ති්රපිටකධාරී මහතෙරනමක් වූ නාඋයනේ අරියධම්ම නාහිමිගේ අපවත්වීම සාතිශය සංවේගදායීය
Posted on September 7th, 2016

ජාතික භික්ෂු පෙරමුණ 

පුරා වසර 77 ක් ආයු වළඳා අපවත්වී වදාළ නාඋයනේ අරියධම්ම ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ධුරන්‍ධර නාහිමිපාණන්ගේ වියෝව ලාංකීය සංඝ ශාසනයට අපරිපූරණිය පාඩුවකි. තෙවලා බුදුදහම ඇතුළත් ති‍්‍රපිටකය පිළිබඳ ප‍්‍රාමාණකි දැනුමකින් හෙබි යතිවරයන් වහන්සේලා අතර ඉදිරියෙන්ම වැඩසිටි අප නාහිමියෝ භාෂා විශාරදත්වයෙන්ද නිපුණයහ. පරිසමාප්ත වූ අරුතින්ම ති‍්‍රපිටකධාරී තෙරනමකැයි සංකා විරහිතව පැවසිය හැකි නාඋයනේ නාහිමිගේ ශාසනික මෙහය අපමණය. 

            ශතාධික ආරණ්‍යසේනාසනාදිය නිමවා පංචශතාසන්න ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා තනවා ශාසනය රෝපණය කරන්නට කළ මෙහෙය කෙලෙස සම් අගේකොට නිමකරන්නද? ති‍්‍රපිටකවාගීශ්වර, මහා කම්මට්ඨාන, මහෝපාධ්‍ය ආදී ගෞරව නාමෝපලක්‍ෂිතව සම්භාවනාවට ලක්වූ නාඋයනේ නාහිමි මේ කිසිදු නාමයක්, තනතුරක් තමා උසස්කොට අන්‍යයන් තලා පෙළා, හෙළා දැමීම කෙරෙහි නොයොදවන ලද්දෙකි. දේශනාවත්, භාවිතාවත් සම සමව පවත්වාගන්නට උන්වහන්සේ දැක්වූ සාමාර්ථය සංඝ සමාජයට දුන් නිහඩ පාඩමකි.

            තම නිකාය, තම පාර්ශ්වය, තම පරම්පාරාව උසස් යැයි නොසිතූ උන්වහන්සේ වෙරවීරියෙන් උකහාගත් දැනුම ශාසනයේ චිරස්ථිතිය උදෙසා, සංඝ සමාජයටත්, පොදු සමාජයටත් සරල බසින් නොවලහා දේශනා කළ සේක. 

            මුන්වහන්සේගේ අපවත්වීම ලාංකීය සංඝ සමාජයට මෙන්ම සම්බුදු ශාසනයට නොපිරවිය හැකි පාඩුවක් වන්නේ එහෙයිනි. කෙතෙක් ගුණ කිවද යළි ජීවමාන නොවන කීර්තිභාවෝපශේෂගත වූ අපවත්වී වදාල ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ධුරන්‍ධර අතිපූජ්‍ය නාඋයෙන් අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් ජාතික භික්‍ෂු පෙරමුණේ සාතිශය සංවේගය මෙයින් පළකර සිටින්නෙමු.

 

මේවගට,

ජාතික භික්ෂු පෙරමුණ 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress