හම්බන්තොට කැරැල්ල නිර්මාණය කල අනාගත ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවාහය
Posted on January 17th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ශුෂ්ක දේශගුණයකට උරුමකම් කියන හම්බන්තොට දිස්ත්‍රික්කය කාගේත් අවදානටට ලක් නොවුන දක්ෂිණ ලංකාවේ දුප්පත් ප්‍රදේශයකි. මේ ප්‍රදේශයේ ජීවත්වෙන මිනිසුන්ගේ නැති බැරිකම නිවට කමක් ලෙස තම ජීවිත වලට බද්ධව  ඇති ආකාරය ලෙනාර්ඩ් වුල්ෆ්ගේ  ‘බද්දේගම’ කෘතියෙන් ලස්සනට පෙන්නුම් කර ඇත. මේ නිවට නියාලු බාවයෙන්, මේ මිනිසුන්ව මුදවාලිය යුතුය, එසේ කිරීමට නම් ඔවුන් ආර්ථික වශයෙන් පන ගැන්විය යුතු බව අවබෝධ කරගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා  කිසිවෙක් අපේක්ෂා නොකළ ආකාරයට, මේ ශුෂ්ක කලාපීය හම්බන්තොට නම්වූ දුප්පත් අක්‍රමවත් නගරය, කිසිවෙකුටත් අදහාගත නොහැකි ආකාරයේ මහා නගරයක් ලෙස පන ගන්වන ලදී. මහා වාරායක්, මහා ගුවන්තොටුපලක් ඇතුළුව, ඉදිකළ මේ නගරය වසර 200ක් පුරා මෙහි උපදින අනාගත පරපුර ඉලක්ක කරගෙන ඉදිකළ නගරයක් බව පළමුව මේ රටේ ජනතාවත් එහි ජීවත් වෙන ජනතාවත් වටහාගත යුතුය. මෙවන් මහා නිර්මානිතයක් ඉදිකළ පසු, මේ නව නගරය දෙස බැලුම් හෙලු, කුහක මිනිසුන්ගේ ඇස් වලට මෙය, දරාගත නොහැකි කරුණක් විය. නවතම මංමාවත් ඉදිවී පළාතේ ඉඩකඩම් වල මිල අධික ලෙස ඉහල යනවිට මේ වටිනා ඉඩම් තමන් සතු කර ගැනීම හෝ ඒවා විකුණා තම මහලු වයසේ අවසාන අවුරුදු 10ක කාලය සන්තර්පණය කරගැනීම අරමුණු කරගත් මේ රටේ රාජ්‍ය නායකත්වය දරණ පුද්ගල කැලත,ඉතා පහත්  ආකාරයට මේ ගොඩනැගුන දේවල් කිසිදු වටිනාකමක් නැති රටට බරක් ලෙස හුව දක්වන්නට විය. මෙය ඉතා සැලසුම් සහගතව සිදුකල බාල්දු කිරීමේ ක්‍රියාවලියක් විය. මේ පහත් කාර්යභාරය සිදුකිරීම සදහා එම පළාතේ මහජන මන්ත්‍රීවරුද,ජනතාවද, සිය දායකත්වය මනාව ලබාදුන් බව ඉතා කණගාටුවෙන් වුවද පැවසීමට සිදුව තිබේ.

 බොරුව තම දේශපාලන දර්ශනය කරගෙන, ඒ තුලින් බලය ලබාගත් යහපාලන දේශපාලන අධිකාරිය, හම්බන්තොට සංවර්ධන ක්‍රියාවලියට නොවැදගත්කමක් ආරෝපණය කරන්නට ගත්තේ ඉතා දිගු කලෙක සිටය., ඒ ආරෝපිත නොවැදගත්කම ඉස්මතු කර දැක්වීම සදහා, මහා වටීනා ජාතික වස්තුවක් වන ගුවන් තොටුපලක වී ගබඩා කිරීමේ තුච්ච ක්‍රියාවලියකද නිරත විය. මේ ක්‍රියාවලිය, රටේ, ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ, නින්දිත භාවයේ උපරිමය ලොවටම ප්‍රකාශ කරන්නක් විය. මේ සිදුකරන අපරාධය,රූපවාහිනියෙන් දුටු ජනතාවගේ, මුවගින් එලියට පැන්නේ , මුන්ටද ජනාධිපතිලා  අගමැතිලා කියන්නේ? යන වදන් පෙළයි. දේශපාලන කුහකත්වය හා බැදුණ මේ ක්‍රියාවලිය කිසිදා පරිනත දේශපාලකයකු අතින් සිදු නොවේ. නමුත් මේ රටේ දිගු දේශපාලන ඉතිහාසයකට නෑකම් කියන ගෞරවනීය පවුලක උපත ලද අගමැතිතුමෙකුගේ මගපෙන්වීම යටතේ මෙය සිදුවීම තුලින් පෙන්නුම් කරන්නේ, මේ පුජනිය මාතෘභූමිය අනතුරුදායක තත්වයකට පත්ව ඇති බවයි. තවද මේ ධන උල්පතක්වූ, මහා ජාතික සම්පත්, කුණු කොල්ලයට විජාතික සමාගමකට පවරාදීමටද තීරණය කරනු ලැබීමත් සමග රටක් පාලනය කිරීම සදහා බලය ලබගත්තවුන්ට වරායක්වත් පාලනය කරගත නොහැකි බව මුළු මහත් ජාතියටම හඩගා කියන්නට විය. මේ සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත්වන ජනතාවට පෙනෙන්නේ,..මේ රටේ ඇති දේශීය සම්පත් සියල්ලම විකුනාගෙන් මුදල් පොදීබැද ගැනිමට සුදානම් වෙන මේ මහලු නායක කැලතයි. උන් කොතරම් නිර්ලජ්ජිත ආකාරයට මේ රට විකිනීමට කටයුතු කරනවාදයත්  අවුරුදු 198 තුල ඉපදීමට සිටින ජනතාවගේ උරුමයන් පවා මේ නරුමයන්ගේ ඉලක්ක බවට පත්ව තිබේ. මේ රටේ ජනතාව හඩනගමින් පෙන්වාදෙන්නේ, ඒ ප්‍රදේශයේ ජන ජිවිතයට බාධාවෙන කිසිදු කාර්යක් කිරීමට පවතින කිසිදු රජයට කිසිදු අයිතියක් නැති බවයි., රජයට අයත් කාර්යය වන්නේ ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ සුබ සිද්ධියට ඉවහල් වෙන ආකාරයට කටයුතු ඉටු කිරීම පමණි. මැතිවරණ බල ප්‍රදේශයේ, චන්ද දායකයාගේ, අභිමතයට එරෙහිව යමින් ජනතාව විසින් පාලකයින්ට ලබාදුන් බලය, එම ජනතාවට එරෙහිව පාවිච්චි කිරීමට පවතින රජයට අයිතියක් නැත. මෙරට ඉතිහාසයේ, මුඩුබිම් පනතද, ඉක්මවා යන ආකාරයේ ඉඩම් මංකොල්ලයකට සිරිසේන රජය මාන බලන බව මේ වනවිට අවබෝධ කරගත් හම්බන්තොට ජනතාව ඊට එරෙහිය වීථි බසින්නට තීරණය කිරීම සර්වසාධාරන දේශපාලන නිගමනයකි. එහි පළමු පියවර වුයේ 2017 ජනවාරි මස 7 වෙනිදා හම්බන්තොටින් රජයට එරෙහි පළමු සටනට පන පෙවීමයි.

ජනතාවට  සිය ගම්බිම් රැක ගැනීම උදෙසා සටන් කිරීමට බලකරන තත්වයක් රටතුල නිර්මාණය විය. ඊට එරෙහිව මෛත්‍රිපාල සිරිසේන පාලනය දැඩි මර්ධන යාන්ත්‍රණයක් ගොඩනංවන ලදී. රටේ බලවතා ජනතාවයි. ඔවුනට සිදුවන අසාධාරණකම් වලට එරෙහිව, අදහස් පල කිරීමේ හා විරෝධය පෑමේ අයිතියක් ඔවුනට ව්‍යවස්ථාවෙන්ම උරුමව පවතී. එය රටේ නීතියයි. ඒ නීතියට අභියෝග කිරීමට තරම් සිරිසේන පාලනය උද්ධච්චත්වයේ ඉහලම තලයට පැමිණියහ. විරෝධතාවය මැඩලීමට පොලිසිය යොදවා ගැනීම සාමාන්‍ය කාර්යයයි. නමුත් සිරිසේන පාලනය විරෝධතාවය මැඩලීමට පොලිසිය හා ඒකාබද්ධව උසවියද, පොලිසියේම උපාංගයක් ලෙස  උපක්‍රමික ලෙස යොදා ගැනීම සිදුකරන ලදී.  ” විරෝධතා එහෙම දාන්න  එන්න එපා බලාගෙනයි ” පොලිසිය කියනවිට  එයම වෙනත් ආකාරයකට අධිකරණයද පවසා සිටින ලදී. දැන් ජනතාව කලයුත්තේ කුමක්ද?

1.තමන්ව මැඩපවත්වා තමන්ගේ ඉඩම් කොල්ල කෑමට මග පාදන පොලිස් නියෝගයට යත්වෙලා තම ඉඩම් කොල්ල කමට ඉඩ ලබාදෙනවාද?
2. තමන්ගෙන් කරුණු නොවිමසා, මර්ධන පොලිස් හමුදාව ඉල්ලා සිටි මර්ධන නියෝගය නිකුත් කල උසාවි නියෝගයට අවනතව තම ඉඩම් කොල්ලකෑමට ඉඩ දෙනවද?

 යන දෙකරුණ ඉදිරියේ අතරමන්වූ, හම්බන්තොට ජනතාව ” බද්දේගම” කෘතියේ ඒ අසරණ තරුණයා විත්ති කුඩුවට නැග අසරණව තමාට මේ වෙන්නේ කුමක්දැයි නොදැන, තමන් කල යුත්තේ කුමක්දැයි නොදැන සිටින තත්වයට සමාන ඉරණමකට මුහුණ දුන්හ., ඇත්තටම මෙවන් අවස්ථාවකට පත්වෙන ජනතාව  කලයුත්තේ කුමක්දැ? අප ඔබෙන් අසන්නෙමු. මෙවන් අවස්ථාවකට මුහුණ දෙන මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ, රනිල් වික්‍රමසිංහ මහතා  හෝ පුජිත ජයසුන්දර මහතා  හෝ,විනිසුරු පුටුව දරණ ඒ පුද්ගල චරිතය තමන්ගේ ඉඩකඩම් හා ගැනීමට ඉඩ ලබදෙනද? ඇත්තටම නැත, සාධාරණය ලබාගැනීමට යායුතු උසාවිය, කොල්ලකරුවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනීසිටින තත්වයක් තුල ජනතාවට සටන් කරනවා හැර වෙන විකල්පයක් නැත. 

කුමක් කලත් සිදුවන්නේ තමන්ගේ ඉඩම් තමන්ට අහිමි වෙන බවයි. එය මැඩලීමේ කාර්යට පොලිසිය, අධිකරණය උපයෝගී කරගත්හ., මේ විරෝධතාවය සංවිධානය කරන කිසිවෙකුත්  උසාවියට නොකැදවා,  උසාවි නියෝගයක් ලබාගැනීම තුලින් උසවියත් පොලිසියේම උපාංගයක් බවට  පත්කර ගැනීම උසාවියට කරන බලවත් අපහාසයකි. උසාවියක් කුමන හෝ තීන්දුවක් දිය යුත්තේ සිදුවීමක් සම්බන්ධව, සාධාරණ විනිශ්චයකින් පසුවය, උසාවියකට යමක් වියහැකියයි අනුමානකර, විත්තිකරුවෙක් නැතිව, තීන්දුවක් දිය හැකිදැයි? යන ප්‍රශ්නය ඇසීමට මෙරට ව්‍යස්තනුකුලව  බලවතා වන මහජනතාවට අයිතියක් තිබේ.

ඒ පැමිණිලිකරුම උසාවි නියෝගය ඉලක්කගත පාර්ශවයට ලබා දෙමින්, සටන නවතාලීමට පළමු උත්සාහය දරන ලදී. එම උසාවි නියෝගය මේ මහජන සටන නවතාලීමට තරම් බලවත් මදි බව වටහාගත් සිරිසේන පාලනය යුද හමුදාවද , පොලිසියද කැදවා, මිනිසුන්ට නිවස වලින් එලියට යාමට ඉඩ නොදී නිවස අඩස්සියේ තබාගත් බවට ජනතාව කරුණු එලි දක්වයි. මේ මිනිසුන් ගෙවල්තුල හිරකරගෙන සිටින අතර, ලංගම බස් රථවලින් කොළබ සිට, කැදවාගෙන එනලද යහපාලන රාජ්‍ය ගෝචර මැරයන් විසින්, පෙළපාලි කරුවන්ට ගල් වලින් පහර දෙනවිට ඊට පොලිසියද එකතුවී, තම ඉඩම් රැක ගැනීමට සටන් වදින ජනතාවටම පහරදී ඇත. ජනාධිපති මෛතිපාල සිරිසෙන් දේශපාලන යාන්ත්‍රනය විසින්

1. මිනිසුන් නිවස තුල සිරකොට,
2.රාජ්‍ය හිතෛෂී මැරයන් ලවා පහරදී,
3. භික්ෂුන්ගේ, ඔලු පලා, සිවුරු ඉරා පුළුස්සා
4,කාන්තාවන්ට නිර්ලජ්ජිත ආකාරයට පහරදී
5, කුඩා බිලිඳුන රාශියකට කදුළු ගස් ආසාදනය නිසා පිදාවකට ලක්කොට,
6.මිනිසුන් අත් අඩංගුවට ගෙන සිරගත කොට ඇත.

ස්වදේශික ජනසටන, පරදේශිකයන් උදෙසා කුඩුපට්ටන් කොට විනාශකර ඇත. වර්තමාන පාලකයින් බලය අතටගෙන මෙරට ජනතාව ඉලක්ක කරගෙන කිසිදු වැඩක් නොකර මුළු රටම පරිහානියකට පත්කිරීමේ, දෙවර්ෂ පුර්ණය, ප්‍රීතියෙන්  සමරන මේ මොහොතේ එතුමා පෙරදා, තමන්ගේ මැර හමුදාව, පොලිසිය, හා හමුදාව යොදා  හම්බන්තොට ජනතාවට සිදුකල විනාශය දැක උදම්ව, මේ රජය කිසිවෙකුටත් බිද දැමිය නොහැකි බවට උදාන වාක්‍යක් ලෙස පල කළහ.,මෙතුමගේ විශේශිතය වන්නේ, උතුරේ හමුදා කදවුරු ඉවත් කරමින් එම පළාතේ ජනතාවට ඉඩම් ලබාදෙන අතර වාරයේදීම, ඒ ඉවත් කරන හමුදාවම යොදවා බලයපා දකුණේ ජනතාවගේ ඉඩම් කොල්ලකෑමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.

. මේ ජනවාරිමස 7 වෙනිදා, හම්බන්තොට ජනතාවට සිදුකල පාදඩ ක්‍රියාන්විතයට සමාන සිදුවීමක් වර්ෂ 1981 මැයි මස 31 වෙනිදා, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ධර්මිෂ්ඨ පාලනය විසින් මේ ආකාරයෙන්ම යාපනය නගරය තුල සිදුකරන ලදී. එදාද, අගනුවර සිටින රාජ්‍යතාන්ත්‍රික චන්ඩින් බස්වල නංවාගෙන යාපනයට ගොස් යාපනය නගරය තුල යකා නටමින් යාපනය පුස්තකාලයට ගිනිතබා විනාස කරන ලදී.එහි ප්‍රතිපලය වුයේ, වසර තිහකට අසන්න කාලයක්,උතුරේ නිතිය ගැන කතා කරන්න උසාවියක්ව්ත්,පොලිසියක්වත් පවත්වා ගැනීමට හැකියාවක් රජයට උරුම නොවීමයි. එම ක්‍රියාවලියම දකුණට ආදේශ කිරීමේ සමාරම්භක  උත්සවය පසුගිය 7වෙනිදා, හම්බන්තොටදී, එදා ධර්මිෂ්ට රාජ්‍ය නියෝජිතයින්ම, මෙදා යහපාලන නියෝජිත පුවරුව පෙරදැරිව ආරම්භ කරන් ලදී. එදා මේ කල්ලියම යාපනයේදී පිස්සු කෙලින විට, ප්‍රභාකරන් හැරුනේ ගමේ සිටින පොලිස් ඔත්තුකරුවන්  වෙතය, ගමේ පොලිස් ඔත්තුකරුවන්ගෙන් නොනැවතුන ඔහු පොලිස් නිලදරුවන් හා ඔවුන්ගේ පවුල්ද  ඝාතනය කළහ. මේ කාර්යයන් බිම්මට්ටමින් සිදුකරනවිට, එම පොලිස් නිලධාරීන්ව බේරාගැනීම සදහා, පොලිස් බල ඇනිවත්  චන්ඩින් වත් පැමිණියේ නැති බව ඒ ක්රියවන්ම මෙදා සිදුකරන විට සිහි ගැන්වෙනම් ඉතා හොදය.

එදා ප්‍රභාකරන් සටන කලමනාකිරිම තම සංවිධාන වෙත පවරා ගෙන, පළමුව තම බල ප්‍රදේශය තුල සිටින සතුරන් විනාශ කිරීම ආරම්භ කළේය. තමනට එරෙහි පොලිස් ඔත්තුකරුවන්, පොලිස් නිලධාරීන්ගෙන පටන්ගෙන  මන්ත්‍රීවරුන් හා ඉහල රාජ්‍ය නිලධාරින්ද ඝාතනය කර තමන්ට අවනත බල ප්‍රදේශයක් නිර්මාණය කරගත්හ. ඒ උතුරේ ප්‍රභාකරන්ය.රටේ අනිකුත් ප්‍රදේශවල මේ රට පුරාම ඇදිරි නිතිය දැමීමට තරම් බලවත් වූ විජේවීර කෙනෙක්ද නිර්මාණය කළහ. ඒ නිර්මාණයන් නිසා ලද වේදනාවන් මනාව හදුනන මෙරට ජනතාව, රට කරවන පාලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, අතැති  බලයට මුලාවී රාජ්‍ය මන්ධබුද්ධිකතාවය ප්‍රදර්ශනය කිරීමෙන් වැලකි, රාජ්‍ය දේපල විකුණාගෙන කෑමේ වංචනික චින්තනයෙන් බැහැරව රටට දැනෙන සංවර්ධන ක්‍රියාවලියක් නිර්මාණය කරණ ලෙසයි.. අගමැතිතුමා, ‘හම්බන්තොටට මේ ව්‍යාපෘතිය එපානම් කියන්න අපි වෙන දිස්ත්‍රික්කයකට දෙන්නම්’ කියනවිට පළමු පුරවැසියාවූ ජනාධිපතිතුමා විලි ලජ්ජා නැත්තෙකුසේ, අනේ ඒක එහෙනම් පොළොන්නරුවට දෙන්න කියන විට, මෙරට මිනිස්සුන්ට සිනා පහල වන්නේ දෙකොනෙනි.  රටේ ජනතාවට ධනය බෙදාදීමට යැවු එකා, අගමැතිතුමාගෙන් මොකක්දෝ හිගන තත්වයට පත්ව තිබීම ඇත්තටම ලැජ්ජාවට කරුණකි.

.රජය පවසන ආකාරයට ඒ අය මේ සැරසෙන්නේ, හම්බන්තොට සුරපුරයක් කිරීමටය. අක්කර 15,000 ක් චීනයට පවරාදී මහා කර්මාන්තපුරයක් ඉදි කිරීමටය.මේ අපට ලැබෙන මහා සම්පතක් සේ පෙන්වාදීමට රජය විශාල වැයමක් දරමින් සිටි. ඒ රංගනයේ ප්‍රධාන නළුවෙක්  වන අගමැතිතුමා,

“හම්බන්තොටට මේ ව්‍යාපෘතිය එපානම් කියන්න අපි වෙන දිස්ත්‍රික්කයකට දෙන්නම්” කියනවිට, තවත් අයෙක්,

“එහෙනම් එක මොනරාගලට දෙන්න. එහෙම උනොත් රැකියාවල් ටිකත් මොනරාගලට ඕනි” යනුවෙන් පවසයි. මේ අතර තවත් එකෙක්,

“එක ගාල්ලට දෙන්න ” යනුවෙන් මොරදෙයි. ඒ අතර ජනාධිපතිතුමා එක පොළොන්නරුවට දෙන ලෙස ඉල්ලා සිටි.

යහපාලනය බලය ගත්තු දවසේ ඉදන්ම උතුරට අපි මහා විනාශයක් කරලා තියෙන්නේ, උතුරට සංවර්ධනය කරන්න ඕනි යයි මොරදෙන එකෙක්වත් මේක උතුරට හෝ නැගෙනහිරට දෙනවා කියන්නෙවත් නැත.උතුරේ අය එය ඉල්ලන්නේවත් නැත. ඒ ඇයි ?
.ඒ අනුව මේ අපට දෙන්න වලිකන්නේ, උතුරට එපාවූ දෙයක් වගේම උතුරේ ස්ථාපනය කල නොහැකි දෙයක් බව හම්බන්තොට ජනතාව දනී. මේ සිදුකරන්න වෙර දරන්නේ අන් කිසිවක් නොව, ඉතිහාසයේ පුරාම මෙදුමවාදයට එරෙහිව නැගිටින බලවේගයේ මුලකදවුරවූ මාගම්පුරය විනාශකර දැමීමටය.

එදා මාගම්පුරයේ රජකළ කාවන්තිස්ස රජතුමා, පන්සියයක් මහා සංඝයා වහන්සේලාට දානයක් පිළිගන්වා අවසන, මහ සංඝයා ඉදිරියට තමන්ගේ පුතුන්වන දොළොස් හැවිරිදි ගැමුණු කුමරුද, දස හැවිරිදි වියේ පසුවූ තිස්ස කුමරුද කැදවා, හිදුවා ගෙන, තලියකට අනාගත බත් ස්වල්පයක් බත් ගුලි තුනක් බවට ගුලිකර, දෙබෑයන්  ඉදිරියේ තබා,
“දරුවෙනි, අපගේ කුලදෙවතාවූ, සංඝයාවහන්සේට කිසිදු කරදරක් හිරිහැරයක් නොකරන බවටත්, කිසියම් දෙයක් දන් නොදී නොකන බවට පොරොන්දුවී පළමු බත් පිඩ කන්න” යයි පැවසූ විට කුමරුවන් දෙදෙනාම එය ඉතා සතුටින් බෙදාගෙන කෑහ.

 දෙවනුව, “ඔබ දෙදෙනා කිසි දිනක එකිනෙකට එරෙහිව සටන් කරන්නේ නැති බවට දිවුරා ” .දෙවන බත්පිඩ කන්නයි ඉල්ලා සිටිවිටද, කිසිදු බේදයකින් තොරව කුමරුවන් දෙදෙනාම එයාඩ් කැහ.

තුන්වෙනුව, “කිසි දිනක දෙමළුන් හා සටන් නොවදින බවට පොරොන්දු වන්නැයි ” ඉල්ලා සිටි විට, තිස්ස කුමරු අතට ගත් බත්පිඩ බිමදම පලා ගිය අතර, ගැමුණු කුමරු,අතින් ගත බත්පිඩ තටියටම දමා, තම කාමරයට වැදි වකුටුව නිදා සිටින විට, කාමරය තුලට පැමිණි විහාරමහාදේවිය ,” පුතනුවනි, වකුටුව නිදාගන්න එපා. මේ යහනාවේ හොදට ඉඩ තියෙනවා, ඇත පය දිග හැරලා නිදාගන්න” යයි පවසන ලදී.

එවිට ගැමුණු කුමරු, ” මෑණියනේ, ගගින් එතෙර  දෙමළුන්ය, අනිත් පැත්තෙන් ගොළු මුහුදය. ඉතින් ම්ම් කොහොමද ඇත පය දිගහැර නිදා ගන්නේ?” යයි පවසන ලදී.

වර්තමානයේදී, යහපාලන රජය චීනයට විකුණා දමන්නට සැලසුම් කර ඇත්තේ, එදා ගැමුණු කුමරුගේ යහනාව තිබුන ස්ථානයයි. එතුලින් අත පය වකුටු කරගෙන හෝ අනාගත පරපුරට සටන් සැලසුම කිරීමට තිබු ස්ථානයත්  සිංහලයින්ට අහිමි කිරීම යහපාලන රජයේ අභිප්‍රාය බව පැවසීමට සිදුව තිබේ, එබැවින්, එදා අතීතයේ සටන් වැදුන රණවිරුවන්ව් සිහියට ගෙන, එකාවන්ව යහපාලනය පලව හැරීමට පෙරමුණ ගන්න එය යුගයේ කාර්යයභාරය බවට පත්ව තිබේ.

3 Responses to “හම්බන්තොට කැරැල්ල නිර්මාණය කල අනාගත ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවාහය”

  1. Christie Says:

    “මේ ජනවාරිමස 7 වෙනිදා, හම්බන්තොට ජනතාවට සිදුකල පාදඩ ක්‍රියාන්විතයට සමාන සිදුවීමක් වර්ෂ 1981 මැයි මස 31 වෙනිදා, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ධර්මිෂ්ඨ පාලනය විසින් මේ ආකාරයෙන්ම යාපනය නගරය තුල සිදුකරන ලදී. එදාද, අගනුවර සිටින රාජ්‍යතාන්ත්‍රික චන්ඩින් බස්වල නංවාගෙන යාපනයට ගොස් යාපනය නගරය තුල යකා නටමින් යාපනය පුස්තකාලයට ගිනිතබා විනාස කරන ලදී.”

    What a lie. Propagated by India.

    ho organized the protests, TVP? I have no problems with Chinese investments.

  2. S.Gonsal Says:

    Agree with Christie. It is LTTE who burnt Jaffna පුස්තකාලය.

  3. Lorenzo Says:

    RUN-NIL accepted responsibility for burning that thing.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress