යහපාලනයේ දෙවර්ෂ පුර්ණය දැන්මම සමරමු.
Posted on December 4th, 2016

Chandrasena Pandithage

වර්ෂ 2017 ජනවාරි මස 9 වෙනිදට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලනයට දෙවර්ෂයක් සපිරේ. මේ දෙවර්ෂය තුල යහපාලනය කලේ මොනවාද? නොකළේ මොනවාද යන්න සාකච්චා කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. පොරොන්දුවුන දේවල් ඒවායින් ඉටු කලකල දේවල් හා නොකළ දේවල් මොනවාදැයි අතිගරු ජනාධිපතිතුමා ඉතා හොදින් දන්නා අතරම ඉටුකිරීමට නියමිතව තිබුණු දේවල් සම්බන්ධවද එතුමා ඉතා මැනවින් දනී. අප කතා කරන්නට,වෙරදරන්නේ, මේ වසර දෙක පිරීමට අසන්න අදියර වනවිට යහපාලනයට සිදුව ඇති දේ කුමක්දැයි විමසා බැලීමටය.

මේ රට විනාශ කිරීමේ අරමුණින් ලෝකයේ පාපී දේශපාලන බල කදවුර විසින් බල ගැන්වූ මහින්ද රාජපක්ෂ රාජ්‍ය විරෝධය, විසින් නිර්මාණය කොට පිහිටුවාලු රජය මේ යහපලනයයි. ආරම්භයේදීම එයට එරෙහිව පෙරමුණට ආවේ මෙරට පොදු ජනතාවය. ඒ ජනබලය විසින් මහින්ද රාජපක්ෂ මහතාව යලි දේශපාලන පිටියට කැදවාගෙන ආවා මිස, මහින්ද රාජපක්ෂ මහතා, තමාගේ අවශ්‍යතාවය මත දේශපාලන පොරපිටියට යලි ගොඩ වැදුනා නොවේ. ජන බලය කොතරම් ප්‍රබලද යන්න මනාව පෙන්නුම් කරන ලද තවත් අවස්ථාවකි මේ. මහින්ද රාජපක්ෂ මහතා මන්දගාමී ලෙස යලි දේශපාලනයට පිවිසියද, එතුමාට  ඒ කටයුත්ත සිදු කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන රාජ්‍ය යාන්ත්‍රනය ඉඩ ලබාදුන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය ගැන උජාරුවෙන් කතාකරන යහපාලන රාජ්‍ය විසින් මනාව හා සංවිධානාත්මකව, එතුමාට  එරෙහිව කලයුතු හා කළහැකි  සෑම සියලුම බාදක නිර්ලජ්ජිත ආකාරයට සිදුකරන ලදී. මින් පෙර ලංකා ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙකුට උරුම නොවූ මහා අභාග්‍ය සම්පන්න තත්වයකට මුහුණදීමට එතුමාට සිදුවිය. මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අවුරුදු 80ක් පමණ වයසිති කාන්තාවක් පවා කට උත්තර ගැනීමටයි පොලිස් ඒකකයන් වෙත කැදවමින්  අපහසුතාවයන්ට පත්කරමින්, ඉතා නින්දිත ආකාරයේ යහපාලන රැගුමක්ද  රග දක්වන ලදී. “ඩේසි ආච්චි” නමින් ප්‍රකට දේශපාලන නාටකයේ ප්‍රධානය නිෂ්පාදකයා බවට මේ රටේ ජනාධිපතිවරයා කටයුතු කරනවිට මෙරට ජනතාවට පොරොන්දුවූ කිසිදු කාරණාවක් ඉටුකිරීමට යහපාලනයට කිසිදු උවමනාවක් තිබුණු බවක් පලකලේම නැත.

සිදුවුයේ කුමක්දැයි මනාව අවබෝධ කරගත් ජනතාව, මේ කාර්යයේ, නිර්මාතෘවරුන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුක බටහිර අධිරාජ්‍යවාදය බව අවබෝධ  කරගත්හ. මේ,ව්‍යාපෘතිය සදහා ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, හා ඉන්දියාව වැනි රාජ්‍යයන් හා එකසත් ජාතීන්ගේ මහ සංවිධානය ඉන්දීය රෝ ඔත්තු සේවාවන්ද බද්ධව සිටි බ වටහා ගත්හ.තවද මෙරට මැතිවරණ කොමිසමද ප්‍රභල බුමිකාවක් ඉටුකළ බව අවබෝධ කරගත් ජනතාව, පළමුව, මහින්ද රාජපක්ෂ මහතා වටා මහා ජන පවුරක්සේ නොසෙල්වී සිට ගත්හ. මේ අවනඩුව පැවසීමට ලොවේ කිසිවෙක් මෙරට ජනතාවට දක්නට නොසිටි බැවින්ද, තමන්ට ඉතිරිව ඇත්තේ දෙවියන් පමණක් බවද  වටහා ගත් ජනතාව. තම සිත තුල ඇති වේදනාව ප්‍රකාශ කර පිහිටක් ලබාගැනීම අරමුණු කරගත්හ.ඒ අනුව පිරිසිදුව, බැති සිතින් පොල් ගෙඩියක් ගෙන මුල් වරට සීනිගම දේවාලයට ගොස් දේව කන්නලව්වක් කර යහපාලනයට එරෙහිවපලමු පොල් ගැසීම ආරම්භ කළහ.පසුව මෙය ව්‍යාප්තව මුළු රටපුරාම දියත්කරන ලදී.

රජයට විරුද්ධව දෙවියන්ට පැමිණිලි කිරීම ලෝකයේ, බොහොමයක් රටවල සිදුවෙන කටයුත්තක් වෙන අතර, ඒ පැමිණිලි සලක බලා, ඊට විසදුමක් සැලසුම් කිරීමද දේව සභාවන් මගින් සිදු කරන බව ඉතිහාසය මගින් අපව දැනුවත් කර ඇත. මිලින්ද රජතුමාව යහපත් දිසාවකට ගෙන එම සදහා දෙවියන් විසින් සිදුකරන ලද දේව සැලසුම ඉතා සංකීර්ණ ස්වභාවයක් උසුලයි. නමුත් එය ජයග්‍රාහිව නිමවෙයි.

1815දී අප රට යටත් කරගත් ඉංග්‍රීසින්ට එරෙහිව රහසිගතව කතරගම සුරිදුන්ට දේව කන්නලව්වක් කිරීමත් බලවත් වරදක් ලෙස ප්‍රකාශ කරන්නට තරම් ඉංග්‍රීසි පාලකයින් එදා කටයුතු සිදු කළහ. එය දඩුවම් දිය හැකි වරදක් වූ අතර ඒ හේතුවෙන්ම වරදකරුවන් කරන ලද ජන කොටසක්ද මෙරට සිටියහ. මිනිසුන්ද බලවත්ය එමෙන්ම දෙවියන්ද බලවත් බව මෙරට ජනතාවගේ විශ්වාසයයි. එමෙන්ම එය ලෝක ප්‍රජාවගේද විශ්වාසයයි. මෙවන් බලවත් දේව ප්‍රජාවකට අපගේ ගැටළු ඉදිරිපත් කර විසදගත් අවස්ථාවන් මෙරට තුලින්ද ඕන තරම් සොයා ගත හැක.

දේව කන්නලව්වේ ප්‍රතිපල,ඉතා ප්‍රභල ලෙස මුළු රටට දැනෙන්නට විය. ආරම්භයේදී මෙරට යහපාලන පුරෝගාමින් කිපදෙනෙක්ගේ වියෝවිමෙන් ආරම්භවූ අතර, යහපාලනයේ සැබෑ  නිර්මාණකරුවන් හදුනාගත් දේවසභාවන්, යහපාලනය මැඩලීමේ ක්‍රියාවලිය, ජාත්‍යන්තර තලය පුරාම විහිදුවා ඇති අතර, සැබෑ යහපාලනයේ හාම්පුතුන් රොතු පිටින් බලයෙන් පහකරමින්, කිසිවෙකුවත්  අපේක්ෂා නොකළ ජාත්‍යන්තර දේශපාලන පෙරලි ගණනාවක් සිදු කරමින් ඉදිරියට ගලායමින් පවතී. අප රටට එරෙහිව 2015 සැප්තැම්බර් මස 30 වෙනිදා ඇමරිකාවේ පුරෝගාමිත්වයෙන් මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනාවක් සම්මත කර ගැනීමට නියමිතව තිබුණි. නමුත් අපේ රටේ රාජ්‍ය නායකත්වය විසින් සැලසුමකට අනුව ඒ යෝජනා වලියට පක්ෂ වීම නිසා එම යෝජනා ඉදිරිපත් නොකරම අප රටට දඩුවම් දීමේ ක්‍රියාවලියට මාර්ගය ඇමරිකව පාදා ගත්තද, ඒ දිනදීම එනම් 2015 සැප්තැම්බර් මස 30 දින, රුසියාවේ, පාර්ලිමේන්තුවේදී, සිරියාවේ සිටින ISIS ත්‍රස්තවාදීන්ට පහරදීමට රුසියානු හමුදාව යෙදවීම සදහා පනතක්ද සම්මත විය. මෙය රුසියාව විසින්  ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමක් හා සමාන කටයුත්තකි. ඒ සමගම  යහපාලනයේ ජාත්‍යන්තරයේ හාම්පුතාලාට හා දුවලාගේ බලයන් බිදවැටීම ආරම්භ විය. මේ වනවිට එම රාජ්‍යයන් විනාශ කිරීම දක්වා ව්‍යාප්තව ඇත.

අද වනවිට මේ රටට යහපාලන කරුමය උරුම කල  බ්‍රිතාන්‍ය නායකයාගේ පාලනය බිදවැටි ඔහු ආගිය තැනක් නැත. ඇමරිකානු ජනාධිපතිවරනය ලබාදුන පරතිපලය දේව හාස්කමකින් සිදුවූවක් මිස අන් කිසිදු දෙයක් නොවේ යයි පවසනුයේ අම්රිකනුවන්මය. සබැ ලෙසම මේ සිදුවෙමින් ගමන් කරන්නේ ලෝකයේ නවතම දිසවකටය. මේ වනවිට ඉතා පහත ආකාරයට සිය බලය නිසා උදම්ව අපව පිඩනයට ලක්කළ සියලුම ජාතින්, එදා අප ත්‍රස්තවාදයෙන් බැට කෑ තත්වයේ ආරම්භක ස්ථානයට සපැමිණ ඇත. කොටින්ම කිව්වොත්,මෙරටට යහපාලනය ගෙන ආ ප්‍රධාන ඔළුගෙඩි සමුහය ගැලවී හමාරය. එය කෙසේද යත් ගෝඨයිම්භරගේ ,පා පහරින් හිස ගලවාගත් මහසොනාසේ යහපාලනය අප ඉදිරියේ සිටගෙන සිටි. යහපාලනයට යන්තම් හෝ ශක්තියක්ව ඇත්තේ ඉන්දියාවයි. මේ රට හා සෙල්ලම් කරන්නට ගොස් සල්ලම් වුන රජීව් ගාන්ධිව සිහි වෙනවිට, මොදිට උරුම වෙනදේ අපට වැටහේ.

මිනිසුන් දෙවියන් ඉදිරියට ගොස් තම දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමත් දේව කන්නලව් කිරීමත් අඛණ්ඩව සිදු කල යුතුය. පින් කිරීමත් ඒ පින් දෙවියන්ට අනුමෝදන් කිරීමත් සිදු කලයුතුය.එවිට දෙවියන් විසින ඔවුනට උරුම කාර්යයන් ජනතා හිතවාදී ලෙස ඉක්මන් කරනු ඇත. එවිට මේ වසර දෙක පුරාම යහපාලනය රගදක්ව්මින් මේ රට තුල, සිදුකල  මහා  දේශපාලන බිජ වැපිරීමේ අස්වැන්න සිරිසෙන් පාලනයට ඉක්මනින් නෙලා ගැනීමට මග පෑදෙනු ඇත.

2 Responses to “යහපාලනයේ දෙවර්ෂ පුර්ණය දැන්මම සමරමු.”

  1. plumblossom Says:

    I would urge all patriotic Sri Lankan to be beware of treacherous elements namely Kumar David, Pakiasothy Sarvanamuththu, Weliamuna, Gamini Uyangoda, Ravaya Editor, Krishmal (forgot the surname), Jehan Perera, the ICES, the CPA etc. all of the above are CIA agents and their plan is to talk and write about all other subjects on the planet earth except one which is the proposed federal constitution. This is how the above well known Sri Lanka haters and CIA agents plan to hoodwink the Sinhala people, distract their attention by they and their subordinates talking and writing about all other topics on the planet earth except one which is the proposed federal constitution. In this way, they plan to hoodwink the Sinhala people and get this treacherous federal constitution passed in parliament. Once passed, it cannot ever be reversed and this country will be partitioned as the US,UK,EU, Canada,Norway,Sweden, the TNA and all other separatists want. Their plan is ‘Sinhalayage asata weli gasaa rata hatharata bedana kuuta kumanthranaya’. They plan to make this plan a success.

    The reality is that the US State Department has spent US$585 million to bring about regime change in Sri Lanka, Burma, Nigeria and quite a number of other countries as even stated by them. At least US$58 million of this would have been provided to the above mentioned CIA agents i.e. Kumar David, Pakiasothy Sarvanamuththu etc. to launch their koota plan of distracting Sinhala people’s attention talking about all other topics except the most important i.e. the proposed federal constitution.

    In this they are ably supported by the UNP/Sirisena SLFP/Ranil/CBK/Mangala/Pacha Ranawaka/Dath Dosthara Rajitha Senaratne/Wijedasa Rajapakshe/JVP/FLSP/TNA/ACTC/ITAK/TULF/SLMC/ACMC etc. who are also being paid by the US,UK,EU, Canada,Norway,Sweden, the TNA and all other separatists in order to pass this federal constitution.

    Already parliamentary MPs have been bribed using 2 lakhs cash, pajeros, a seven lakhs cash loan etc. In fact their foreign advisors already told Ranil and the UNP at a conference ‘whatever you do, do not loose the two thirds majority in parliament!!!’. This is to pass this treacherous federal constitution. This is their cunning plan.

    Not only that on the 27th of November Shivajilingam said on TV itself, we are so very near obtaining our Eelam!!! That says it all does it not?

    In fact the US,EU,UK.Canada, Sweden, Norway, the TNA, all other separatists have spent so much money for three decades to partition Sri Lanka, in fact billions of US dollars by now indirectly supporting the terrorists the LTTE. They want their investment back now with interest. So they are definitely going to pass this proposed federal constitution by bribing parliamentary MPs as shown above.

    Please patriotic Sri Lankans do not let this happen. Already we have provincial councils which is a reasonable solution as far as the requirements for decentralisation of power is concerned. There is no need whatsoever to go further than this if Sri Lanka is to remain a unitary state. Already Sri Lanka is quasi federal. If this treacherous federal constitution is passed tiny little Sri Lanka will be in at least four pieces or nine pieces or more and be partitioned forever into pieces. Not even India, Pakistan or South Africa, huge massive countries, have got rid of their concurrent lists. However tiny little Sri Lanka is getting rid of its concurrent list. This is craziness taken to the extreme.

  2. plumblossom Says:

    Important Message on Sri Lanka Podujana Peramuna’s Facebook Page (Basil Rajapakshe’s Party):

    https://www.facebook.com/srilankapjp/

    සිංහල-මුස්ලිම් ගැටුමක් අවුළුවාලීමට කැසකවන දෙමළ ඩයස්පෝරාවේ අරමුණ හමුවේ ඔබගේ වගකීම !

    නග්න බෙදුම්වාදී අගපසග ඒකීය සළුපිලි වලින් සගවා , මුළුමහත් ලංකේය ජාතියම රවටා, දෙමල ජාතිවාදී බෙදුම්වාදී නියායපත්රයට අනුව සකසන ලද බෙදුම්වාදී ෆෙඩරල් ව්යවස්ථාව කඩිමුඩියේ සමමත කර ගැනීම 2017 වසරේ පළමු කරිතුවේදී සිදුකිරීමට නියමිතව ඇත .

    නව ව්යවස්ථාව සම්මත කරගැනීම සදහා දෙමල ජාතිවාදී බෙදුම්වාදයට ලබාගැනීමට ඉතිරිව ඇත්තේ තවත් කඩුලු දෙකකක් පමණි. එනම් :

    1- පාර්ලිමන්තුවේ 3/2 ක බහුතරය එනම් පක්ෂව චන්ද 150 ලබා ගැනීම
    2- ජනමත විචාරණයකින් නව ව්යවස්ථාවට පක්ෂව සරල බහුතරයක් ලබා ජයගැනීමයි .
    මෙම අවසාන කඩුළු දෙකින් පළමු කඩුල්ල ඔවුන් ඉතාමත් පහසුවෙන් ජයගනු ඇත .

    ඔබට යම් සැකයක් ඇත්නම් මෙවර අය-වැය චන්ද ප්රතිඑලය නිරීක්ෂණය කරන්න – පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙරට සියලු සකලවිද ජනතාව , ජනතා විරෝදී මුග්ද අයවැයක් ලෙස අවිවාදයෙන් පිළිගන්නා මෙවර අයවැයට පක්ෂව චන්ද 162ක් ලැබුණි !

    තමන්ට නැවත ගමට යාමට නොහැකි බව ඉතා හොදින් පසක් කරගෙන සිටින ආණ්ඩුවට හේත්තුවී සිටින ශ්රීලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරු , හැකි උපරිම මුදලක් උපයා තම දේශපාලන ගමන කෙළවර කරගැනීමට මේවනවිත් තීරණය කර හමාරය. ඔවුන්ට් අවශ්ය ලන්සුව ලබාදීමට, සුව පහසු විශ්රාම දිවියක් ලබාදීමට ඩොලර් විසිකිරීමට දෙමල බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාව සැදී පැහැදී සිටී !

    මේ සන්දර්භය තුල ,බෙදුම්වාදී නව ෆෙඩරල් ව්යවස්ථාව සම්මත කරගැනීමට ඔවුනට ඇත්තේ අවසාන කඩුල්ල ලබාගැනීමේ අභියෝගය පමණි , ඔබගේ දායකත්වය දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ඩයස්පෝරාවට ලබාදීම හෝ නොදීම ඇත්තේ ඔබගේ අතේය. ඔබ අපගේ පොදු හතුරාගේ උපක්රමය තෙරුන්ගතහොත් මේ අවස්ථාවේ අප මවුබිම කැබලිවලට කැඩී වෙන්වී යාම වලක්වා ගැනීමට හැකිවනු ඇත!

    දෙමල බෙදුම්වාදීන්ට ඇති ප්රදාන අභියෝගය මුස්ලිම් ජනතාවගේ චන්දය ව්යවස්ථාවට පක්ෂව ලබාගැනීමයි . සහෝදර මුස්ලිම් ජනතාව සැමදාම බෙදුම්වාදී ජාතිවාදී ත්රස්තවාදයට විරුද්ද මතයක සිට සිංහල ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කලේය . විශේෂයෙන් නැගෙනහිර බහුතර මුස්ලිම් ජනතාව LTTE -TNA ජාතිවාදී පාලනයක් යටතේ ජීවත්වීමට කිසිසේත් කැමති නැත !

    මේ අභියෝගය ජය ගැනීමටනම් කෙසේ හෝ බෙදුම්වදින්ට අවශ්ය වන්නේ මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව කෙටවීම . එසේ කොටවා ,ප්රබාකරන් ගේ ජාතිවාදයත්, කාත්තන්කුඩි සංහාරය පිලිබඳ මතකයත් අතීතයට තල්ලුකරීමට සමත් , භුමියේ ක්රියාත්මක TNA ජාතිවාදය කෙටිකාලීනව හෝ අමතක කරවීමට සමත් බැලු බැල්මට මුස්ලිම් විරෝදී ක්ෂණික ජාතිවාදී ගැටුමක් සඳහා සිංහල ජනතාව පොළබවා ගැනීමය!

    මේසදහා ඩයස්පෝරාව සහ විදේශීය ඔත්තුසේවා යොදනා උපක්රමය වන්නේ අවස්ථාවාදී මුග්ද සිංහල ජාතිවාදී රංගනය යෙදෙන කොටස් වලටත් , මුස්ලිම් සමාජයේ කිසිදු පිළිගැනීමක් නැති , සෞදියේ අනුග්රහයෙන් කෘතිමව පිහිටවූ ගෝත්රික නුගත් කණ්ඩායම් වලටත් එකවර මුදල් සහ මාද්ය සහය ලබාදී ඔවුන්ගේ ප්රකාශ සහ ක්රියාකාරකම් හරහා මහා සමාජය තුල ජාතිවාදී ගැටුමක් ඇතිකරවිමය !

    මෙහිදී මුලින් උපක්රමිකව මුස්ලිම් ජාතිවාදී සුළු පිරිසක් ලවා සිංහල ජනතාව කුපිත කරවීමත් , එයට ප්රතිවිරුද්දව පැනනගින කස්වභාවික ප්රතික්රියාවක ස්වරුපයෙන් , කලින් අටවන ලද චරිත , චීවර ධාරීන් ,සිංහල ජනතාවගේ අසහාය විමුක්තිකාමීන් ලෙස ප්රාතිර්බුතවීමත් , දෙමල බෙදුම්වාදීන් කලින් සකස් කරණලද නියාය පත්රයට අනුව ජුගුප්සාජනක අශ්ලීල රංගනයක යෙදීමය. මෙහි Trailers, මේ වනවිටත් Thowheed Jamath , DAN , මංගලාරාමය, බොදුබලසේනා – කුරගල හරහා කරලියට පැමිණ තිබේ !

    බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාව, රනිල් -මංගල -චන්දිකා ගේ අනුග්රහයෙන් , සිරිසේනගේ නොසන්ඩාල කුහකත්වය භාවිතකොට පාර්ලිමන්තුව ජයගනු ඇත . ඔවුනට අවශ්ය අවසාන කඩුල්ල ඇත්තේ ඔබගේ අතේය !

    ඔබගේ චන්දය නව ව්යවස්ථාවට විරුද්දව ලබදිමන් පමණක් ඔබට මේ අවසාන කඩුල්ල ආරක්ෂා කර ගත නොහැක . ඔබගේ හැසිරීමද (විශේෂයෙන් Facebook ), දැනුවත් සමාජ භාවිතාවද යන කරනා මේ තීරණාත්මක අවසන් කඩුල්ල කරගැනීමේදී ඉතා විශාල බලපෑමක් කරනු ලබයි !

    මේ උහතොකොටික ගැටලුව අපට මෙසේ සරලව පසක්කරගත හැක, අප බොහොමයකගේ නිවෙස් වල ගෘහමූලිකයා තාත්තා වන අතර ගෙදර බුදුන් අම්මා වේ . එහෙත් මෙය අපගේ නිවෙස් වල කොහෙවත් ලියා නොමැත . මෙය අතිමහත් බහුතරයක් නිවෙස් තුල ක්රියාත්මක සත්යවේ . එහෙත් පවුල බිදවැටුණු තැන , මවටත් , පියාටත් හිමිතැන ඉබේම අවලංගුවේ , එය නැවත කොලේක ලියා හෝ ගලේ කොටා බලෙන් ස්ථාපිත කල නොහැක. එනම් පවුල යන පොදු සාධකයේ ස්ථාවර භාවය , නිවසේ බල තුලනය හා අනෝන්ය පැවැත්ම ට තීරණාත්මක බලපෑමක් සිදුකරන මහා පොදු සාධකය වේ!

    මේ අයුරින්ම, මඩකලපුව තිබෙන්නේ ලංකාවේ මිස ලංකාව තියෙන්නේ මංගලාරාමයේ හෝ මඩකලපුවේ නොවන බවත් , කුරගලත් , මුහුදු මහා විහාරයත් තිබෙන්නේ ලංකාවේ මිස ලංකාව තිබෙන්නේ කුරගල හෝ මුහුදු මහා විහාරයේ නොවන බව තෙරුන් ගැනීම් අතවශ්යවේ . එමනිසා , මුලින් බේරාගත්යුත්තේ ලංකාව බව තෙරුන්ගැනීමට ඔබ විචාරශීලි විය යුතුය!!!

    මේ වනවිට අප ලංකේය ශිෂ්ටාචාරය මුහුණපාමින් ඇති මේ තීරණාත්මක අභියෝගය ජය ගැනීමට නම්, ඔබ අපගේ පොදු හතුරාගේ උපක්රමයට හසුනොවිමට වග බලාගත යුතු අතර ඔබගේ අහිංසක මිතුරන් අවස්ථාවාදී පිල්ලි වල වසගකාරී උගුල්වලට හසුවිමන් වලක්වා ගැනීමටත් වගබලා ගත යුතුය.

    මෙනිසා , බහුතර මුස්ලිම් සහෝදරත්වය බෙදුම්වාදී ජාතිවාදීන් ගේ ඔඩොක්කුවට තල්ලුකිරීමේ පාපකර්මයට ඔබගේ දායකත්වය ලබා නොදීමේ වගකීම ඔබ සතුව ඇත !

    බෙදුම්වාදී ජාතිවාදී ඩයස්පෝරාවට අවශ්ය පරිදි 2015 ජනවාරියේ දී මෙන් මුස්ලිම් ජනතාව බුරුතු පිටින් නව ව්යවස්ථාවට පක්ෂව චන්දය ලබාදීමට අවශ්ය වටපිටාවක් නිර්මාණය කිරීමමේ පාපකර්මයට ඔබගේ දායකත්වය ලබා නොදීමේ වගකීම ඔබ සතුව ඇත.

    ඔබFacebook හරහා share කරන post, video, Comments ගැන වෙනදාට වඩා විමසිලිමත් වන්න , විද්දේ පදුරට වැදුනේ හාවට යයි පසුව කීමෙන් පලක් නොවන බව මතක තබා ගන්න !

    බෙදුම්වාදී , ෆෙඩරල් ව්යවස්ථාවට විරුද්දව වන්න – මේ තීරණාත්මක මොහොතේ අප ආදරණිය මාතෘභූමිය වෙනුවෙන් ඔබගේ යුතුකම නොපමාව ඉටුකරන්න !
    මාතෘභූමියට ජය !

    ~තෙෂාර ජයසිංහ ~

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress