මෛත්‍රිපාලට කඩේ යෑම
Posted on May 6th, 2017

නලින් ද සිල්වා

රනිල් ඉවත් කළ යුතු බව මා කියන්නේ යහපාලන ආණ්ඩුව පටන් ගත් මුල් කාලයේ පටන්. අප 2015 මුල සම්මන්ත්‍රණයක් පැවැත්වූවා මහින්ද අගමැති කරමු කියා. එහි දී අප පෙන්වා දුන්නා ව්‍යවස්ථාව අනුව 42 (4) ව්‍යවස්ථාව යටතේ මෛත්‍රිපාලට මහින්ද ජනාධිපති කළ හැකි බව. එහි දී අවශ්‍ය වන්නේ ජනාධිපතිගේ කැමැත්ත පමණයි. ජනාධිපතිගේ අදහස අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි වීමට වඩාත් ඉඩකඩ ඇති  ඇති පුද්ගලයා අගමැති ලෙස පත් කළ හැකියි. මෙහි ඇත්තේ ජනාධිපති එසේ අදහස් කිරීම පමණයි. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන් කිරීමක් අවශ්‍ය නැහැ. මෙය ඉතාමත් සුවිශේෂ වගන්තියක්. අවශ්‍ය වන්නේ ජනාධිපතිගේ අදහස අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා වීම නොව එසේ වීමට ඉඩකඩ ඇති පුද්ගලයා වීම.

මෛත්‍රිපාල රනිල් අගමැති කරන විට ඔහුට ඡන්ද හතළිස් ගණනක් තිබුණේ. ජනවාරි අටවැනි දාට පසුව ඒකාබද්ධ විපක්‍ෂය නමින් අද හැඳින්වෙන කණ්ඩායම ක්‍රියා කෙළේ කරන්නේ බුද්ධිමත් ආකාරයකින් කියා කියන්න බැහැ. ජනවාරි අටවැනි දා තීරණය බොහෝ දෙනා කිසිසේත් ම බලාපොරොත්තු වූවක් නො වෙයි.  අදෘශ්‍යමාන ප්‍රාණීන් නම් ඒ බව කියා තිබුණා. නායකයන් හා ජනතාව ආධ්‍යාත්මික ව දියුණු තත්වයක නොපැවතීම එයට හේතුව ලෙස ඔවුන් දන්වා තිබුණා. එහෙත් නායකයන් හා ජනතාව ආධ්‍යාත්මික පැත්තට යොමු කිරීම එක රැයකින් කළ හැකි නො වෙයි.

රනිල් අගමැති ලෙස දිවුරුම් දුන්නේ ඉතා හදිසියෙන්. මෛත්‍රිපාල දිවුරුම් දී මොහොතකින් රනිල් අගමැති කෙරුණා. එවිට දි මු ජයරත්න අගමැති. අපත් සිතා සිටියේ දි මු ජයරත්න අස්නොවී හෝ අස් නොකර හෝ වෙනත් අගමැතිවරයකු පත් කළ නොහැකී බවයි. එහෙත් ව්‍යවස්ථාව හොඳින් කියවන විට පැහැදිලි වන්නේ එය අවශ්‍ය නොවන බවයි. අගමැතිවරයකු සිටින විට ම වෙනත් අයකු අගමැති ලෙස පත්කළ හැකියි. මේ දහනවවැනි ව්‍යවස්ථාවට පෙර. දහනවයෙන් ඒ තත්වය වෙනස් වුණේ නැහැ.

දහනවයෙන් වෙනත් දේ එකතු වුණා. දහනවය ප්‍රධාන වශයෙන් ම ජනාධිපතිගේ බලතල කිහිපයක් අගමැතිට ලබා ගැනීමටත් මහින්ද රාජපක්‍ෂට  නැවතත් ජනාධිපති තනතුරට තරග කිරීමට නොහැකි වන පරිදිත් කරන ලද්දක්. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්තක් ලෙස හැඳින්වූවා. ඒකාබද්ධ විපක්‍ෂයත් එයට සහාය දුන්නා. ඔවුන් සහාය දුන්නේ මහින්දට විරුද්ධව.  ඒකාබද්ධ විපක්‍ෂය ඡන්දය දුන්නේ නැතිනම් දහනවය සම්මත වන්නේ නැහැ. පඬියකු කියන්න පුළුවන් එකල ඒකාබද්ධ විපක්‍ෂයක් නොතිබූ බව.  පසුව ඒකාබද්ධ විපක්‍ෂය වූ කණ්ඩායම අඩු වැඩි වශයෙන් එදත් හිටියා.

ඔවුන් රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේත් නැහැ. රනිල් අගමැති ලෙස පත් කෙරුණත් ඔහුට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබුණේ ජනාධිපතිගේ අදහස අනුව පමණයි. පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණේ සංධානයට (ඒකාබද්ධ විපක්‍ෂයට). එහෙත් ඔවුන් වික්‍ෂිප්ත ව බලා සිටියා පමණයි. ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම මෛත්‍රිපාලට ලැබුණෙත් මේ වික්‍ෂිප්ත බව නිසයි. ඔවුන් ජනවාරි අටවැනි දා තීරණයට සූදානම් වී නොසිටීම මෙයට ප්‍රධාන හේතුව. එහෙත් ජනතාව නම් ඒ තීරණය ගණන් ගත්තේ නැහැ. ඔවුන් දැන සිටින්න ඇති මෛත්‍රිපාල ජනාධිපති වුණේ නොමග ගිය තරුණයන් නිසා කියලා. තරුණ ඡන්ද ලක්‍ෂ දෙකක් එහාට මෙහාට වුණා නම් මහින්ද ජනාධිපති. එහෙත් මේ සියල්ලට ආධ්‍යාත්මික පිරිහීම බලපෑවා. ඊනියා බෞද්ධ ප්‍රබෝධයක් ගැන කතා කළත් එවැන්නක් සිදු වී නැති බව මැතිවරණ ප්‍රතිඵලවලින් පමණක් නොව අපරාධ රැල්ලෙන් ද පැහැදිලි වෙනවා.  

සංධානයේ අය සියලු බලාපොරොත්තු අත්හැරිය නමුත් නමුත් සංධානයට ඡන්දය දුන් අය ඉදිරියට ම ගියා. ඔවුන් ජනධිපති කිවුවේ මහින්දට. මහින්දගේ මොන අඩුපාඩුකම් තිබුණත් ඔහු දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළා. ඒ බව ව්‍යවස්ථාවට ඇතුල් කරලා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්න රාජිත, වාසුදේව, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර වැනි සිංහල විරෝධීන් ඉඩ දුන්නේ නැහැ. චම්පකලාට, විමල්ලාට, දිනේෂ්ලාට ඔවුන් පරාජය කිරීමට නොහැකි වුණා. දැනුත් දේශපාලනික ව පරාජය වී ඇති දහතුන නෛතික ව පරාජය කිරීමට කිසිවකු කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් රනිල්ගේ ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතුවලට සහභාගි වෙනවා. මහින්ද ඔවුන්ට ආශිර්වාද කරනවා.

හෙට වැඩවර්ජනය කරන වෛද්‍යවරුන් ගුරුවරුන් පෙරටුගාමීන් ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ නැහැ. ඔවුන් කියාවි එය වෘත්තීය කටයුත්තක් නොවේ කියලා. ජෝස්ප් ස්ටැලින්ලාට ඇත්තේ සිංහල විරෝධයක්. මේ කිසිවකු පෞද්ගලික පාසල්වලට පමණක් නොව සයිටම්හි වෙනත් උපාධිවලටත් විරුද්ධ නැහැ. මොවුන් මහා වැඩ වර්ජනයක් කළහොත් ඒ ආණ්ඩුව තහවුරු කිරීමටයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එ ජා පාක්‍ෂිකයන් ඉන්නවා. ජෝසප් ස්ටැලින්ලා මේ ආණ්ඩුව පිහිටුවීමට සම්මාදන් වූ බව අමතක කරන්න බැහැ. මහා වැඩවර්ජනයකින් ආණ්ඩුව වැටුණා යැයි කියමු. ජෝසප් ස්ටැලින්ලා මහින්ද නායකත්වයට පත් කරන්න කැමති වෙනවා ද? මේ අය වර්ජන කරන්නේ ආණ්ඩුව වැට්ටවීමට නොව රනිල් තහවුරු කිරීමට.

ජනවාරි අටවැනි දාට පසු මහින්ද කණ්ඩයම වික්‍ෂිප්ත වූ නමුත් සංධාන ජනතාව මහින්ද අත්හැරියේ නැහැ. ඔවුන් වැඩි වැඩියෙන් මහින්ද වටා රොක් වුණා. නුගේගොඩ රැස්වීම ගැන කවුරුන් ගෞරවය ලබා ගත්තත් එය සංධාන ජනතාවගේ රැස්වීමක්. අද ඒ ජනතාව ලක්‍ෂ ගණනින් ගාලු මුවදොරට රැස්වෙනවා. ඒත් මේ ජනතාවට 2019/20 වන තුරු බලාසිටින්න කියනවා ද? 2019 දී කරන දේ ගැන කියන්න සංධානයට ඊනියා දේශපාලන විචාරකයන් ඉන්නවා. ඔවුන්ගේ බහට රැවටී ඒකාබද්ධ විපක්‍ෂය වෛද්‍යවරුන් ආදීන් චූන් දේශපාලනයේ යෙදෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට සහාය දීමට තීරණය කරලා. මේ වර්ජන අවසාන වන්නේ ලේ වැගිරීමකින්, රනිල් තහවුරු වීමෙන්, ව්‍යවස්ථාව සම්පාදනය කිරීමෙන් හා මහින්ද කණ්ඩායම නැත්තට ම නැති වීමෙන්. 2019 ට පෙර මෙරට බොහෝ දේ වෙනවා. මට අවශ්‍ය ඒ පරාජය කර සිංහල බලය තහවුරු කිරීමටයි. අද අපට මෛත්‍රිපාල නැතිව එය කරන්න බැහැ. ව්‍යවස්ථාවෙ 43 (3) ට අනුව මෛත්‍රිපාලට අගමැතිගෙන් නොවිමසා අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරන්න පුළුවන්. දහනවය කෙටුම්පත් කළ අයට අමතක වෙලා ඒ සඳහා අගමැති විමසිය යුතුය කියා ඇතුල් කිරීමට. මෛත්‍රිපාල ආප්ප කෑ අන්දම කතා කළා හොඳට ම ඇති. මා මෛත්‍රිපාලට කඩේ යනවා පිංසෙන්ඩු වෙනවා ආදී වශයෙන් කරන චෝදනා මා සතසපහකට ගණන් ගන්නේ නැහැ. පඬියන් කියන විධියට මා කී දෙනකුට කඩේ ගොස් තිබෙනවා ද? කොහොමටත් මා බුද්ධිමතකු නො වෙයි.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

3 Responses to “මෛත්‍රිපාලට කඩේ යෑම”

  1. Christie Says:

    ඉන්දියානු බවයක් නැති අපි ඔක්කොම ඉන්දියානු අඩිරදයේ යටත් වැසියෝ. ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් අපිව පාලනය කරනවා.

  2. charithsls Says:

    Nalin is telling here to get together with MS to oust RW & make MR, the PM which I think is an excellent way of gaining power back to the masses. In politics you need to adopt to the situation the best way possible & this looks the ONLY way to make MR the PM prior to the elections set in 2019/20.Even then no one is sure whether it will be held. The Indians & the West, I’m sure will be keeping an eye on MS & will give him whatever to keep him under their control. Will MS has any backbone to stand up for the country, will be the million dollar question. If patriots like Nalin can take the lead to convince MS & MR, not impossible. If all these violent strikes lead to blood shedding, who knows what SF would do with the help of supporters in the army or the army on its own.

  3. Leela Says:

    නලීන් කියන කතාවෙ කොටසකට මම එකඟය්: මහින්ද පැරදුන සතියෙම, අපේ ගමේ ශ්‍රිලනිප පාක්ෂිකයො බස් දෙකක මහින්ද බලන්න තංගල්ලට ගියා. එදා 2015 අපේ ගමෙන් නුගේගොඩ නොගිය අයත් 2017 අතින් වියදම් කරගෙන ගෝල් ෆේස් ගියා.

    අැත්ත අද රටේ බොහෝ දෙනෙක්ට ඔිනෑ රනිල් අද පන්නා දමන්නය් ගව්වක් දුර 2019/20 දි නෙවෙය්. අද අපේ ගම් වල රනිල්ට කතිරෙ ගහන්නෙ 25-30%ක් විතර ‘ලේ කොල පාට කියන’ උන් ගෙන් 60-70% ක් පමණය්. පච කෙලපු බොරු පොරොන්දු දුන්න රනිල්/සිරා අාණ්ඩුව අද ඒ තරමටම යූඑන්පී කාරයින්ටත් තිත්ත වෙලා. අද පලාත් පාලන චන්දෙ තිබ්බොත් මහින්දගෙ පක්ෂය උතුර/නැගෙනහිර හැර සියලු අායතන ජය ගන්න බව මහින්ද ගෝල් ෆේස් රැලියෙන් ඔප්පු කලා. බොරැ ගනන් හැදුවට බොරැ පාරම් බෑවට රනිල්/සිරිසේනත් එ් බව නොදන්න විදිහක් නැහැ.

    සිරිසේන සත පහකට විශ්වාස කරන්න පුලුවන් මිනිහෙක් නෙවෙය්. නමුත් බිත්තියට හේත්තු කලොත් සිරිසේන රනිල්ට තවත් තුරුලුවීම හැර ඔහුට වෙන විකල්පයක් නැහැ කියල මම පිළිගන්නෙ නැහැ. සිරිසේන රනිල්ගෙ වෙන්ඩ මර්ධනයකට අත දෙය් කියලත් මම විස්වාස කරන්නෙ නැහැ.

    නමුත් ජනතා බලපෑම තදින්ම නාවොත් පලාත් පාලන චන්දෙ නෙවෙය් පලාත්සභා චන්දෙත් නාම යෝජනා අරගෙන පසුව කල් දමන්න හොඳටම ඉඩ තියෙනවා. ඉතින් ඒකාබද්දෙට තියන ප්‍රශ්නෙ වන්නේ කොහොමද චන්දයක් ගන්නෙ කියන එකය්. වර්ජන රැල්ලට ඒකාබද්දෙ සහාය දෙන්නෙ ඒ් නිසා විය යුතුය්. අනෙක මහින්ද කිව්වනෙ සිරා විස්වාස කරල දවල් වැටුන වලේ අායිත් වැටෙන්නෙ නැහැ කියල. ඉතින් ‘කම් ඔි ගෝ චිකාගෝ’ කියල කල යුත්තෙ ‘ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී’ කියන ප්‍රෙහේලිකාවට සිරිසේන අැද දැමිය යුතුය කියලය් මම නම් හිතන්නෙ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress