මූලික අයිතිවාසිකම් සහ භාෂාව රට බෙදීමේ උපකරණයක්ද?
Posted on December 13th, 2016

මතුගම සෙනෙවිරුවන්

              ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූලික අයිතිවාසිකම් නීති මානව හිමිකම් නිතී ආදිය ලංකාවේ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නේ යම් යම් ජගත් සම්මුතීන් වලට අත්සන් තැබීම හේතු කොට ගෙනයි. මේ නීති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බලාත්මක විය.මානවයාගේ පැවත්ම සහතික කරන ප්‍රජාතන්ත්‍රීය මූලධර්ම වශයෙන් සළකණු ලබන මෙම නීති ලංකාවේ සමාජයට කෙතරම් දුරට සාධාරණ සහ ස්වීය වශයෙන් වැදගත් වූයේද යන්න පිළිබඳ මෙතෙක් විමර්ශනයක් කර නොමැත. 2007 දී අත්සන් කරන ලද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය එවැන්නකි.එය පසුව රටේ නීතියට එකතු කර නොගැනීමට රජය තීරණය කළ නමුත් වත්මන් රජය එය පස්සා දොරෙන් බලාත්මක කිරීමට උත්සාහ කරන බව මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.එවැනි තත්ත්වයක් තිබුණද වරින් වර අළුත් වන ජාත්‍යන්තර සම්මුති මගින් මෙම නීති යාවත්කාලීන වනු දක්නට හැකිය.

              වර්ෂ 1815 න් එපිට රජුගේ ආධිපත්‍ය මත  ඒකාධිපති පාලනයක් තිබූ  බව බොහෝ දේශපාලන විචාරකයන් පවසති. රජු රදළයන් ඇතුළු ඉහල ප්‍රභූ කට්ටුව මගින් පොදු ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කරන ලද බව ඔවුහු වැඩිදුරටත් පවසති. එහෙත් ලංකාවේ මූලික රාජ්‍ය ව්‍යුහය පාලනය කරන ලද බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදය මගින් ජනතාව සහ පාලකයා අතර තිබෙන සම්බන්ධය වඩා මට සිලිටි කළ බව මේ විචාරකයන් නොදනිති. එයට හේතුව අපගේ පැරණි සිංහල දේශපාලනය ගැන ප්‍රමාණවත්  අධ්‍යනයක් මෙතෙක් සිදු නොකිරීමයි. මේ තත්ත්වය තුළ පශ්චාත් වැඩවසම් සමාජයකට අවශ්‍ය  මූලික අයිතිවාසිකම් නීති දැඩිව පවත්වාගෙන යා යුතු යැයි ඔවුහු තර්ක කරති.

          1815 සිංහලේ බ්‍රිතාන්‍ය ගිවිසුම ප්‍රකාරව බ්‍රිතාන්‍යයන්ට රට පවරා දී ඇත. එම ගිවිසුමෙන් පසු රට අන්‍යාගමික රජෙකු විසින් පාලනය කිරීමට නියමිත හෙයින් එම ගිවිසුමේ පස්වන වගන්තියෙන් බුද්ධාගමට සහ දේවාගමට පිළිගැනීමක් ලබා දෙන ලෙස භික්ෂූන් වහන්සේලා ගේ ඉල්ලීම විය.නමුත් 1818 ජාතික විමුත්ති අරගලයෙන් පසුව මේ වගන්ති සංශෝධනය කරමින් ඒ අවදියේ දී බැහැරින් පැමිණි අන්‍යාගමිකයන් ගේ අයිතිවාසිකම් සහතික කරන ලදී.බොහෝ දේශපාලන විචාරකයන් මෙය දකින්නේ වඩා ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණයක් ලෙසටය. බ්‍රිතාන්‍යයන් විසින් සෑදූ ව්‍යවස්ථාවේ 29 වන වගන්තියෙන් එය තවත් තහවුරු කරන ලද බව පැවසේ. මෙහිදී පැරණි රාජ්‍ය සම්ප්‍රදාය තුළ බුද්ධශාසනය සහ ආගම අතර තිබූ ඒකාග්‍රතාවය ගැන අවධානය යොමු කර නොමැත. පැරණි දේවාගම් යනු සිංහල ජනතාවගේ ජීවන ක්‍රමය හා සංස්කෘතියට බද්ධ වූ  සශ්‍රීකත්වය වර්ධනය කිරීම උදෙසා පවත්වාගෙන ගිය ක්‍රමයක් බව දැක්විය හැකිය. එසේම විෂ්ණු පත්තිනි සමන් දැඩිමුණ්ඩ අයියනායක වැනි දේවාල ආශ්‍රීතව සිදු කල පුදපූජා සාමාන්‍ය ජනාතාවගේ ලෞකික ජීවිතය ශක්තිමත් කරන්නක් විය. එහෙත් කතෝලික ආගම මෙන්ම ඉස්ලාම් ආගම මගින් එවැනි සංස්කෘතික ඒකාග්‍රතාවයකට අවශ්‍ය පසුබිම ජනිත කලේද යන්න ගැටළුවකි. පවත්නා පැරණි සිද්ධස්ථාන විනාශ කොට ඒ මත නව දේවාස්ථන සාදමින් නව යුරෝපීය සංස්කෘතියක් ජනිත කිරීම ලන්දේසි ඉංග්‍රීසීන් ගේ අරමුණ විය. එවිට ඉංග්‍රීසි නීතියෙන් සිදු වූයේ සාමාන්‍ය සිංහල සංස්කෘතිය කප්පාදුවක්ට ලක් කිරීමයි.

        1972 ව්‍යවස්ථාවේද 1978 ව්‍යවස්ථාවේද බුද්ධාගම පිළිබඳ වගන්තිය එල්ලා තිබෙන නමුදු ව්‍යවස්ථාවේම දහවන වගන්තියෙන් යළිත් මූලික බුදු සසුනට බාධා එල්ල කරමින් සීමා පණවා තිබේ.            ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තියෙන් කියැවෙන ප්‍රමුඛතාවය බුදු සසුනට ඇතැම් අවස්ථාවල නොලැබෙන බව පැහැදිලිය.එයට හේතුව එම වගන්තිය ප්‍රකාරව කිසිවෙකුටත් නීතිය ඉදිරියට යෑමට හැකි නොවීමයි. ඒ වෙනුවට මූලික අයිතිවාසිකම් යටතේ ආගමික නිදහස යනුවෙන් වගන්තියක් ඇතුලත් වී තිබේ.සියළු ආගම් එහිදී එක සමාන වේ.එවිට නවවන වගන්තියට වඩා දහවන වගන්තිය ප්‍රමුඛ තත්ත්වයක ඇත. ඊට හේතුව එම වගන්තිය හරහා නීතිය ඉදිරියට යෑමට පහසුකම් සැලසීමයි.පසුගිය කාලයේ රට පුරාම ඇති කල යාඥා මඩු වලට එරෙහිව බෞද්ධ සමාජය විරෝධතා පළ කල කල්හි බෞද්ධයන් උසාවියට ගෙන යෑමට ඔවුන්ට හැකි විය.නමුත් බෞද්ධ සිද්ධස්ථාන වනසන අන්‍යාගමිකයන් ට එරෙහිව කටයුතු කිරීමට රජය කටයුතු කර තිබෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කළ යුතුය.කූරගල මුස්ලිම් ආගමික ඉඳිකිරීම් පවා ඉවත් කිරීමට කටයුතු කෙරුණේ රජයේ සන්තකය ආපසු ගැනීමේ නීතිය මගිනි.එසේම පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගත් තීන්දු වලදී නව වන වගන්තියේ රැකවරණය ශූන්‍ය කරඇත. නීතියේ පවතින මේ වෙනස්කම් තවමත් බෞද්ධ සමාජය තේරුම් කර ගෙන නොමැත. තමන්ට රටේ ලෝකයේ ඉහළින්ම බලයක් තිබෙන්නේ යැයි යන උද්දච්ඡ හැඟීමෙන් කලබල කාරී ලෙස හැසිරීමෙන් තව දුරටත් බෞද්ධ සමාජය අසරණ වීම පමණක් සිදුවී ඇත.

      නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මානය කොට අළුත් රටක් හැදීම වත්මන් යහ පාලනයේ මූලික අරමුණය.ඒ සඳහා  පාර්ලිමේන්තුවම  ව්‍යවස්ථා දායක මණ්ඩලයක් බවට පත් වී තිබේ.මෙම ව්‍යවස්ථාව සෑදිමට කමිටු හයක් පත්කර ඇති අතර මධ්‍ය හා පර්යන්ත අතර සබඳතා  අනු කමිටුවේ යෝජනා ගැන මේ වන විටත් බරපතල ආකාරයෙන් විවේචන එල්ල වී ඇත. එම කමිටුවට දමා ඇති නාමය තුලින්ම ගම්‍ය වන්නේ මධ්‍යම රජයක් සහ පළාත් ආණ්ඩුවක් ඇත යන සංකල්පයයි. එය බෙදුම්වාදය තවතව ශක්තිමත් කරන්නක් බවට පත් කරයි . එසේම මූලික අයිතිවාසිකම්  කමිටු වේ යෝජනා සලකා බලන කල්හිද අපට ගම්‍ය වන්නේ මෙයයි. එම යෝජනා මගින් 1978 ව්‍යවස්ථාවේ තිබෙන සියළු ප්‍රතිපාදන වඩාත් බලාත්මක බවට පත් කිරීමට යෝජනා කර තිබේ. මූලික අයිතිවාසිකම් අනු කමිටු වාර්තාවේ එකොලොස්වන පිටුවේ සඳහන් ආගමික නිදහස යන පරිඡේදය සලකා බලන කල්හි එය තහවුරු වේ.ප්‍රසිද්ධියේ ආගම ඇදහීමේ නිදහස ප්‍රචාරණයේ සහ ඉගැන්වීමේ නිදහස යනු  ක්‍රිස්තියානි ඉස්ලාම් වැනි ආගම් බලහත්කාරයෙන් සිංහල බෞද්ධයන් මත පැටවීම සහතික කරන ආගමික නිදහසකි.  මෙතෙක් අන්‍යාගම් වලට තිබෙන නිදහස මේ වගන්ති වලින් තවත් ශක්තිමත් වෙයි. වත්මන් ව්‍යවස්ථාවේ නවවන වගන්තියේ කුමක් තිබුණද මේ ආගමික නිදහස නමැති පරිඡේදය තුළින් එය තවදුරටත් දුර්වල කරනු ඇත.එසේම පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවන නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කියැවිය යුතුය යන්න නිර්දේශ කරන ගමන් පුද්ගල නීති අදාල නොවන බවටද සඳහනක් කර ඇත. එවිට මතු වන්නේ මෙතෙක් පවත්වාගෙන පැමිණි යම් ආගමික වාර්ගික නීති ව්‍යවස්ථාවට යටත් නොවන බවට අර්ථ නිරූපණයක් ලබා දීමයි.                                                                                                                                                         

            මෙම යෝජනා අතර තවත් භයානකම යෝජනාවක් වන්නේ තිස් එක් වන පිටුවේ සඳහන් ජාතික රාජ්‍ය සහ සම්බන්ධිකරණ භාෂා යන පරිඡෙදයයි. 1957  බණ්ඩාර නායක චෙල්වනායගම් ගිවිසුමෙන් සහ ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුමෙන් පසු දෙමල භාෂාවට උතුර නැගෙනහිර පළාත් වට හිමිව තිබූ තැන මේ යොජනා මගින් රාජ්‍ය භාෂා තත්ත්වයට  උසස් කරන බව පෙන්වා දිය හැකිය.එය වාර්තාවේ  සඳහන් වන්නේ මෙසේය.සිංහල හා දෙමල භාෂා ජනරජය මුළුල්ලේම පරිපාලන භාෂා වන් විය යුත්තේය.උතුර සහ නැගෙනහිර පළාත් හැර අනෙකුත් සියළුම පළාත්වල ජාතික හා පළාත් රාජ්‍ය ආයතන වල සහ පළාත් පාලන ආයතන වල පොදු වාර්තා පවත්වාගෙන යෑම සඳහා සිංහල භාෂාව භාවිතා කළ යුතු අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ඒ සඳහා දෙමල භාෂාව භාවිතා කළයුතුය.එසේම යම් උප දිසාපති කොට්ඨසයක සිංහල හෝ දෙමල භාෂාමය සුළුතරය එකී ප්‍ර දේශයේ මුළු ජනගහනයෙන් අටෙන් එකක් ඉක්මවන්නේ නම් සහ ජනාධිපතිවරයා විසින් එසේ ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවල පොදු වාර්තා පවත්වාගෙන යෑම සඳා සිංහල දහ දෙමළ යන භාෂා භාවිතා කළ යුතුය යන්න සඳහන් වේ.

       මේ කියන්නේ කුමක්ද උතුරු සහ නැගෙනහිර පළාත් වාර්ගික වශයෙන් තව දුරටත් බෙදා වෙන් කළ කල්හි ඇති වන තත්ත්වයයි.දැනටමත් මෙම පෙදෙස් වල පරිපාලන භාෂා දෙමළ බවට පත් වී ඇත. සිංහලයෙකුට උසාවි නඩු පිටපතක් වුවද ගත හැක්කේ දෙමළ භාෂාවෙන් පමණකි.කමිටුවේ යෝජනා බලාත්මක වුවහොත්  සමස්ත රටේම ජනතාව දෙමල ඉගෙනීමට යොමුකෙරේ.නමුත් උතුරට සහ නැගෙනහිරට පමණක් දෙමළ පරිපාලන භාෂාවක් වේ.සිංහලයන් තවදුරටත් උතුරෙන් සහ නැගෙනහිරෙන් එළවා දැමූ කල්හි. එහි එකම රාජ්‍ය භාෂාව සහ පරිපාලන භාෂාව දෙඹල පමණක් වන්නේය.දැනට කොළඹ නුවර එළිය පුත්තලම ආදී පෙදෙස් වල ජීවත් වන දෙමල මුස්ලිම් සුලුතරය ඉදිරියේදී පළාතේ ජනගහනයෙන් අටෙන් එකකට වැඩි වීමට ඉඩ ඇත. එවිට පොදු වාර්තා තැබීමට දෙමළ භාෂාව ඉස්මතු වනු ඇත. අවසානයේදී සිදු වන්නේ දෙමල මුස්ලිම් බහුතරය මැද සිංහලයන් සුලුතරය බවට පත් වී සිංහල භාෂාවද රාජ්‍ය භාෂා මට්ටමින් ඉවත් වීමයි. එම නිසා මූලික අයිතිවාසිකම් නීතිය අභිබවා බුද්ධ නීතිය ඉදිරියට ගැනීමත් සිංහල බස ට තිබෙන මූලික තත්ත්වය වෙනස් නොකිරීමටත් බලපෑම් කළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්

3 Responses to “මූලික අයිතිවාසිකම් සහ භාෂාව රට බෙදීමේ උපකරණයක්ද?”

  1. Ancient Sinhalaya Says:

    350 mile-long island has president, pm (pathala man), ministers, deputy ministers, mps, ps ministers, mayors, etc.
    etc. more deshapaluwan than ordinary people. How do you pay all these deshapalu YAMA PALLAN? Oh we sent our
    women to wash pots abroad. Or sell our country. These millions deshapaluwans is traitor alugosu (to Sinhalese only) thambi mudiyanselaga jr@ handy work. Two faced crafty indians shoved down 13 down thambi’s throat. He willingly agreed.
    Now we have chief ministers, ministers, state ministers etc. etc. Sri Lanka was destroyed for good by thambi
    mudiyanselage jr@. Sinhalaya famous for being modayas still think the traitor alugosuwa was a great leader.

    He was the one who introduced pathalayin to silcence the opposition. He destroyed Sri Lanka for good. Now his
    nephew, traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller
    carrying on regardless to destroy what is left. His life time ambition of breaking up Sri Lanka to please his ardent
    supporters tamils, mussies, catholics and the catholic west going to be a reality with the new constitution. He knows
    he has all the traitor Sinhalese deshapaluwans’ support along with traitor northern alliance (TNA), Sri Lanka
    Multiplying Community (SLMC), in fact multiplying very very fast with their BMWs (baby machine wives), Jaathiya
    Vinashakarana Party (JVP) etc. etc. Traitor chief die hard catholic token Buddhist pol r@nil wickramaSinhalakiller
    will fulfill his dream very soon. Sinhala modayas can be very very proud of the achievements by supporting
    these traitor YAMA PALLAN!

  2. drjagathv Says:

    පාර්ලිමේන්තුවේ අධ්යක්ෂණයෙන් “සිංහළයා මෝඩයා” නාටකය කරළියට! යෝජිත නව ආණ්ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අවසානයේදී බිහි වෙන්නේ ඊලාම් රාජ්යයකි

    පාර්ලිමේන්තුවට ලැබිලා තියන වාර්තාවන් තුළ ඉතා පැහැදිලිව ප්රකාශ වෙනවා මේ රටේ ඒකිය භාවය තවදුරටත් ආරක්ෂා නොවෙන බව . කොටින්ම නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණ 13 වන සංශෝදනය ක්රියාත්මක කිරීම සදහා ඇති , බාධක ඉවත් කිරීම .
    ඒ කියන්නේ අද පවත්නා ආණ්ඩුකාරවරයාගේ බලතල ඉවත් කිරීම . 13 වෙනි සංශෝදනය තුළම ඇති පොලිස් ,ඉඩම් බලතල ,මහ ඇමති බලතල , ලබා දීම ඒත් එක්කම නිශ්චිත කාරණා 31 ක් සම්බන්ධයෙන් තියනවා සමගාමි ලැයිස්තුවක් . ඒ සමගාමි ලැයිස්තුව ඉවත් කිරීම . මේ කරණා ටික සම්පූර්ණ වුණාට පස්සේ රටක් ලෙස බෙදෙන්න ඕන සියළු කාරණා සම්පූර්ණ වෙලා ඉවරයි . යෝජිත නව ආණ්ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අවසානයේදී බිහි වෙන්නේ ඊලාම් රාජ්යයකි
    ඊලාම් රාජ්යයකි!
    Read more at http://lankanewsalert.com/archives/58367#O0YVDbAi2OdW2kIK.99 ‘Sinhalaya Modaya’ is the latest production of LTTE Diaspora. Have they explained before, why the politicians in the parliament vote for a separate state in a new constitution? Please listen to their explanation, on their own words!
    https://www.youtube.com/watch?v=-KUuFh_Q58I – ‘Sinhalaya Modaya’ will be Coming soon. Please expect 10 th of January onwards.

  3. Gunadasa Says:

    සිංහල දරුවන්ට දෙමළ ඉගැන්වීම වැනි අදූරදර්ශී ක්‍රියානිසා දැනටමත් ඊලාමයටත් එහා රට ගෙන ගොස් ඇත​. මේවා යෝජනා කොට ක්‍රියාත්මක කල අය​, තවදුරටත් ඒ මතයේම සිටිති, එහෙත් සුදනන් සේ රඟ දක්වති. අපි මේවා මොවුන්ට නැවත නැවතත් සිහිපත් කල යුතුය​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress