලීමට ක්‍රියා කිරීම නොව සිංහල ජාතිකත්වය නියෝජනය කරන නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීම ය. ආරම්භයේ දී එය සංවිධානයක්, සංසදයක්, පර්’ෂදයක් හෝ වෙනත් එවැන්නක් හෝ විය හැකි ය. අවශ්‍ය නම් එය සිංහල මහා සභාව හෝ වෙනත් සභාවක් හෝ ලෙස  නම් කළ හැකි ය. එහෙත් මහින්ද අප කියන දෙයට සවන් නො දෙයි. ඔහු සවන් දෙන්නේ සිංහල විරෝධී පැකේජ්කරුවන් වූ ජී එල් පීර්ස්, දයාන් ජයතිලක සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි වෙනත් එවැන්නන්ට හා ඔහුට තුන්සැරයක් ජනාධිපති වීමට නොහැකි බව කියමින් ඔහු හිරේ නොදැමීම ගැන කණාගාටුවන බව කී සරත් නන්ද සිල්වා වැන්නන්ට ය. මහින්ද මතක තබාගත යුත්තක් ඇත. ඔහුට ඡන්ද ලැබෙන්නේ ඉතා වැඩි වශයෙන් සිංහලයන්ගෙන් බව ය. මෙරට සිංහලයෝ ප්‍රතිශතය ලෙස ගත්කල 75%ක් වෙති. ඔවුන්ගෙන් 80%කට වඩා ඡන්ද ලබාගැනීමට මහින්දට හැකි ය. එහෙත් ඒ අර පුරෝහිතයන්ට අනුව කටයුතු කිරීමෙන් නො වේ. 
 
සිංහලයන් නියෝජනය කිරීම යනු දෙමළ හා මුස්ලිම් ජනයාට විරුද්ධවීමක් නො වේ. අද දෙමළ ජනයා බටහිර, ඉන්දීය පමණක් නොව කුලවාදී වෙල්ලාලයන්ගෙන් ද ගලවාගත යුතු ය.  දෙමළ ඡන්ද ලබාගැනීමට ද ක්‍රමයක් ඇත. ඒ ඊනියා අඩුකුල දෙමළ ජනයාගෙනි. ඒ ගැන ද අපි පසුව කතා කරමු.  ඒ දෙමළ ඡන්දත් සමග මහින්දට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට හැකිවනු ඇත. එවැනි බලයක් ගොනුකර ගත්විට බටහිර හා ඉන්දීය සැලසුම් පරාජය කිරීම අපහසු කටයුත්තක් නොවනු ඇත. 
 
මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය
 
 
නලින් ද සිල්වා   
 
2016 මාර්තු 29

6 Responses to “අද කළ යුත්ත”

  1. Senevirath Says:

    ඇත්තටම සරත් සිල්වා කල කීදේ මහින්දට අමතකද මහින්දගේ ඇස් පෑදෙන්නේ කවදාද .මේක නම් කරුමයක්

  2. Dham Says:

    “එහෙත් මහින්ද අප කියන දෙයට සවන් නො දෙයි.”

    සමාවෙන්න. ඔබතුමාගේම තර්කය ගනිමින් ඔබතුමා කලයුත්තේ මහින්ද පස්සේ නොගොස් සරත් වීරසේකර වැන්නන් ඒකරාසි කරගෙන “සිංහල සංගමය​” පිහිටුවීමයි.

  3. Dham Says:

    “ඔවුන්ගෙන් 80%කට වඩා ඡන්ද ලබාගැනීමට මහින්දට හැකි ය.”

    This is your estimate, because probably you overestimate him. I assume he knows himself better ( because you or me cannot be the Buddha to read his mind correctly) . So he knows he does not deserve 80% Sinhala votes back of his mind.

    But let us make use of his method. Don’t force him to do what you think. But force him to secretly agree to future course of action. Then make secret MOU and get his signature. Keep it in a safe place. Let the most reliable young man to protect the MOU. All promises can be broken. let him promise but never fulfil those and just do the opposite. Let him betray the Tamils and Muslims this time.

  4. Dr.K Says:

    “එහෙත් මහින්ද අප කියන දෙයට සවන් නො දෙයි.”
    එදත් ඔහු එසේකල බැවින් ඔහුගේ උපදේශක රොත්තත් එක්කම පහලට වැටිණි .

    එහෙත් ඔහුගේ තිබුණ හා දැනටත් ඇති සිංහළකම තේරුම් ගත් සැබෑ සිංහල බවුද්ධයන් ඔහු අතහැර ගියේ නැත. ඔහු එය තේරුම්ගෙන මේ සිංහල රෙටේ සබැ සිංහල නායකයෙකු ලෙස ඉදිරියට යායුතුව ඇත. ඔහු එසේ පෙරමුණ ගත්කල අනිකුත් ජාතීන්ද සුහදසිලිව ඔහුට එක්වී සහයෝගයෙන් ජීවත්වනු ඇත.

    එසේ නොවුන හොත් නැවත සිංහල ජාතිය රකින නායකයෙක්ය් බිහිවීමට කලින්ම අනිකුත් ජාතීන්, ගිජුලිහිණියන් නොමරු සතෙකුගේ ලේ මස් ගලවා බුදිමින් විනාශකරන්නා සේම සිංහළ ජාතිය මේ රටින් අතුගා දමන දිනයක් උදාවෙනු ඇත. අද ඒ තත්වය උදාවෙන තැනට පර කැපී ඇත.

    මහින්ද අකමැත්තෙන් හෝ මේ ඇත්ත පිළිගත යුතුව ඇත.

  5. Dilrook Says:

    “ඔහු සවන් දෙන්නේ සිංහල විරෝධී පැකේජ්කරුවන් වූ ජී එල් පීර්ස්, දයාන් ජයතිලක සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි වෙනත් එවැන්නන්ට හා ඔහුට තුන්සැරයක් ජනාධිපති වීමට නොහැකි බව කියමින් ඔහු හිරේ නොදැමීම ගැන කණාගාටුවන බව කී සරත් නන්ද සිල්වා වැන්නන්ට ය. මහින්ද මතක තබාගත යුත්තක් ඇත. ඔහුට ඡන්ද ලැබෙන්නේ ඉතා වැඩි වශයෙන් සිංහලයන්ගෙන් බව ය. මෙරට සිංහලයෝ ප්‍රතිශතය ලෙස ගත්කල 75%ක් වෙති. ඔවුන්ගෙන් 80%කට වඩා ඡන්ද ලබාගැනීමට මහින්දට හැකි ය. එහෙත් ඒ අර පුරෝහිතයන්ට අනුව කටයුතු කිරීමෙන් නො වේ.

    I agree except for the 80% percentage.

    Sinhalese will not vote 80% to anyone. They have never done so. Highest ever was in 2010 April (71%), 2010 January (68%) and November 1994 (68%).

  6. Dham Says:

    There used to be a certain percentage of UNP votes. As the population aged, this percentage started to diminish. So are the SLFP votes. This is why we see 71% 2010 as the highest. ( Not sure what is the percentage in 1977 JR).

    To move up from 71% what could MR have done ?
    This was the obvious peak with regard to Sinhala Nationalist votes. Even if MR became an Ultra Nationalist and removed 13A, settled Sinhalas in the North ( those very poor UNPeers , not SLFpeers) he could not have improved very much.

    This is why he chose to win Muslim and Tamil votes than Sinhala votes. He settled Tamils in the North, gave prime land to Muslims, moved away Sinhalas from the North my giving just 12 sheets to roof. He developed North. Spent most money to win minority votes.

    People in the South did not notice improvement but they noticed new rich MR class appearing, a more beautiful Colombo emerging, highways to make Jolly built. This is probably good to win back more UNP votes than Sinhala votes. UNPeers meanwhile sang the “corruption” song louder and louder. Lawlessness also grew, Kudu, Liquor, Prostitution all sky rocketed. Even people like Weerawansa was fed up. What he was earning was nothing compared to young kids. So we saw those UNP votes intact and some poor Sinhala voters fed up with MR. This is natural. This is the intelligent work by the voter. Voters are not fools.

    So, he did not make any mistake. This is real him.

    Once LTTE was eliminated he could have completely got rid of this “TAMIL PROBLEM” by being more Sinhalaya and Bauddhaya than he was, earned money for his family not so greedily but carefully at the same time working more for the people, improving transport together with roads, less beatifications and more suitable investment into the future and easily could have ruled Sri Lanka forever. He was too greedy.

    Even now he appears has not learnt a lesson. He and joint opposition trying to convince the voter that the voter was wrong. But people will not convert. they are not fools.
    This is why real nationalist supporters should get a written certificate from him. He should be forced to declare nationalistic policies openly. Real plans to honestly make the suffering of the poor eliminated should be shown. There is no point him coming back without he himself changing. As the bus conductor said “He must bring the change”.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress