නන්දිකඩාල් ජයග්‍රහණය රැක ගන්නවා ද?
Posted on May 19th, 2017

නලින් ද සිල්වා

නන්දිකඩාල් ජයග්‍රහණය ගැන ශ්‍රව්‍ය දෘෂ්ටි පටයක් ඇති බැවින් වැඩිමනත් ලියන්න අවශ්‍ය නැහැ. ඒ පටයට විනාඩි පහළොවක් පමණ කාලයක් ගත වන්නෙ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් අප අත්පත් කරගත් දේ බොහොමයි. ඒත් ඒ ජයග්‍රහණය සඳහා අවුරුදු විසිපහක් පමණ මතවාදී තලයේ කළ සටන බොහෝ දෙනා දන්නේ නැහැ. දන්න අයත් කියන්නේ නැහැ. ඒ සටන කළ අයට තැනක් නැහැ. ඔවුන් කොන් කෙරෙනවා. ජාතික ව්‍යාපාරය ගැන එතරම් හොඳක් කියන්න බැහැ. එහි අකෘතඥයන් වැහි වැහැලා.

නන්දිකඩාල් ජයග්‍රහණය සැමරීමට නම් බොහෝ දෙනා ඉන්නවා. කොටි පැරදවීමට බැහැ කියූ අය, කොටි පැරදවීමට විරුද්ධ ව පෝස්ටර ඇලවූ අය හා ඉදිරි මැතිවරණයේ දී හා ඉන්පසු මැති ඇමති ධුර විවිධ තනතුරු දැරීමට බලාපොරොත්තුවන අය රණවිරු උත්සවවල කථිකයන්.

මේ නිවට ආණ්ඩුව නන්දිකඩාල් ජයග්‍රහණය සමරන්නේ නැහැ. මියගිය අය සිහි කරාවි. එය මිය ගිය රණවිරුවන්ගේ ඥාතීන් කොහොමටත් කරනවා. නන්දිකඩාල් ජයග්‍රහණයට දේශපාලන නායකත්වය දුන්නේ මහින්ද රාජපක්‍ෂ. ගෝඨාභය කළමනාකරණයට උර දුන්නා. රණවිරුවන් සටන් කළා. මෛත්‍රිපාල සිරිසේන මහින්දගේ ඇමති මණ්ඩලයේ සාමාජිකයෙක්. බටහිරයකු වූ රනිල්ට කොහොම වෙතත් මෛත්‍රිපාලට අවශ්‍ය නැද්ද ජයග්‍රහණය සමරන්න.

නිවට ආණ්ඩුව නන්දිකඩාල් ජයග්‍රහණය සමරන්නේ නැති වුවත් ශිවාජිලිංගම් සතියක් පුරා ඊනියා ජනසංහාරයක් සමරනවා. ඔහුට එතරම් සෙනගක් ඇද ගන්න බැහැ. එහෙත් ජනමාධ්‍ය ඒ බව වාර්තා කරන්නේ නැහැ. ජනමාධ්‍ය වාර්තා කරන්නේ ශිවාජිලිංගම්ට මහා සෙනගක් ඇති බව ජනතාවට ඒත්තු ගැන්වෙන ආකාරයට. ඡායාරූප වාර්තා පළකරන්නේත් ඒ අයුරෙන්. ශිවාජිලිංගම්ලා දේශපාලනයෙහි නිරත වන්නේ ජනමාධ්‍යවලට පින් සිදුවන්නට.

ශිවාජිලිංගම් වැනි හත්අට දෙනකුගේ නායකත්වය ගැන කළ යුත්තේ කුමක් ද යන්න පඬියන් නිවට ආණ්ඩුවට උපදෙස් දෙනවා ද? ජනමාධ්‍යයේ පඬියන්ට කළ යුත්ත කියන්න අප කවුද? ඔවුන් විශේෂයෙන් ම ප්‍රවෘත්ති සංස්කාරකවරුන් නොදන්නා දෙයක් නැහැ. ඔවුන් වැඩියෙන් කතා කරන තරමට හොඳයි. එවිට ඔවුන්ගේ නොපැසුණු බව ප්‍රේක්‍ෂකයන්ට වැටහේවි.

අප නන්දිකඩාල් ජයග්‍රහණය නොකළා නම් ආර්ථික සම්බාධක, ජී එස් පී +, එල්ලුම් ගස්, විදුලි පුටු ආදිය කිසිවක් නැහැ. සියලු මානව අයිතිවාසිකම් ප්‍රශ්න ඇති වුණෙ ප්‍රභාකරන්ට ලංකාවෙන් බේරිලා යන්න මහින්ද රාජපක්‍ෂ ඉඩ දුන්නෙ නැති නිසා. මහින්ද ප්‍රභාකරන්ට පැන යෑමට අවසර ඉල්ලා සිටි බටහිරයන්ට අමතක නොවන පාඩම් ඉගැන්නුවා. විජය නම්බියාර්ට නැවක් ගෙනැවිත් ප්‍රභාකරන් රැගෙන යෑමට ඉඩ දුන්නේ නැහැ. බටහිරයන් හා ඉන්දියාව  එහි පලිය රාජපක්‍ෂලාගෙන් ගැනීමට බලාගෙන ඉන්නවා.

දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් බටහිරයන් මුල සිට ම අනුගමනය කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ ක්‍රියා මාර්ගයක්. ඉන්දියාව කොටින්ට හා වෙනත් ත්‍රස්තවාදීන්ට ආයුධ පුහුණුව ලබා දුන්නා. ඔවුන්ට අවශ්‍ය වූයේත් අවශ්‍ය වන්නේත් ලංකාව ඔවුන්ගේ ප්‍රාන්තයක් හෝ දෙකක් හෝ කරගන්නට බැරි නම් මෙරට ඔවුන්ට ගැති නිවට ආණ්ඩු පවත්වාගෙන යෑම. ඉන්දියාවෙන් බේරීමට අප චීනයේ ගැත්තන් විය යුතු නැහැ. චීනය අපට ඇති විශේෂ ලැදි කමක් නැහැ. ඉන්දියාවට විරුද්ධව චීනය ගැනීම තවත් ඉඟුරු දී මිරිස් ගැනීමක් පමණයි. චීන ගැත්තන් එසේ නොවේ යැයි කියාවි.   

මෝදි හොඳ මිනිහෙක් නොවෙයි. ඔහු බෞද්ධ විරෝධියෙක්. ඔහුගේ දේශපාලනයේ මුලදි ඔහු ආර් එස් එස් සංවිධානයේ සාමාජිකයෙක්. පසුව භාරතීය ජනතා පක්‍ෂයේ සාමාජිකයෙක්. ඔහු බමුණු හින්දු මතධාරියෙක්. ඔහු ලංකාවට ඇවිත් ධම්මපදයෙන් පාඨයක් කිව්ව ම මෙරට බෞද්ධයන් රැවටෙනවා. මෝදි ලංකාවට ආවෙ වෙසක් මුවාවෙන් ව්‍යවස්ථාව සම්මත කරවන්න. එට්කා ආදිය ද්විතීයිකයි. ප්‍රධාන කරුණ ව්‍යවස්ථාව. සයිටම් ගැන පෙළපාලි යන තරුණ හාමුදුරුවරුන් ව්‍යවස්ථාව ගැන නිහඬයි. ජ වි පෙ, පෙරටුගාමී ආදී කසිකබල් අවලංගු මාක්ස්වාදී පක්‍ෂත් ව්‍යවස්ථාවට එකඟ වේවි.

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු 1833 බෞතීස්ම කරන ලද දෙමළ ජාතිවාදී දේශපාලනය පරාජය කෙරුණා. හමුදා මෙහෙයුම් කියන්නෙත් දේශපාලනය. අප ඒ බව කොතෙක් කීවත් කිසිවකු සවන් දෙන්නේ නැහැ. අපට නන්දිකඩාල් ජයග්‍රහණය නීති පොතට, ව්‍යවස්ථාවට, ඇතුළත් කර ගන්න බැරි වුණා. එහි විපාක අද විඳින්න සිදු වෙලා. ඉන්දියාවට රාජපක්‍ෂලා සම්පූර්ණයෙන් ම දේශපාලනයෙන් ඉවත් කරන්න අවශ්‍යයයි. එහි දී ඔවුන් ජී එල් පීරිස් යොදා ගන්නවා. නන්දිකඩාල් නීති පොතට ඇතුල් කිරීමට ජී එල් විරුද්ධ වුණා.

ඉක්මණින් රනිල් ඉවත් නොකළහොත් නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හරවාවි. මියගිය රණවිරුවන් ජීවිත පූජා කෙළේ අහවල් දේකට ද කියා හිතන්න වෙන දවස වැඩි ඈතක් නො වෙයි. එහෙත් රනිල් ඉවත් කිරීමට මහින්ද අවශ්‍ය පියවර ගන්නවා ද? මහින්ද තමන් නායකත්වය දුන් සටන බේරා ගැනීමට කටයුතු කරනවා ද?

 

නලින් ද සිල්වා

 2017 මැයි 18

                  

3 Responses to “නන්දිකඩාල් ජයග්‍රහණය රැක ගන්නවා ද?”

  1. Ancient Sinhalaya Says:

    What safeguarding nandikadal victory? Traitor chief die hard catholictoken Buddhist Bay Gal Karaya Mega Thief
    Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller planning the Sinhalese Cull 3. He is going to us for 3
    weeks. Last time he visited there plot to oust MR using traitor aappa maru sira hatched. This time it is most
    probably next Sinhalese Cull.

    Remember Sinhala modayas?
    1st Cull
    Alugosu (to Sinhalese only) thambi mudiyanselage jr@
    Alugosu (to Sinhalese only) lk porisadaya
    Alugosu (to Sinhalese only) Batalande Wadakaya
    BHEESHANA SAMAYA 60,000+

    2nd Cull
    of course again by the above three xxxx by dragging the catholic
    tigers of tamil drealam war saying the terrorists were too strong 100,000+

    Grand total 160,000+

    Sizable cull of the Sinhalese population. Not bad for the anti Buddhist, anti Sinhalese, anti Sri Lanka catholic run
    UNPatriotic party.

    They want to start another cull. So they promote tamils and mussies heavily hoping Sinhalese will rise. Then police john mara and company with their C brigade can start the cull. Catholic run UNPatriotic party
    knows Sinhala modayas are easily duped. After traitor chief die hard catholictoken Buddhist Bay Gal Karaya Mega Thief Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller’s us visit project will start.

  2. Ancient Sinhalaya Says:

    Useful links for Sinhala modayas who support anti Buddhist, anti Sri Lankan, anti Sinhalese catholic-run
    UNPatriotic party to see your darlings’ sterling work to destroy you, your religion and your country. There are
    no bigger fools than Sinhala fools who support this Sri Lanka destroying, Buddhism destroying, Sinhalese race
    destroying party.

    Traitor UNPatriotics destroyed Sri Lanka for good by traitor alugosuwa (to Sinhalese only)
    thambi mudiyanselage jr@ when he introduced 13 to break up Sri Lanka. Traitor lot are still not happy. Now the
    second step is to destroy Buddhism and Sinhalese race. It is going full steam ahead while nivata jaathi dhrohiya
    aappa maru sira looking on helplessly. Good thing for the UNPatriotics, Sinhala modayas don’t even know it’s
    happening right in front of their noses like previous instances. Sinhala modayas in the fools paradise. They are
    being wiped out slowly but surely!

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  3. Lorenzo Says:

    Patriots,

    Please help me bring world attention to ISIS terrorism in SL.

    Write to thereligionofpeace website about SL ISIS activities. Go to that website CONTACTS to see their email address.

    The torture and killing of a Muslim 17 year old girl in SL last week by her husband should be brought to WORLD ATTENTION.

    Some ISIS groups have thrown petrol bombs at a mosque in Kurunagala trying to put the blame on BBS.

    EXPOSE these groups to the WORLD.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress