යාපනයේ යළි මතුවූ පොංගුතමිල් අවතාරය
Posted on September 28th, 2016

උපුටා ගැන්ම දිවයින 27/09/216 

* ස්‌වයංපාලනය දෙනු.

* සෛවරී පෙඩරල් පාලනයක්‌ අවශ්‍යයි.

* ජාත්‍යන්තර හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක්‌ අවශ්‍යයි.

* යාපනයේදී කළ ප්‍රකාශ පිළිකුලෙන් හෙලා දකිනවා. – රජය

රජය සංහිඳියාව ගැන කටයුතු කරන අවස්‌ථාවේ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් දෙමල පිබිදීම නමින් බෙදුම්වාදී මෙහෙයුමක්‌ දියත් කර ඇත. උතුරේ බෞද්ධ සිද්ධස්‌ථාන ස්‌ථාපිත කිරීම අත්හිටුවනු සහ සිංහල ජනතාව පදිංචිකරවීම නතර කරනු යන්න මෙම දෙමළ පිබිදීමේ අරමුණ වී තිබේ. මෙය ප්‍රභාකරන්ගේ පොංගු තමිල් වැඩපිළිවෙළට සමානය. මෙලෙස උතුරේ ෙද්‍රdaහී ක්‍රියාදාමයක්‌ දියත්වන අවස්‌ථාවේ ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළද මෙහෙයුම් දියත් වේ. එම මෙහෙයුම දියත්කර ඇත්තේ බී. ටී. එස්‌. හෙවත් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයයි. වත්මන් විදේශ කටයුතු අමාත්‍යංශය බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවත් කළේය. එහෙත් ඊට මුවාවී බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය විදේශිකයන් කීපදෙනකුද සම්බන්ධකරගෙන උතුරේ හමුදාකරණය සහ ඉඩම් අල්ලා ගැනීම මැයෙන් සමුළුවක්‌ පවත්වා ඇත.

මේ සමුළුවේදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් අතර රැඟුම් දක්‌වන කුප්‍රකට චරිතයද දක්‌නට ලැබීය. ඒ 1971 කැරැල්ලේ හිටපු කැරලිකරුවකුවූ සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත් නැමැත්තායි.

මෙම බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය නැමැති කොටි හිතවාදී සංසදය ජිනීවාහි තානාපති ප්‍රජාවට පෙන්නුම්කරන්නේ උතුර මුළුමනින්ම හමුදාව විසින් අල්ලාගෙන ඇති බවයි. එසේම උතුරේ ද්‍රවිඩ ජනතාව සතු සියලුම ඉඩම් හමුදාව පැහැරගෙන ඇති බවටද සාවද්‍ය ප්‍රචාරයක්‌ද මෙකී සංසදය දියත් කර ඇත.

වසර ගණනකට පෙර ජිනීවා කොටි උද්ඝෝෂණවලදී කැපී පෙනුන චරිතයක්‌වූ හිටපු ප්‍රාදේශීය වාර්තාකරුවකුවූ ශාන් තේවරාජා නමැත්තාද යලි මතුවී එකී සමුළුවට සහභාගිවී තිබේ.

ප්‍රභාකරන් උතුරේ ද්‍රවිඩ ජනතාව සතු ඉඩම් අල්ලාගෙන තම මියගිය කොටි ත්‍රස්‌තයන්ට ලබාදෙද්දී මොවුන් නිහඬව සිටියේය. කොළඹ පොලිස්‌ නිලධාරියකු සතු පාරම්පරික නිවසද ප්‍රභාකරන් විසින් අල්ලාගෙන තිබුණි.

එසේම යාපනය කච්ෙච්රියේ තිබූ සියලු ඔප්පු තිරප්පු පුළුස්‌සා දමා ඇත. එහෙත් දැන් ඉඩම්වලට අළුත් අයිතිකරුවන් ඉදිරිපත්වී තිබේ. පලාලි අධිආරක්‍ෂක කලාපයට පමණක්‌ නොව මයිලව්ඩි වරායටද හිමිකම් ඉදිරිපත්වී තිබේ.

එම තත්ත්වය මත මේ ඉඩම්වල නිසි හිමිකරුවන් සෙවීමක්‌ සිදුවී නැත.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුවේ 33 වැනි සැසිවාරයේදී ඊලම් ඩයස්‌පෝරාව පත්‍රිකාවක්‌ බෙදාහැරියේය. මේ පත්‍රිකාවේ පිටපතක්‌ ද්‍රවිඩ ජාතික කොටි විරෝධියකු විගස අපට එවනු ලැබීය. එහෙත් කොළඹ විදේශ කටයුතු බලධාරීන් ජිනීවාහි සිදුවන්නේ කුමක්‌දැයි නොදනිති.

මෙම ඊලම් ඩයස්‌පෝරාව නිකුත් කළ පත්‍රිකාවෙන් රජයට බරපතළ චෝදනා එල්ල කර ඇත.

එක්‌ පැත්තකින් සංහිදියාව ගැන හඬ නගමින් ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනයන සාවද්‍ය ක්‍රියාදාමයක්‌ මෙහෙයවීමට මෙම ඊලම්වාදීන් ක්‍රියාකිරීම දෙබිඩි පිලිවෙතක්‌ නොවේද? මේ සැබෑ යථාර්ථය තේරුම් ගැනීමට රාජ්‍ය යාන්ත්‍රණයට නොහැකිවී ඇත.

පසුගියදා යාපනයට පැමිණි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් රජයේ බලධාරීන් වෙතින් ඉල්ලීමක්‌ කෙරුණි. ඒ හමුදාව සතු වානිජ ව්‍යාපාර තමන්ට පවරාදෙන ලෙසය.

ඩයස්‌පෝරාවේ ඉල්ලීමෙන් සනාථවන්නේද බෙදුම්වාදී ඉලක්‌කය නොවේද?

ප්‍රභාකරන්ට එරෙහි නඩුව විභාග කිරීම පුද්ගලික හේතූන් මත යයි කියමින් ප්‍රතික්‍ෂේප කළ විග්නේෂ්වරන් උතුරේ දෙමළ පිබිදීම නමින් ව්‍යාපෘති මෙහෙයවන්නේ සැබෑ සංහිඳියාවටද? එහෙත් සෑම වසරකම ජිනීවා සහ කොළඹ එන්. ජී. ඕ. කාක්‌කන් ශ්‍රී ලංකාවේ විවිධ නගරවලට ගොස්‌ සංහිදියාව ගැන ජනතාවගෙන් අදහස්‌ විමසති.

මෙම පසුබිම මැද විග්නේෂ්වරන් පැවැත්වූ ද්‍රවිඩයන් නැගිටිනු හෙවත් දෙමළ පිබිදීම උද්ඝෝෂණයේදී ඉල්ලීම් කීපයක්‌ ඉදිරිපත් කර ඇත.

එම ඉල්ලීම් අතරින් ප්‍රධාන ඉල්ලීම ස්‌වයංපාලනය ලබාදෙන ලෙස කරන ඉල්ලීමයි. එසේම මානව හිමිකම් උල්ලංඝණය කිරීම ගැන වූ දේශීය යාන්ත්‍රණය ප්‍රතික්‍ෂේප කරන අතර හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක්‌ අවශ්‍ය බවද කියාසිටියි. මෙම දෙමළ පිබිදීම උද්ඝෝෂණයෙන් විග්නේෂ්වරන් ඉලංකයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ නායකත්වයට අභියෝගයක්‌ කර ඇත.

මේ හැර උතුරු නැගෙනහිරට පෙඩරල් පාලනයක්‌ද උතුරෙන් වහාම හමුදාව ඉවත් කරන ලෙසද ඉල්ලා තිබේ. රජය මේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් පැවසුවේ පිළිකුලෙන් යුතුව එය හෙලාදකින බවයි.

ශ්‍රී ලංකාවේ හමුදාව ජාති සංහාරයක්‌ සිදුකල බවට දැක්‌වෙන පුවරුද මෙම උද්ඝෝෂණයේදී ප්‍රදර්ශනය කර ඇත. එහෙත් විග්නේෂ්වරන් පවසා ඇත්තේ මෙම උද්ඝෝෂණය සිංහල බෞද්ධ ජනතාව වරදවා තේරුම් නොගත යුතු බවයි.

මේ ප්‍රකාශයෙන් උතුරු මහ ඇමැතිවරයා සිතන්නේ මෙරට බහුතරය අඥනයන් බවටද? ඔහුගේ ස්‌වයංපාලනය නැමැති බෙදුම්වාදී පිළිවෙළ යලිත් එළිදක්‌වා තිබේ. ප්‍රභාකරන් සිටින විට යාපනය පැත්ත පළාතේ නොගිය විග්නේස්‌වරන් උතුර මුදාගත් පසු උද්ඝෝෂණ පැවැත්වීම විහිළුවක්‌ නොවේද? ඔහුට ඊලම්වාදීන් එක්‌ව මෙම උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට හැකිවූයේද හමුදාව උතුර මුදාගත් නිසාය.

මෙම උද්ඝෝෂණය ඇමතූ හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේන් ප්‍රේමචන්ද්‍රන් ද්‍රවිඩ ජනතාව පරාජිත ජනතාවක්‌ නොවන බවත් අවසානය දක්‌වාම සටන් කරන බවත් ප්‍රකාශ කර ඇත.

මෙලෙස උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් යාපනයේදී රඟදැක්‌වූයේ “මායාවක්‌” නොවේ. ඔහුගේ මේ ක්‍රියාදාමය ඉදිරියේදී මතුවිය හැකි බරපතළ අනතුරක ලකුණු බව අවබෝධ කරගත යුතුය.

කීර්ති වර්ණකුලසූරිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress