New Constitution is eyeing to divide the country සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්ති රකින්නේ අපි! – Mahinda
Posted on September 13th, 2016

Dadaderana

 ඩාලි පාරේ බෝඩ් ලෑල්ලක් ඇති ගොඩනැඟිල්ලක තනතුරු ලබාගැනීමෙන් පසු අනිත් අය කපා හැර කටයුතු කරගෙන යද්දී බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති සහිත පක්ෂය රැක ගැනීමට කටයුතු කරන්නේ අප විසින් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රීලනිපය අද ඉන්නේ එක්සත් ජාතික පක්ෂය සමග බවත්, මේ නිසා සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය රැක ගැනීමට අපට සිදුව ඇති බවත්, ඒ මහතා කියයි.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ “සභ්‍යත්ව රාජ්‍යයක් කරා” කෘතිය ජනගත කිරීම නිමිත්තෙන් තුංමුල්ල, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී අද (13) පස්වරුවේ පැවැති උත්සවයේදී හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

අලුත් ව්‍යවස්ථාවක් හදා රට කෑලි කිරීමට  යන බවත්, රණවිරුවන්  29,000ක් ජීවිත පරිත්‍යාගයෙන් බේරාගත් රට බෙදීමට ඉඩදිය නොහැකි බවත්, තමන් බලයේ සිටියදී බැංකී මුන් ලංකාවට ඇවිත් නොකී කතා දැන් ඇවිත් කියන බවත්, ඒ මහතා එහිදී පැවසීය.

රට, ජාතිය, ආගම ගැන ඕනෑම අයෙකුට ආඩම්බරයෙන් කතා කළ හැකි බවත්, එහෙත් දැන් ජාතිය ගැන කතා කළොත් ඔහු ජාතිවාදියෙකු තත්ත්වයට ඇද දමන බවත් පෙන්වාදුන් හිටපු ජනාධිපතිවරයා බුද්ධිමතුන් පවා මේ ගැන නිහඬව සිටීම කනගාටුදායක බවත් කියා සිටියේය.

අද විදේශිකයින් විසින් අපව නටවමින් සිටින බවද, අප එම රටවල ගැත්තන් වී සිටින බවද, පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙවන් වාතාවරණයක යුද අපරාධ සෙවීමට ජාත්‍යන්තර විනිසුරුවන් ගෙනඒමට අප විසින්ම යෝජනා කරන තත්ත්වයක් උදාවී ඇති බවද, වැඩිදුරටත් එහිදී පෙන්වාදුන්නේය.

The Joint Opposition has become the guardians of the policy of S.W.R.D. Bandaranaike as true SLFPers, former President Mahinda Rajapaksa says.

The observation was made at an event held in Colombo this afternoon (12).

He also pointed out that since the SLFP has formed an alliance with the UNP, they had to take over the task to safeguard the policy of S.W.R.D Bandaranaike.

He also alleged that a plan is underway to divide the country through the proposed new constitution.

Any chance could not be given that to happen. Over 29,000 soldiers have sacrificed their lives in there bid to protect the country from terrorists, he said.

– See more at: http://adaderana.lk/news/36934/new-constitution-is-eyeing-to-divide-the-country-mahinda#sthash.Jc3E7XEi.dpuf

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress