ඔබ මේවා දන්නවාද    6 – (ජාතිය පාවාදීම””පොතෙන් )
Posted on September 13th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

    උඩරට ඉඩම් කොල්ලය ගැන ඉහත ලිපිවලින් කීව්වා .ඉඩම් අහිමි වීමෙන් බදුලු දිස්ත්‍රික්කයේ  අතරමං වූ ගැහැනියක් , මිනිහෙක් හා කුඩා ළමයෙක්  පහත බදුලු පාරේ ඉබාගාතේ යන විට උපදිසාපති ලමසුරියට හමුවිය සානුකම්පිත මිනිසේකුවූ ඔහු ඔවුන් හා කල සාකච්චාවක් ඔහු විසින් වාර්තා කර ඇත  එහි සාරාංශය මෙසේය ””””අපි වලපනේ මිනිස්සු අපේ සේරම ඉඩම් නැතිවුනා අවුරුදු තුන හතරක වී බදු හිග හිටියා එකපාරටම ගෙවන්න කිව්වා බැරිවුනාම ඉඩම් වෙන්දේසි කළා දැන් අපි ජීවත් වෙන්න රැකියාවක් හොයාගෙන යනවා යන්නේ අහවල් තැන කියල නිනව්වක් නැහැ ,.වතුවලත්කුලී  වැඩ කරලා බැලුවඑත් හරිහමන් පඩි යක් ගෙවන්නේ නැහැ හම්බ කරනදේ සේරම කන්කානි  නයට හිලව් කරගන්නවා ඉතින් හැමදාම ණය ””””’
                             මේ කන්කානියෝ රටට  පිළිලයක් වුනා ප්‍රධාන කන්කානි හා උප කන්කානි  කියල දෙන්නය් ප්‍රධානියා මාසික වැටුප් ලබමින්  කම්කරුවන් පාලනය කළා පාලනය කරන බව පෙන්වමින් උන් කම්කරුවන්ගෙන්ද  මුදල් එකතු කරගත්තා . (වන්දන්ද්රීසන් )__වැඩට ගෙන්වාදෙන කම්කරුවන් එකෙකුට ශත 06 ක හෙඩ් මනි හෙවත් පෙන්ස් මනි  ලෙස කන්කානියාටදිනකට  ලැබුනා මිනිසුන් 100ක් නම් පදයට අමතරව එයාට රු.6 ය් . අසනීපව සිටි කම්කරුවන් පවා මෙනිසා වැඩට යොදවා උන් හම්බ කළා ශ්‍රම හිග කාලයේ වත්තෙන් වත්තටහිටි අඩියේ  කම්කරුවන් මාරු කර උන් මුදල් උපයා ගත්තා ((km දසිල්වා) .—-කම්කරු වැටුප් ගෙවන විට මුදල් වංචා කළා .1850 දී කම්කරුවෙකුගේ මාසයකම  වැටුපසිලිම් 18 ය් .කුලී කරුවන්ගේ සාමාන්‍ය නය ප්‍රමාණය රු 100 ය් සමහරවිට 200 ටත් වැඩිවුනා .කන්කානියෝ ඉන්දියාවටත් මුදල් යැව්වා  කුලී කාරයෝ හැමදාම නයය් . ශත 13 වැටුපට  1870 මෙහි ආ   කරුපය්යා  එසේ මුදල් උපයු නිසා ඔහුගේ පුත්තු  අද වතු හිමි  කම්කරු නායකයෝද ඇමැතිවරුද වුනා  තොන්ඩමන්ගේ පියා වූ කරුපය්යා ඉතා සුලුකලකින්ම මේ මුදල් වලින්   වවෙන්දන් වතුයායම මිලට ගත්තා . දන් ඒ මුදල් සිංහලයන් විනාශ කිරීමට යොදනවා .
                                      උඩරට සිංහලයෝ මහපාරට වැටුනා කල්ලතෝනි උඩරට අයිති  ප්‍රභූන් වුනා අහෝ රටකට ගිය කල  .11948 පුර්ණ නිදහසත් එපා අර්ධ නිදහස ඇති කියල ඉල්ලා ගත්තු  DS  ලා ඉඩම්හිමි සුද්දොත් එක්කම උන්ගේ කුලී කාරයොත් යැව්වද   නැත්නම් උන්ට වැඳගෙන  තමන්ගේ වැඩක් බලා ගත්තද . එහෙව් උන්ට තවමත් උඩ රටියෝ චන්දෙ දෙනවද . 

One Response to “ඔබ මේවා දන්නවාද    6 – (ජාතිය පාවාදීම””පොතෙන් )”

  1. Christie Says:

    දර්මසිරි ඩී එස්ල පුරවැසි පනත ගෙනල්ල හුඟක් ඉන්දියානු පරපෝසිතයන් ආපසු යැව්ව ඉන්දියාවට. කොතලාවල නේරු ගිවිසුමෙනුත් උන් හුඟක් යවන්නයි තිබුනෙ. නමුත් ඉන්දියානු අදිරදය බන්ඩ ගෙනල්ල පොල්ල දැම්ම.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress