ඒකාබද්ධ විපක්ෂයේ  ජීනිවා වන්දනාව.
Posted on March 30th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

සතුරා බලවත්ය. යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති‌‌ මෙලඩාන් මෙලොසොවිච් තම රට වෙනුවෙන් සටන් කිරීම නිසා, අත්අඩංගුවට ගෙන, අත් අඩංගුවේ සිටියදී මරා දමා, පසුව නඩු අසා සියලු චෝදනා වලට ඔහු නිදෝස් කොට නිදහස් කලහ. ඒ අප මුහුණ දෙන සතුරාගේ ස්වරූපයයි.

තවද මහා බොරුවක් නිර්මාණය කර එය හේතුවක් වශයෙන් ඉදිරිපත් කර, ඉරාකය ආක්රමණය කර, ජනාධිපති සදාම් හුසේන් අත් අඩංගුවට ගෙන, නඩු අසා එල්ලා මරා දැමූවේද ඒ සතුරාමය.

ලිබියානු ජනාධිපති ගඩාෆිව පාරට ඇද දමා මරා දැමූ ඒ සතුරා විසින් අපේ රටේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව බලයෙන් පහකර, ඔහුව මරා දැමීමේ ඉලක්කය හඹා යමින් සිටී. මේ සතුරා සදාකාලිකවම අපේ සතුරා වන අතර, යම් හෙයකින් ඔහු මිතුරෙක් බවට පත්ව ඇත්නම් ඉන් පෙන්වා දෙන්නේ අප තුලවූ, අපේ සතුරාගේ සතුරාව  ඝාතනයව ඇති බවයි.
සතුරා අප මෙන් නොව බලවත්ය. ධනවත්ය, නැනවත්ය.බුද්ධිමත්ය. ඔහු ඉතා සංවිධානාත්මකය. අප බොහෝවිට සතුරා සමග හැප්පෙනවාට වඩා, හුරතල් වීමට පුරුදුව සිටීමු. සතුරාද අපව හුරතල් කරමින්ම හෙමින් ඔහුගේ සිලු උවමනාවන්ම ඉටුකරගැනීමට පුරුදුව සිටී. සතුරාට ප්රබල ජාත්යන්තර ජාලයක් ඇත.
1. එක්සත් ජාතීන්ගේ සංවිධානය.
2. මානව හිමිකම් කොමිසම
3. ලෝක සෞඛ්ය සංවිධානය
4. ජාත්යන්තර අධිකරණය.

5 අන්තර් පාර්ලිමේන්තු සංවිධානය

ආදී වශයෙන් සංවිධාන ගනනාවක්ම සතුරාගේ ආරක්ෂාව සදහා ගොඩනංවා ඇත. මේ සංවිධාන සියල්ලක්ම මනාව ඉටුකරමින් සිටින්නේ සතුරාගේ ඕනෑ එපාකම් වන අතර, ඒ තුලින් සතුරා විසින් මුලු ලෝකයම ඉතා පහසුවෙන් තම ඕනෑ එපා කම් සදහා යොදා ගැනීමේ මෙහෙයුමක් දියත්ව ඇත.

 

වර්තමානයේදී අප රටේ සතුරාට ඇති බලවත්ම අභියෝගය වන්නේ “ඒකාබදැධ විපක්ෂයයි” මහින්ද රාජපක්ෂව පලවා හැරිය සතුරා, මහින්ද හිතවාදී ඒකාබදධ විපක්ෂයක් පවතිනු දැකීමට තරම් මනසක් ඇත්තෙකු නම් නොවේ. මාර්තු මස 17 වෙනිදා රැස්වීමෙන් පසුව මෙරට ජනතාව, සිය බලය හා ගමන් කලයුතු දිසාව මනාව විදහා පෑහ. මෙම රැලිය දුටු මෙරට ජන සතුරෝද කම්පනයට පත් කල එම රැලිය. අපගේ සැබෑ සතුරාගේ උපාය උපක්රම වෙනස් කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ ප්රකාශයට අනුව, අන්තර් පාර්ලිමේන්තු සංවිධානය විසින් ඒකාබද්ධ විපක්ෂය පිලිගෙන ඇත. තවද ඒකාබද්ධ විපක්ෂයට ජිනිවා වලදී සාකච්ඡාවට අවස්ථාවක්ද ලබාදී ඇත.

දැන් අප ගමන් කල සටන් මාවතේ අළුත් සගයෙක් මතුව  ඇත. ඒ “අන්තර් පාර්ලිමේන්තු සංවිධානය” යි.

දැන් අපට ගැටලු ගනනාවක් මතුව තිබේ.

  1. ඒකාබද්ධ විපක්ෂය තමන්ව පිලිගන්නා ලෙස ඉල්ලා මේ ජිනිවා වල පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංවිධානයට ලිපියක් යොමු කලාද?
  2. එසේ කලා නම් එහි අරමුණ කුමක්ද?අන්තර් පාර්ලිමේන්තු සංවිධානය විසින් ඒකාබද්ධ විපක්ෂය පිලිගෙන ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීමකට අනුව නොවේ නම්; තමන් නොඉල්ලූ දෙයක් මේ අන්තර් පාර්ලිමේන්තු සංවිධානය විසින් ඔවුන්ගේ උවමනාව මත ලබා දෙනවාද යන්න සම්බන්ධව පැහැදිලි අවබෝධයක් මෙරට ජනතාවට අවශ්යව ඇත.

මේ වනවිට මේ රටේ පාලන බලය පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතා අතය. මේ යහපාලනයට තව ගමන් කරන්නට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නාද මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ මහතාට මේ රජය පෙරලා දැමීමට ඇත්තටම ගතවන්නේ උපරිම වශයෙන් මාසයක කාලයකි. මෙවන් තත්වයක් ඇති අවස්ථාවක මේ සතුරාගේ ආයතනයක් වෙත සාකච්ඡාවකට යනවාය යන්නෙහි අරුත වන්නේ, ඒ ආයතනයෙන් ඒකාබද්ධ විපක්ෂය, උපකාරයක් අපේක්ෂා කරනවා යන්නයි. මෙය තව අතකින් කියනවා නම් මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාට ඉතා පහසුවෙන් කල හැකිව ඇති දේ, අන්තර් පාර්ලිමේන්තු සංවිධානයට බාර දෙනවා වැනි ක්රියාවලියකි. මෙය වහාම නවතාලිය යුතු තත්වයකි. අප අපේ ගැටලු විසදාගත යුතුය. අපට තනිවම කිරීම දුෂ්කර නම් අප අපගේ මිතුරෙකු වෙත යා යුතුය. ඒසේ යනවා නම් යා යුතු වන්නේ, රුසියාව, චීනය හා උතුරු කොරියාව වෙතය.. අපේ සතුරාගේ සැබෑ සතුරන් මොවුන්ය. අඩු තරමින් ඔය ජිනිවා යන තුන්දෙනා උතුරු කොරියාව වෙත ගොස් බිදුණු මිතු දම් යලි පිලි සකර කර ගත්තේ නම් සතුරා මීට වඩා මානසික ගරා වැටීමකට ලක්වෙනු ඇත.

මේ වන විට අපගේ මිතුරන් ඉදිරියේ ලෝකයේ මහා ධනවත් රාජ්යවූ ඇමරිකාවද, බ්රිතාන්යද ආධාර ඉල්ලා සිටින තත්වයක් අප දකිමු. චීනයට ණය වී ඇති මුදල් ඇමරිකාවට ගෙවීම පවා කරගත නොහැකිව, සිටින තත්වයකදී, චීන ජනාධිපතිවරයා මහා බ්රිතාන්යට පැමිණෙන විට, එලිසබත් මහා රැජින ගුවන් තොටුපලටම ගොස්, එතුමාව පිලිගන්නා තත්වයට පත්ව ඇති ලෝකයක අප නිවටව ජිනිවා දුව යා යුතු නම් නොවේ. අප රටේ පවතින මේ සැබෑ තත්වය පෙන්වා දිය යුත්තේ චීන රජයට හා රුසියන් රජයන්ටය. ඒ සදහා වහාම ක්රියාත්මක වන පරිදි ජාත්යන්තර සටන් මෙහෙයුම් කමිටුවක් ඒකා බද්ධ විපක්ෂය විසින් ආරම්භ කල යුතුය. නිවැරදි දිසාවට සටන මෙහෙය විය යුතුය. සටන් කලමනා කරණය මනාව සිදුකල යුතුය. ඒකාබද්ධ විපක්ෂය තුලද සතුරු ඒජන්තයින් පොකුරු ගැසී සිටින බවත් ඔවුන් මේ සටන ඔවුන්ට ඇවැසි ආකාරයට මෙහෙයවීමට වෙර දරණ බවත් මෙරට ජනතාව මනාව තේරුම් ගෙන ඇත. සටනට විරාම ඇවැසි නැත. සටන අඛණ්ඩව ගලා යා යුතුය.
1. ඒකාබද්ධ විපක්සයේ කොටසක් ජනතාව සමග බිම් මට්ටමින් සංවිධාන කටයුතු කල යුතුය.
2.තවත් කණ්ඩායමක් ඉහල විධායක තත්වයේ දේශපාලනය සිදු කල යුතු අතර
3. ජාත්යන්තර තලය ප්රබුදධයින් කණ්ඩායමක් විසින් හැසිර විය යුතුය.

තවද, අප සටන් කරන්නේ ප්රාදේශීය සභා මැතිවරණය ඉල්ලා නොවන බවත් රාජ්ය බලය ගැනීම අරමුණු කරගෙන බවත් ප්රකාශ කල යුතුය.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

 

7 Responses to “ඒකාබද්ධ විපක්ෂයේ  ජීනිවා වන්දනාව.”

  1. NAK Says:

    The suicides vests and explosives found in the north sounds ominous.
    Mr.Mahinda Rajapakse should take exra care on his personal security as it is clear to all that he is now unstoppable and Jahapalane for its own survival, might resort to extreme measures. Even if not the ‘Jahapalane one can never trust its western and injun allies.

    As Mr. Pandithage says we can not expect much from Geneva and could well be a wasted effort, especially when they already know about it but chose to do nothing about it.

  2. Dham Says:

    පණ්ඩිතගේ මහතානෙනි,
    සිංහල බෞද්ධයාට සම්පූර්ණයෙන්ම පක්‍ෂපාතීවී වැඩකරන බව තරමකටහෝ කෑගසා කියන්නේ ඒකාබද්ධ විපක්ෂය මිස මහින්ද රාජපක්ෂ මහතා නොවේ. කරුමය ඒකයි.

  3. Dilrook Says:

    It is a good thing they complained to the inter parliamentary group in Geneva. The UNP government only listens to such powers. It will also be a valuable record for the future to show how biased some international groups are.

    Joint Opposition’s key policies must be drafted by Weerawansa and Gammanpila, not Mahinda or Dinesh. Certainly not Basil, Namal, Vasudeva, Peiris or Dayan.

    Listening to all speeches at Hyde Park and subsequent statements, it is very clear there is a huge crack in the Joint Opposition. Weerawansa and Gammanpila stand for the outright removal of ETCA (if signed), reverse demilitarisation and curtail 13A. However, others don’t stand for these nobel aspirations. They merely blame the UNP for these and give no indication what they will do to remove these. Unless the JO is directed by Weerawansa and Gammanpila, it will die down like the Nugegoda Movement.

    It was Mahinda, Dinesh, Namal, Vasudeva, Peiris and Dayan that ruined it by joining with Sirisena for the August 2015 election without putting forward its own policy. Had they contested separately they would have got the Opposition Leader post and ruined the SLFP to the point of surrender. It was an honest mistake (as people expected Sirisena to show some integrity) but it cannot be repeated.

  4. Dham Says:

    “මේ වනවිට මේ රටේ පාලන බලය පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතා අතය. මේ යහපාලනයට තව ගමන් කරන්නට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නාද මහින්ද රාජපක්ෂ මහතාය.”

    How could Mr. Pandithage make such a sweeping statement unless he has first hand information. ?

    Assuming this is correct ( there is every indication that it is so), there is some sort of agreement between Ranil and Mahinda , otherwise Mahinda would have already stopped this Yahapalanaya and back to MahiPalanaya.
    President was in hiding when Ranil came to Araliyagaha Mandiraya in early mor nning and had this secret agreement possibly signed and later and illegally assumed PM post by force.

    In that case patriotic people of Sri Lanka , lead by Nalin De Silva , Sarath Weerasekara are wasting their time.
    Moreover MR should not wait until yahapalanaya destroy Sri Lanka, let the Ranaviruwos suffer in jail, terrorists TNA taking over the North if he has slightest patriotism left in him. He should kick out Ranil and MY3 and become the Head of State using පාලන බලය which is in his hands.

  5. chandrasena Pandithage Says:

    Dham, ඇයි අපි “මේ වනවිට මේ රටේ පාලන බලය පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතා අතය. මේ යහපාලනයට තව ගමන් කරන්නට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නාද මහින්ද රාජපක්ෂ මහතාය.” ලීවේ? මෙසේ සදහන් කිරීමට ඇති පදනම කුමක්ද?

    රාජ්ය පාලකයාට,
    1. ජනතා‌්රසාදය, ජනතා බලය තම අත තිබිය යුතුය.
    2ත්රිවිධ හමුදාව හා ත්රිවිධ හමුදාවේ විශ්වාසය තිබිය යුතුය.
    3.නිදහස් අධිකර ක්රියා වලියකට උචිත තත්වයක් රටතුල නිර්මායව තිබිය යුතුය.
    4. රාජ්ය සේවකයින්ගේ ආශිර්වාදය තිබිය යුතුය.

    මෙෙත්රීපාල සිරසේන මහතාට මේ කිසිදු දෙයක් නැත. ඊට අමතරව, තමන්ගේ දේශපාලන පක්ෂයේද කිසිදු බලයක් නැති ඔහු ඒ සෑම බලයක්ම ඇතැයි පෙන්වා දෙන්නේ, තමන් පැමිණි විට අහෝසි කරනවායයි හඩගා කිවූ ජනාධිපති විධායක බලය හේතුවෙණි.
    ඔහුට චන්දය දුන් අයත් ඔහුගේ මිනිසුන් නොවීම තුලින් පෙන්වන්නේ; ඔහු මෙරට කිසිදු බහුතර ජන බලයක් සමග බද්ධව සිටින පුද්ගලයකු නොවන බවයි. සිංහාසනය මත වාඩිවූ ශුභ නම් දොරටුපාලයා මෙන් මෙතුමාද සිංහාසනාරූඩව සිටී.

  6. chandrasena Pandithage Says:

    Dham, පරාජිත මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරීම පහසුවෙන් අමතක කර දැමිය හැකි කටයුත්තක් නොවේ. ඔහුව සැබෑ ලෙසම පරාජය කලේ කෙසේදැයි යන්න සොයා බැලිය යුතු වැදගත් එෙතිහාසික සිදුවීමකි
    ලෝක ඉතිහාසයේ කිසිදු තැනක සිදු නොවූ කටයුත්තක් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග මෙරට සිදුවිය.
    1. ඒ ජනතාව පෙල ගැසී මහින්ද රාජපක්ෂ මහතාව සොයා යාමයි.
    2. ලක්ෂ 57ක් වූ ජනතාව සෘජුවම එදා චන්දය පාවිච්චි කලේ මහින්ද රාජපක්ෂ මහතාවම ඉලක්ක කරගෙනය.

    පැහැදිලිවම රට දෙකට බෙදී ඇත.

    1. ඒ මහින්ද රාජපක්ෂ ජනතා බලගනය
    2. මහින්ද රාජපක්ෂ විරෝධී සතුරු බලගනය වශයෙණි.

    මහින්ද රාජපක්ෂ බලගනය තුල පැහැදිලිවම ලක්ෂ 57 ක මහින්ද රාජපක්ෂ මහතාට මෙහෙයවිය හැකි ජනතාවක් සිටින අතර, මහින්ද විරෝධී බලගනය මෙහෙයවීමට ජනාධිපතිතුමාටවත්, අගමැති තුමාටවත් නොහැකි බව, මාර්තු මස 15 වෙනිදා එක්සත් ජාතික පක්ෂය පැවත්වීමට ගොස් අසාර්තකවූ රැස්වීම පැහැදිලිව පෙන්වයි.

    පවතින රජය පියවරෙන් පියවර හමුදාවට සිදුකරන විනාශය කියා පාන්නේ; පවතින රජයට මේ හමුදාව විනාශ කරන්නේ කෙසේදයි සිතමින් සිටින බවයි. කොහොමටත් හමුදාව බැදී සිටින්නේ රටත් ජනතාවත් ආරක්ෂා කිරීමට බැවින් ජනතාවගේ ආරක්ෂාව ස්තිර බවය.
    අධිකරණය රෑටත් වැඩකරන නිදු කිරණයක් බවට පත්ව ඇති බැවින‌් රට තුල නීතිය වල් වැදී ඇති බවය. රජයට රාජ්ය සේවයවත් පාලනය කරගත නොහැකි තත්වයක සිටින මේ අවස්ථාවේ රටක් පාලනය කර ගැනීමට නොහැකි තත්වයට පත්ව ඇත.

  7. chandrasena Pandithage Says:

    රටක් පාලනය කිරීමට ඉතා වැදගත් සාධකයක් වන්නේ මුදල්ය. මේ මුදල් රටේ ජනතාවග ෙන් හා වදේශ රාජ්යන්ගෙන් හා ආයතන වලින් ලබා ගනී
    පසුගිය රජය යුධ සමයේදී හදිසිණයක් පෞද්ගලික බැංකුවකින් ගැනීමට යාමේදී එදා වපක්ෂය එම බැංකුවට බල කොට සිටියේ එම ම‌ුදල නොදෙන ලෙසත් එසේ දුන්නොත් තමන් බලයට පැමුණි විට එම ම‌ුදල් එම බැංකුවට නොගෙවන බවට සිදු කරන ලද තර්ජනයයි. ඔවුන් කියා දෙන‌්නේ ඒ ආකාරයටම මහිනද රාජපක්ෂ ප්රමුඛ වර්තමාන විපක්ෂයටද ඒ ආකායෙන්ම කටයුතු කල හැකි බවට දන්වන පණිවුඩයයි. මේ හැකියාව පාවිච්චි කොට මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය, රටේ පවතින අධිරාජ්ය ගැති ඒකාධිපති ස්වරූපය සම්බන්ධව පැහැදිලි කොට චීනය හා රුසියාව යන රට වලට, මෙට රජයට මුදල් දෙන්න එපා හන පණිවුඩය දෙන අතරම, මෙරට 57 ලක්ෂයක්වූ ජනතාවට තමන්ගේ බැංකුවල ඇති සියලුම මුදල් අවම වශයෙන් මාසෙක කාලයක් සදහා ඉවත් කරගන්න යන පණිවුඩයත්, ඒ මාසය තුල ලොතරයි පත් මිලදී නොගන්නා ලෙසද, එම මාසය තුල සිගරට් හා මත්පැන් බීම නවතා දමන ලෙ ඉල්ලන පණිවුඩයද අධිෂ්ඨානශීලීව ඉල්ලා සිටිවිට එහිපලයන්ද නැවුම්රසයකින් සටන් උපක්රමයක්ය. මෙය හදුන්වා දුන්නේ පරණ විපක්ෂය බැවින් අපද එය කලාට කිසිදු වරදක්ද නොවේ එය කරනවාද නැද්ද ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අතේය. ඔහුගේ තීරණය මත මේ රජයේ පැවත්ම ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress