අප්පච්චී
Posted on September 28th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

අප්පච්චී මම ඔබ තේරුම් ගතිමි (විකුර්ති බුද්ධිපොතෙන් )
ර්මසිරි සෙනෙවිරත්න

වත්තේ ,කුඹුරේ දවසම වෙහෙසී ගෙදරට එන මගේ අප්පච්චී
කහට කෝප්පය සප්පායම්වී පිලමත වැතිරෙන අප්පච්චී
දෙනෙතේ කැටිවූ සෙනෙහස හඳුනා නොගත්තෙමී මම අප්පච්චී
උරුමය ,අයිතිය ,ඉල්ලා කලබල කෙරුවේ ඒකය් අප්පච්චී

උගතමනා යය් දෙවු ශිල්පයම මනස විජාතික කරවද් දී
දහමට අනුගත සිංහල දිවිමග නුහුරුවුනා පාසල් යද් දී
ඔබේ අපිස් බව නිවට කමක් ලෙස සලකන්නට මාහුරුවෙද් දී
පන්සල අනුගත නිකෙලෙස් ගිහිවත නොසැලුනි මතකය් සිද් දී

සඳ තරු දිදුලන ඔබේ ලෝකයේ මට පෙනුනේ දැඩි හිස් බව කී
මා ඉල්ලුයේ නිවී නිවී දිදුලන විදුලි බුබුළු පිරි ලෝකය කි
මගේ ලෝකයේ හිස් බව වැටහෙන විට ඔබ මියගොස් කාලයකි
තනිව යැපෙන්නට සිදුවූ පසුවය් පසක්වුනේ එය මිරිඟුව කී
************* *********** ***********
මිෂනාරී අධ්ධ්යාපනයෙන් කුරුවල්වූ මනසින් යුතු වර්තමාන සිංහලයෝ දහමට අනුගත ගිහිවත අමතක කර යහපාලනයක් ඉල්ලා දැන් අන්දමන්දව සිටින්නේත් මේ අන්දමටය . යහපාලනයද දැන් මිරිඟුවකි . මෙය ලිව්වේඅප්පච්චී මලෝ ”’ කතාවට වසර ගණනක් පෙරය .එහෙත් එයටද කිසියම් අදාලබවක් නොපෙනෙන්නේද

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress