රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවට අත ඔසවන මන්ත්‍රීවරුන්ට ගමට එන්න නොදී පන්නමු ! – ඇල්ලේ ගුණවංශ නාහිමි
Posted on December 22nd, 2016

සටහන :යටියන ප්‍රදීප් කුමාර

රණවිරුවන් දහස් ගණනක් තම දිවි පුදා, තවත් දස දහස් ගණනක් අත් ,පා ,ඇස් ,මස් දන්දී රැකගත් මාතෘභූමියේ ඒකීයභාවය බන්දේසියක තබා බෙදුම්වාදීන්ට පුදන යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාව පරාජය කරන්නට සියළු වාද බේද අමතක කර එක් වීමට කාලය එළඹ ඇතැයි ධාර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් අවධාරණය කර සිටියි.

යුතුකම සංවාද කවය විසින් සංවිධානය කරන ලද ‘ෆෙඩරල් සංහිඳියා නිරුවත” සම්මන්ත්‍රණයේ මූලාසනයේ දේශනය පවත්වමින් උන් වහන්සේ මේ අදහස් පළ කළහ.

නායක හිමිවරුන් කුමක් කළද ජාතියේ මුර දේවතාවන් ලෙස සාමාන්‍ය භික්ෂූන් වහන්සේලා ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබාදීමට සූදානම් යැයි පවසන උන්වහන්සේ මේ සඳහා එක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියළු දේශපාලන බලවේගවලට ආරාධනා කර සිටියි. එමෙන්ම මේ ද්‍රෝහී ව්‍යවස්ථාවට පක්ෂව පාර්ලිමේන්තුවේ අත ඔසවන කිසිඳු මන්ත්‍රීවරයෙකුට ගමට ඒමට ඉඩ නොදී පන්නා දමන්නට පෙරට එන්නයි  උන් වහන්සේ ඉල්ලා සිටියහ..

වැඩිදුරටත් අදහස් පළකළ ඇල්ලේ ගුණවංශ නාහිමියෝ , අතීතයේ සිට මෙවැනි පාවාදීම් රනිල් වික්‍රමසිංහ මහතාට නම් අමුතු දෙයක් නොවන නමුත් තමන් දීර්ඝ කාලයක් ඇසුරු කර තිබෙන මෛත්‍රීපාල සිරිසේන මහතා එකල කියූ කෙරූ හැසිරුණු ආකාරයට මෙවැනි ද්‍රෝහී පාවාදීමකට සහය දිය හැක්කේ කෙසේදැයි විමතිය පළ කර සිටියහ.

උන් වහන්සේ පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්...

3 Responses to “රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවට අත ඔසවන මන්ත්‍රීවරුන්ට ගමට එන්න නොදී පන්නමු ! – ඇල්ලේ ගුණවංශ නාහිමි”

  1. Ananda-USA Says:

    I fully endorse the call by Alley Gunawansa Nayaka Thero: Don’t let these DeshaDrohiyas, who vote to DIVIDE THE NATION, to return home!

    Let them seek refuge in some other country; not in Sri Lanka!

  2. Ananda-USA Says:

    Why is Alley Gunawansa Nayaka Thero surprised by the TREACHERY of Aiyooooo Sirisena who dined on appa with Mahinda Rajapaksa and then STABBED him in the BACK the next day?

    After being elected President, Aiyoooo Sirisena backstabber the SLFP in the general election, dismissing party leaders and campaigning for the UNP.

    After the general election, Aiyoooo Sirisena backstabber the SLFP again by appointing the leader of the UNP which got less popular vote as the Prime Minister, ignoring the PM of his own party already occupying that position!

    Like murder, TREACHERY gets EASIER with each backstabbing!

    Sirisena is now embedded NECK DEEP IN TREACHERY; he cannot be relied upon to protect either his Motherland or his Sinhala Buddhist community!

    FORGET HIM …. he is a SHAMEFUL BLACK BLOT in the pages of Sri Lanka’s history glittering with heroic patriotic giants!

    Let us focus on those who have not yet sold their duty and honor on the altar of personal ambition and greed!

  3. drjagathv Says:

    ෆෙඩරල් සංහිඳියා නිරුවත .. ….්මේ ද්රෝහී ELAM ව්යවස්ථාාව This is the latest Yuthukama video on new constitution of the Separate Elam state. 19th December 2016. Click on ‘ 1 ‘ YOUTUBE COM icon to watch this most important presentation. https://youtu.be/pgV1gi82f08 .
    ෆෙඩරල් සංහිඳියා නිරුවත සම්මන්ත්රණය
    2016-12-19
    කොළඹ මහජන පුස්තකාල ශ්රවනාගාරය ෆෙඩරල් සංහිඳියා නිරුවත සම්මන්ත්රණය. Din’t you all see this yet? https://youtu.be/pgV1gi82f08 .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress