මැලේසියාවේ සෙන්තුල් විහාරාධිපතිට සහ මහකොමසාරිස්‌ට එල්ලවූ කොටි ප්‍රහාරය
Posted on September 5th, 2016

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

මැලේසියන් ඉන්ඩියන් ප්‍රොaගේසිව් ප්‍රන්ට්‌, මැලේසියන් ටැමිලන් හෙවත් නාම්තමිලර් සහ මැලේසියන් ඉන්ඩියන් එඩියුකේෂන් ට්‍රාන්ස්‌පෝටේෂන් ඇසෝසියේෂන් නැමැති ඊලම්වාදී සංවිධාන මෙම ප්‍රහාරයට සම්බන්ධ බව තවදුරටත් අනාවරණය වී තිබේ.

එච්. අයි. ඊ. ටී. ඒ. නමින් හඳුන්වන සංවිධානය මෙහෙයවන්නේ ඒ ඊලන්ගෝවන් නැමැති ඊලම්වාදී ද්‍රවිඩයෙකි.

 

 

 

 

* සෙන්තුල් විහාරාධිපතිට ප්‍රහාර එල්ල කිරීම මෙහෙයවූයේ ඉලන්ගෝවන්

* ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ට පහරදීම පිටුපස නාම්තමිලර්

මැලේසියාවේ සුප්‍රසිද්ධ සෙන්තුල් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය සරණංකර නාහිමියන්ට සහ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ අන්සාර්ට ප්‍රහාර එල්ල කිරීමට මූලිකවූ කොටි හිතවාදීන් දැන් හෙලිවී ඇත.

මැලේසියන් ඉන්ඩියන් ප්‍රොaගේසිව ප්‍රන්ට්‌, මැලේසියන් ටැමිලන් හෙවත් නාම්තමිලර් සහ මැලේසියන් ඉන්ඩියන් එඩියුකේෂන් ට්‍රාන්ස්‌පෝටේෂන් ඇසෝසියේෂන් නැමැති ඊලම්වාදී සංවිධාන මෙම ප්‍රහාරයට සම්බන්ධ බව තවදුරටත් අනාවරණය වී තිබේ.

එච්. අයි. ඊ. ටී. ඒ. නමින් හඳුන්වන සංවිධානය මෙහෙයවන්නේ ඒ ඊලන්ගෝවන් නැමැති ඊලම්වාදී ද්‍රවිඩයෙකි.

ඉලන්ගෝවන් සෙන්තුල් විහාරය අසලට ගොස්‌ යුද අපරාධකරුට පන්සලට ඇතුළුවීමට අවසර නොදෙන ලෙසත් මැලේසියාවේ සියලුම බෞද්ධ විහාරවලට තමා අනතුරු අඟවන බවත් කියමින් තර්ජනය කරනු ලැබීය.

මේ අවස්‌ථාවේ විහාරයේ පිටතට පැමිණ සරණංකර හිමියන්ට රැස්‌ව සිටි ඊලම් විරෝධතාකරුවන් පහරදී ඇත.

ඉලන්ගෝවන්ට අමතරව කුවාලම්පුරයේ තවත් ඊලම්වාදී කණ්‌ඩායමක නායකයකුවූ ෂම්බුගාද විරෝධතාකරුවන් පිරිසක්‌ රැගෙන සෙන්තුල් විහාරය සමීපයේ සිටි බව අනාවරණය විය. අපි ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිට පන්සල තුළට ඇතුළු වීමට ඉඩ නොදෙන්නෙමු යයි ඔහු ප්‍රකාශ කළ බව මැලේසියානු මාධ්‍ය කියා සිටියේය.

සෙන්තුල් විහාරයට ඊලම්වාදීන් පිරිසක්‌ ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන බව වාර්තාවූ විගස මැලේසියා පොලිසිය කැරලි මර්දන භට පිරිසක්‌ යෑවීමෙන් ඊලම්වාදින්ගේ උත්සාහය ව්‍යාර්ථ විය.

මෙම සිද්ධියෙන් පසු මැලේසියාවේ කුවාලම්පූර් ගුවන්තොටුපලේදී ඊලම් ද්‍රවිඩයන් පිරිසක්‌ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ අන්සාර්ට පහරදීම නිසා හිතේ ඇතිවූ තුවාල සමඟ ඔහුව රෝහලට ඇතුලත් කර ඇත. එහෙත් මේ ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිවෙක්‌ අත්අඩංගුවට ගෙන නැත. මෙයට පෙර මැලේසියාවේ මෙවන් තත්ත්වයක්‌ ඇතිවූයේ නැත. ඊලම්වාදීන් ප්‍රසිද්ධියේම ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ සහ සෙන්තුල් විහාරාධිපතිට පහරදීමට ක්‍රියාකිරීම බරපතළ ප්‍රශ්නයකි. ඊට බලපාන ප්‍රධාන හේතුව කුවාලම්පුරයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ බුද්ධි අංගයක්‌ නොතිබීමයි. 2015 මැයි මස වනතුරු පැවැති බුද්ධි සේවාව කඩාවැටුණි. මෙසේ බුද්ධි සේවාව ක්‍රියාත්මක කළේ පසුගියදා හදිසියේම මියගිය මේජර් ජනරාල් මානවඩුයි.

ඔහු මැලේසියානු පොලිස්‌පති කාල්ද් අබුබකර් සමඟ එක්‌ව මැලේසියාවේ ඊලම්වාදීන් නිරීක්‍ෂණය කරනු ලැබීය. එම බුද්ධි සේවා ජාලයට මැලේසියානුවන් කීපදෙනකුද සම්බන්ධ විය. මේ නිසා ඊලම්වාදීන්ගේ ක්‍රියාකාරකම් මේජර් ජෙනරාල් මානවඩුට වාර්තා විය.

2015 මැයි මස මේජර් ජෙනරාල් මානවඩුගේ සේවය නතර කළ රජය ඔහුට මෙරටට කැඳවනු ලැබීය. ඒ පසුපස මැලේසියානු ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරියකුද විය. අද එම ක්‍රියාදාමය පාරාවලල්ලක්‌ බවට පත්වී තිබේ.

මැලේසියාව තුළ වසර ගණනාවක්‌ තිස්‌සේ කොටි ක්‍රියාකාරකම් පැවැතුණි.

මැලේසියාවේ එම්. අයි. සී. සංවිධානය මෙහෙයවන සිවරාජා නාම්තමිලර් සංවිධානය මෙහෙයවන කලමුලිගන් කව්ලර් කර්නගාල් මෙහෙයවන මුරලි – පී. කේ. ආර්. සංවිධානය මෙහෙයවන තීබස්‌ වැන්නවුන් එරට සිටින ප්‍රධානතම ඊලම්වාදීන් වේ.

මැලේසියානු ආරංචි මාර්ග පැවසුවේ හාට්‌නට්‌ලර් මෙහෙයවන තලෙයිමුලිගන් ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ හමුවී හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට මැලේසියා සංචාරය නතර කරන ලෙස දක්‌වමින් සංදේශයක්‌ද භාරදීමට නියමිතව තිබූ බවයි.

මේ අතර මැලේසියාවේදී එල්ලවූ මෙකී දින ප්‍රහාර සම්බන්ධව සංහිඳියාව ගැන හඬ නගන පාර්ශව මුනිවත රකින බව පැහැදිලිය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ට හා සෙන්තුල් විහාරාධිපතිට එල්ලවූ ප්‍රහාර සුළු ලෙස තැකිය නොහැක.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේෂ කටයුතු අමාත්‍යාංශය මැලේසියා බලධාරීන් වෙත විරෝධතා එල්ලකර තිබේ. එහෙත් ආරක්‍ෂක දුර්වලතාවයන් සිදුවී ඇති බව පැහැදිලිය.

* කීර්ති වර්ණකුලසූරිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress